Hela Rahas

Hela Rahas Official Web Portal

ගුවන් ගමනකදී ඔබ දැනගත් යුතු දේවල් 9ක්

ඔබේ ගුවන් ගමන සුවපහසු අත්දැකීමක් කරගන්න ඔබ විසින් සිදුකිරීමෙන් වැළකී සිටිය යුතු දේවල් ගැන සඳහන් වන මේ උපදෙස් කිහිපය ඔබට ප්‍රයෝජනව්ත් වේවි කියා අප විශ්වාස කරන්නෙමු.ගුවන්ගත කරනවිට හා ගොඩබාන අවස්ථාවලදි ආලෝකය අඩුකරන විට (ඩිම්) කවුල්ළු ආවරණ (window shades) විවෘත නොකරන්න
එසේ ආලෝකය අඩු කරවන්නේ මගීන් හට ඕනම හදිසි අවස්ථාවකට සූදානම් වීම පහසු කරවීමටය. ඇතුලත අඳුරු වන විට යානයෙන් පිටත පැහැදිලිව දක්නට ලැබේ.

1.ආසනයට සවිකර ඇති මේස (tray tables) භාවිතයේදි සැලකිලිමත්වන්න

  • මේ මේස නිතර කිළිටි වල මතුපිටවල්ය. ඇතැම් මගීන් කුඩ අදරුවන්ගේ ඩයපර් මාරු කිරීමට පවා මෙම මේස භාවිතා කරති. එනිසා ඔබ ආහාර ගන්න විට මේසය මතට වැ‍ටුණු ආහාර කසල ලෙස ඉවත්කිරීම වඩාත් හිතකරය. සේවකයින් විසින් මේවා දිනපතා පිරිසිදු කලත් ඉහත පියවර අනුගමනය කිරීම සෞඛ්‍යාරක්ෂිතය.

2.යානය ගුවන්ගත කරන හා ගොඩබාන අවස්ථාවලදි නිදාගෙන නොසිටින්න

  • මෙම අවස්ථාවන් දෙකේදි යානය තුල පවතින පීඩනය උච්ඡාවචනය වේ. එබැවින් නිදාගෙන සිටින විට ඉන් ඔබේ කන් වලට බරපතල හානි පවා සිදුවන්නට හැකියි. කන් අගුල් වැටී ඇති බවක් දැනෙන විට එහි පීඩනය අඩු කරගැනීමට කටයුතු කල යු‍ටු වුවත් නිදාගෙන සිටින විට එය කිරීම අපහසුය. එබැවින් බොහෝ විට නින්දේදි කන් බෙරයට හානි සිදුවිය හැකි අතර බරපතල තත්වයකදි නම් ශ්‍රවණ හැකියාව අහිමිවීමට වුව ඉඩ ඇත.

3.බුබුළු නැගෙන බීම වර්ග (fizzy drinks) පානය නොකරන්න

  • මෙවැනි සෝඩා බීම වර්ග පානය කිරීමෙන් ඔබට බඩේ ගෑස් ගතිය, බඩ පපුවේ දැවිල්ල වැනි අපහසුතා හටගැනීමට ඉඩ ඇත. එබැවින් විවිධ වර්ගයේ පාන වලට වඩා වතුර පානය කිරීම වඩාත් සුදුසු වනු ඇත.

4.බ්ලැන්කට් ආදිය පරිහරණයේදි සැලකිලිමත්වන්න

  • මගීන්ගේ පරිහරණයට තබා ඇති මෙවැනි බ්ලැන්කට්‍ටු බොහෝ දෙනාගේ පරිහරණයට ලක්වෙන නිසා ඒවයේ විෂබීජ බොහෝ ප්‍රමාණයක් ‍රැඳී තිබීය හැක. ඒවා නිතිපතා විෂබීජහරණයට හෝ පිරිසිදුකිරිමකට ලක්නොකරනවා විය හැකිය. භාවිතයෙන් පසු එසේ නවා අසුනේ තබා යන බ්ලැන්කට්‍ටු භාවිතයට ගැනීමේදි සැලකිලිමත් වීම වැදගත් වේ.

