Hela Rahas

Hela Rahas Official Web Portal

ගුවන් යානයකදි උපත ලබන දරුවන්ට සිදුවෙනදේ

ගුවන් ගමන් වාර අතරතුරදි අනපේක්ෂිත ලෙස සිදුවු දරු ප්‍රසූතින් සංඛ්‍යාව 60 කට ආසන්න බව සඳහන් වේ. ගුවන් යානාවකදි ගර්භණී කාන්තාවකට ප්‍රසූත වේදනා හටගත් අවස්ථාවක එහි කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ කෙසේද? එසේ උඩු ගුවනේදි උපත ලබන දරුවන් හට විශේෂ වරප්‍රසාද හිමිවේද? ඔවුන්ගේ පුරවැසිභාවය තීරණය වන්නේ කෙසේද? ඒ පිළිබඳ තොරතුරු කිහිපයක් ගැනයි මේ.

1.හදිසි ගොඩබෑමක් සිදුකරන්නේ ද යන්න තීරණය කිරීම ගුවන් යානා කාර්ය මණ්ඩලය සතුය.

  • බොහෝ ගුවන් සමාගම් ගර්භණී කාන්තාවන් හට ගුවන් යානා වල ගමන් කිරීමේදි සීමා වාරණ පනවා ඇත. බොහෝ විට ගර්භණී සති 38 කට පසු හෝ වෛද්‍ය වාර්තා සමඟ ප්‍රසූතිය සඳහා ලබා දී ඇති දිනට දවස් 30 කට පෙර දින ගත කරමින් සිටින කාන්තාවන්ට සීමා පැනවේ.නමුත් හදිසි අවස්ථාවක අනපේක්ෂිත ලෙස සිදුවන දරු උපතකදී කාර්ය මණ්ඩලයට ක්‍රියාත්මක විය හැකි ආකාර සීමා සහිතය. ඔවුන් හට දරු ප්‍රසූතියකදි ක්‍රියාකල යුතු ආකාරයේ පුහුණුවීමක් ලබානොදේ. එවැනි අවස්ථාවකදි ගුවන් යානයේ වෛද්‍යවරයෙකු හෝ හෙදියක සිටින්නේදැයි ප්‍රසිද්ධියේ විමසීම සිදුකරයි. වෘත්තිය වශයෙන් සුදුසුම්කම් ලත් අයෙකො නොමැති අවස්ථාවක ගුවන් සේවිකාවන් වින්නඹු කාර්ය සිදුකරති. හදිසි ගොඩබෑමක් සිදුකල නොහැකි අවස්ථාවක ඔවුන් එසේ ක්‍රියාත්මක වේ.

2.දරුවාගේ පුරවැසිභාවය තීරණය කෙරෙන එක් නිතියක් නොමැත.

  • පුරවැසිභාවය ගුවන් යානය අයත් සමාගම හෝ ගුවන් යානය ඒ වන විට ගමන් කරමින් තිබූ ප්‍රදේශය අනුව වෙනස්විය හැක. මවගේ සහ පියාගේ පුරවැසිභාවය දරුවාට අනිවාර්යෙන්ම ලැබෙන බව නිශ්චිතය. ඒ හැර ගුවනේදි උපත ලබන දරුවන්ට පුරවැසිභාවය සම්බන්ධයෙන් වෙනස් වන නීති පිළිබඳ නිශ්චිත නීති නැත. මෙහිදි වියහැකිතා දෙකකි.ඇතැම් විට ගුවන් යානාව ලියාපදිංචි කර ඇති රටේ පුරවැසිභාවය ලැබිය හැකිය. එසේ නැතිනම් උපත සිදුවන විට ගුවන් යානය ගමන් කරමින් තිබූ රටේ පුරවැසිභාවය ලැබීමට ඉඩ ඇත.
  • උදා: දරුවා උපත ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් (ගුවනේදි වුවත්) ප්‍රදේශය නම් වහාම ඇමෙරිකානු පුරවැසිභාවය දරුවාට ලැබේ. නමුත් දරුවා උපත ලැබුවේ බ්‍රිතාන්‍යට අයත් ගුවන් යානයක නම් බ්‍රිතාන්‍ය පුරවැසිභව සහතික කෙරෙන ලියකියවිලි දරුවාට නොලැබේ. ඒ ආකාරයෙන් පුරවැසිභාවය සම්බන්ධ තත්වයන් වෙනස්විය හැක.

3.ඇතැම් ගුවන් සමාගම් එවැනි දරුවන් හට නොමිලේ ප්‍රවේශපත්‍ර ලබාදීම් වැනි වරප්‍රසාද ලබාදේ.

  • වරක් ඉන්දියානු ගුවන් සමාගමකට අයත් වූ යානයක උපත ලද පිරිමි දරුවෙකුට සහ ඊජිප්තු ගුවන් සමාගමකට අයත් වු ගුවන් යානයක උපත ලැබූ ගැහැණු දරුවෙකුට එම සමාගම් විසින් ජීවිත කාලය පුරාවටම වලංගු වන නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ වරප්‍රසාදයක් ලබාදි තිබේ. පොලාර් ගුවන් සමාගම, එයාර් ඒෂියා, ඒෂියා පැසි‍ෆික් සහ එයාර්වේස් වැනි ගුවන් සමාගම් විසින් ඊට අයත් ගුවන් යානා වල උපත ලැබූ දරුවන් හට වසය අවුරුදු 21 සම්පූර්ණ වන තුරු නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබේ. 2017 වසරේ ස්පිරිට් එයාර්ලයින් සමාගමේ එක් යානයක උපත ලද පිරිමි දරුවෙකුට සෑම වසරකම ඔහුගේ උපන් දිනය යෙදෙන දිනට ඔහුට සහ ඔහුගේ එක් පවුලේ සමාජිකයෙකුට වාර්ෂිකව ගුවන් ප්‍රවේශ පත්‍ර 2 ක් නොමිලේ නිකුත් කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

4,ගුවන් යානය දරුවාගේ නමින් නැවත නම් කිරීමට ඉඩ ඇත.

  • 2019 ජෙට් බ්ලු සමාගමයට අයත් ගුවන් යානය අමතර මගියෙකු සමඟ ගොඩබාන ලදි. සැතපුම් දහස් ගණනක් දුර අහසේදි ගුවන් යානා සේවක මඩුල්ලේ සහය ඇතිව මෙලොව එලිය දු‍ටු එම පිරිමි දරුවාගේ උපතින් පසුව යානය Born to be blue යන නාමයෙන් වෙනස්කරන ලදි. ඇතැම් දරුවන් හට ගුවන් සමාගම් විසින් තෑගි පවා ලබාදීමට කටයුතු කර තිබේ. 2018 වසරේ චික් ‍ෆිල් ඒ ගුවන් ගමනකදි උපත ලැබූ ගැහැණු දරුවෙකුට එම සමාගම විසින් ජීවිත කාලය පුරාවට ආහාර සහ දරුවා නිසි වයසට එලැඹි පසු එම සමාගමේම ‍රැකියා අවස්ථාවක් ලබාදීමට ඔවුන් තීරණය කර ඇත.