Hela Rahas

Hela Rahas Official Web Portal

එදිනෙදා ජීවිතයේ ඔබට ප්‍රයෝජනය වෙන ප්‍රථමාධාර ක්‍රම 10 ක්

එදිනෙදා ජීවිතයේ ද් අප කටයුතු කරන්නේ අවදානම් එක්කයි. කරදරයක් , උවදුරක් ඇතිවන්නේ කලින් කියලා නෙවෙයි නේ! ඒ නිසාම පෙර සූදානම හා දැනුවත්බව ඔබ්බේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ඉතාමත් ප්‍රයෝජනවත් ය. අද අප ඔබව දැනුවත් කරන්නේ එසේ අනපේක්ෂිතව ඇතිවන හදිසි කරදරයකදි ඔබට භාවිතයට ගත හැකි ඉක්මන් ප්‍රථමාධාර ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

1.තුවාල වූ විටක

  • තුවාලයක් ඇති වූ විට ඔබ සැම විටම උත්සාහ කල යුත්තේ එය ඔබේ හෘදය මට්ටමට වඩා ඉහළින් තබාගැනීමටයි. මෙමඟින් ඉදිමුම් සමනය කරගැනීමට හා තරල ඉවත්වීමට සහයක් ලැබේ. තුවාලය ඇත්තේ කලවා හෝ තට්ටම් ප්‍රදේශයේ නම් කොට්ටයක් භාවිතා කරමින් එම ප්‍රදේශය මදක් උස්ව සිටින ආකාරයෙන් තබා වැතිර සිටින්න.

2.සුලු පිලිස්සුම් තුවාලයකට

  • මෙහිදි පිලිසුම් තුවාල වලින් අදහස් කරන්නේ සමේ මතුපිට ස්තරය පමණක් බලපෑමට ලක්වූ පිලිස්සුම් ය. ඒවා අතිශය වේදනාත්මක වුවද බරපතල නැත. ඒ සඳහා ප්‍රතිකාර කිරිමට, පළමුව තුවාලය මද උණුසුම් ජලයෙන් සෝදන්න. අයිස් ජලය සනීපයක් ඇතිකරනවා වුවත් එමඟින් පටක හානිය තවත් බරපතල අතට හැරිය හැක. තුවාලය පිරිසිදු කරගත් පසු අයිස් පැක් එකක් හෝ රෙදි කැබැල්ලකට අයිස් කැට කිහිපය දමා පොට්ටනියක් සේ සකසා තුවාලය මත තවන්න. බේකිං සෝඩා හා ජලය ස්වල්පයක් මිශ්‍ර කර ආලේප කිරිමෙන් පිලිස්සුමේ තාපය ඉවත්කරගැනීම පහසු වනු ඇත.

3.හෘදයාබාධයකදී

  • අවදානම දැනුනු විට ක්‍රියාත්මක වීම හෘදයාබාධයකින් ඇතිවිය හැකි හානිය අවම කරගැනීමට උපකාරි වේ. එවැනි අවස්ථාවක ඇස්ප්‍රින් පෙත්තක් සැපීම මඟින් ධමනි තුල අවහිරවීම් ඇතිවීමට බලපාන රුධිර කැටිගැසිම ඇතිකරවන රුධිර පට්ටිකා වළකනු ලබයි. ඇස්ප්‍රින් ගැනීමෙදි කුඩා මාත්‍රාවක් ගැනීම හා ගිලීම හෝ වතුර සමඟ පානය කිරීම වෙනුවට කටේ දමා සැපීම සිදුකල යුතු බව මතකතබාගන්න. හැකි ඉක්මනින් හදිසි ගිලන්රථ සේවා සහය ලබාගැනීමට කටයුතු කරන්න.

4.මී මැස්සෙක් දෂ්ඨ කල විට

  • මී මැස් දෂ්ඨ කිරිමක් සිදුවූ විට හැකි ඉක්මනින් විෂ තුඬ ඉවත්කිරීමට කටයුතු කරන්න.(මී මැස්සෙකුගේ තුඬ ගැලවී ගිය විට ඉන් යම් ගන්ධයක් නිකුත් කරන අතර එයට අනෙකුත් මී මැස්සන් ආකර්ෂණය වෙතු. ඔවුන් ඔබට ප්‍රහාර එල්ල කිරීමේ අවදානම ඇති බැවින් ඉක්මනින් ක්‍රියාත්මක වීම වැදගත්ය). තුඬ ඉවත්කල පසු තුවාලය සෝදාගන්න. අනතුරුව, අයිස් කැට කිහිපයක් පොට්ටනියක් සේ සකසා තුවාලය මත තවන්න. ඔබ ආසාත්මිකතා ඇති අයෙක් නම් ඔබ ලඟ එපිපෙන් (EpiPen)ලඟ තබාගන්න.

