Hela Rahas

Hela Rahas Official Web Portal

ප්‍රථමාධාර ලබාදීමේදී අනුගමනය කලයුතු නිවැරදි ක්‍රම 10 ක්

එදිනෙදා ජීවිතයේදී මිනිසුන් අනපේක්ෂිත අනතුරු වලට භාජනය වෙති. එසේ අනතුරට ලක් වන්නේ ඔබ හෝ ඔබේ සමීපතමයෙක් හෝ ඔබ අසල සිටින අයෙකු විය හැකියි.එවැනි අවස්ථාවන් හිදී ඔබ සතුව ඇති ප්‍රථමාධාර පිලිබඳව දැනුම එම පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා කිරීම සඳහා බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.අද අපි කතා කරන්නේ 90% දෙනා වැරදිලෙස අනුගමනය කරන ප්‍රථමාධාර ක්‍රම 10 ක් සහා එම ප්‍රථමාධාර ලබාදිය යුතු වන වඩාත් නිවැරදි ක්‍රම පිලිබඳවයි.

1.තුවාල සඳහා ප්‍රතිකාර කිරීමේදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්,අයඩින් සහා මද්‍යසාර භාවිතා කිරීම ඉතා භයානක විය හැකියි.

  • එය වැරදි වන්නේ ඇයි? පෙරොක්සයිඩ් නිසා සම්බන්ධක පටක (connective tissues) විනාශ වී යයි. ඒ හේතුවෙන් තුවාලය සුවවීමට බාධා ඇති වේ. අයඩින් සහා මද්‍යසාර භාවිතා කිරීමෙන් නීරෝගි සෛල පිලිස්සී යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අධික වේදනාව, තිගැස්ම සහා පිලිස්සුම් තුවාල හට ගැනීමට ඉඩ ඇත.
  • නිවැරදි ක්‍රමය – පිරිසිදු පානිය ජලයෙන් හෝ උණුකල ජලයෙන් තුවාලය සෝදා ප්‍රතිජීවක අඩංගු ආලේපයක් තුවාලය මත ගල්වන්න.ප්ලාස්ටරයක් හෝ බැන්ඩේජ් පටියක් භාවිතා කිරිම අත්‍යවශ්‍ය නැත. එමඟින් තුවාලයේ තෙතමනය අධිකව ‍රැ‍ඳෙන අතර සුව වීමට බොහෝ කල් ගත විය හැක.

2.පපු තෙරපුම් ලබාදීමේදී ඉළ ඇට බිඳී යාමට සහා පෙනහළු වලට හානි වීමට ඉඩ ඇත.

  • එය වැරදි වන්නේ ඇයි? අධික ආවේගයකින් පපු තෙරපුම් ලබාදීමේදී රෝගී පුද්ගලයාගේ ඉළ ඇට පහසුවෙන් බිඳී යාමට ඉඩ ඇති නිසා ඒ හේතුවෙන් එම පුද්ගලයාගේ පෙනහළු සහා හෘදයට ද දැඩි හානි සිදුවිය හැක.
  • නිවැරදි ක්‍රමය – පපු තෙරපුම ලබාදිය යුතු වන්නේ එම පුද්ගලයාගේ හෘද ස්පන්දනය නොවන විට, හුස්ම නොගන්නා විට සහා පහසුවෙන් වෛද්‍යවරයෙකු සොයාගැනීමට නොහැකි ඉසව්වක සිටින විට වැනි අවස්ථා වලදීය. පපු තෙරපුම් වාර ලබාදෙන පුද්ගලයා විසින් මිනිත්තුවකට තෙරපුම් රිද්ම වාර 100 බැගින් ලබාදීම සිදුකල යුතු වේ .
  • ඒ අතරේදී වෙනත් අයෙකු විසින් හැකි ඉක්මනින් ගිලන් රථයකට ඇමතීම සිදුකිරීම වඩාත් උචිතය. කුඩා දරුවන් සඳහා පපු තෙරපුම් සිදුකල යුත්තේ ඇඟිලි වලින් සහා වෙනත්ම රිද්මයකිනි. මුවට මුව තබා කෘතිම ශ්වසනය ලබාදිය යුතු වන්නේ හෘදය ක්‍රියාකාරීත්වය නැවතී යන බව හඳුනාගත් විටය. මෙහිදී භාවිතා කල හැකි ක්‍රමය වන්නේ පපු තෙරපුම් වාර 30 ක් සහා කෘතිම ශ්වසන වාර 2 ක් ලබාදීමයි. මෙම රටාව නැවත නැවත සිදුකරන්න.

3.පැරසිටමෝල් අක්මාවේ ගැටලු ඇති කිරීමට ඉඩ ඇත.

