Hela Rahas

Hela Rahas Official Web Portal

කල් ඉකුත් වී ඇති බව නොදැන දිගින් දිගටම භාවිතා කරන භාණ්ඩ 20ක්

ඕනෑම නිෂ්පාදනයක ගුණාත්මකභාවය උපරිමයෙන් ආරක්ෂා වී පවතින්නේ එහි නිෂ්පාදිත දිනයේ සිට එය කල් ඉකුත් වන දිනය දක්වා ඇති කාල සීමාව තුල පමණි. ආහාර පාන , රූපලාවන්‍ය නිෂ්පාදන , ඖෂධ ආදි නිෂ්පාදන වල කල් ඉකුත්වීමේ දින ගැන උනන්දු වුණත් නිවසේ පරිහරණය වන අනෙකුත් භාණ්ඩ අයිතම වල කල් ඉකුත්වීමේ දින ගැන එතරම් කවුරුත් උනන්දු වෙන්නේ නැහැ. නමුත්, බොහෝ අය නොදන්නා කරුණක් නම් අප විසින් වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම භාවිතා කරන එදිනෙදා පරිහරණය වන භාණ්ඩ වලටත් කල් ඉකුත් වීමේ දිනයක් පැවතීමයි. එම කාල සීමාවෙන් පසු එම භාණ්ඩ වල ප්‍රයෝජනවත්භාවය ක්‍රමයෙන් අඩු වෙනවා වගෙම තවදුරටත් භාවිතය භයානක විය හැකි අවස්ථා ද ඇත. මේ තියෙන්නේ එදිනෙදා අපේ පරිහරණයේ පවතින එවැනි භාණ්ඩ වර්ග ලැයිස්තුවකි. ඒවායේ කල් ඉකුත් වීමේ කාලය පිළිබඳව දැනුවත් වෙමු!

1.හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

  • මේවා විවෘත කල පසු මාස 2 කින් එහි ඇතු ගුණාත්මක ලක්ෂණ ඉවත්ව යයි.සීල් කර ඇති බෝතලයක් වුවද වසරකට පසු කල් ඉකුත්වේ.

2.කුළුබඩු වර්ග

  • කලකට පසු කුළුබඩු වල රසය වගේම හිතකර ගුණ නැසි යයි. ඒ නිසා වසර 2 ක් තරම් කල් තබාගත් කුළුබඩු වෙනුවට අලුත් ඒවා භාවිතයට ගන්න.

3.ක්‍රීඩා පාවහන්

  • මෙම සපත්තු වල කම්පන අවශෝෂණ පද්ධතිය, අඩිය සහ පි‍ටුපස දාර කොටස් වඩාත් සක්‍රීයව වේගයෙන් ගෙවීයයි. සැතපුම් 250 ඉක්මවූ පසු එම ක්‍රීඩා පාවහන් (running sneakers) වෙනස් කිරීම සුදුසුය.වෙනත් ක්‍රීඩා කටයුතු සඳහා භාවිතා වන පාවහන් මාස 6 කට පසු වෙනස්කිරීම සුදුසුය.

4.තේ බෑග්

  • හුලං නොවදින සේ වසා තැබූ බඳුනක දමා තැබුවද මාස 6 ක් ඉක්මවු පසු තේ බෑග් තවදුරටත් පානය කිරීමට සුදුසු තත්වයේ පසුනොවේ. තේ කොළ මුහුන් වීමේ (පැසවීමේ) හැකියාව සහිත වීම ඊට හේතුවයි.

5.අව් කණ්ණාඩි

  • පාරජම්බුල කිරණ (UV) මඟින් කාච වලට සෘණාත්මක ආකාරයේ බලපෑම් එල්ලවේ. කලක් ගත වු පසු කණ්ණාඩි කාච හරහා වැඩියෙන් කිරණ ගමන් කිරීමට පටන්ගනියි. නිෂ්පාදක සමාගම අනුව ආරක්ෂිත ආවරණයක් ලැබෙන කාල සීමාව වෙනස්විය හැක. නමුත් සෑම වසර 2 කට වරක් හෝ අව් කණ්ණාඩි වෙනස් කිරීම වඩාත් උචිත බව සඳහන් වේ.

6.දන්තාලේප සහ දත් බුරුසු

  • හානිකර බැක්ටිරියාවන්ගෙන් බලපෑමක් ඇති නොවීමට දත් බුරුසුවක් සෑම මාස 3 කට වරක්ම වෙනස්කිරීම සුදුසුය. එමෙන්ම විවෘත කල පසු දන්තාලේපයක් වසරකට වඩා කල් තබා නොගත යුතුය.

