Hela Rahas

Hela Rahas Official Web Portal

විද්‍යාත්මක ලෝකයේ පිළිතුරක් නැති සොයාගැනීම් 7 ක්

විද්‍යාවේ දියුණුවත් සමඟ ලොව සෑම සියලු දේ ගැනම පැහැදිලිකිරීමක් ඊට ඇති බව සිතුවත් එසේ නොවන අවස්ථා එමටයි. විශේෂයෙන්ම ලෝක ඉතිහාසය හා සැබැඳි ඇතැම් සිද්ධි සොයාගැනීම් සම්බන්ධයෙන් නිශ්චිත අවබෝධයක් ලබාගැනීමට උත්සාහ කලත් තවමත් සොයාගත් දේවල් වලට වඩා නොවිසඳුණු ගැටලු ‍රැසක් විද්‍යාඥයින් හට ඉතිරිව තිබෙනවා. මේ එවන් සොයාගැනීම් 7 ක් ගැනයි.

1.කලල මමී දේහය

  • 20 වන සියවසේ මුල් බාගයේදී විද්‍යාඥයින් පිරිසක් හට කුඩා ගල් මිනී පෙට්ටියක් හමුවී තිබිණි. ඉපැරණි ඊජිප්තු සම්ප්‍රදායට අනුව මිනි පෙට්ටි වල මිහිදන් කෙරෙන්නේ මිනිස් අවයව කොටස්ය. නමුත්, මෙහි ඇති විශේෂත්වය නම් එහි ඇතුලත තිබී ඇත්තේ අවයව නොව කලල මමියක් විමය. මෙම කලලය සති 16-18 ත් අතර වර්ධන අවධියේ පසු වූ එකක් බවා අනුමාන කෙරේ. මෙය ක්‍රි.පූ. 664-525 යුගයට අයත් එකක් බව සැලකේ. මේ දක්වා හමු වී ඇති මමී දේහ අතරින් ලාබාලතම මමි දේහය වන්නේ මෙයයි.

2.ද ඩෙඩ් සී ස්ක්‍රොල්ස්’ (The Dead Sea scrolls)

  • ද ඩෙඩ් සී ස්ක්‍රොල් නමින් හැඳින්වෙන මෙම පත්‍රිකා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සොයාගැනීම් අතර වැදගත්ම එකක් සේ සැලකේ. මළ මුහුද ආසන්නයේ පිහිටි ගුහා වල වසර ගණනාවක් තිස්සේ සිදුකල පර්යේෂණ අතරතුරදී ව්මෙවැනි පාච්මන්ට් කඩදාසි කොටස් දහස් ගණනක් පමණ ඔවුන් හට හමුවි ඇත. මෙම පත්‍රිකා වල සටහන් කර ඇති තොරතුරු හීබෲ බයිබල් ධර්මවෛධිකයට අයත් වේ. මෙම පර්යේෂණ තවදුරටත් ක්‍රියාත්මකය. මෙම හම්පත්‍රිකා ජෙරුසෙලමේ ඊශ්‍රායල කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇත.

3.චිචෙන් ඉට්සා පිරමීඩ

  • එල් කැස්ටිලෝ පිරමීඩය පිහිටා ඇත්තේ මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේය.මෙය ක්‍රි. ව. පළමු සහස්‍රයේ නිමවන්නට ඇති බව විද්‍යාඥය්ටින් පවසති. එහි අභ්‍යන්තරයේ තවත් පිරමිඩ 2 ක් ඇත. නමුත්, පුදුමයට කරුණ නම් මෙම පිරමිඩ ද්විත්වය නිමවා ඇත්තේ එල් කැස්ටිලෝ පිරමිඩයට වඩා බොහෝ කලකට ඉහත දී වීමය. එහි බිත්ති කැඩීමකින් තොරව අභ්‍යන්තරයට ඇතුල්විය හැකි ආකාරයක් පිළිබඳව වර්තමානයේ විද්‍යාඥයින් විසින් විවිධ උත්සාහයන් හි නිරතවි සිටිති.

