Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබේ ඇඟිලි වල දිග අනුව පෞරුෂය ගැන හෙලිකරන රහස් 3ක්

බොහෝ දෙනාගේ මතයට අනුව පුද්ගලයෙකුගේ අතේ පිහිටීම අනුව එම පුද්ගලයා පිලිබඳව බොහෝ ලක්ෂණ අනාවරණය කරගත හැකි බවයි. අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ දබ‍රැඟිල්ලේ දිග තීරණය වන්නේ ගර්භාෂය තුලදි පුද්ගලයා නිරාවරණය වන ටෙස්ටෙස්ටරෝන් පුරුෂ හෝර්මෝන මට්ටම මත බවත් එය සෘජුවම එම පුද්ගලයාගේ පෞරුෂත්වය ගොඩනැගීම කෙරෙහි බලපාන බවත්ය.
අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ ඔබේ අතේ ඇඟිලි වල දිග ඔබේ පෞරුෂත්වය ගැන හෙලි කරන එවන් ලක්ෂණ මොනවාද කියලයි!පළමුව, වම් අතේ දබ‍රැඟිල්ල හා වෙදැඟිල්ල පිහිටා ඇති ආකාරය දෙස බලන්න. මේ පින්තූර වල සඳහන් ඇඟිලි හැඩ අතරින් ඔබේ ඇඟිලි පිහිටා ඇති හැඩයට සමාන වන්නේ කුමන දැයි සසඳා බලන්න.

1.වෙදැඟිල්ලට වඩා දබ‍රැඟිල්ල දිගින් අඩුයි නම්

  • මෙවැනි ඇඟිලි පිහිටීමක එති පුද්ගලයින් ඉතා ආකර්ෂණීයය;ජනකාන්තභාවයෙන් යුක්තය; එමෙන්ම රමණීය ගති ලක්ෂණ වලින් යුක්තය. විශිෂ්ඨ සන්න්වේදන කුසලතාවලින් පිරිපුන් වේ. අවධානය දිනාගැනීමට මෙන්ම එය දිගු කල් පවත්වාගැනීමට හොඳින් දනියි.අවදානම් ගනිමින් ඒවා ජය ගනියි. අධෛර්යට පත්නොවන අතර වෙනත් මඟක් හෝ සෙවීමට සැමවිටම උත්සහ දරයි. ඉහළ ජයග්‍රහණයක් ලබන්නෝ වෙති. ඉහළ ඉලක්කයන් ඇති කරගනියි. ඔවුන්ව කලහකාරී අය අයැයි ඇතැම් අය හඳුන්වනු ලැබුවත් ඔවුන්ගේ එම ස්වභාවයට හේතු වී ඇත්තේ ඉහළ මට්ටමේ ටෙස්ටෙස්ටරෝන් මට්ටමක් තිබීම බව පෙන්වාදේ.

2.දබ‍රැඟිල්ලට වඩා වෙදැඟිල්ල දිගින් අඩුයි නම්

  • ඔවුන් ඉතා ඉහළ ආත්ම විශ්වාසයකින් යුතු ස්වයං-පෝෂිත පුද්ගලයින් වේ. ඔවුන් හොඳ නායකයින් වන අතර කණ්ඩායමේ පෙරමුණ ගනිති. සන්සුන් ගතිපැවතුම් පෙන්ම කිපෙන ස්වභාවයකින් ද යුක්තය. ඔවුන් සාමාන්‍යයෙන් පළමු පියවර තබන අය නොවෙති. නමුත් යමක් පටන්ගත් පසු ඒ සමඟ ‍රැදෙමින් මූලකත්වය ගෙන කටයුතු කිරීම මොවුන්ගේ ස්වභාවය වේ. විශ්ලේෂණාත්මකව සිතිය හැකි මනසක් මොවුන්ට ඇත. තීරණ ගැනීමට පෙර ඉන් දිගුකාලීනව මතුවිය හැකි බලපෑම් හා ප්‍රතිඵල ගැන නිතර සිතති. ඔවුන් එක්වරම ක්‍රියාකිරීමට අකමැතිය.

3.දබ‍රැඟිල්ල සහ වෙදැඟිල්ල එක සමාන දිගින් යුතු නම්

  • මෙවැනි පිහිටීමක් ඇති පුද්ගලයින් අන් අය ගැන සොයාබලන, සාමකාමී ගතිගුණ ඇති, පොළොවේ පය ගසා ජිවත් වන සමබර පෞරුෂත්වයක් ඇති අය වෙති.මෘදු ලක්ෂණ වලින් හෙබි මොවුන් අර්බුධ අවස්ථා සහ අවදානම් ඇතිවීමට ඉඩ නොතබා ඒවා වැළැක්වීමට කටයුතු කරති. අවිනිශ්චිතභාවය ඔවුන්ව දැඩි ලෙස අපහසුතාවට කරවන්නකි. මොවුන් ඉතා හොඳ මිත්‍රයින් වන අතර ඕනම මොහොතක අන් අයට උදවු කිරීමට සැදි පැහැදි සිටිති. මොවුන් පක්ෂපාතී මෙන්ම විශ්වාසනීය පිරිසකි. සෑම අවස්ථාවකම යහපත් පැතිකඩ දකින ධනාත්මකව සිතන පිරිසකි.