Hela Rahas

Hela Rahas Official Web Portal

මවගේ පාර්ශවයෙන් උරුම විය හැකි ජාන රෝග 10ක්

  • පෙනුම සහ පෞරුෂත්වය පමණක් නොව ශරීරයේ යම් යම් දුර්වලතා හටගැනීම පවා ජාන බලපෑමින් තීරණය වේ. මෙම ජාන අපට උරුමවන්නේ මව් පාර්ශවයෙන් සහ පිය පාර්ශවයෙනි. විෂාදය සහ අනිද්‍රාව (ඉන්සොම්නියාව) ආදී ඇතැම් රෝග ආතතිය හෝ සිරුරේ තෙහෙට්‍ටුව නිසා නොව ජාන නැඹුරුතාවන් නිසා මතුවිය හැකි තත්වයන් ද විය හැකිය. මෙසේ ජාන බලපෑමින් උරුම වන රෝග තත්වයන් අතරින් මවගේ පාර්ශවයේ ජාන හරහා දියණියකට උරුම විය හැකි ජාන රෝග කිහිපයක් ගැනයි මේ.
  • එවැනි ජානමය තත්වයන් ඔබටත් උරුම වී තිබිය හැකි බැවින් ඔබේ සෞඛ්‍යය තත්වය සාහ ඔබ අත්දකින ඇතැම් ශාරීරික වෙනස්කම් පිළිබඳව හොඳ සැලකිල්ලකින් පසු වීම ඔබේ නීරෝගිකම ආරක්ෂා කරගැනීම කෙරෙහි ඉතා වැදගත් වේවි. නමුත් , ඉන් අදහස් වන්නේ මෙම රෝග ඔබට අනිවාර්යෙන්ම මවගේ ජාන ඔස්සේ වැලඳිය හැකි බව නම් නොවේ. මේ දැනුම ඔබට එවැනි අවදානමක් කල් තියා හඳුනාගැනීමට ප්‍රයෝජනවත් වනු ඇති.

1.ඔස්ටියෝපොරෝසිස්

  • ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථීන් කැඩී බිඳී සිරි යාමේ ඉහළ ප්‍රවණතාවයක් ඇතිවන රෝග තත්වයකි. අස්ථි වල ඉහළ දුර්වල බව හේතුවෙන් අස්ථි කැඩි බිඳි යාමේ අවදානම වැඩි වි යයි. කාන්තාවන් ප්‍රධාන වශයෙන් මෙම තත්වයෙන් පීඩා විඳිති. ජානමය නැඹුරුතාව එහෙමත් නැතිනම් ජාන තුලින් මෙම රෝගය වැලඳීමට හැකි වීම වැදගත් අවදානම් සාධක අතරින් එකක් සේ සැලකේ. බොහෝ විට කාන්තාවන්ගේ ආර්තවහරණය සිදුවීමෙන් පසුව සමඟ මෙම රෝග තත්වය මතුකරවිය හැක. ඊට හේතුව මෙම කාලයේදී අස්ථින් වල කැල්සියම් ඉවත් වී ගොස් ඒවා කැඩෙන බි‍ඳෙන සුලුබවට පත්වී සිරුර වෙනස්කම් වලට ලක්වීමයි.
  • මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:
  • කැල්සියම් බහුල ආහාර වර්ග පරිභෝජනය කිරීම ඉතා වැදගත්ය. කැල්සියම් සිරුරට අවශෝෂණය වීමට නම් ප්‍රමාණවත් පරිදි විටමින් D පෝෂණය ලබාගැනීම ද සිදුකල යුතුය. විටමින් අතිරේක පෝෂක ලබාගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාසිටීම වැදගත්ය.
  • සෝඩා පානය කීරීමෙන් වළකින්න. දුම් පානය නොකරන්න (ඉන් සිරුරට කැල්සියම් අවශෝෂණය කරගැනීමේ හැකියාව අඩු වේ. එමෙන්ම අස්ථි ඛනිජ ඝනත්වය කෙරෙහිද බලපෑම් කරයි.)
  • සිරුරේ බර පාලනය කරගන්න. ක්‍රීඩා වල නිරතවෙන්න. වයස අවුරුදු 19-64 අතර වයසේ පසුවන පුද්ගලයින් සතියකට මිනිත්තු 150 ක් පමණ ව්‍යායම වල නිරතවීම සිදුකල යුතු බව නිර්දේෂයයි. ඒරෝබික් ව්‍යායාම ඒ සඳහා වඩාත් උචිතයි. එමෙන්ම පාද, කලවා, කොන්ද, පපුව, බාහු සහ උරහිස් ආශ්‍රිතව මාංශ පේශීන් වර්ධනය කරවන ව්‍යායාම සතියකට දෙවරක් පමණ සිදුකිරීමත් ඉතා යෝග්‍යයයි.

