Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව සුපතල ලාංඡන පිටුපස සැගවුණු රහස් 10ක්

ලොව සුපතල වෙළඳ සන්නාම සඳහා භාවිතා වන ලාංඡන හුදෙක් සරල පින්තූර පමණක් නොවෙයි. ඒවායේ සෑම ඉරකින්ම, වක්‍රයකින්ම, වර්ණයකින්ම සහා පින්තූරයකින්ම යම් සැඟවුණු අරුතක් නිරූපණය වන බව පැවසෙනවා. ඒවා හරහා නිෂ්පාදන සහා ආයතනය පිළිබඳ ආවේණික ලක්ෂණ ජනගත කිරීමට උත්සාහ කර ඇති බව නිගමනය කල හැකියි. ඒ ආකාරයෙන් ලෝකයේ ඉතා ජනප්‍රිය වී ඇති ව්‍යාපාර සන්නාම සඳහා භාවිතා වී තිබෙන මේ ලාංඡන වල සැඟවුණු සංකේත, අරුත් මොනවාද කියා බලමු.

1.McDonald’s

  • මුල් කාලයේ McDonald’s අවන්හල් වල සැලසුම් ශිල්පියා විසින් එම ගොඩනැගිලි වලට විශාල රන් ආරුක්කු දෙක එක්කල යුතු බව යෝජනා කර තිබුනි. ඉන්පසුව මෙම අදහස ක්ෂණික ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් ජනප්‍රිය ගෘහ නිර්මාණ අංගයක් (සංකේතයක්) බවට පත්විය.එය එම අවන්හල් ජාලයේ ලාංඡනයට වර්තමානයේ එක්වි තිබේ.


2.Chanel

  • Coco Chanel විසින් Nice හි chateau Cremat මාලිගයේ ‍රැඳි සිටින අතරේ ඇයගේම අතින් එය ඇඳ තිබේ. මෙම සංකේතයට මඟින් මාලිගයේ ගෝලාකාර ආරුක්කු හැඩය මුල් අදහසක් ලබාදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම ලාංඡනයේ ඇති CC අකුරු දෙක මඟින් මාළිගයේ සහ ඇයගේ නමේ මුල් අකුරු දෙක නිරූපණය කරන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.


3.Google

  • Google සමාගමේ ලාංඡනය්වේ ප්‍රධාන වර්ණ 3 කි: රතු, කහ සහ නිල් වර්ණ. එහි වර්ණ සහිත අකුරු වල අනුපිළිවෙල යම් විශේෂිත ඇල්ගොරිතමයකට අනුව සැකසි ඇති බව ඔබට දැකිය හැකිය.නමුත් කොළ පැහැති අකුර මඟින් එම න්‍යාය බිඳ දමයි. එය ලොව වැදගත්ම අකුර බව පැහැදිලිව පෙන්නුම් කරයි. මෙසේ අනපේක්ෂිත ලෙස කොළ පැහැය ඊට එක්කිරීම මඟින් Google සමාගම ඒකාකෘති අදහස් බිඳදමමින් ඉදිරියට යන බවත් තවදුරටත් සුපුරුදු නිති අනුව කටයුතු නොකරන බවටත් යම් කිසි ඉඟියක් ලබාදි ඇති බව අදහසයි.

4.Gillette

  • බැලූ බැල්මට මෙහි එම සන්නාමයේ නම හැර වෙනත් කිසිවක් නැති බව ඔබට සිතෙන්නට පුලිවන්. නමුත් සමීපව බැලූ විට G සහ I අකුරු වලින් ෂේවිං මැෂින් තල වලට සමාන හැඩ ස්වරූපයක් පෙන්නුම් කර ඇති බව ඔබට පෙනේවි.

5.Mitsubishi

  • මෙම ලාංඡනයේ පදනම සමන්විත වන්නේ ඉවසාකි නම් වංශවත් පවුලේ සළකුණය. ඔවුන් Mitsubishi සමාගමේ නිර්මාතෘවරුන් වේ. එම වංශයේ සළකුණ එක උඩින් එකිනෙකට බැඳුණු දියමන්ති 3 කින් සමන්විතය. දියමන්ති මඟින් විශ්වාසනීයත්වය, සම්පූර්ණත්වය හා සාර්ථකත්වය යන්න නිරූපණය කෙරේ. රතු පැහැය මඟින් ආත්මවිශ්වාසය පිලිඹිබු කරයි. එපමණක් නොව ජපාන විශ්වාසයට අනුව්ව රතු පැහැය පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීමට හැකිකරවන වර්ණයක් බවය.