  • එය වැරදි වන්නේ ඇයි? පැරසිටමෝල් හෝ ඇසිටමිනොෆෙන් යනු ප්‍රදාහා සහා වේදනා නාශකයකි. ඒවා බොහෝ ඖෂධ වල සංඝටකයක් ලෙස අඩංගුවේ. නමුත්, පැරසිටමෝල් අධික ලෙස භාවිතා කිරීම හෝ අධි මාත්‍රාවන් ලබා ගැනීම නිසා අක්මාව සහා වකුගඩු අකර්මන්‍යතා හටගැනීමට වැඩි ඉඩක් ඇත.
  • නිවැරදි ක්‍රමය– ලබාගත යුතු මාත්‍රාවන් ගැන සැලකිලිමත් වන්න.වැඩිහිටියෙකුට ලබාගත හැකි උපරිම ප්‍රමාණය ග්‍රෑම් 1 කි (දිනකට ග්‍රෑම් 4 කි). ඇසිටමිනෝෆෙන් යනු බොහෝ ඖෂධ වල අඩංගු සංඝටකයකි, විශේෂයෙන්ම ප්‍රති-වෛරස ඖෂධ වල මේවා සංයෝග කර ඇති නිසා ඒවා අධිමාත්‍රාවක් බවට පත් වී පසුකාලීන සෞඛ්‍යය ගැටලු මතුවීමට ඉඩ ඇත.

4.නාසයෙන් ලේ ගලන විට හිස පි‍ටුපසට කරගෙන සිටීම හෝ උඩු අතට වැතිරී සිටීම සිදුනොකල යුතුයි.

  • එය වැරදි වන්නේ ඇයි? මෙම ඉරියව් වලින් සිටින විට ඔබේ හිසේ ඇති වන රුධිර පීඩනය වඩාත් ඉහළයාම සිදුවේ. එමෙන්ම රුධිර වහනය වීමේ බරපතලකම කෙසේ වේ දැයි නිශ්චය කිරීමට ද අපහසුය. ඇතැම් විට රුධිරය ඔබේ පෙනහළු තුලට බැසීම හෝ වමනය ඇති වීම ආදී අපහසුතා පවා මතුවීමට ඉඩ ඇත.
  • නිවැරදි ක්‍රමය-පීඩනය අවම වන සේ ඔබේ හිස සෘජුව කෙලින් තබාගන්න.නාසයට අයිස් පැක් එකක් හෝ අයිස් කැටයක් එක් නාස් පුඬුවක් තුල තබා ඇඟිල්ලෙන් තදකරගෙන මිනිත්තු 15 ක් පමණ සිටින්න. මේ ආකාරයටම අනෙක් නාස් පුඬුවටත් සිදුකරන්න. මේ ප්‍රතිකාරය අතරතුරදී ඔබ කටින් හුස්ම ගැනීම සිදුකල යුතුයි. රුධිර වහනය වීම තවදුරටත් සිදුවේ නම්, අයිස් ප්‍රතිකාරය යලිත් වරක් සිදුකරන්න. ඔබට රුධිරය වහනය වීම නවතාගැනීමට නොහැකි වුවහොත් හෝ අනතුරක් නිසා නාසය තුවාල වූවානම් හෝ හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමට කටයුතු කරන්න.

5.වාහන අනතුරකට ලක් වූ පුද්ගලයෙකුව ඔහුගේ/ඇයගේ ආසනයෙන් පිටතට ඇදීම හෝ ඔහු/ඇය වඩාත් සැපපහසු ඉරියව්වකට වෙනස් කිරීමට උත්සාහ නොකල යුතුයි

  • එය වැරදි වන්නේ ඇයි? බොහෝ වාහන අනතුරු වලට ලක්වුවන් පුද්ගලයන්ගේ බෙල්ලේ හෝ කොඳු ඇට පෙළට සිදුවූ අනතුරු හේතුවෙනි. එබැවින්, අනතුරකට ලක් වූ පුද්ගලයෙකුව සෙලවීමට උත්සාහ කිරීම වැනි ක්‍රියාවකින් පවා ඔහු/ඇය මියයාමට හෝ අංශබාග තත්වයකට පත්වීමට ඇති අවදානම ඉහළ විය හැකි බව සඳහන් වේ.
  • නිවැරදි ක්‍රමය-අනතුරකට ලක් වූ පුද්ගලයාගේ හිසට,බෙල්ලට හෝ කොඳු ප්‍රදේශයට අවදානම් ලෙස හානි වී ඇති බව දැකිය හැකිනම්, උදාහරණයක් ලෙස ඔහු/ඇය හට පාද චලනය කිරීමට නොහැකි හෝ පාද තිබෙන බව නොදැනෙන බව පවසයි නම්, එහෙත් බාහිර තුවාලයක් හෝ රුධිරය වහනයක් දක්නට නොලැබේ නම්, වහාම ගිලන් රථයකට අමතා වෛද්‍යවරයෙකු ගෙන්වාගැනීමට කටයුතු කල යුතුය. ඔවුන් පැමිණෙන තුරු රෝගියා හට ශ්වසන අපහසුතා මතුවේද යන්න කෙරෙහි විමසිල්ලෙන් පසුවන්න.