2.රූමැටොයිඩ් ආතරයිටීස් තත්වය

  • රූමැටොයිඩ පර්වදාහය නමින් ද හැඳින්වෙන මෙම ආතරයිටීස් තත්වය හටගැනීම සඳහා බලපාන හේතු සාධකය අපහැදිලිය. නමුත්, විද්‍යාඥයින් විසින් අදහස් කරන්නේ එය ජානමය සහ පාරිසරික යන දෙයාකාරයේ සාධක සුසයෝගයක් මඟින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතිකරවන බලපෑමක් නිසා හටගන්නා තත්වයක් බවයි.
  • මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:
  • දුම් බීමෙන් වැළකී සිටින්න. කෝපි සහ රතු මස් පරිභෝජනය අවම කරන්න.
  • ඔබේ දත් සහ විදුරුමස් වල නීරෝගිකම පිලිබඳව සැලකිලිමත් වන්න. කලින් කලට දන්ත වෛද්‍යවරයෙකු හමුවී ඔබේ දත් පරික්ෂා කරවාගන්න. පීරියෝඩොන්ටයිටීස් හෙවත් විදුරුමස් රෝග හටගැනීම රුමැටොයිඩ් ආතරයිටීස් තත්වය දක්වා වර්ධනය විය හැකිය.
  • විටමින් C බහුල ආහාර ඔබේ දෛනික ආහාර වේලට එක්කරගන්න. මෙම ප්‍රබල ප්‍රති-ඔක්සිකාරක ගුණය මඟින් ඔබේ සිරුරේ ප්‍රදාහය තත්වයන් ඇතිවීමේ අවදානම බොහෝ සෙයින් අඩුකරයි.

3.අකලට වියපත් වීම

  • විද්‍යාඥයින් පවසන ආකාරයට අපේ සිරුර වියපත් වීම වළක්වමින් ආරක්ෂා කිරිමට ඇතැම් ජාන ක්‍රියාත්මක වේ. මෙම ජාන එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වන්නේ මවු පාර්ශවය හරහායි. ඔබට ඔබේ මවු පාර්ශවයෙන් හිමි වී ඇත්තේ හානිවූ DNA නම්, ඔබේ සිරුර වියපත් වීම වඩාත් වේගවත් ස්වභාවයක් ගත හැක. කෙසේවෙතත්, අවාසනාවකට මෙන් තවමත් මෙම ක්‍රියාවලිය ප්‍රතිවර්තනය කිරීමට , එසේත් නැතිනම් සිරුර වියපත් විමෙ ක්‍රියාවලිය ආපස්සට හැරවිය හැකි ක්‍රමයක් විද්‍යාවට සොයාගැනීමට නොහැකි වි ඇත. මේ සඳහා ඔබට ඇති හොඳ විකල්පයක් නම් ඔබේ සමේ ආරක්ෂාව සඳහා ඉහළ SPF අගයක් ඇති සන්ස්ක්‍රීන් නිෂ්පාදනයක් භාවිතයට ගැනීමයි. හිරුකිරණට ඇති සංවේදිතාව ද ජාන මඟින් උරුමවිය හැකි ලක්ෂණයකි.

