Hela Rahas

Hela Rahas Official Web Portal

උතුම් හදවත් ඇති මිනිසුන් සිදු කරපු දේවල් පෙන්න ඡායාරූප 16ක්

කරුණාවන්ත හදවතක් තිබීම තවත් කෙනෙකුගේ ජීවිතය වෙනස්කරන්නට, ආරක්ෂා කරන්නට ප්‍රමාණවත් තරම් ප්‍රබල දායකත්වයකි. ඔබේ පුංචි සැලකිල්ල තවත් කෙනෙක්ට මහමෙරක් වගේ දැනෙන්න පුලුවන්.දයාව ,අනුකම්පාව ‍රැගත් මනුසත්කම ලොව උතුම්ම ගුණය යන්න පසක් කරන, ඒ බව ක්‍රියාවෙන් ඔප්පු වූ දසුන් පෙළක් තමයි මේ තියෙන්නේ.

1.රෝගියෙකුගේ මොලයේ තිබු ගැටිති ඉවත්කිරීම සඳහා පැය 32 ක සැත්කමක් සිදුකල පසු විවේක ගන්නා ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙක්.

2.ගින්නට හසු වූ පූසෙකුට ඔක්සිජන් ආවරණයක් දමන ගිනිනිවන භටයෙක්

3.කෙන්යානු ක්‍රීඩිකාවක් විජලනයට ලක්ව සිටින ආබාධිත චීන ධාවන ක්‍රීඩිකාවකට ජලය ලබාදෙමින්. ඉන් ඇගේ ධාවන වේගය මන්දගාමි වීම නිසා ඇයට හිමිවූයේ දෙවන ස්ථානයයි. ප්‍රථම ස්ථානය සහ මුදලින් ඩොලර් 10000 මුදල ඇයට අහිමි විය.

4.හාවි චණ්ඩමාරුතය නිසා විපතට පත්වූවන් හට පැය ගණනාවක අඛණ්ඩ සේවය සැපයූ පොලිස් නිලධාරියෙකු අධික තෙහෙට්‍ටුව නිසා සිහි විසඥව වැටී සිටි අයුරු

5.දිනක් කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටි මෙම කඩසාප්පුවට මුවෙකු පැමිණ ඇත. එහි හිමිකරු මුවාට චොකලට් සහ කුකීස් කිහිපයක් ලබාදී තිබුණි. කඩයෙන් පිටතට ගිය එම මුවා පැය බාගයකට පමණ පසු නැවත කඩයට පැමිණ තිබුණේ ඔහුගේ රංචුවත් සමඟයි.

6.කාන්තාවක් විසින් තම ගමන අතරේදී බසයක ඉරී තිබූ ආසනයක් මැහුම් යොදා අලුත්වැඩියා කර තිබූ අයුරු

7.ගින්නකට හසු වි තිබු මෙම කුඩා දැරිය අන්තර්ජාලයේ තමන්ට නත්තල් කාඩ්පතක් එවන ලෙස ඉල්ලීමක් කර තිබුණි. ඇගේ ඉල්ලීම දු‍ටු බොහෝ පිරිස් ඇයට එවා තිබූ තැගි ගොන්නයි මේ

8.දිලිඳු බව නිසා පොත් පත් මිලදී ගැනීමට වත්කමක් නොමැති වයස අවුරුදු 12 ක් පමණ වන මෙම දරුවා පොත් කියවීමට ඉතා කැමති බව දැනගත් ලියුම් බෙදන්නෙක් ඒ බව දරුවාගේ විස්තර සහිතව ඔහුගේ සමාජ ජාලා ගිණුම් වල පළ කර තිබේ. ඊට ප්‍රතිචාර ලෙස බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි ලොව බොහෝ රටවලින් ඔහුට පොත් 250 කට අධික ප්‍රමාණයක් තෑගි ලෙස ලැබි තිබුණි.

9.ඇල්සයිමර්ස් රෝගියෙකු තම බලු සුරතලා සමඟ. ඇල්සයිමර්ස් රෝගීන් හට ක්‍රමයෙන් මතකය අහිමිව යයි. නමුත් මෙම පුද්ගලයා පවසා ඇත්තේ තමන්ට බොහෝ දේ ඉදිරියේදි අමතක වී යනු ඇතත් ඔහුගේ සුරතලාගේ මුහුණ බොහෝ කලක් යන තුරු ඔහුගේ මතකයේ තියෙනු ඇති බවයි.

10.කැපකිරීම් බැඳීම් තවත් ලස්සන කරයි

11.පවුලේ සෑම ඥාතියෙකුගේම නමින් කෝක් බෝතල් ඇණවුම් කල පුද්ගලයෙක්

12.දරුවන් නොමැති යුවලක් වෙනුවෙන් දරුවකුට උපත දුන් කාන්තාවක්

13.අතක ඇඟිලි දෙකක් අහිමි දරුවා වෙනුවෙන් මවක් විසින් අත්වැස්මක් මසා දී තිබූ අයුරු

14.තම විශේෂ අවශ්‍යතා සහිත සොයුරා ගැන එක් පුද්ගලයෙකු සමාජ මාධ්‍යයේ පළ කර තිබූ සටහන දු‍ටු බොහෝ පිරිස් ඔහුගේ සොයුරා කැමතිම සෙල්ලම් බඩු ඔහුට තෑගි ලෙස එවා තිබු අයුරු

15.අනතුරකට ලක් වූ කකුල හානි වු බල්ලෙකුට සත්කාර කරන දරුවෙක්

16.අවන්හලක වේටර්වරයෙක් එහි පැමිණ සිටි පුද්ගලයෙකුට ආහාර ගැනිමට ඉඩ දී ඔහුගේ ආබාධිත බිරිඳට කෑම කවන අයුරු කැමරාවක සටහන් වී තිබු අයුරු.