7.තුවා

  • සෑම වසර 3 කට වරක්ම අලුතින් තුවායක් භාවිතයට ගැනීම සිදුකරන්න.

8.පනා

  • නිතර පිරිසිදු කරමින් භාවිතා කල ද පනා සහ බුරුසු එකදිගට වසරකට වඩා වැඩි කලක් භාවිතයේ තබාගැනීම හිතකර නැත. බොහෝ විට ඉස් හොරි වර්ධනය වීමේ සහ හිසකෙස් සම්බන්ධ ගැටලු වර්ධනය වීම කෙරෙහි ඉන් අහිතකර බලපෑමක් එල්ලවිය හැක.

9.මේක්-අප් බුරුසු සහ ස්පොන්ජ්

  • භාවිතා කරන සෑම වාරයකටම පසුව මෙම බුරුසු සෝදා පිරිසිදු කල යුතුය. එමෙන්ම ඒවා සෑම වසර 5 කට වරක්ම අලුත් ඒවාට මාරු කල යුතුය. ස්පොන්ජ් වර්ග සෑම මාස 6 කට වරක්ම වෙනස් කරන්න. සම සම්බන්ධයෙන් භාවිතා කරන නිෂ්පාදන නිසා මේ ජෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විම ඉතා වැදගත්ය.

10.බ්‍රා

  • සාමාන්‍යයෙන් වසර 2 ක් පමණ ගත වන විට දිගින් දිගටම භාවිතයේ පැවතීම නිසා සේදුම් වාර ගණනාවකදි මෙම යට ඇඳුම් වල වර්ණය , රෙද්දේ ස්වභාවය සහ හැඩය වැනි දේ වෙනස් වී යයි.

11.සෙරෙප්පු

  • දිලීර වර්ධනය වීමේ අවදානම වැඩි බැවින් නිවසේ ඔබ පරිහරණය කරන සෙරෙප්පු වල උපරිම ආයු කාලය මාස 6 කි.

12.කොට්ට

  • ඕනෑම කොට්ටයක් වසර 2-3 ක් පමණ භාවිතා කරන විට එහි ස්වභාවික හැඩය වෙනස්වී යයි. එමෙන්ම ඒවායේ දුහුවිලි මයිටාවන් ගහනය වී තිබිය හැකියි.

13.බ්ලැන්කට්

  • බ්ලැන්කට්‍ටුවක් වසර 7 ක් පමණ කාලයක් එකදිගට භාවිතා කල හැක. හොඳින් වියළා පිරිසිදු කිරීමෙන් උපරිම වසර 10 ක් පමණ කාලයක් ඒවා භාවිතා කල හැකිය.

14.මෙට්ට

  • මෙට්ටයක උපරිම ආයු කාලය වසර 8-10 ක් පමණ වේ. මාස 6 කට වරක් දෙපැත්ත මාරු කරන්න.

15.එළවළු කපන ලෑලි

  • තෙතමනය ‍රැ‍ඳෙන නිසා බැක්ටීරියා වර්ධනය විය හැකි බැවින් සෑම වසර 3 කට වරක් මාරු කිරීම සුදුසුයි.

16.පැතලි හැඳි/පත්ත

  • ලී වලින් සැකසු උපකරණ වසර 2 කට වරක් වෙනස් කිරීම සිදුකරන්න.

17.පිඟන් සෝදන ස්පොන්ජ්

  • මේවා සති 2 කට වරක් වෙනස් කරන්න.

18.ගෑස් මාස්ක්

  • බොහෝ විට කල් ඉකුත් වීමේ දිනයක් මඟින් මේවායේ ඇති ‍ෆිල්ටර් කොටස භාවිතය සීමා කර ඇති නිසා වසරකට වඩා වැඩි කාලයක් මේවා තබා නොගත යුතුය.

19.විටමින්

  • විටමින් වර්ග වසර 3 ක් දක්වා පමණක් කල් තබාගත හැකිය. ඉන් පසුව ඒවායෙන් සිරුරට ලැබෙන ගුණ හීන වි යයි.

20.ස්මාර්ට් දුරකථන

  • ස්මාර්ට් දුරකථන වලට පවා කල් ඉකුත් වන කාලයක් තිබෙනවා. ඒවායේ මෙහෙයුම් පද්ධතිය ස්ථායීව පවත්න්නේ වසර 2-3 ගත වන තුරුය. ඉන් පසුව එක්වරම විටින් විට එහි දෝෂ මතුවීමට පටන්ගත හැක. මෙය බොහෝ විට අදාළ වන්නේ බැටරි වෙනස් කල නොහැකි වර්ගයේ ස්මාර්ට් දුරකථන වලටය.