Hela Rahas

Hela Rahas Official Web Portal

ඇස් වල තෙහෙට්‍ටුව දුරු කරවන ව්‍යායාම 8 ක්

ඔබත් දවස පුරාම පරිගණකයක් ඉදිරියේ රාජකාරි කරන කෙනෙක් ද? ඔබ දන්නවා වයස්ගත වීමේදි අපේ ඇස් වල පෙනීම පරිහාණියට පත් වී යන බව. පැය ගණනක් පරිගණකයේ ඉදිරියේ සිටිම එය වඩාත් බරපතල කරවන බවයි විද්‍යාඥයින් විසින් පෙන්වාදෙන්නේ.සිරුරට මෙන්ම ඇස් සඳහා ද හොඳින් විවේක ලබාදීම වැදගත්. ඒ සඳහා ඔබට අනුගමනය කල හැකි හොඳම ක්‍රමය තමයි ඇස් සඳහා ව්‍යායාම ලබාදී
භාවිතා නොකරන මාංශ පේශීන් ඉක්මනින් දුර්වල වී යන බව වෛද්‍ය විද්‍යාවේ මූලික පිලිගැනීමකි. අන් සෑම පේශියක් වගේම ඔබේ ඇස් වල පිහිටන මාංශ පේශීන්ට ද මෙය අදාලයි. ඒ නිසාම ඒවා හුරුකරමින් ඇස් වල ක්‍රියාකාරීත්වය වැඩිකරගැනීම සිදුකල යුතුයි. ඇස් වල පෙනීම කියන්නේ ඔබ ආරක්ෂා කරගත යුතුම දෙයක්. ඇස් පරිස්සම් කරගන්න සහා පෙනීම දියුණු කරගන්න මේ ව්‍යායාම ක්‍රම 8 අනුගමනය කරන්න.

1.ලඟ සහ දුර බැලීම හරහා දෑස් වල පෙනීම ශක්තිමත් කරගන්නා ආකාරය

  • හිස් බිත්තියක් ඉදිරියේ වාඩිවෙන්න/සිටගන්න. ඔබේ මුහුණ ඉදිරියෙන් අඟල් 10 ක් පමණ ඈතින් මහපට ඇඟිල්ල තබා ඒ දෙස තත්පර 10-15 ක් පමණ බලාගෙන සිටින්න.
  • ඉන් පසුව, ක්‍රමයෙන් අඩි 10-20 ක් පමණ ඈතින් ඇති වස්තුවක් දෙස හිස චලනය නොකරම දෑස් යොමුකරන්න. ඒ දෙස තත්පර 10-15 ක් පමණ බලා සිටින්න.
  • තත්පර 10-15 ක් ගත වු පසු, නැවත ඔබේ මහපට ඇඟිල්ල දෙස ඔබේ අවධානය යොමුකරන්න. මෙසේ දුර සහ ලඟ බැලීම මාරුවෙන් මාරුවට පස් වරක් පමණ නැවත නැවත සිදුකරන්න

2.පැත්තෙන් පැත්තට ඇස් චලනය කරවන්න.

  • දකුණු පැත්ත දෙස බලා ඒ දර්ශණය ඔස්සේ වම් පැත්ත දෙසට බැල්ම චලනය කරන්න.
  • මෙය අනෙක් පැත්තටත් වාර 5 ක් පමණ පෙර ආකාරයෙන්ම සිදුකරන්න. එසේ වාර 3 ක් බැගින් නැවත නැවත දෙපසට ඇස් චලනය කිරීම සිදුකරන්න.

3.ඉහළ හා පහළට ඇස් චලනය කරන්න

  • ඉහළ හා පහළ බලමින් එබ දකින්නා දෙයට අවධානය ලබාදෙන්න. සෑම දිශාවකටම වාර 5 ක් බැගින් ඔබේ ඇස් ඉහළ හා පහළ දෙසට චලනය කරන්න.
  • මෙය වාර 3 ක් පමණ නැවත නැවත සිදුකරන්න.

