Hela Rahas

Hela Rahas Official Web Portal

ඉවතලන කොටස් වල පවා ගුණ ඇති ආහාර වර්ග 10ක්

අප අනුභව බොහෝ ආහාර වර්ග පිළියෙල කිරීමේදී ඒවායේ ඇති පෝෂක කොටස් බොහෝමයක් පොතු , පත්‍ර සහ න‍ටු ආදී කොටස් වශයෙන් ඉවත්වී යනවා. නමුත් ඉවතලන එවැනි ආහාර කොටස් පෝෂණ ගුණයෙන් ඉහළ රසවත් ආහාර ලෙස සකසාගත හැකිව් බව බොහෝ දෙනා දන්නේ නැහැ.බොහෝ දෙනෙක් ආහාරයට නොගන්නා, නමුත් හොඳ පෝෂණ ගුණයක් අන්තර්ගත, ආහාරයට ගත හැකි ආහාර කොටස් සහිත ආහාර වර්ග කිහිපයක් ගැනයි මේ.

1.බිත්තර ක‍ටු

  • බිත්තර ක‍ටු වල කැල්සියම් සහ අත්‍යාවශ්‍ය ඛනිජ පෝෂක ‍රැසක් ඉතා ඉහළින් අඩංගු වේ. නමුත් බිත්තර ක‍ටු ලෙස ආහාරයට ගත නොහැකියි. ඒවා කැල්සියම් පවුඩර් ලෙස පරිවර්තනය කරගනිමින් ආහාර වලට සහ ස්මූති වැනි පාන වර්ග වලට මුසු කර පරිභෝජනය කිරීම හොඳ විසඳුමකි.

2.කොමඩු පොතු

  • ඉවතලන කොමඩු ලෙලි රසයෙන් සහ ස්වභාවයෙන් පිපිඤ්ඤා වලට සමානය. ඒවා අච්චාරු දැමීම සිදුකල හැකිය. ඒවා රසවත් ස්නැක් එකක් ලෙස රසවිඳිය හැකියි.

3.මල් ගෝවා කොළ

  • මල් ගෝවා වල කොළ ඛනිජ, බිටා-කැරොටීන්, යකඩ සහ කැල්සියම් වැනි පෝෂක ‍රැසක් අඩංගු මූලාශ්‍රයකි. ඒවා මැල්ලුම්, හෝ සුම් සකසා අනුභව කල හැක.

4.සුචිනි මල්

  • ඉතාලියේ සිචිනි මල් ඉවත නොදමා ඒවා වලින් රසවත් ආහාර පිලියෙල කරයි.

5.කැරට් පොතු

  • කැරට් පොතු වල විටමින් C බහුල වන අතර රසයෙන් ද අනූනය. මේවා පැස්ටා වලට මුසු කරමින් අනුභව කල හැකියි.

6.ගෝවා මැද කොටස්

  • ගෝවා වල මැද කොටස තරමක් ඇඹුල් සහ ඝනකම් නිසා මේවා ඉවතදැමීම බොහෝ විට සිදුවේ. නමුත් හරියට පිසූ විට එය රසවත් බවින් අඩුවක් නොවේ. අර්තාපල් සමඟ මේවා කරියක් සේ සකසාගත හැක.

7.ස්ට්‍රෝබෙරි න‍ටු සහ කොළ

  • මේවායේ ප්‍රති-ඔක්සිකාරක ගුණ , ප්‍රති-ප්‍රදාහක ගුණ, හෘදයට ගුණ දෙන මූල පදාර්ථ සහ ස්නායු ආරක්ෂක ගුණ බහුලය. ඔබ ඒවායේ සරයට හා ස්වභාවයට අකමැති නම් ස්මූති පාන සමඟ ඒවා බ්ලෙන්ඩ් කර පානයට ගන්න.

8.කෙසෙල් පොතු

  • ඒවා තරමක් තිත්ත සහ අමුවෙන් තිබෙන විට ඝනකමින් යුක්ත වුවත් ඒවායේ සිරුරට හිතකර සෞඛ්‍යය ප්‍රතිලාභ ‍රැසක් ලබාදෙන පොටෑසියම්, මැග්නීසියම් සහ කැල්සියම් බහුලව අඩංගු වේ. කෙසෙල් පොතු බේකන් සැකසීම රසවත් අදහසකි.

9.අලිගැට පේර වල දුඹුරු වි ඇති කොටස්

  • වඩාත් මෘදු බවින් යුක්ත වුවද ඒවා තවදුරටත් ආහාරයට ගැනීම හැකිය. එබැවින් අලිගැට පේර බීම, සලාද සහ අලිගැට පේර මුසු කරමින් සදන ඕනම ආහාරයකට ඒවා ඉවත නොදා භාවිතයට ගන්න.

10.ලූණු පොතු

  • ලූණු පොතු වල ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුලය. එළවළු තැම්බූ ජලය (ස්ටොක්) සෑදීමේදි මේවා භාවිතා කිරීම ඇතැම් අය සිදුකරති. බැටර් එකක් ලෙස සකසා ගැනීමට මෘදු වන් අතුරු තම්බා ඔලිව් තෙල් සමඟ මිශ්‍ර කර ඔබ ප්‍රිය කරන පිටි වර්ගයක් එයට එකරගන්න. මාලු, මස් හෝ වෙනත් මුහුදු ආහාර වර්ගයක් එම බැටර් එකේ ඔබා ගැඹුරු තෙලේ බැදගන්න.