Hela Rahas

Hela Rahas Official Web Portal

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරන ගණ දෙවි පුජාවක්

අධ්‍යාපනය ලබන දරු දැරියන් බොහෝ දෙනෙක් තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට හොදින් පාඩම් කටයුතු වල නිරත වෙමින් තම අධ්‍යාපන කටයුතු වලට එන කරදර බාධා දුරු කරගැනීම සදහා ගණපති දෙවියන්ගේ පිහිට අරක්ෂාව ප්‍රර්ථනා කරනවා.ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්නේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සදහා ගණදෙවියන් උදේසා නිවැරදිව පුජාවක් පවත්වන විදිය ගැනයි.

  • ඍග් වේදයට අනුව දෙවිවරුන් ඉතා බල සම්පන්නය, ඊශ්වර හෙවත් ශිව් දෙවියන්ට පුතුන් දෙදෙනෙකි. එම පුතුන් දෙදෙනා නම් ස්කන්ධ කුමාර හා ගණ දෙවියන්ය.ගණ දෙවියන් නුවණාට අධිපති දේවතාවා හැටියට පිදුම් ලබයි. පැරණි පොතපතෙහි මෙසේ දැක්වෙයි.
  • ගණපති දෙහි නුවණ
  • මිහිකත් රකිති මෙ සරණ
  • දෙන්නේ මට නුවණ
  • අසන් දෙවියනි දේව සුබගණ’
  • භූමි, දේව, චන්ද්‍ර, ජල, සූර්ය, අග්නි, වායු, ආකාශ ගණ අටය. මේවායින් භූමි, දේව, චන්ද්‍ර, ජල සුබ ගණය. ගණවලට අධිපති නිසා ගණ දෙවියන් ‘ගණපති’ නම් විය. ගණවලට බලවතා වූ නිසා ගනාධිරාජා විය. ගණවලට දීපයක් වූ නිසා ගණ දීප්ති විය. දරුවන්ට පියෙකු වැනි වූ නිසා පුල්ලෙයාර් අප්පා විය. බාලයන්ට සඳක් වූ නිසා බාල චන්ද්‍ර විය.
  • දරුවන්ට පිහිට වීම හේතුකොට ගෙන පුල්ලෙයාර් සාමි විය දේව සභාවේ ලේකම්වරයා වන්නේ ගණ දෙවියන්ය. ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසෙන් පසු ශ්‍රී ලංකාවේ ගණ දෙවි ඇදහිල්ල වේගයෙන් ව්‍යාප්ත වූ බව පෙනේ. ඊට ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රී ලංකාවත් දකුණු ඉන්දියාවත් අතර පැවැති රාජකීය සම්බන්ධතාය. ගණ දෙවියන්ට අවතාර 18ක් ඇති බව පොත්පත්වල සඳහන් වේ.
  • දරුපල බලාපොරොත්තු වන කාන්තාවන් බාල ගණේෂ දෙවියන්ගේ පිහිට පතා පුද පූජා පවත්වන සිරිතක් පවතී. ඔවුන් මේ සඳහා බාරහාර වෙති. මස් මාංශ අනුභවයෙන් වැළකී පිරිසිදු සිතින් ජීවත් වේ. මුරුතැන් පූජාව මෙහි දී වැදගත් වේ.
  • ධන බලය, නැණ බලය හා ශරීර ශක්තිය ලැබීම සඳහා හින්දු බැතිමතුන් පිහිට පතන්නේ ශක්ති ගණේෂ දෙවියන්ගෙනි. ශක්ති ගණේෂ දෙවියන්ගෙන් සුව සම්පත බලාපොරොත්තු වේ. පෙම්වතුන්, පෙම්වතියන් මෙන්ම විවාහක අය ද මතු දියුණුව පතා පිහිට පතන්නේ වල්ලභ ගණේෂ දේවතාවාගෙනි. පලතුරු පූජාව මෙහි දී වැදගත් වේ
  • පුරාණයේ පටන් සතුරු උවදුරු, ග්‍රහ අපල, හදි හූනියම්වලින් ආරක්ෂාව පතා පිහිට පැතුවේ මහා ගණේෂ දෙවියන්ගෙනි. එකල ගණ දෙවි කෝවිල් අද මෙන් දියුණුව නොතිබුණි.
  • ගණ දෙවි කෝවිල පිරි බඩ ගන්නේ
  • දන මැද පිරිවට ඇඳ පේ වෙන්නේ
  • කල කී දේ මට පහදා දෙන්නේ
  • පින් ඇති ගණ දෙවි නුවනක් දෙන්නේ