4.විකර්ණව ඇස් චලනය කරන්න

  • වම් පැත්තට පහළ බලන්න. ඔබේ ඇස් විකර්ණව චලනය කරමින් දකුණු දෙස බලන්න. එහිදි ඔබ දකින වස්තු කෙරෙහි ඔබේ අවධානය යොමුකරන්න.
  • දිශාවන් වෙනස්කරන්න. දකුණු පැත්තට පහළ බලන්න. ඔබේ ඇස් වම් පැත්තට චලනය කරන්න.
  • මෙම ව්‍යායාමය වාර 5 ක් බැගින් සෑම දිශාවකටම සිදුකරන්න.
  • වාර 3 ක් පමණ නැවත නැවත එම පියවර අනුගමනය කරමින් ඇසට ව්‍යායාම ලබාදෙන්න.

5.වක්‍රාකරව ඇස් චලනය කරන්න

  • ඔබේ බැල්ම (දෘෂ්ටිය) විවිධ දිශාවන්ට චලනය කරන්න. දකුණු පැත්තේ සිට වම දෙසට චලනය කරන්න, එසේ ඇස් කරකවමින් වෘත්ත 5 ක් ඇඳීමට උත්සාහ කරන්න.
  • ඉහළ සිට පහළ දක්වාත් ඔබේ ඇස් වක්‍රාකාරව චලනය කරන්න. එහිදීද පෙර පරිදි වෘත්ත 5 ක් ආකාරයෙන් ඇස් චලනය කරන්න.
  • මෙම ව්‍යායාමය වාර 3 ක් පමණ නැවත නැවත සිදුකරන්න.

6.ඇසිපිය ගසන්න (blinking)

  • මිනිත්තුවකට වාර 10-15 ක් පමණ ඇසිපිය ගසන්න. මෙම ව්‍යායාමය මිනිත්තු 2 ක් පමණ සිදුකරන්න.

7.අල්ලෙන් දෑස් වසාගෙන සිටින්න

  • මෙමඟින් දෘෂ්ටි ස්නායුව සමනය කරගත හැකිය.
  • අඳුරු කාමරයක හෝ ස්ථානයක වැළමිටින් මේසයකට බර දී වාඩි වී සිටින්න.
  • අත්ල එකට අතුල්ලමින් මදක් උණුසුම් කරගන්න. ඉන් පසු අත් දෙක ඔබේ දෑස් මත තබාගන්න.
  • සම්පූර්ණ අඳුර මවාගනිමින් ගැඹුරින් හුස්ම ගැනීම සිදුකරන්න. මෙම ව්‍යායාමය මිනිත්තු 5 ක් පමණ සිදුකරන්න.

8.20/20/20 ව්‍යායාමය

පරිගණක තිරයක් ඉදිරියේ දවසේ වැඩිවේලාවක් ගත කරන ඔබට මේ ව්‍යායාමය ඉතා ප්‍රයෝජනවත් වේවි. සෑම මිනිත්තු 20 කට වරක්ම පරිගණකයෙන් ඉවත් වී අඩි 20 ක් පමණ දුරින් ඇති යම් වස්තුවක් දෙස තත්පර 20 ක් පමණ එකදිගට බලාගෙන සිටින්න.මෙමඟින් ඔබේ ඇස් වලට විටින් විට හොඳ විවේකයක් ලබාදේ.

  • මෙම ව්‍යායාම ක්‍රම වෙහෙසට පත් වූ ඔබේ දෑස් සමනය කරමින් ඵලාදයි ලෙස ඔබේ ඇස් ආරක්ෂා කරවන බව තහවුරු වී ඇත. කෙසේවෙතත්, ඔබ දිගු කලක් තිස්සේ ඇස් වල පීඩාවකින් පෙළේ නම් හෝ ඔබේ ඇස් පෙනීම අඩු වී ඇති බවක් අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී ඔබේ ඇස් පරික්ෂා කරගැනීමට කටයුතු කරන්න.

ඇස් වලට හොඳ ප්‍රතිලාභ ලබාදෙන ආකාරයේ අපූරු සත්කාරයක්

  • අඹරාගත් කැරට් මේස හැඳි 1
  • බිත්තර සුදුමද 1
  • කෝමාරිකා තේ හැඳි 1
  • ක්‍රමය:බඳුනකට මේ සියල්ල දමා මිශ්‍ර කරගන්න. ඔබේ ඇස් වටා හා ඇස් වලට පහළ ප්‍රදේශයේ මෙම මිශ්‍රණය ගල්වා මිනිත්තු 15-30 ක් පමණ තිබෙන්නට හරින්න. අනතුරුව, ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කරගන්න