Hela Rahas

Hela Rahas Official Web Portal

හණ ඇට ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ 8 ක්

ෆ්ලැක්ස් සීඩ්ස්’ (flaxseeds) එසේත් නැතිනම්,හණ ඇට යනු ඉපැරණි ඊජිප්තු ශිෂ්ටාචාර සමයේ පටන් මිනිසුන් අතරේ පරිභෝජනයේ පැවති බෝගයකි.හණ ඇට වල ජීර්ණක තන්තු ඉතා ඉහළ මට්ටමින් අන්තර්ගත වේ.එමෙන්ම ප්‍රෝටීන්, පොටෑසියම්, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, යකඩ,මැග්නීසියම් හා විටමින් B6 වැනි ඉහළ පෝෂක ගුණ හණ ඇට වල අඩංගුය.හණ ඇට වල අඩංගු ඉහළ පෝෂණ ගුණ නිසාම ඒවා මිනිස් සිරුරට ප්‍රශස්ත මට්ටමේ හිතකර සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන බව සඳහන් වේ. ඉන් කිහිපයක් පිළිබඳ තොරතුරු අද අපි දැනගනිමු.

1.පිළිකා අවදානම අවම කරවයි

  • අධ්‍යයන මඟින් පෙන්වා දෙන්නේ හණ ඇට ආහාරයට ගැනීම මඟින් පියයුරු පිළිකා සහ අන්ත්‍ර පිළිකා වැනි තත්වයන්ට එරෙහිව සිරුරට ආරක්ෂාව ලැබෙන බවයි.හණ ඇට දිනපතා පරිභෝජනය කරන කාන්තාවන්ගේ පියයුරු පිළිකා වර්ධනය වීමේ අවදානම ඉතා අඩු බව එහි සඳහන් වේ.වෙනත් ශාක වලට වඩා 800 ගුණයකින් වැඩි ලිග්නන් පෝෂක හණ ඇට වල අඩංගුය. ඒවායේ අඩංගු ප්‍රති-ඔක්සිකාරක හා ඊස්ට්‍රජන් ගුණ මඟින් පිළිකා ඇතිවීමේ අවදානම ප්‍රතිඵලදායි ලෙස අවම කරවයි. ඒවායේ අඩංගු ALA හෙවත් ඇල්ෆා ලිනොලෙනික් අම්ල මඟින් ටියුමර් තත්වයන් හෙවත් අසාමාන්‍ය පටක වර්ධනයන් ඇතිවීම වළක්වනු ලබයි.

2.රුධිර පීඩනය පහළ දමයි

  • හණ ඇට රුධිර පීඩනය අවම කරවීමට දායක වන බව අධ්‍යයන මඟින් තහවුරු කරයි. දිනකට හණ ඇඑට ග්‍රෑම් 30 ක් බැගින් මාස 6ක් අනුභව කිරීම මඟින් පුද්ගකයින්ගේ රුධිර පීඩනය අවම වි තිබු බව එම වාර්තා වල සඳහන් වේ. රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා ද මේවා ඉතා ගුණදායකය. එමඟින් ආඝාතය හටගැනීමේ අවදානම 10% කින් ද, හෘද රෝග අවදානම 7% කින් ද අඩු කරන බව පැවසේ.

3.හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරවයි

  • ආඝාතය තත්වයන් හටගැනීමේ අවදානම අවම වීම හණ ඇට පරිභෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභයක් බව බොහෝ අධ්‍යයනයන් මඟින් දක්වයි. එමෙන්ම හෘදයාබාධ වැලඳීමට ඇති අවදානම අඩු කිරීම සම්බන්ධයෙන් ද හණ ඇට වල ගුණ දායක වේ. ALA හිතකර මේද වර්ගය සිරුරට අත්‍යාවශ්‍ය පෝෂකයක් වන අතර ඒවා සිරුරට නිපදවිය නොහැකි බැවින් ආහාර හරහා එම පෝෂක අවශ්‍යතාව සපුරාගැනීම ඉතා වැදගත්ය. ඒවා මඟින් රුධිර වාහිනි වල කොලෙස්ටරෝල් තැන්පත් වීම වළක්වමින් හෘද රෝග ඇතිවීමට එරෙහිව සටන් කරයි.

4.අන්ත්‍ර වල ක්‍රමාකුංචන ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරමින් ජීර්ණ පද්ධතිය නීරෝගි කරවයි

  • හණ ඇට මේස හැන්දක අඩංගු තන්තු ප්‍රමාණය ග්‍රෑම් 3 කි. එනම් නිර්දේෂිත දෛනික මාත්‍රාවෙන් 8-12% අතර ප්‍රමාණයකි. ඒවායේ ද්‍රාවණය වන හා ද්‍රාවණය නොවා තන්තු අඩංගුය. ද්‍රාවීය තන්තු මඟින් ආහාර ජීර්ණය විමේ වේගය මන්දගාමි කරවන අතර එමඟින් රුධිරයේ සීනි මට්ටම හා කොලෙස්ටරෝල් නියාමනය කිරීමට සහය වේ. ද්‍රාවීය නොවන තන්තු මඟින් ජලය බන්ධනය වීමට සලස්වමින් මලපහ පිටවීම වඩාත් පහසු කරවයි.

