Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව සුප්‍රසිද්ධ ගොඩනැගිලි පි‍ටුපස සැඟවුණු කතා 8ක්

ලොව සුප්‍රසිද්ධ ගොඩනැගිලි වල මුල් කාලීන ස්වරූප සහ ඒවා පිළිබඳ ඉතිහාසයෙන් ඇසෙන අපූරු කතා කිහිපයක් ගැනයි මේ.

1.ගිසා පිරමීඩ- ඊජිප්තුව

  • මෙම පිරමිඩ ඉදිකර තිබූ මුල්කාලයේදි ඒවා සුදු හුණුගල් වලින් සැකසූ දිලිසෙන පරාවර්තක ස්තර වලින් ආවරණය කර තිබි ඇත. ඒවා අපූරු දසුනක් මවන්නට ඇතැයි පුරාවිද්‍යාඥයින් විසින් අනුමාන කරති. එසේ පැවතියේ නම් මෙම පිරවීම ඊශ්‍රායල කඳුකර මුදුනේ සිට පමණක් නොව අභ්‍යවකාශයේ සිට වුව හොඳින් නිරීක්ෂණය කල හැකිව තිබෙන්නට ඇති බව ඔවුන් පවසති. නමුත්, 1301 වසරේ අවාසනාවන්ත ලෙස සිදුවූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් එම පාෂාණ ස්තර විනාශ වී ගොස් ඇත.

2.සැග්‍රාඩා ෆැමිලියා ගොඩනැගිල්ල-ස්පාඤ්ඤය

  • මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇත්තේ 1882 වසරේ සිටය. එහි නිර්මාණකරු ඇන්ටෝනියෝ ගෞඩි ගේ ගණනය කිරීම් අනුව 19 වන සියවසේ පැවති තාක්ෂණය භාවිතයෙන් මෙය ඉදිකිරිමට සියවස් 3-4 පමණ ගත වනු ඇති බවයි. ව්‍යාපෘති පාලකයින්ගේ තීරණය පරිදි මෙය ඉදිකිරීමට මූල්‍යමය ආධාර සම්පාදනය කරගෙන ඇත්තේ එහි වැසියන්ගේ මුදල් ආධාර වලිනි. මෙහි ඉදිකිරීම් කටයුතු බොහෝ කලක් ගත වීමට එයත් එක් හේතුවක් විය. වර්තමානයේ පවතින තාක්ෂණය උපයෝගි කරගෙන මෙහි ඉදිකිරීම් කටයුතු 2026 වසර වන විට අවසන් කල හැකි බවට අපේක්ෂා කරයි. එනම් එහි ගෘහනිර්මාණ ශිල්පියාගේ මරණයෙන් වසර 100 ක් පිරෙන වසරේදීය.

3.කොලෝසියම -ඉතාලිය

  • ලෝක ප්‍රසිද්ධ කොලෝසියම ඉදිකර ඇත්තේ ක්‍රි.ව. 1 වන සියවසේදිය. කෙසේවෙතත්, වසර දහසකට වඩා ගත වී ගොස් ඇති වර්තමානය වන විට මෙම ගොඩනැගිල්ලේ ඉතිරි වි ඇත්තේ එහි මුල් ආකෘතියට වඩා බොහෝ සෙයින් වෙනස් වී ගොස් ඇති පෙනුමකි. 14 වන සියවසේ මැඩ්ශ බාගයේදි පමණ රෝමයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවකින් එය අර්ධ වශයෙන් කඩාවැටීමකට ලක්විය (දකුණු පැතිකඩ). එතැන් පටන් කොලෝසියම නව ගොඩනැගිලි ආකෘති ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයු මූලාශ්‍රයක් වී තිබිණි. කෙසේවෙතත් මෙය ලොව මවිත කිරීමට සමත් වූ ,ගෘහනිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන නිර්මාණයක් ලෙස සැලකේ.

4.ඉන්දියා කුළුණ

  • ‘ස්කයිස්ක්‍රේපර්’ (අහස තෙක් විහිදෙන) වර්ගයේ ගොඩනැගිල්ලක් වන මෙම කුළුණ පිහිටා ඇත්තේ මුම්බායි නගරයේය. ඉදිකිරීම් කටයුතු සැලසුම් කරන අවධියේදි මෙය ඩුබායි හි පිහිටි බුර්ජ් කලිෆා නම් ලොව උසම කුළුණට පමණක් දෙවැනි වන පෘථිවිය මත පිහිටි දෙවන උසම ගොඩනැගිල්ල වනු ඇති බව අපේක්ෂා කර ඇත. එහි අභ්‍යන්තර සැලසුම් නිර්මාණ කටයුතු සඳහා ජෝර්ජියෝ අර්මානි වැනි දැවැන්තයින් ද සහභාගි වි ඇත. කෙසේවෙතත්, මෙහි ඉදිකිරීම් කටයුතු 2011 වසරේදි ඇණහිට ඇත.

5.පාතිනන් දෙව්මැදුර-ග්‍රීසිය

  • මෙම පූජනිය ස්ථානය ඉදිකර ඇත්තේ ඇතැන්ස් ඇක්‍රොපොලිස් හිය. එය ඉපැරණි ග්‍රීක වැසියන් විසින් ඇතීනා දෙවඟ වෙනුවෙන් ඉදිකල දෙ මැදුරකි. එහි ඉතිහසය ඉතා සංකීර්ණය. කෲර පාලකයින්ගේ ප්‍රහාර, ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්, යුධ ප්‍රහාර, කොල්ලකෑම්, ගිනි ගැනීම් අනතුරු, වෙඩි තැබීම් වලට මෙම ස්ථානය භාජනය විය. වරක් ක්‍රිස්තියානි දේවස්ථානයක් බවටත් වරක මුස්ලිම් දේවස්ථානයක් බවටත් මෙම දෙව් මැදුර පරිවර්තනය කරගෙන තිබේ. කෙසේවෙතත් වර්තමානයේ මෙය නටඹුන් ස්ථානයක් ලෙස පවතියි.

6.බුර්ජ් අල් අලාම්- එක්සත් අරාබි එමීර්

  • මීටර් 510 ක් පමණ උසින් යුත් ක්‍රිස්ටල් මලක් හැඩයේ කුළුණක් වන මෙම ව්‍යාපෘතිය 2009 වන විට අවසන් කිරීමට නියමිතව තිබිණි. කෙසේවෙතත් ගෝලීය මූල්‍ය අර්බුධ හමුවේ එහි වැඩකටයුතු අත්හිටවනු ලැබු අතර 2013 වසරේදි එය අත්හැර දමන ලදි.

7.යුනිටි ටවර්- පෝලන්තය

මෙම කුළුණ පෝලන්ත ඉංජිනේරු සංගමයේ ප්‍රාදේශීය කාර්යාලයක් ලෙස භාවිතා කිරීමට යෝජනා වී තිබී ඇත. එහි ඉදිකිරීම් කටයුතු 1975 වසරේදි ආරම්භ වී ඇති අතර ආර්ථික අර්බුධ හේතුවෙන් වසර 6 ක් ගත වන තුරු එහි කටයුතු අත්හි‍ටුවනු ලැබ ඇත. එතැන් පටන් ක්‍රැකෝව් හි උසම ගොඩනැගිල්ල ගෙවීගිය යුගය සිහිපත් කරන අඳුරු සිහිවටනයක්ව ඉතිරිව තිබිණි. වර්තමානයේදි මෙම කුළුණ පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා අධි සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක් බවට පරිවර්තනය කිරීමේ යෝජනාවක් පිළිබඳ සළකාබලමින් සිටියි.