5.යානයේදි අයිස් ඇණවුම් නොකරන්න

  • ගුවන් යානයේ ජලය ගබඩා කර ඇත්තේ ටැංකි වල වන අතර ඔබ බලාපොරොත්තු වන තරමේ පිරිසිදු තත්වයේ ඒවා නොතිබිය හැකියි. ගුවන් සේවකයින් පවා එම ජලය පානය නොකරන බව ඇතැම් අන්තර්ජාල වෙබ් පි‍ටු වල ඔවුන් අතරින් ඇතැම් අය සඳහන් කර තිබෙන බව සඳහන් වේ. අයිස් කැට සකසන්නේ ද එම ජලයෙනි. නමුත්, බෝතල් කල ජලය ලබාගැනීමේ හැකියාව ඔබට තිබිය හැක.

6.ෆ්ලෂ් බොත්තම (flush button) ස්පර්ෂ නොකරන්න

  • ගුවන් යානයේ තවත් එක් අපිරිසිදුම ස්ථානයක් ලෙසයි මෙතැන හඳුන්වන්නේ. බොත්තම නිකම්ම ස්පර්ෂ නොකර ටිෂු කඩදාසියක් අතේ තබාගෙන එය තද කරන්න. වැසිකිළි භාවිතයෙන් පසු අත් හෑන්ඩ් සැනිටයිසර් ගල්වා පිරිසිදු කරගන්න.

7.යානය තුල දි බිත්තර ආහාරයට නොගන්න

  • ඒවා හොඳින් පිසි නොමැති තත්වයේ හෝ රසය ඉවත්වන තුරුම වැඩි වෙලාවක් පිස ඇති ඒවා විය හැකි බව ගුවන් යානා නියමුවෙක් වරක් අන්තර්ජාලයේ පළ කර තිබිණි. ඇය පවසා ඇත්තේ ඒවා ආහාරයට ගැනීමෙන් ඇය ගුවන් ගමන් වාරය අතරතුරදී අසනීප වූ බවයි.

8.වැසිකිළි අසුනේ වාඩි වි සිටින විට ෆ්ලෂ් (flush ) කිරීමෙන් වළකින්න

  • අසුනේ වාඩි වි සිටින විට ඇති වන චුෂණය (suction) නිසා ඔබව අසුන තුලට ඇදි සිරවිය හැක. එවිට ෆ්ලෂ් කිරීමෙන් අපද්‍රව්‍ය වායුරෝධක රික්තයකට හෙවත් හුලං පිරුණු වැකියුම් එකකට නිරාවරණය වේ, ඒවා පසුව යානය තුල ඇති ටැංකියකට එකතු වේ. සම්පූර්ණයෙන් ඔබව වැසිකිළි වල තුල ගිලී නොගියත් එය ඔබට අප්‍රසන්න අත්දැකීමක් ඇති කරනු ඇති නිසා මේ ගැන සැලකිලිමත්වන්න.

9.පින්තූර හෝ වීඩියෝ ගැනීමෙන් වැළකි සිටින්න

  • ඇතැම් ගුවන් සේවා සමාගම් යානයේ ගමන් කරන විට පින්තූර හෝ වීඩියෝ කිරීම් තහනක් කර ඇත. එබැවින් එසේ කිරිමට යාමේදි ඔබට අපහසුතා ඇති වීමට ඉඩ ඇත. වඩාත් උචිත වන්නේ එසේ කිරීමට බාධාවක් නැතිදැයි අසා දැනුවත් වීමයි. විශේෂයෙන්ම වෙනත් අයගේ ඡායාරූප බලෙන් ලබාගැනීම වැනි අකටයුතුකම් වලට මගීන් වෙත දඩ නිකුත් කෙරුණු අවස්ථා ඇති බව සඳහන් වේ. පෞද්ගලික අවස්ථා ඡායාරූප ගත කිරීමට බොහෝ විට අවසර ඇත.