4.නියෝලිතික යුගයේ පෙම්වතුන්

  • පෙම්යුවලකගේ යැයි සැලකෙන මෙම අස්ථි කොටස් හමුවි තිබුණේ ඉතාලියේ මැන්ටෝවා හි මීට වසර ගණනකට පමණ ඉහත දී ය. මේවා පිරිමියෙකුගේ සහ ගැහැණියකගේ අස්ථි කොටස් බවත් ඒවා මීට වසර 6000 කට පමණ පෙර මිහිදන් කල සිරුරු බවත් පැවසේ. පුරාවිද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට නියෝලිතික යුගයේ යුගල භූමදාන කිරීම් ඉතා විරල බවත් යුවලක් එවැනි ඉරියව්වකින් මිහිදන් කර ඇති ආකාරය දු‍ටු පළමු අවස්ථාව මෙය බවත්ය. මහාකවි ශේක්ස්පියර් තම නාට්‍යයේ සඳහන් කරන වෙරෝනා නගරය පිහිටා ඇත්තේ මැටෝවා නගරයට සමීපයෙන් වීම නිසා බොහෝ අය මෙම යුවල ඔහුගේ නාට්‍යයේ එන රෝමියෝ සහ ජූලියට් යන චරිත නාම වලින් හඳුන්වනු ලබයි.

5.ඇම්‍ෆිපොලිස් හි හඳුනානොගත් සොහොන් ගැබ

  • ග්‍රීසියේ ඇම්‍ෆිපොලිඔස් ප්‍රදේශයෙන් හමුවූ මෙම සොහොන්ගැබ අභ්‍යන්තරයේ විවරය දෙපස උස කිරිගරුඬ ප්‍රතිමා දෙකක් ඉදිකර ඇත.මේවා කැරියටිඩ් නාරි රූප ලෙස හැඳින්වේ. මෙය ඔලිම්පියා දෙවඟනගේ සොහොන බවත් , තවත් පිරිසක් මෙය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ බිරිය වූ රොක්සානා ගේ සොහොන් ගැබ බවත් මත පළ කරති.තවත් ඉතිහාසඥයින් සහ පුරවිද්‍යාඥයින් පිරිසක් මත දරන්නේ මෙය කිසිසේත්ම ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ පවුලට අයත් එකක් නොවන බවයි.

6.රාශී චක්‍රය සහිත කොන්ක්‍රීට් පුවරුව

  • මෙම පුවරුව මීට වසර කිහිපයකට ඉහතදි ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හමුවී තිබුණි. එහි මතුපිට ඝනකම සහ පාංශු ස්ථරයේ ස්වභාවය විමර්ෂණය කිරීමේදී විශේෂඥයින් විසින් හඳුනාගෙන ඇත්තේ මෙය වසර සියගණනකට ඉහතදී මිහිදන් කල එකක් බවයි. මෙහි මතුපිට ග්‍රහරාශින් කැටයම් කර ඇති ආකාරයට අනුව මෙය සූර්ය හෝරා යන්ත්‍රයක් ලෙස භාවිතා කරන ලද්දක් බවය.

7.ද ඊස්ටර් අයිලන්ඩ් හි ඇති පිළිම

  • ඊස්ටර් දූපතේ පිහිටා ඇති මෙම අභිරහස් ප්‍රතිමා වල ඇත්තේ හිස කොටස් පමණක් බවයි බොහෝ කාලයක් තිස්සේ ලොවට හෙලි වී තිබුණේ. නමුත්, නවතම සොයාගැනීම් වලින් පෙන්වාදෙන්නේ මෙවායේ මතුපිටට නොපෙනෙන කොටස් පොළෝ මට්ටමින් අඩි ගණනාවක් පහළින් වැළලී ඇති බවයි. ඊස්ටර් දූපතේ ප්‍රතිමා ව්‍යාපෘතිය යටතේ සිදුකල කැණීම් වලින් මෙජි එවන් ප්‍රතිමා 1000 කට අධික ප්‍රමාණයක ඇති බවයි. මෙම යෝධ ප්‍රතිමා ඉදිකර ඇත්තේ ඇයි? ඒවා ඉදිකලේ කවුද? යන්න ඇතුලු ඒ හා සම්බන්ධ නොවිසඳුණු අභිරහස් ‍රැසකි.