4.මානසික අවපීඩනය (විෂාදය)

  • ලෝකයේ මිලියන 300 අධික පිරිසක් පමණ විෂාදයෙන් පෙළෙන බව පැවසේ. විද්‍යාඥයින් පවසන ආකාරයට විෂාදය ඇතිවීම කෙරෙහි බලපාන Slc6a15 නම් ජානය ජාන උරුමයෙන් දරුවන් හට ලැබිය හැකි බවයි. පිරිමි පුද්ගලයින්ට වඩා කාන්තාවන් විෂාදයට ගොදුරු වීමේ සම්භාවිතාව දෙගුණයකින් වැඩිය. එමෙන්ම මෙම තත්වය මුල්බැසගත් දිගු කාලීනව පවත්නා තත්වයක් දක්වා වර්ධනය විය හැක. පසු ප්‍රසව විෂාද තත්වය ද එසේ ජාන මඟින් උරුම විය හැකි තත්වයකි.
  • මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:
  • කායික පැවැත්ම කෙරෙහි හොඳ සැලකිල්ලකින් පසුවන්න. හොඳ නින්දක් ලබන්න. නීරෝගි සමබල ආහාර වේලක් ලබාගන්න. හොඳින් ජලය පානය කරන්න. දිනපතා ව්‍යායාම වල නිරත වීමට උත්සාහ කරන්න.
  • ඔබ මනසින් පීඩා විඳින ගැටලු ඔබ තුලම සිරකරගෙන නොසිටින්න. ඔබේ විශ්වාසවන්ත මිතුරෙකුට හෝ පවුලේ සාමාජිකයෙකු සමඟ ඒ ගැන පවසන්න. උදවු ඉල්ලන්න. ඔවුන් සමඟ විවෘතව කතා කිරීමම ඔබට විශාල සහනයක් මෙන් දැනේවි.
  • ඔබේ තත්වය දරුණු අතට හැරී ඇති බව ඔබට හැඟේ නම් නොපැකිළිව මනෝවිද්‍යා චිකිත්සකවරයෙකු වෙත යොමුවන්න.

5.ග්ලූකෝමා (නීලකාච රෝගය)

  • පිරිමි පුද්ගලයින්ට වඩා කාන්තාවන් ග්ලූකෝමා තත්වයට ගොදුරු වෙති. ඇසේ පිහිටි දෘශ්‍ය ස්නායුවට හානි වීම නිසා ඇස් පෙනීම නැති වී යන මෙම අක්ෂි රෝග තත්වය ඇතිවීම කෙරෙහි බලපෑම් කරන ජාන විකෘතිතාව ජාන හරහා දරුවන්ට උරුම විය හැක.
  • මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:
  • වයස අවුරුදු 40 පිරීමට පෙර වසර 2-4 කට වරක්, වයස අවුරුදු 40-54 කාලයේදී සෑම වසට 1-3 කට වරක්, වයස අවුරුදු 55-64 කාලයේදී සෑම වසර 1-2 කට වරක් සහ වයස අවුරුදු 66 ට වැඩි පුද්ගලයින් සෑම මාස 6-12 කට වරක් තම ඇස් පරික්ෂා කරගැනීමට යොමුවන්නේ නම් ඉතා සුදුසුවේ.
  • දිනපතා මධ්‍යස්ථ ප්‍රමාණයකින් කායික ව්‍යායාම කිසිදුකිරීම පුරුද්දක් කරගන්න. ඇවිදීම, දීඊම වැනි ව්‍යායාම සතියකට දෙවරක් පමණ සිදුකරන්න උත්සාහ කරන්න. බෙල්ල සහ උරහිස් ඇදීයාමට ලක් නොවන ආකාරයේ සරල යෝගා අභ්‍යාස පුරුදු පුහුණු වීම ද ඉතා සුදුසුය.

