Hela Rahas

Hela Rahas Official Web Portal

දේශගුණික විපර්යාස නිසා අනාගතයේදි තර්ජනයට ලක්වන ආහාර 9 ක්

දේශගුණික විපර්යාස වල බලපෑම කෘෂිකර්මාන්තයට ද බලපා ඇත. අධික ලෙස ගෝලිය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ආහාර නිෂ්පාදනයැ අනාගතය පිළිබඳ අර්බුධ නිර්මාණය වෙමින් පවතියි. ගොවීන් සහ පර්යේෂකයින් අනුමාන කරන ආකාරයට ඉදිරියේදි ලෝකයේ බොහෝ සුලබ ආහාර පවා විරළ වි අධික මිල ගණන් යටතේ අලෙවි වනු ඇති බවයි. ඊට හේතුව නම් දේශගුණික වෙනස්කම් වල බලපෑමින් එම බෝග අවදානමට ලක්ව තිබීමය. අනාගතයේදී ලෝකයේ මේ ආහාර නිෂ්පාදන වර්තමානයේ තරම් සුලබ නොවනු ඇති බව මතයක් නිර්මාණය වෙම්නින් පවතියි.

1.තේ

  • නිසි පියවර නොගන්නේ නම් දේශගුණික වෙනස්කම් හේතුවෙන් තේ කර්මාන්තය ඉදිරි අනාගතයේදි අවදානමකට ලක්වනු ඇති බව විශේෂඥයින්ගේ මතයයි.කෘමි උවදුරු සහ පත්‍ර වලා අඩු ගුණාත්මක බව ආදි ගැටලු මතුවියහැකි බව ඔවුන් විසින් පෙන්නවා දෙන්නේ.

2.මි පැණි

  • මී මැසි ජනපද අවදානමට ලක්ව ඇති බව මේ වන විටත් ඔබ දන්නවා ඇති. ගෝලීය උණුසුම අධික වීම මෙම මී වද අනතුරට ලක්වීමේ අවදානම වැඩිකර ඇති හේතුවකි. වායුගෝලයේ කාබන්ඩයෝක්සයිඩ් මට්ටම ඉහළ යාම හේතුවෙන් මී මැස්සන්ගේ ප්‍රධාන ආහාර මූලාශ්‍ර වන පරාග වල ප්‍රෝටීන් අඩු වේ. නිසි පෝෂණයක් නොලැබීම නිසා කෘමීන් වඳවීයාමට ලක්විය හැකිය.

3.සහල්

  • සහල් නිෂ්පාදන ක්ෂේත්‍රය ද මෙසේ තර්ජනයට ලක්ව ඇත. වායොගෝලයේ ඉහළ යමින් පවතින අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශය හේතුවෙන් සහල් වල ගුණාත්මක පෝෂක ගුණය අඩුවී යනු ඇති බව පර්යේෂකයින් පෙන්වාදේ.

4.ඵලාගර පලතුරු වර්ග

  • මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ වාර්තාවක් මඟින් පෙන්වාදෙන්නේ සීත සෘතු සමයන් ඇපල් වගාවන්ට අධික සෞම්‍ය දේශගුණයක් ඇතිකරවනු ඇති බවයි. අධික උෂ්ණත්වය සහ හිරු එළිය නිසා පලතුරු වලට හානි වීම හේතුවෙන් වෙනත් මාස වලදි ඵලාගාර පලතුරු වගා වලට බරපතල හානි ඇති විය හැකි බවයි. මෙවැනි තත්වයන් යටතේ එම නිෂ්පාදන වල ගුණාත්මකභාවයේ හිඟයක් මෙන්ම ප්‍රමාණාත්මක ඵලදාවක් ලබාගැනීමට ගොවීන් හට නොහැකි වනු ඇති බව ඔවුන් පවසති.

