Hela Rahas

Hela Rahas Official Web Portal

නිවසට වාසනාව ගෙනදෙන දිශා

බිම් සැලැස්මක් හෝ නිවසක් කොටස් නමයකට බෙදා දැක්විය හැක. ඒ දිශා අට සහ මධ්‍ය කොටස වශයෙනි. ඒ අනුව උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බටහිර, වයඹ යන දිශා සහ මධ්‍ය බ්‍රහ්ම ස්ථානය වශයෙනි.නිවසක් තුල පවතින මෙම කොටස් නමය තුල ක්‍රියාත්මක වන බලය එකිනෙකට වෙනස්ය. මේ නිසා නිවස ඇතුලත සැලසුම් කිරීමේදී ඒ ඒ දිශාවලට උචිත පරිදි සැකසුම් කල යුතුය. එක් එක් දිශා පිළිබඳව විමසා බලමු.

  • උතුරු දිශාව-උතුරු දිශාව අයත්වන්නේ කුවේර නම් දේවතාවාය. ඔහු ධනයට සෞභාග්‍යයට අධිපතිය. ජ්‍යෝතිෂය අනුව උතුරු දිශාව පාලනය කරනු ලබන්නේ බුධ ග්‍රහයා විසිනි. උතුරු දිශාව නිවසක ලක්ෂ්මි කැඳවන මාතෘ දිශාවයි. මේ නිසා හැම විටම උතුර ඉඩ තබා ගත යුතු අතර, අවහිරතා වලින් තොර විය යුතුය.නිවසක සාලය පුරා ස්ථානය භාණ්ඩාගාරය වස්තු තැන්පත් කිරීම අධ්‍යයන කාමරය, අමුත්තන්ගේ කාමරය, කාර්යාල කාමරය, වැරැන්ඩාව, නිදන කාමර, ළමුන්ගේ කාමර, බැල්කනි ක්‍රීඩා ස්ථාන ආදිය උතුරු දිශාවට සුබ වෙයි.නාන කාමර උතුරු දිශාවට මධ්‍යපල ඇති කරයි.
  • ඊශාන දිශාව-ඊශානා ඉඩමේ ජල ප්‍රදේශයට එම දිශාව ශිව දෙවියන්ට අයත් වෙයි. මෙම දිශාවෙන් ළිඳක් සැදීමෙන් නිවසට යහපත් ඵල ඇති වෙයි. ඊශාන දිශාවේ වෙනත් ඉදිකිරීම් අශුභ වෙයි. නිවස තුල ප්‍රජා කාමය අධ්‍යයන කාමරය කාර්යාල කාමරය වැරැන්ඩාව, බැල්කනි, ව්‍යායාම් කරන ස්ථාන ආගමික වතාවත් කරන ස්ථාන මෙම දිශාවේ සුඛ වෙයි.
  • නැගෙනහිර දිශාව-හිරුගේ දිශාව හෙවත් ඉන්ද්‍ර දෙවියන්ගේ දිශාවයි. පවුල් සංස්ථාව පවුලේ මූලිකයා සඳහා වෙන්වූ දිශාවයි. උදේ හයේ සිට නමය දක්වා කාලය තුලදී හිරුගේ රශ්මිය බලපාන දිශාවයි. නිවසේ සෞභාග්‍ය දීර්ඝායුෂන අත්කර ගැනීම සඳහා අවහිරයකින් තොරව තබාගත යුතු දිශාවයි. නිවස තුල අධ්‍යයන කාමර, වැරැන්ඩාව, කාර්යාල කාමරය, ළමුන්ගේ කාමර, නාන කාමර, කෑම කාමර, ක්‍රීඩා කරන ස්ථාන ආදියට සුදුසු වෙයි. මුළුතැන්ගෙය මෙම දිශාවට සුදුසු යයි සමහරුන්ගේ අදහසයි. තවද භාවනා කිරීමට සුදුසු බව පැවසේ.