6.හෘද රෝග

  • කාන්තා සිරුරේ මේද තැන්පත්වීම නිර්වචනය කරන්නේ ජානමය තත්වයක් ලෙසයි. ඒ අනුව උදර ප්‍රදේශය ආශ්‍රිත මේදය තැන්පත්වී ඇත්නම් හෘද රෝග වැලඳිමේ අවදානම දෙගුණ වී යනු ඇත. කිරීට ධමනි තුල තැන්පත් වීම සිදුවන රුධිර ප්‍රවාහයේ ඇති අතිරේක කොලෙස්ටරෝල් හේතුවෙන් හෘදයාබාධ තත්වයන් පවා වර්ධනය විය හැකි අතර එය ජානවලින් ද උරුම විය හැකි තත්වයකි.
  • මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:
  • සිරුරේ අධික බර මීමැස්මොරය (ඇපොප්ලෙක්ටික් ආඝාතය), හෘදයාබාධ, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව ආදී රෝග වැලඳීමේ අවදානම වැඩි කිරීමට සමත්ය. සතියකට වාර 3-4 ක් බැගින් කායික ක්‍රියාකාරීත්වය වැඩිවන ක්‍රියාකාරකමක හෝ ව්‍යායාම වල නිරතවීමට උත්සාහ කරන්න.
  • ලුණු, පැණිරස, සහ මේද බහුල ආහාර පරිභෝජනය සීමා කරන්න. එළවළු, පලතුරු සහ ධාන්‍ය වර්ග ආහාරයට එක්කරගන්න.
  • සිරුරේ පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම කලින් කලට පරික්ෂා කරගන්න.

7.මිග්‍රේන්

  • පිරිමින්ට වඩා තෙගුණයකින් කාන්තාවන් මිග්‍රේන් තත්වය හේතුවෙන් පීඩා විඳිති.මෙම රෝගය ජාන ඔස්සේ ද උරුම විය හැකි තත්වයකි. කෙසේවෙතත්, මෙම පීඩාකාරි තත්වය සමනක කල හැකි සහ හදිසි මිග්‍රේන් තත්වයන් වර්ධනය වීම් අඩු කරගත හැකි ආකාරයේ ප්‍රතිකාර ඇත.මත්පැන්, චොකලට්, කෝපිසහ සිට්‍රස් අඩංගු පලතුරු පරිභෝජනය අඩු කරන්න. මෙවැනි ආහාර හේතුවෙන් මිග්‍රේන් තත්වයක් වර්ධනය විය හැකිය.
  • මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:
  • ප්‍රබල ගන්ධයන් සහිත සහ දිප්තිමත් ආලෝක විහිදෙන් ආදි ස්ථාන හැකිතරම් මඟහරින්න.
  • හොඳින් ජලය පානය කරන්න.
  • දිනපතාම විවේකයෙන් සහ සැහැල්ලුවෙන් සිටීමට කාලයක් වෙන්කර ගැනීමට උත්සාහ කරන්න.

8.අනිද්‍රාව (ඉන්සොම්නියාව)

  • විද්‍යාඥයින් පවසන්නේ ඉන්සොම්නියාව නැතිනම් අනිද්‍රාව හෙවත් නින්ද නොයෑමේ පීඩාකාරී තත්වය ඇතිවන්නේ මනෝවිද්‍යාත්මක හේතු සාධක නිසා පමණක් නොව ජානමය බලපෑම් ද ඊට හේතු විය හැකි බවයි. කාංසාව, විෂාදය, නියුරෝසික තත්වයන් ඇති වීම කෙරෙහි ප්‍රබල ජානමය බලපෑම් හේතුවන බව ඔවුන් අවධාරණය කරති.
  • මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:
  • සෘණාත්ම අදහස් හා සිතිවිලි ගැන සිතමින් රත්‍රියේ නින්දට නොයන්න.
  • රාත්‍රි කාලයේ කෝපි පානය කිරීම ,බර ආහාර අනුභවය හා දුම් පානය කිරීමෙන් වළකින්න.
  • නින්දා ගැනීමට ඇඳට යාමට පැය 4 කටවත් පෙර ව්‍යායාම ඇතුලු කායික ක්‍රියාකාරීත්වය ඇති වන ක්‍රියාකාරකම් සිදුකර අවසන් කරන්න.දිනපතාම එකම වේලාවක් නින්දට යාමටත් එකම වේලාවක අවදි වීමත් උත්සාහ කරන්න.

