Hela Rahas

Hela Rahas Official Web Portal

සිතනවාට වඩා වැඩි කාලයක් ආහාර කල්තබා ගත හැකි ක්‍රම 14ක්

එළවළු සහ පලතුරු වල නැවුම් බව ඉතා ඉක්මනින් ඉවත්වී යන බව අප දන්නවා. නමුත් සාමාන්‍ය කාලයට වඩා වැඩිපුර දින කිහිපයක් ඒවායේ රසය, නියම ස්වභාවය සහ නැවුම් බව ආරක්ෂා කරගනිමින් පරිභෝජනයට ගත හැකි ක්‍රම කිහිපයක් අද අප ඔබට කියාදෙනවා.

1.ස්ට්‍රෝබෙරි

  • ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය 1:10 අනුපාතයෙන් ගෙන මිශ්‍ර කරගන්න. ස්ට්‍රෝබෙරි එම ද්‍රාවණයෙන් සෝදා, වතුර බේරා, කඩදාසි ඇතිරූ බඳුනකට දමා ශීතකරණයේ තබන්න. මෙම ද්‍රාවණය උදාසීන නිසා ස්ට්‍රෝබෙරි ආහාරයට ගන්නා විට ඔබට විනාකිරි රසක් නොදැනේ. ස්ට්‍රෝබෙරි වැඩි දින ගණනක් කල් තබාගත හැකියි.

2.සැල්දිරි, බ්‍රෝකෝලි, සලාද කොල

  • මෙම එළවළු වර්ග කල්තබාගැනීම සඳහා ඒවා ටින් ෆොයිල් කොල වල සම්පූර්ණයෙන් ඔතා තබන්න. ඒවා සති 2-3 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් වුවත් නැවුම්ව පවතියි.

3.චීස්

  • පාච්මන්ට් කඩදාසි වල චීස් ඔතා සෙරමික් හෝ වීදුරු බඳුනකට දමා තබන්න. ප්ලාස්ටික් පෙට්ටියක් වුවෆ්හ භාවිතා කල හැකියි. එය මදක් විවෘතව තිබෙන සේ වසාතබන්න. ශීතකරණයේ උණුසුම් කොටසක එය අසුරාතබන්න. චීස් ග්‍රේට් කර අධි ශීතකරණයේ තැබීම ද තවත් ක්‍රමයකි.

4.කොටේජ් චීස්

  • විවෘත කල කොටේජ් චීස් පැකට්‍ටුව වීදුරු හෝ එනමලය සහිත පියනක් ඇති බඳුම්කට දමා තබන්න. ශීතකරණයේ තැබීමට පෙර එයට සීනි කැට 2-3 ක් පමණ ඒ මතට දමන්න. ශිතකරණයක් නොමැතිව කල්තබා ගැනීමට ජීවාණුහරණය කල බඳුනකට ලුණු ස්තරයක් දමාගෙන එයට චීස් ටික දමා රෙදි කැබැල්ලකින් එය ආවරණය කර ඒ මත යම් බරක් තබන්න. අඩු මේද කොටේස් චීස් වැඩි කලක් කල් තබාගත හැක.

5.මිදි

  • ශීතකරණයේ මිදි අසුරාතැබීමට හොඳම ස්ථානය එහි පි‍ටුපස බිත්තියයි. ඒවා වියළි, සිසිල්, අඳුරු හා වාතාශ්‍රය ලැබෙන කාමරයක පොකුරු ලෙස එල්ලා තැබීමෙන් වැඩි කාලයක් ඒවා කල්තබගත හැක.

6.ඉඟුරු

  • ඉඟුරු රසයට කැමති අයට ඒවා ග්‍රේට් කර අධි ශීතකරණයේ තබාකල් තබාගත හැක., ඒවායේ ගුණය හා නැවුම් බවට ප්‍රිය කරන අයට ඒවා වැඩි කලක් කල්තබාගත හැකි ක්‍රමයක් තමයි මේ. හිරු එළියේ ඉඟුරු කැබලි ටික මදක් වේලාගන්න, පාච්මන්ට් කඩදාසියක ඒවා ඔතා අඳුරු සිසිල් ස්ථානයක ඒවා ගබඩාකර තබන්න. තවත් ක්‍රමයක් ලෙස උණු වතුරේ පෙ‍ඟෙන්නට තබා ශීතකරණයේ තබන්න.