5.අස්ථි බිඳුම් සඳහා

  • අස්ථි බිඳුමකදි තුවාලය දිග ඇරීමට නැවීමට උත්සාහ නොකල යුතුයි. හානි වූ ගාතය නොසොලවා ස්ථාවර සේ පතුරක් යොදමින් වෙලුම් යොදන්න. වඩාත්ම වැදගත් දේ වන්නේ එම ස්ථානය එකම ඉරියව්වකින් තබාගැනීමයි. බිඳුම අස්ථි විතැන්වීමක් හෝ උලුක්කුවක් විය හැකි බැවින් ඇතිවිය හැකි අවදානම අවම කරගැනීමට හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

6.ඇසකට සිදුවූ අනතුරකදී

  • සාමාන්‍යෙන් ඇසට සිදුවන අනතුරකදි සිදුකරන පළමු දේ ඇස පිරිසිදු කරගැනීමය. ඉන් පසුව ඇස හොඳින් ආවරණය කරගැනීම කළ යුතුය. වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. ඇස පිරිසිදු කරගැනීමට යාමේ දි ඇතැම් විට තුවාලයට තවදුරටත් බරපතල හානි ඇතිවීමට ඉඩ ඇති නිසා ඇතැම් ඇසට සිදුවන අනතුරු වලදි ඇස් පිරිසිදු කරගැනීමට ප්‍රයාස දැරීම භයානකය. නමුත්, ඔබේ ඇසට රසායනික ද්‍රව්‍ය ඇතුල් විමක් වැනි අනතුරකදි ඔබ පළමුව කල යුත්තේ ඔබේ ඇස් හැකි ඉක්මනින් ගලන ජලයෙන් සෝදා පිරිසිදු කරගැනීම බව මතක තබාගන්න.

7.කීරක් ඇනීම නිසා වන තුවාල

  • කීරක් , පතුරක් හෝ ක‍ටු තුඩක් ඇනීම නිසා වන තුවාලයක් විෂබීජ නිසා ආසාදනයට ලක්විය හැකිය. එබැවින් ඉක්මනින් තුවාලයට ප්‍රතිකාර කිරීමේදි දෑත් විෂබීජහරණය කරගැනීම කල යුතුය. තවදුරටත් සමට ඇනී ඇති කීරක්, පතුරක් ,ක‍ටුවක් ඉවත් කිරීමේදී පළමුව ඇන්ටිසෙප්ටික් දියරයක් ගල්වා පසුව උණුවතුරින් තම්බාගත් ඉඳි ක‍ටුවකින් එය ගලවා ඉවත්කරගන්න. අවසානයේ තුවාලය සබන් හා ජලයෙන් හොඳින් පිරිසිදු කරගන්න.

8.තුවාල කැලැල් සඳහා

  • තුවාල වලට ප්‍රතිකාර කරන විට එම ස්ථානයේ කැලැල් ඇති නොවන සේ ප්‍රතිකාර කිරීමට බේකිං සෝඩා භාවිත කල හැකිය. ඒවායේ ඇති විෂහරණ ගුණ සම මත කැලැල් ඇතිවිමෙන් වළක්වන අතර සම ආසාදනය වීම ද වළක්වයි. බේකිං සෝඩා යොදා තුවාලයට ප්‍රතිකාර කරන විට තුවාලයට වාතාශ්‍රය ලැබෙන පරිදි වෙළුම් යොදන්න. ඇන්ටිසෙප්ටික් දියරයක් ලෙස භාවිතා කිරීමට ජලයට බේකිං සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර තුවාලය සේදිම සිදුකල හැකියි.

9.හුස්ම අවහිර වීමකදී

  • පුද්ගලයෙකුගේ හුස්ම නැවතී ඇත්නම් ඇතැම් විට එම පුද්ගලයාගේ ශ්වසන මාර්ගය අවහිර වී තිබීම ඊට හේතුව විය හැක. එම පුද්ගලයාව උඩු අතට හරවන්න මුව තුල යමක් ඇත්දැයි පරික්ෂා කරන්න. යමක් ඇත්නම් එය ඉවත් කරන්න (දියර වුවද). ශ්වසන මාර්ගය විවෘත කිරීමට ඔබේ අත්වලින් පුද්ගලයාගේ හිස පහළට ඇල කර, නිකට ඉහළට ඔසවා අල්ලාගන්න. නිකට ඉහළට තෙරපන්න. නැතහොත් මුඛය විවෘත කරන්න. මෙමඟින් වායු මාර්ගය අවහිර කරගෙන ඇති දිව කොටස ඉහළට එසවී වායු අවරෝධය ඉවත් වී යයි. ඒ වන තුරු හිස ඇල කිරීම සිදුකරන්න
  • ප්ලාස්ටර් පහසුවෙන් ඉවත්කරගැනීමට ඊට බේබි ඔයිල්, හෝ උණු වතුර යොදා මදක් පෙ‍ඟෙන්නට හරින්න. නැතිනම් එම ප්‍රදේශයේ අයිස් කැට ආලේප කරන්න. තුවාලය නැවත විවර නොවන සේ සෙමින් ප්ලාස්ටරය ගලවා ඉවත්කරගැනීමට සැලකිලිමත් වන්න.