Hela Rahas

Hela Rahas Official Web Portal

කාන්තාවන්ගේ ඇහි බැම වලින් කියවෙන රහස්

  • කාන්තාවගේ ඇහි බැම දේදුනු වගේ යැයි පැරණි කවියෝ කීහ.දේදුනු උපමාව කෙසේ වෙතත් කාන්තාවගේ මුහුණට ඇහි බැමෙන් අමුතු ලස්සනක් ගෙන දේ. කාන්තාවෝ ඇහි බැම ලස්සනට තියා ගැනීමට නොයෙකුත් ආලවට්ටම් කරති.කාන්තාවන් පමණක් නොව බොහෝ පිරිමි ද ඇහි බැම ගැන විශේෂ උනන්දුවක් දක්වති.අද දේහ ලක්ෂණ විද්‍යාවෙන් කතා කරන්නේ මේ ඇහි බැම ගැනය.
  • කායික විද්‍යා අංශයෙන් ද බලන විට ශරීරයේ යම් යම් කොටස්වල පැවැත්ම සඳහා සොබාදහම විසින් යොදන ලද රැකවරණ රාශියක් ඇත. ඇස්වල සුරක්ෂිතතාව සඳහා නිර්මාණය වී ඇති ඇහිබැම ද එවැනිම ආරක්ෂිත උපක්‍රමයකි.ඇහිබැමිවල පිහිටීම පර්ක්ෂා කිරීමෙන් ද කෙනෙකුගේ ජීවන තොරතුරු දැනගත හැකිය.
  • දෙබැම දෙව නුවන්
  • පටු නළල අඩ සඳ වන්
  • ඇගේ දිගු යුග සවන්
  • ලෙළෙන රූසිරි රනෝ විලි වන්
  • තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ ලලනාවන්ගේ දෙබැම දේදුණුවලට සමාන කළහ.නාරි දේහ ලක්ෂණ විද්‍යාව අනුව දෙබැම ලකුණ අනුසාරයෙන් ගැහැනියකගේ විනය පිළිබඳ විස්තරයක් කළ හැකිය.සුනිල වර්ණ සුසුනිඳු රෝමයන්ගෙන් සුසැඳි ඇහි බැම ප්‍රශස්ත නාරි ලක්ෂණයක් බව ඍෂිවරුන් විසින් ප්‍රකාශිතය.ඉසුරුබර දිව්යකට හිමිකම් කියන කතුන්ගේ වතෙහි එවැනි උත්තම ලක්ෂණ පිහිටන බව කියනු ලැබේ.
  • ඇදක් නොමැතිව දෙපසට විහිද යන දෙබැම අශුභ ලකුණකි. කාන්තාවක කෙරෙහි අනිවාර්යයෙන්ම පිහිටිය යුතු ආචාරශීලී පැවතුම් බොහෝ විට එවැනි අය කෙරෙහි දක්නට නැත.ප්‍රමාණයට වඩා ලොම් ඇති බැම යුගලය අශුභ ලක්ෂණයක් ලෙස දක්වා ඇත.
  • ඇහිබැමි දෙක එකට හාවීම ගැහැනියකට කොහෙත්ම සුදුසු නොවේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි අවගුණ ඇති අය ඒවා සඟවා හොඳ මුහුණක් පිටතට පෙන්වන්නීය.තම පුරුෂයාට පවා පහර දෙන දඩබ්බර ගැහැනුන් අප සමාජයේ සිටින බව නොරහසකි.එවැනි නපුරු ගැහැනු වැඩි දෙනෙකු කෙරෙහි මෙවැනි අශුභ ලකුණු පිහිටා තිබෙන බව පෙනේ. වෙනත් වාසනාවන්ත අංග ලක්ෂණ විද්‍යමාන නොවේ නම් එවැනි ස්ත්‍රීන් පාවා ගන්නා පුරුෂයන්ට ද යහපතක් නොවේ. වඳ ස්ත්‍රීන් කෙරෙහි එවැනි ලක්ෂණ දිස්වන බව පැරණි දේහ ලක්ෂණ විද්‍යා ග්‍රන්ථවල දක්වාඇත.
  • අටවක සඳ මෙන් වක්‍ර හැඩයක් ගන්නා මධ්‍යම ප්‍රමාණයේ පියකරු බැමි යුග්මයෙන් යහපත් කුල කාන්තාවක් හඳුනා ගත හැක.කාගේත් ප්‍රසාදය හිමිකර ගන්නා ඇය සැපවත් ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය ඇත්තීය. සමස්තයක් වශයෙන් බැලීමේ දී එවැනි අය රාගාධිකය. එහෙත් හැඟීම්වලට වහල් නොවන ගතිය නිසා ආත්ම ගෞරවයට කැළල් කර නොගනී.