7.ලූණු කොළ

  • ලූණු කොළ කුඩාවට කපා ප්ලාස්ටික් බෝතලයකට දමාගන්න. අධි ශීතකරණයට දැමීමට පෙර මදක් ඒවා වියළා ගන්න.

8.තක්කාලි

  • න‍ටුව සහිත නොඉදුණු තක්කාලි කඩදාසි බෑගයක හෝ සිසිල් ස්ථානයක තැබූ පෙට්ටියක එක් ස්තරයක් සේ උඩු යටිකුරු කර හරවා අතුරා තබන්න තබන්න.ඒවා රතු වන තුරු එසේ තබන්න. ඒ අසල පලතුරක් තැබිමෙන් ඒවායේ ඇති එතිලීන් වල බලපෑමින් තක්කාලි ඉක්මනින් ඉදේ. ඉදුණු තක්කාලි න‍ටුව උඩු අතට හරවා , එකිනෙකට ස්පර්ෂ නොවන සේ අතුරා කාමර උෂ්ණත්වය සහිත ස්ථානයක අසුරාතැබිය යුතුය.

9.මාලු

  • අයිස් පෙට්ටියකට මාලු දමා දින 2-3. ක් පමණ හොඳින් කල්තබාගත හැකියි.

10.කොළ වර්ග , පළා වර්ග

  • ඒවායේ න‍ටු සහිතව වතුර බඳුනකට දමා තබන්න. කොළ සහ පළා පොලිතින් බෑගයකින් ආවරණය කරන්න. පසුව ඒවා සිසිල් ස්ථානයක තබන්න.

11.ඇපල්

  • ඇපල් පොතු වල දිලීර පුස් වර්ධනය වීම වළක්වාගැනීමට ඒවා සිසිල් ස්ථානයට තබන්න. ගෙඩි කඩදාසි හෝ වෙලම් වලින් ඔතන්න. න‍ටුව උඩට සිටින සේ සිසිල් අඳුරු ස්ථානයට ගබඩා කරන්න. අර්තාපල් වලින් ඈත්කර තබන්න.

12.හතු

  • ළපටි හතු වර්ග හොඳම ඒවාය. පස් ඇතුලු කිළිටි ද්‍රව්‍ය ඉවත්කර ඉක්මනින් සෝදා ගන්න(හතු කොටස් වලට වතුර අවශෝෂණය කරගන්නා නිසා). කෘමින් ඉවත්කරගැනීමට ලුනු වතුර දැමූ භාජනයකට හතු ටික දමා තැබිය හැක. පේපර් ටවල් එකක් මත ඒවා අතුරා හානි වී ඇති කොටස් කපා ඉවත්කරගන්න. හතු ටික වියළා ගන්න, අනතුරුව කඩදාසි බෑගයකට, ලී පෙට්ටියක හෝ නැප්කින් එකක් දැමූ බඳුනකට ඒවා දමා ශීතකරණයේ අසුරාගන්න.

13.පැණි කොමඩු

  • ගබඩාකාමර වල ෆැරන්හයිට් අංශක 35 (සෙල්සියස් අංශක 2) උෂ්ණත්වයෙන් කොමඩු අසුරාතැබීමෙන් ඒවා ඉතා දිගු කලක් කල්තබාගත හැකියි. ඒවා රෙදි කැබැල්ලකින් ඔතා දැලක එල්ලා හෝ රාක්කයක අසුරා තබන්න. අමරව පිදුරු වැස්මක් ද යෙදිය හැකියි. අඳුරු , සිසිල් කොන් වල , මෘදු කුෂන් එකක් මත අසුරාතැබිය හැක.

14.බටර්

  • අවන් එක තුල බටර් අසුරාතැබීම ඉතා පැරණි ක්‍රමයක් වන අතර එමඟින් වසර 1-3 ක් පමණ ඒවා කල්තබාගත හැක. ජීවාණුහරණය කල වීදුරු බෝතල් තෙල් කඩදාසියක් මත තබා ඒවාට බටර් එක්කරන්න. ෆැරන්හයිට් අංශක 230 හෝ සෙල්සියස් අංශක 110 උෂ්ණත්වය යටතේ මිනිත්තු 15-20 ක් පමණ බටර් බේක් කරගන්න. පසුව ඒවාට තවත් බටර් එක්කර නැවත මිනිත්තු 45 ක් පමණ පියන වසා රත්කරගන්න. බටර් නිවෙන්නට තබා රාක්කයේ තබන්න.