5.සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරගැනීමට උපකාර කරයි

  • හණ ඇට මඟින් ඉහළ කොලෙස්ටරෝල් මට්ටම් පහත දැමීමට සහය ලබාදෙන බව අධ්‍යයන මඟින් පෙන්වාදේ. දිනාපතා ග්‍රෑම් 3 බැගින් මාස තුනක් පමණ හණ ඇට පරිභෝජනයට ගැනීමෙන් අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම 20% කින් ද සමස්ත කොලෙස්ටරෝල් ප්‍රමාණය 17% කින් පමණ අඩු කරගත හැකි බව පර්යේෂණ වාර්තාවක් මඟින් හෙලිකරයි. ඔවුන් පෙන්වාදෙන්නේ මීට හේතුව හණ ඇට වල අඩංගු ඉහළ මට්ටමේ තන්තු පෝෂක ගුණ බවයි.තන්තු මඟින් පිත්ත ලවණ වලට බන්ධනය වී සිරුරෙන් බැහැර විම සිදුවේ. එහිදී බැහැර වූ පිත්ත ලවණ වෙනුවට රුධිරයේ කොලෙස්ටරෝල් අක්වාම වෙත ඇදගැනීම සිදුවන අතර එමඟින් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු වී යාම සිදුවේ.


6.හොට් ෆ්ලෑෂ් තත්වයන් ඇතිවීම අඩු කරවයි

  • හොට් ෆ්ලෑෂ් හෙවත් සිරුරේ ඉහළ ප්‍රදේශයේ දැඩි උණුසුම් බවක් දැනෙන්නට පටන්ගැනිමේ අපහසුකාරී තත්වය හටගැනීමේ අවදානම බොහෝ දුරට පාලනය කිරීමට හණ ඇට වල ගුණ වලට හැකිය. මේ බව විවිධ අධ්‍යයන මඟින් පවා තහවුරු කර ඇත. සති 6 ක් හණ ඇට පරිභෝජනය මඟින් හොට් ෆ්ලෑෂ් තත්වන් ඇතිවීමක තීව්‍ර බව 57% කින් පමණ අඩුකරවන බව සඳහන් වේ.

7.රුධිරයේ සීනි මට්ටම් නියාමනය කරයි

  • ලෝක ජනගහනයෙන් 6% පමණ දෙනා දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර ඉන් ඉහළ අවදානම් කණ්ඩායම වන්නේ කාන්තාවන්ය.අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ හණ ඇට පරිභෝජනය කිරීමෙ සිරුරේ රුධිර සීනි මට්ටම් පහත දමාගැනීමට උපකාර ලැබෙන බවයි.පර්යේෂකයින් ඊට හේතුව ලෙස පැහැදිලි කරන්නේ හණ ඇට වල ද්‍රාවණය නොවන තන්තු අඩංගු වීම නිසා එසේ සිදුවන බවයි. ඒවා මඟින් රුධිරයට සීනි නිකුත් වීම මන්දගාමී කරවන අතර එමඟින් රුධිරයේ සීනි මට්ටම අඩු කරවයි.

8.සිරුරේ බර අඩු කරගැනීම සඳහා ආධාර කරයි.

  • හණ ඇට මඟින් බඩගින්න ඇතිවීම පාලනය කරයි.එමඟින් දවසේ අතුරු කාල වලදී අනවශ්‍ය ලෙස ආහාර ගැනීම් වැළැක්වේ. අධ්‍යයනයක් මඟින් පෙන්වාදෙන්නේ යම් පානයකට හණ ඇට ග්‍රෑම් 25 ක් පමණ එක්කර පානය කිරීමෙන් බඩගින්න දැනීම යටපත් කරවන බව හා එමඟින් සමස්ත ආහාර ලබාගැනීම් පාලනය කරන බවයි. බඩගින්න අඩුවීමට හේතුව වන්නේ හණ ඇට වල අඩංගු ද්‍රාවීය තන්තු පෝෂකයන් ය. ඒවා ජිර්ණ ක්‍රියාවලිය මන්දගාමී කිරීම හා ආහාර රුචිය පාලනය කෙරෙන හෝර්මෝන උත්තේජනය කිරීම සිදු කරමින් ආමාශයේ තෘප්තිමත් ස්වභාවය හෙවත් බඩ පිරුණු ගතියක් දැනෙන්නට සලස්වයි.