  • ගණ දෙවි පූජාව කරන ලද්දේ දත් මැද පිරුවට හෙවත් සුදුවතින් සැරසී ගණ දෙවි කෝවිලේ දීය. මෙහි දී පොල් ගෙඩිය බිඳීම සිදු විය. පොළොවෙන් සම්පත් ලබා ගැනීම සඳහා ද වන සතුන්ගෙන් බේරීම සඳහා ද පිහිට පැතුවේ ධරණි ගණේෂගෙනි. වනයේ ගසකින් අත්තක් කඩා ගණ දෙවියන්ට කන්නලව් කර තවත් ගසක එය එල්ලීය.වරදක් නොකළ පුද්ගලයින්ට පිහිට වන ලෙස බැගෑපත්ව කන්නලව් කරන ලද්දේ වීර ගණේෂටය.පොල් ගෙඩියක් බිඳීම මෙහි දී සිදු විය.
  • ගොවිබිම් වන සතුන්ගෙන් රැක ගැනීම සඳහාත් සොබාදහමින් සිදුවිය හැකි විපත්වලින් බේරා ගැනීම සඳහාත් පිහිට පැතුවේ හේරම්භ ගණේෂගෙනි. සියලු කලාකරුවන්ගේ හා කලා ශිල්පවල ආරක්ෂාව සඳහා පිහිට පැතුවේ නෘත්‍ය ගණේෂගෙනි. දරු සම්පත් ඇතුළු සියලු සැප සම්පත් ලබා දෙන මෙන් බොහෝ දෙනෙකු කන්නලව් කරන්නේ සිද්ධි ගණේෂටය. කැවිලි පූජාවට මෙහි දී මුල්තැන ලැබුණි. පැරණි පොතපතෙහි සඳහන් වන්නේ මෙසේය.
  • කිරි දී වෙඩු ද පස්ගෝ රසිනා
  • උදු මුං තල ඈ කරලින් සොබනා
  • මේ නම් කැවුමෙන් නිසි පුද ලබනා
  • දෙන් මට නුවණක් ගණපති යෙහෙනා
  • ගණ දෙවි පුජාව පවත්වන විදිය
  • ඥාන සම්පත්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා, තරග විභාග, සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජය ගැනීම සඳහාත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිහිට පතන්නේ බුද්ධි ගණේෂ දෙවියන්ගෙනි. ගණ දෙවි පූජාව තියන්නේ මෙසේය.
  • මුලින්ම නිදන කාමරය නොවන තැනක් තෝරා ගන්න. එය අතුගා හොඳින් පිරිසිදු කර ගන්න. පසුව කහ සහ දෙහි මිශ්‍ර ජලය ඉසින්න. ඉන් පසු ටීපෝවක් හෝ කුඩා මේසයක පිරිසිදු සුදු රෙද්දක් එළන්න. එහි ගණදෙවි රූපයක් තබා බුලත් කොළ 21ක් රවුමට තබන්න. පසුව බුලත් කොළ උඩ අඹ ගෙඩියක්, දිවුල් ගෙඩියක්, බෙලි ගෙඩියක්, කෙසෙල් ගෙඩියක්, නාරං ගෙඩියක් තබන්න. මේ පලතුරු පූජාවය.ඉන් පසු වැලිතලප හා දොදොල් කෑල්ල බැගින්, තල ගුලි, කැවුම්, අග්ගලා එක බැගින් ද තබන්න. මේ කැවිලි පූජාවයි.
  • ඉන් පසු සුදු පාට මල් පහක් තියන්න. ගණ දෙවි පිහිට පැතීමට බලාපොරොත්තු වන අය දිය නා පිරිසිදු වී බුදු පහන තබන තැනට ගොස් පහන හා හඳුන්කූරු දල්වා මල් තබා බුද්ධ පූජාව තබන්න.පසුව පන්සිල් සමාදන් වී ගාථා කියා දෙවියන්ට පින් දෙන්න. ඉන් පසු ගණ දෙවි රූපය තබා ඇති තැනට ගොස් පිරිසිදු පැන් බඳුනක් තබන්න. පසුව ගිතෙල් හෝ පොල්තෙල් පහනක් දල්වන්න. හඳුන්කූරු දල්වන්න. සුවඳ ධූපයෙන් දුම් දෙන්න.ගණ දෙවියන්ගේ පිහිට පතා පහන දැල්විය යුත්තේ බදාදා හෝ සෙනසුරාදා දිනයක උදේ පහත් හයත් අතර කාලයේය. පහන දැල්වීමට පෙර
  • ඕමි ගණේෂාය නමඃ
  • ඕමි ගණපතියාය නමඃ
  • ඕමි ගණපති දේවාය නමඃ
  • ඕමි ගණපති දේවාය න
  • ඕමි නමඃ ගණේෂාය නමඃ
  • යන පාඨවලින් එකක් තුන්වරක් කියා ඉන් පසු මෙසේ කන්නලව් කරන්න.ශ්‍රී ගණපති දේවයන් වහන්ස ඔබ වහන්සේ වෙත භක්තියෙන් ද ගෞරවයෙන් ද විශ්වාසයෙන් ද පුද කරනු ලබන පලතුරු හා කැවිලි පූජා භාර ගෙන යහපත සලසන සේක්වා…’ පසුව දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.