6.Goodwill

  • ලෝකප්‍රසිද්ධ ලාභ නොලබන සංවිධානයක් වන මෙම සන්නාමය යටතේ ඔවුන් අසරණ ජනයාට උපකාර කිරීමට අවශ්‍ය ආහාර, ඇඳුම් සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආධාර එක් ‍රැස් කරනු ලබයි. සමාගමේ සේවකයින් විශ්වාස කරන්නේ යහපත් දේ සිදුකිරීම අසාමාන්‍ය දෙයක් නොවන බවත් එය එදිනෙදා ක්‍රියාකාරකමකට සමාන දෙයක් බවත්ය. මේ හේතුව නිසා ඔවුන් තම සන්නාම ලාංඡනය G අකුර දුර සිට බලන විට සතු‍ටු මුහුණක් (happy face) සේ දිස් වන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

7.FedEx

  • E සහ X අකුරු අතර හිඩැසේ ඇති ඊතල හිස බැලූ බැල්මට එක්වරම නොපෙනෙයි.එය දු‍ටු පසු මෙම ලාංඡනය දකින ඕනම අවස්ථාවක එම පුද්ගලයාට පළමුව පෙනෙන්නේ මේ ඊතලය වීම විශේෂත්වයකි. එය පාරිභෝගිකයින්ගේ උපවිඥානය කෙරෙහි බලපෑමක් ඇතිකල හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද්දකි.ඔවුන්ගේ කුරියර් සේවාව වේගවත් හා විශ්වාසනීය බව සහතික කරන බව ඉන් සංකේතවත් කර ඇත.

8.Nike

  • 1975 වසරේ Carolyn Davidson නම් ශිෂ්‍යයා හට මෙම ලාංඡනය නිර්මාණය කර දීම වෙනුවෙන් ඩොලර් 35 ක මුදලක් ගෙවා තිබෙන බව සඳහන් වේ.මෙම ලෝක ප්‍රසිද්ධ සංකේතය මඟින් නිරූපණය කරන්නේ රණශූරයින් හට ජයග්‍රහණය කිරීමට අනුග්‍රහය දැක්වූ Nike නම් ග්‍රීක දෙවඟනගේ ත‍ටු ය.

9.Pepsi

  • මෙක්සිකානු All saints Day (මළවුන්ගේ දිනය හෙවත් Day of the dead)පෙප්සි සමාගම වරක් එහි සුපුරුදු ආකාරයට නොව එම ලාංඡනය උඩු යටි කු‍ටු කර බෝතල් නිකුතුවක් සිදුකර තිබිණි. බොහෝ අය සිතා ඇත්තේ එය මුද්‍රණ දෝෂයක් බවයි. නමුත් ඇතැම් අයට එහි යටි අදහස තේරුම් ගැනීමට හැකිවි තිබුණා. Pepsi නම උඩුයටිකුරු කර ලියූ විට Isded ලෙස කියවිය හැක. එය is dead යන්නට සම අදහසක් ලබාදේ.

10.Le Tour de France

මෙම ලාංඡනය කොපමණ දැක ඇතත් එක්වරක් හෝ එහි සැඟවුණු කුඩා බයිසිකලයක හා පාපැදිකරුවෙකුගේ ඡායාවක් ඇති බව ඔබ දකින්නට නැතිව ඇති.R අකුර පාපැදිකරුගේ සිරුර නිරූපණය කරන අතර හිරු බයිසිකලයේ රෝදය සංකේතවත් කරයි.

10.Durex

  • බ්‍රිතාන්‍යය උපත් පාලක නිෂ්පාදන ආයතනයක් වන ‘ඩියුරෙක්ස්’ හි නමින් අදහස් වන්නේ “Durable(දිගුකාලීන), Reliable(විශ්වාසනීය),Excellence(විශිෂ්ඨත්වය)” යන්නයි.