  • බෙහෙවින් ඉදිරියට නෙරන ලද ඇහිබැමිවලින් ගුණ හීන කාන්තාවක් පෙන්නුම් කෙරේ.හොඳ දෙයක් කළත් ඇය පිළිගනු ඇත්තේ වැරදි විදියකටය.දෙබැම මධ්‍යයෙහි ඉන්නෙකුගේ ලකුණක් පිහිටීම ද උත්තම නාරි ලක්ෂණයකි. ජීවිතය දෙස ගැඹුරු දෘෂ්ටියක් හෙළන මොවුහු සෑම ප්‍රශ්නයක් පිළිබඳවම සාධාරණ ලෙස බලා තීරණ ගනිති. සුහද ලීලාවෙන් අන්‍යයන් ඇසුරු කිරීමට හැකි වන්නේ සහජයෙන්ම ලැබී ඇති ප්‍රගතිශීලී අදහස් නිසාය. මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුත් ඔවුහු අභිමානවත්ය.
  • බෙහෙවින් ගොරෝසු ලෝමවලින් ගැවසුණු දෙබැම ඇති පුද්ගලයා යහපත් කෙනෙක් නොවේ. කොතැනක ගියත්කා සමග හෝ දබර කර ගැනීමට ඔව්හු මාන බලති. සිහින් බැමි යුග්මයෙන් නියාලු පුද්ගලයා හඳුනා ගත හැකිය. එවැන්නන් කෙරෙහි ආත්ම ශක්තිය යන්තමින්වත් තිබේද යනු සැක සහිතය.
  • සමුද්‍ර ඍෂිවරයා විසින් ප්‍රකාශිත පරිදි දෙබැම ප්‍රදක්ෂිණ කරන සුසිනිඳු ලොම් සුළිය බොහෝ ශුභ ඵල දෙන පිහිටීමක් වන්නේය.දෙබැම මධ්‍යයෙහි පිහිටියා වූ කළු පැහැති ලප කැළල ද හොඳ පිහිටීමක් බව එම ඍෂිවරයා විසින්ම සඳහන් කර ඇත.දෙබැම හාවූ පුද්ගලයන් නූතන සමාජයෙහි ද කොතෙකුත් සිටිය හැක. ඍජු ප්‍රතිපත්ති ඇති මොවුහු නිර්භීත ගති ඇත්තෝය. ඕනෑම කරුණක දී තම මතය නිවැරදි බව තහවුරු කිරීමට වෙර දරන ඔවුන් බොහෝ විට තමන්ගේම වාසිය සඳහා වෙහෙසෙනු දැකිය හැක.
  • කඩින් කඩ කැඩී ගිය ආකාර දෙබැමින් අඩු ආයුෂ ඇති අයෙකු පෙන්නුම් කරයි. ස්වල්ප රෝම ඇති කුඩා ඇහිබැම ඇති පුද්ගලයා ප්‍රයෝගයෙහි දක්ෂයෙකි. උගුල් අටවා අනුන් සතු දේ කඩාවඩා ගැනීමේ රුසියන් වන එවැන්නෝ තමන්ට අහිමි සම්පත් ගැන සිතමින් තැවෙන්නෝය. ප්‍රමාණයට වඩා දික් වූ ඇහිබැම ද අනිටු ලකුණකි. අනවශ්‍ය දේවල් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කරන ඔවුහු හොඳ චරිත ඇති පුද්ගලයන් නොවෙති. ඉතා දිගු ලෝම ගස් කීපයකින් සැදී ඉදිරියට නෙරන ලද ඇහිබැම ඇති අයෙකු ඔබ ඇසුරට පත් වුවහොත් ප්‍රවේසම් විය යුතුය. වහා වෙනස්වනසුලු අදහස් ඇති ඔහු ඔබේ පරම සතුරෙකු වීමට ඉඩ ඇත.
  • පිරිමි අයගේ දකුණු ඇසේ බැමි මත ඉන්නෙකු පිහිටීම ශුභ ලකුණක් නොවේ. එවැනි අයට තම බිරිඳ සමග සමගියෙන් වාසය කිරීමට අපහසුය. වම් ඇහිබැම මත පිහිටි ඉන්නෙකුගේ සලකුණින් අපකීර්තියට පත්වන පුද්ගලයෙකු හඳුන්වා දෙයි. නිරන්තරවම ප්‍රීති ප්‍රමෝදයෙන් කල් ගෙවන ධනවත් පුද්ගලයන්ගේ දකුණු ඇහිබැම මත ලපයක් පිහිටන්නේය.