9.ඇල්සයිමර්ස් රෝගය

ඇල්සයිමර්ස් රෝගය යනු වඩාත් බහුලම ඩිමෙන්ෂියා රෝග තත්වයි. මෙය මොලයේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පරිහාණියට පත්වන මතකය, චින්තන කුසලතාව සහ අනෙකුත් මානසික හැකියාවන්ට දැඩි ලෙස බලපෑම් ඇතිවන සහලක්ෂණ තත්වයකි.මෙම තත්වය පිරිමින්ට වඩා කාන්තාවන්ට වැල‍ඳෙනවා වැඩිය. මෙම රෝගය සුවපත් කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාර නොමැත. කෙසේවෙතත්, නීරෝගි ජීවන රටාවකට හුරුවීමට උත්සාහ කිරීම හරහා මෙවැනි රෝග තත්වයන් වර්ධනය වීමේ අවදානම බොහෝ දුරට අඩු කරගැනීමේ හැකියාව පවතියි.

  • මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:
  • සිරුරේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම් මනා පාලනයකින් යුතුව පවත්වාගන්න.
  • දුම් පානය කිරීමෙන් වළකින්න. දුම් බීම ඩිමෙන්ෂියා තත්වයන් වර්ධනය වීමට ඇති අවදානම වැඩිකරවයි.
  • ක්‍රීඩා වල නිරතවන්න. මෙමඟින් මොලයේ පටක ඔක්සිජන් වලින් සංතෘප්ත වීම ඉහළ යනු ඇත.
  • සීනි සහ සංතෘප්ත මේද පරිභෝජනය සීමා කරන්න. ඒ වෙනුවට ස්වභාවික එළවළු සහ පලතුරු වර්ග ඔබේ අහාර වේලට එක්කර ගන්න.

10.පියයුරු සහ ඩිම්බ කෝෂ පිළිකා

  • ජනප්‍රිය නිළි ඇන්ජලීනා ජොලී මෙම රෝගට ගොදුරු වී ඇති බව 2015 වසරේදි තහවුරු වි තිබු අතර ඇය ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ සැත්කමට පවා භාජනය වූවාය. එහිදි අනාවරණ ය වි ඇත්තේ ඇයගේ මව මෙන්ම මිත්තණිය ද මියගොස් ඇත්තේ එසේ පිළිකා තත්වයකට ගොදුරු වීමෙන් බවයි.ඇයගේ සිරුරේ සදෝෂි BRCA1 ජානය පැවතීම හේතුවෙන් මෙසේ ඇය පියයුරු සහ ඩිම්බකෝෂ පිළිකා ඉහළ අවදානමට ලක්වූ බව විද්‍යාඥයින් පවසති. පිළිකා මුල් අවදියේ පසු වු බැවින් ඇයට ප්‍රතිකාර කිරීමට හැකි වී තිබුණි. කෙසේවෙතත් විද්‍යාඥයින් පවසන්නේ එසේ විකෘතිවීමකට ලක් වි ඇති සෑම ජානයකින්ම පිළිකා අවදානමක් ඇති නොවන බවයි. එබැවින් කලබල නොවන්න!
  • මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට උත්සාහ කල හැකි ක්‍රියාමාර්ග:
  • දුම් පානය සහ මත්පැන් පරිභෝජනය සීමා කරන්න
  • වයස අවුරුදු 30 ට පෙර දරුවෙකු සැලසුම් කරන්න. එම වයස් සීමාව ඇතුලත පළමු දරුවාට උපත ලබාදීම පියයුරු පිළිකා අවදානම අඩු කරන බව අධ්‍යන මඟින් පෙන්වාදේ.
  • කලින් කලට ඔබේ වෛද්‍ය පරික්ෂාවන් සිදුකරගන්න