Hela Rahas

Hela Rahas Official Web Portal

නිදන කොට්ටය යටින් සුදුළූණු බිකි කිහිපයක් තබාගන්න

සුදුලූණු කියන්නේ අපේ ඉතා ඉහළ මට්ටමේ සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදෙන පෝෂණ ගුණ වලින් අනූන එළවළුවකි. සුදුලූණු පරිභෝජනය කිරීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව ඔබ දන්නවාද? එපමණක් නොවේ, පිළිකා සෛල වලට එරෙහිව සටන්කිරීම, සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම,සිරුරේ මේදය අඩු කිරීම ආදී බොහෝ වැදගත් සෞඛ්‍යය හිතකර වාසි ප්‍රයෝජන ‍රැසක් සුදුලූණු ආහාරයට ගැනීමෙන් අත්කරගත හැකිය. සුදුලූණු යම් දුර්ගන්ධයකින් යුක්ත වුවත් ඒ හේතුව නිසාම ඒවා සම්පූර්ණයෙන්ම පරිභෝජනයෙන් බැහැර කිරීම නුවණට හුරු ක්‍රියාවක් නොවේ නේද?

සුදුලූණු ඔබේ සිරුරට ප්‍රතිලාභ ලබාදෙන තවත් ක්‍රමයක් පිලිබඳවයි අද දවසේ අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ. රාත්‍රී කලායේදී කොට්ටයට යටින් සුදුලූණු බිකි කිහිපයක් තබාගෙන නින්දට යෑමෙන් ඔබේ සිරුරට ලැබෙන අපූරු ප්‍රතිලාභ ගැනයි මේ. (මතක ඇතිව මේ සඳහා හොඳ තත්වයේ නැවුම් සුදුලූණු ‍තෝරගන්න අමතක කරන්න එපා!)

1.නාසයේ බර ගතිය දුරුකරගැනීමට උපකාර කරයි

  • අප්‍රසන්න ගන්ධයක් වුවත් සුදුලූණු වල ගන්ධය ප්‍රයෝජනවත් වන අවස්ථා ද තිබෙනවා. නාසය බර වී ඇති අවස්ථාවක නින්දට යාමට පෙර මෙම ක්‍රමය උත්සාහ කර බලන්න. සුදුලූණු වල ඇති ගන්ධය තුලින් නාසයේ බර ගතිය සමනය වනු ඇත. ඊට හේතුව නම් එහි ‘ඇල්ලිසින් (allicin)’ නමැති ප්‍රබල ප්‍රතිජීවක අඩංගු වීම නිසයි. ඒවා සුදුලූණු වලින් ඉතා සෙමින් වාෂ්ප වී ගොස් විෂබීජ සහ ආසාදන වලට එරෙහිව සටන්කිරීමට පටන්ගනියි. සුදුලූණු වල ඇති ඇල්ලිසින් මඟින් ශ්වසන මාර්ගයේ බැඳි ඇති ශ්ලේෂ්මල පටල දියකර හැරීම සිදුකරයි. මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ක්‍රමක්‍රමයෙන් වුවද ඉන් ලැබෙන ප්‍රතිලාභය ඉහළය. ටික මොහොතකින් අනතුරුව ඔබේ නාසයේ අවහිරතාව දුරුවී ගොස් ඔබට පහසුවෙන් යලි හුස්ම ගැනීමට හැකියාව ලැබේවි.

2.ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත් කරවයි

  • සුදුලූණු වල ඉහළ මට්ටමේ බැක්ටීරියානාශක ගුණාංග පවතින බැවින් ඕනෑම ආකාරයක සිරුරට අහිතකර බැක්ටීරියා විශේෂයක්ම විනාශ කර දැමීමේ හැකියාව ඊට ඇත . ඇල්ලිසින් මඟින් මිනිස් සිරුරට හානිකර හා ආසාදක බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ ලබාදෙන එන්සයිම කාණ්ඩ 2 ක් අවහිර කරනු ලබයි. දිනපතා සුදුලූණු බිකි කිහිපයක් කොට්ටය යටින් තබාගෙන නින්දට යෑම පුරුද්දක් කරගැනීමෙන් , උදෑසන අවදි වු පසු සිරුරට හොඳ ප්‍රබෝධමත් ගතියක් දැනීම සහ පෙර මෙන් නොව සිරුර රෝගි වීම කලාතුරකින් සිදුවීම ආදී හිතකර ප්‍රතිඵල ඔබට අත්දැකීමට ලැබෙනු ඇත.

3.කරදරකාර කෘමී සතුන් පලවා හරියි

  • මදුරුවන්,මකුළුවන්, මකුණන් ආදි කෘමීන්ගේ කරදරයෙන් ආරක්ෂාව ලබාදෙමින් සුදුලූණු හොඳ කෘමී විකර්ෂකයක් ලෙස ක්‍රියාකරයි. බොහෝ කෘමීන්ට සුදුලූණු දුර්ගන්ධය පිළිකුල් ය.

4.ඔබට හොඳ නින්දක් ලැබීමට හැකිවෙයි

  • සුදුලූණු වල විටමින් B1 බහුලය. මෙම පදාර්ථ මඟින් නින්ද ආශ්‍රිත ගැටලු හා පීඩා වලට එරෙහිව ක්‍රියාකරයි. එමෙන්ම සුදුලූණු වල විටමින් B6 ද යහමින් අන්තර්ගත වේ. ඒවා මඟින් සිරුරේ මෙලටොනින් (Melatonin) ශ්‍රාවය වීම (නින්ද පාලනය කරන හෝර්මෝනයකි) පැහැදිලි ලෙස වැඩිදියුණු කරයි. ඖෂධීය ගුණ අඩංගු සුදුලූණු මඟින් මිනිස් සිරුරේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරවයි. ක්‍රමක්‍රමයෙන් සිරුර සන්සුන් කරමින් මනස සැහැල්ලු බවට පත්කරවයි. සිරුර සහ මනස සමනය සන්සුන් වී වීමත් සමඟ ඔබට සුවබර නින්දක් ලැබෙනු ඇත.