  • ගිනිකොන දිශාව-අග්නි දෙවියන්ගේ අධිපතිකම දරණ මෙම දිශාව ගින්න සඳහා වෙන්වූ දිශාව වෙයි. ජ්‍යෝතිෂයට අනුව මෙම දිශාව පාලනය කරනු ලබන්නේ සිකුරු ග්‍රහයා විසිනි. උදයේ නමයේ සිට දොළහ දක්වා කාලය තුල හිරුගේ රශ්මිය ලැබේ. නිවසේ මුළුතැන්ගෙයට ඉතාම සුබම දිශාව මෙය වෙයි. කෑම කාමරය ගරාජය, නාන කාමර, සේවක කාමර මෙම දිශාවට හොඳයි. නිවසක් පිටත ඉදිකරන මුර කුටි රෙදි සෝදන ස්ථාන ආදියට හොඳයි.
  • දකුණු දිශාව-සමන් දෙවියන් අධිපතිකම දරණ දිශාවයි. මධ්‍යන දොළහේ සිට සවස තුන දක්වා මෙම දිශාවට හිරුගේ බලපෑම ඇති වෙයි. නිවස තුල අමුත්තන්ගේ කාමර, ගබඩා කාමරය, තරප්පු පෙල, නාන කාමර සඳහා වැසිකිලි සඳහාද හොඳයි.
  • නිරිත දිශාව-නිරිත දිශාව නිරූපනය හෙවත් පුන්න දෙවියන්ට අයත් දිශාවයි. ජ්‍යෝතිෂය අනුව රාහු සහ කේතු යන ග්‍රහයන්ට අයත් වෙයි. මූල ධාතුව හෙවත් පස නිරූපණය කරන්නේ. මෙම දිශාවෙනි. පොළව මට්ටම අනික් පැතිවලට වඩා ඉහළින් තිබිය යුතුය.නිවස තුල කාර්යාල කාමර ගබඩා කාමර, වතුර ටැංකිය, මුර කුටිය, වැඩ කුලිය සහිත නාන කාමර මෙම දිශාවට සුබයි.
  • බටහිර දිශාව-වරුණ දෙවියන්ගේ අධිපතිත්වයට අයිති දිශාවයි.ජ්‍යෝතිෂය අනුව මෙම දිශාව පාලනය කරනු ලබන්නේ සෙනසුරු ග්‍රහයා විසිනි. සවස හයේ සිට නවය දක්වා බලපානු බන දිශාවයි. නිවස තුල අධ්‍යයන කාමර ශාස්ත්‍රීය කටයුතු සඳහා ද ඉතා යෝග්‍ය වෙයි. අමුත්තන්ගේ කාමර සාලය, ගබඩා කාමරය, ළමුන්ගේ කාමර සඳහාද හොඳයි. නාන කාමරයක් තිබීමද අසුබ නැත.
  • වයඹ දිශාව-වායු දෙවියන්ට අයත් දිශාවයි. යහළුවන්ගේ සහ සතුරන්ගේ බලපෑම් පෙන්වන දිශාවයි. නිවාස තුල අමුත්තන්ගේ කාමර, ගරාජය, ගබඩා කාමර, සතුරන් සඳහා ස්ථාන ආදියට හොඳයි.තවද ධන ධාන්‍ය ආදී වස්තු තැන්පත් කිරීම සඳහා මෙම දිශාව හොඳයි. නිවසේ ගිනිකොන දිශාවේ මුළුතැන්ගෙය ස්ථාපිත කිරීමට නොහැකි නම් මෙම දිශාවේ ඒ සඳහා සුදුසු වෙයි.

නිවසේ මධ්‍ය හෙවත් බ්‍රහ්ම ස්ථානය-මෙම කොටස නිදහස්ව තිබිය යුතුය. නිවසේ පූජනීය ස්ථානය බැවින් ඉතා පිරිසිදුව තබාගත යුතුය. මෙම කොටස අපිරිසිදුවුවොත් නිවස් හිමියා ඇතුළු පවුලේ අයට කරදර විපත් ඇති වෙයි.