6.බරපතල විෂ ශරීරගත වීමකදී වමනය ඇති කරවන ඖෂධ(vomit-inducing drugs) භාවිතා නොකල යුතුයි.

  • එය වැරදි වන්නේ ඇයි? වමනකාරක ඖෂධ නිසා අන්නස්‍රෝතය පිලිස්සීමට ලක්වීම සහා විෂ අඩංගු වමනය පෙනහළු තුලට බැසීම වැනි හානිකර ප්‍රතිඵල ඇති විය හැකියි.
  • නිවැරදි ක්‍රමය-විෂ ශරීරගත වීමකදී වහාම ගිලන් රථයකට ඇමතීම සිදුකල යුතුයි. හැකිනම්, ඔබට නිරීක්ෂණය වන ලක්ෂණ හා විෂ ශරීර ගත වීම සිදුවූ ආකාරය පැහැදිලි කරන්න. තනිව ඖෂධ උත්සාහ කර බැලීම හෝ අන්තර්ජාලයෙන් ප්‍රතිකාර සෙවීමට උත්සාහ කිරීම නුවණට හුරු නැත. ඇතැම් විට ඖෂධ අධි මාත්‍රාවක් ගැනීම හෝ මද්‍යසර විෂ වීම ආදී විෂ ශරීරගත වීමේ හේතු නිසා ජීවිතයට පවා හානි මතුවිය හැකියි. විෂ ශරීරගත වීමකදී පළපුරුදු උපදේශන යටතේ ප්‍රතිකාර ලබාගැනීමට යොමු නොවේ නම් විෂ ශරීරගත වූ පුද්ගලයා පැයක් තුල මිය යෑමට ඇති සම්භාවිතාව වැඩිය.

5.Tourniquet (ලේ යාම වළක්වන තිරිංගය) භාවිතා කිරීම නිසා ඇතැම් විට ශරීරය ඡේදනය වීමට පවා ඉඩ ඇත.

  • එය වැරදි වන්නේ ඇයි? රුධිර වහනය වැළැක්වීමට සිතා වැරදි ලෙස හෝ අනවශ්‍ය ලෙස තිරිංගයන් භාවිතා කිරීම නිසා ගාත් තුල පීඩනය අධික වී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර වහනය නතර වීම කෙසේවෙතත් රුධිර සංසරණ ක්‍රියාවලිය ඇණහිටීම සිදුවේ. එමඟින් ‘necrosis’ තත්වය හෙවත් පටක /අස්ථි ක්ෂය වීමට පටන් ගැනීම සිදුවිය හැක.
  • නිවැරදි ක්‍රමය– ගෝස් පටි වලින් හෝ පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය හොඳින් ආවරණය කර හිරවන සේ තද කරන්න. ගිලන් රථයක් පැමිණෙන තුරු මෙම ප්‍රථමාධාරය ප්‍රමාණවත් ය. නමුත් මාරාන්තික රුධිර වහනයකදි බාහුවක් හෝ ගාත් වලට වඩා ජීවිතය වටිනා බැවින් වහාම ක්‍රියාත්මක වීම වැදගත් බව මතකතබාගන්න.

6.හදිසි ආබාධ තත්වයකට (seizure) ලක් වූ පුද්ගලයෙකුගේ මුව තුලට හැන්දක් දැමීම හෝ දිව එලියට ඇදීම සිදුනොකල යුතුය

  • එය වැරදි වන්නේ ඇයි? Fit එක වැනි රෝගි තත්වයක් මතුවූ විටක දිව නොගිලෙන සේ මුව තුලට දමා ඇති වස්තූන් එම පුදග්ලයාට ගිලීයාමට හෝ උගුරේ සිර වීමෙන් ශ්වසන අපහසුතා මතු වීම වැනි භයානක ප්‍රතිඵල ඇති කිරීමට ඉඩ ඇත.
  • නිවැරදි ක්‍රමය- හදිසි ආබාධයකට ලක් වූ පුද්ගලයින් පාලනය කල නොහැකි ලෙස කම්පනය වීම හෝ වෙවුලීම සහා ශරීරය නිල් පැහැයට හැරීම වැනි ලක්ෂණ දැකගැනීමට ලැබේ. නමුත්, ‘seizure’ තත්ව යනු ස්වයං-සීමාකාරී තත්වයක් නිසා ශරීරය විසින් ශරීරයටම විශාල හානියක් ඇති කරගැනීමට තරම් හැකියාවක් නොමැත.
  • එබැවින්, ගිලන් රථයකට අමත වෛද්‍යවරයෙකු ගෙන්වා ගැනීමට කටයුතු කරන්න. ඒ තාක් පුද්ගලයා බාහිර දේවල් නිසා අනතුරකට ලක් වීමට ඉඩ නොතබා ඔහුට/ඇයට ශවසන ගැටලු මතු නොවන සේ ආරක්ෂාකාරීව රඳවා ගැනීමට කටයුතු කිරීම වේදග්ත් ය. කායික විද්‍යාවේ සඳහන් කරුණු අනුව පුද්ගලයෙකුට තම දිව ගිලීමට හැකියාවක් නැති අතර දිව සැපීමට ලක් වීම භයානක දෙයක් නොවේ. ආබාධ තත්වය පහව ගිය පසු එම පුද්ගලයාව ඇලයට හරවා වැතිරවීම සිදුකරන්න.