5.මේපල් සිරප්

  • මේපල් ගස් වල (sugar maple syrup) යුෂ සාරයෙන් සකසන මේපල් සිරප් නිෂ්පාදනයට ද දේශගුණික විපර්යාස සෘණාත්මක බලපෑම් ඇතිකරවයි. විශේෂඥයින් පවසන්නේ අධික සීතලක් පවතින සීත සෘතු වලදි දරා සිටීමේ හැකියව මෙම ගස් වලය්ට නොමැති බවයි. මේ හේතුවෙන් ඒවායේ මුල් මියයමින් ඒවායැ වර්ධනය අඩු වී යයි. මෙම ශාක වලට ගැලපෙන භූමිප්‍රදේශ ඉදිරි වසර 80 ඇතුලත අවාසනාවන්ත ලෙස විනාශව යනු ඇති බවට තක්සේරු කර ඇත.

6.කෝපි


ප්‍රසිද්ධ කෝපි නිෂ්පාදන සමාගම් වන Starbucks සහ Lavazza වැනි සමාගම් කෝපි වගාව කෙරෙහි ගෝලිය උණුසුම බලපා ඇති බරපතල ආකාර හඳුනාගෙන ඇත. ලොව පුරා කෝපි වගාවට සුදුසු භූමි ප්‍රදේශ වලින් 50% ක් පමණම 2050 පමණ වන විට විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බව පැවසේ. එවැනි තත්වයක් යටතේ කෝපි මිල දැරිය නොහැකි මට්ටමකට ඉහළ යාම, රසයම් සහ නියම කෝපි සුවඳ වෙනස්වීම්, ව්‍යාජ අනුකරණ, සැපයුම් හිඟය අඩහි ගැටලු ඉදිරියේදි මතුවීමට ඉඩ ඇත.

7.තිරිඟු

  • දේශගුණික වෙනස්කම් නිසා බලපෑමට ලක්ව ඇති තවත් බෝගයක් වන තිරිඟු හේතුවෙන් පාන්, බනිස්, ඇතුලු සියලු පිටි හා බේකරි නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි සෘණාත්මකව බලපානු ඇත. කැන්සාස් රාජ්‍ය විශ්ව විද්‍යාලය මඟින් සිදුකල අධ්‍යනයකට අනුව වර්තමානයේ ගෝලීය තිරිඟු නිෂ්පාදනයෙන් 1/4 ක ප්‍රමාණයක් අහිමිව යාමේ අවදානමක ලෝකය පසු වන බව හඳුනාගෙන ඇත. උෂ්ණත්වය ඉහළ යන සෑම අංශකයකදීම ඉන් 6% ක් පමණ ප්‍රමාණයක් අහිමිව යන බව ගණන් බලා ඇත

8.රටකජු

රටකජු වගාව සඳහා මාස 5 කට නො අන්ඩු කාලසීමාවක් පුරාවට අඛණ්ඩවෞණුසුම් දේශගුණයක් පැවතීම සහ අඟල් 20-40 ක වර්ෂාපතනයක් පැවතීම අවශ්‍ය වේ. කෙසේවෙතත් නුදුරු අනාගතයේදි මෙම බෝග නිෂ්පාදනයන් ද දේශගුණික වෙනස්කම් හේතුවෙන් අවදානමට ලක්වනු ඇති බව අපේක්ෂා කරයි.

9.චොකොලට්

  • කොකෝවා ගස් අධික උණුසුම හේතුවෙන් බලපෑමකට ලක්නොවුණද ඒවා වර්ධනය වීම සඳහා ඉහළ තෙතමනය සහ වර්ෂාපතනයක් අවශ්‍ය වේ. කෙසේවෙතත් අධික වර්ෂාපතනයක් ලැබීම අපේක්ෂා නොකෙරේ. මේ හේතුවෙන් චොකොලට් නිෂ්පාදනයට අවශ්‍ය කොකෝවා වගාවට දේශගුණයෙන් සෘණාත්මක බලපෑම් ඇති විය හැකි නිසා අනාගතයේදි වසරකට චොකලට් නිෂ්පාදනය ටොන් මිලියන ගණනකින් පමණ පහළ යනු ඇති බව අනුමාන කෙරේ.