Hela Rahas

Hela Rahas Official Web Portal

ව්‍යාපාර දියුණු කරගන්න උදව් වෙන කතරගම දෙවියන්

  • ලංකාවේ ජාති ආගම් භේදයක් නැතුව අදහන සෑම දෙනෙක් අතරම ගෞරවයට වන්දනාවට පාත්‍ර වුන දෙවි කෙනෙක් තමා කඳසුරිඳු නැත්තම් කතරගම දෙවියො කියන්නෙ. උන්වහන්සේ සෑම දෙනාටම පිහිට ආරක්ෂාව ලබා දෙන රටට ආරක්ෂාව සළසන යහපත් දේට පමණක් උදව් කරන දෙවි කෙනෙක් කීවොත් නිවැරදී.
  • ස්‌කන්ධ කුමාර යන නාමයෙන්ද ඉතාමත්ම ජනප්‍රිය කතරගම දෙවිඳු කතරගම ප්‍රදේශයේ ජනනායකුව සිට මරණින් පසු දේවත්වයට පත් වූ ශ්‍රී ලාංකීය දෙවියකු ලෙස ඇතැම් අය විශ්වාස කරනවා ඒත් බොහෝ දෙනකුගේ විශ්වාසය හා ඇදහීම වන්නේ එතුමන් දකුණු ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක්‌ ඇති දෙවි කෙනෙකුව ඉපිද පසුකාලීනව ලංකාවට පැමිණි බවයි.
  • කතරගම දෙවියො ගැන ඇති කතාවල එතුමන් සුර අසුර යුද්ධය නිමා කරනු පිණිස මෙලොව පහළ වූ බව පැවසෙනවා. සුර අසුර යුද්ධයෙන් සංකේතවත් වන්නේ ධර්මයත් අධර්මයත් අතර සටනයි. ධාර්මිකයන් සුරයන් ලෙසත් අධාර්මිකයන් අසුරයන් ලෙසත් මෙහිදී ගෙනහැර දැක්‌විය හැකි අතර ස්‌කන්ධ කුමරුන්ගේ උප්පත්තිය සිදුවූයේ මෙකී ගැටුමට මැදිහත්ව අධර්මය නසා ධර්මය සුරක්‍ෂිත කිරීම සඳහා බවද කියවෙයි.
  • බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකා ගමනේදී ස්‌කන්ධ කුමරු කප්ප කන්දර නදී තීරයේදී උන්වහන්සේගෙන් දහම් ඇසූ බව ජනශ්‍රැති අතරවේ.ලංකාද්වීපය තුළ බුදුදහමරැක ගන්න පහළ වුන දෙවි කෙනෙක් ලෙස අප කතරගම දෙවියො හැඳින්විය යුතවේ. ඒත් බොහෝ අය ලෞකික සැප සම්පත් ලබා ගන්න දෙවියන්ට පුද පූජා පවත්වනවා. තමන්ගෙ ව්‍යාපාර දියුණු කරගන්නත් බොහෝ අය කතරගම දෙවියො අදහනවා. පූජා පවත්වනවා.
  • ඉතිං ඔබටද ඔබගේ සියලු සාධාරණ ව්‍යාපාර කටයුතුවල දියුණුව සඳහා කතරගම දෙවියන් වෙනුවෙන් කැපකර ඇති දේවාලයකදී ප්‍රථමයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල්, පහන්, සුවඳ දුම් පුදා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙන්න
  • පසුව කතරගම දෙවියන් වෙනුවෙන් අඹ කොළ මත තබා තලතෙල් හෝ අබතෙල් පහනක්‌ දල්වා රතුමල් පූජාකර සැවැන්දරා, සුදු හඳුන්, හල්දුම්මල, රත්හඳුන්, දේවදාර, හොඳින් වියළා කුඩුකරගෙන එම දුම් අල්ලා වැඳ නමස්‌කාර කර පිං අනුමෝදන්කර මේ ඉතා බලසම්පන්න ස්ත්‍රෝත්‍ර උදේ සවස 21 වර බැගින් ගායන කර දියුණුව ප්‍රාර්ථනා කරන්න.
  • කාචරේ දේව ගෝවින්දං- රක්‌ඛන්තු ලෝක සාසනං
  • ඒතං දේවානු භාවේන- ස්‌කන්ධ සාමි නමෝ වරං
  • විපුල ජයතු දේහං – වාහනං මයුර හේමං
  • පවර කදිර දේවං – පාද යුග්මං නමාමි
  • විදස නයන හස්‌තං- භ්‍රාජිතං රක්‌ත වස්‌ත්‍රං
  • ගෘහිත පරසු යද්විං- සංඛ කුන්තාය භාංහුං
  • උදිත මයුර යානං- තේජසා දිත්‍ය තුල්‍යං
  • පවර කදිර දේවං- පාද යුග්මං නමාමි