7.විෂකුරු සර්ප හෝ කෘමී දෂ්ඨ කිරීමකදී, දෂ්ඨ කල ස්ථානයට මුව තබා විෂ ඉරීම සිදු නොකල යුතුයි

  • එය වැරදි වන්නේ ඇයි? එවිට, සර්ප හෝ කෘමී විෂ ඔබේ කෙල සමඟ මිශ්‍ර වීම නිසා ශ්ලේෂ්මල පටලය ඉලක්කකිරීම සිදුවිය හැකියි. එමඟින් විෂශරීර ගත වීම වේගවත් වී පෙනහළු සහ හෘද අකර්මන්‍යතා හටගැනීමට ඉඩ ඇත.
  • නිවැරදි ක්‍රමය- දෂ්ඨ කිරීමට ලක් වූයේ බාහු හෝ ගාත් නම් උඩු අතට වැතිරී එම ස්ථානය හදවතට පහළින් වන සේ තබාගන්න. ගිලන් රථයකට අමතන්න. දෂ්ඨ කිරීම සිදුවූ වේලාව හා සත්වයා ගැන විස්තර පවසන්න. හොඳින් ජලය පානය කරන්න.

8.රෝගී වූ හෝ අනතුරකට ලක් වූ පුද්ගලයෙකුව ලඟම ඇති රෝහලකට ගෙන යාම සිදුනොකරන්න

  • වැරදි ක්‍රමය– රෝගී හෝ අනතුරකට භාජනය වූ අයෙකුව ලඟම පිහිටි රෝහලකට රථයකින් ගෙන යාම.
  • නිවැරදි ක්‍රමය– ගිලන් රථයකට අමතා තත්වය පැහැදිලි කරන්න. එහිදී, නියෝජිතයා ලබාදෙන උපදෙස් අනුව රෝගියාව ගෙන යා යුතු රෝහල නිවැරදිව දැනගන්න. මීට හේතුව නම් සෑම රෝහලකම අත්‍යශ්‍ය බෙහෙත්, විශේෂඥ සේවාව , වෛද්‍ය උපකරණ සහා අවශ්‍ය ප්‍රවාහන සේවාවන් නොමැති බැවින් පුද්ගලයාගේ ජීවිතය වඩාත් අවදානමකට ලක් වීමට එහිදී ඉඩ ඇති බැවිනි.

9.එන්නත් කරගන්නා නිවැරදි ක්‍රමය

  • වැරදි ක්‍රමය– මාංශ පේශියක් තදකර එන්නත් කිරීම, ගැඹුරට සිදුරු කරමින් එන්නත් කිරීම හෝ සම තුලට ඉතා කෙටි ලෙස එන්නත් කිරීම වගේම සිරුරේ ඕනෑම මාංශ පේශියකට එන්නත් කරගැනීම වැරදි භාවිතාවන් වේ.
  • නිවැරදි ක්‍රමය-මුලින්ම, ඔබේ අත් සහා එන්නත් කරගන්නා සම ආසාදන ඇති නොවන සේ පිරිසිදු කරගත යුතුයි. තට්ටම් ප්‍රදේශයට එන්නත් කරගැනීමට පෙර එහි සම මතුපිට කොටස් 4 ක් ලෙස මන්සින් බෙදා වෙන් කරගන්න. සයටික ස්නායුව ස්පර්ෂ වීම වැළැක්වෙන සේ පින්තුරයේ ආකාරයෙන් තුන් කාලට ඉහළින් දකුණු කෙළවරේ පිහිටි ස්ථානයට එන්නත් කරගන්න. ඉන්පසුව, කපු පුළුන් කැබැල්ලකට ඇල්කොහොල් ස්ප්‍රීතු ස්වල්පයක් දමා එම ස්ථානය මත ආලේප කරගන්න.