Hela Rahas

Hela Rahas Official Web Portal

හොඳ නින්දක් ලබාගැනීමට නිදන ඉරියව්ව අනුව කොට්ටයක් ‍තෝරාගමු

සුවබර නින්දක් කියද්දි ඔබේ මනසේ මැවෙන්නේ ඔබේ නිදන කාමරය, ඇඳ, ඔබේ කොට්ටය සහා පොරවනය නේද? විශේෂයෙන්ම හිස තබාගන්නා කොට්ටය හොඳ සැපපහසු එකක් වීම ඉතා වැදගත්ය. මුල්ම කාල වලදි භාවිතා වී ඇත්තේ ගල් වලින් සාදන ලද ඝනකම් කොට්ට බව සඳහන් වේ. නමුත්, වර්තමානය වන විට කොට්ට ඉතා සුවපහසු සැකැස්මක් සහිත නිමවා තිබේ. සුවදායි නින්දකට පහසුව කියන කරුණ ඉතා වැදගත් වීම ඊට හේතුවයි. නමුත්, හොඳම වර්ගයේ සුදුසු කොට්ටයක් ‍තෝරාගන්නේ කොහොමද ? මේ ගැනයි අද අප ඔබට තොරතුරු කියන්නේ.

  • නිදන ඉරියව්
  • ඔබ වැඩිවශයෙන්න් භාවිතා කරන නිදන ඉරියව්වට අනුකූලව කොට්ටයක් ‍තෝරාගැනීම ඉතා උචිත වනු ඇත. සාමාන්‍යයෙන් ප්‍රධාන නිදන ඉරියව් 3 කි:
  1. උදරය මත වැතිරී නිදාගැනීම
  2. උඩු අතට වැතිරී නිදාගැනීම
  3. පැත්තකට හැරී නිදාගැනීම

1.ඔබ නිදන්නේ උදරය මත වැතිරී නම්

  • මෙම ඉරියව්වේදි ඔබේ බෙල්ල සහ කොඳු ඇට පෙළ නො ඇදෙන සේ පවත්වාගැනීමට මෘදු කොට්ටයක් භාවිතා කල හැකියි. කොට්ටයක් නොමැතිව වුවත් කෙනෙකුට මේ ඉරියවෙන් නිදාගත හැකියි. නමුත් මෙම ඉරියව්ව වඩාත් ආතතීයම ඉරියයව්ව සේ සැලකෙයි. විශේෂඥයින් විසින් නිර්දේෂ කරන්නේ මෙම ඉරියව්ව අත්හරිමින් වෙනත් ඉරියව්වකින් නිදාගැනීමට හැකිතාක් උත්සාහ කරන ලෙසයි.
  • ස්වභාවික අමුද්‍රව්‍ය උදා: පිහා‍ටු,පුළුන් වැනි පිරවුමක් සහිත කොට්ටයක් භාවිතා කරන්න.වඩාත් පිරී නැති, මෘදු කොට්ටයක් ‍තෝරාගන්න.මෙම ඉරියව්වෙන් නිදන විට උදරයට හා ශ්‍රෝණි ප්‍රදේශයට පහළින් කොට්ටයක් තබාගැනීමෙන් කොන්දේ කැක්කුම වැනි පීඩා ඇතිවීම වළක්වාගත හැකි වනු ඇත.

2.ඔබ නිදන්නේ උඩු අතට වැතිරී නම්

  • මෙම ඉරියව්වෙන් නිදන පුද්ගලයෙකුට වඩාත් සුදුසු වන්නේ බෙල්ලට සහ හිසට ආධාරකයක් සපයන ආකාරයේ කොට්ටයකි. එමෙන්ම එය පුද්ගලයාගේ හිස ඉදිරියට තෙරපන එකක් ද නොවිය යුතුය. සිරුරේ ස්වභාවික නිදන ඉරියව්ව පවත්වාගැනීමට සහය ලැබෙන ආකාරයේ නිමාවක් තිබිය යුතුය.
  • ‘හොලොව්ෆයිබර්’ (hollowfibre) වර්ගයේ හෝ වූල් පිරවුමක් ඇති කොට්ටයක් ‍තෝරාගත හැකියි.මධ්‍යම ප්‍රමාණයේ ඝනකමක් සහිත කොට්ටයක් විය යුතු අතර වඩාත් පිරී නැති වඩාත් සමතලා නොවා සැකැස්මක් තිබිය යුතුය.

3.ඔබ නිදන්නේ පැත්තකට හැරී නම්

  • කොඳු ඇට පෙළේ ඉරියව්ව පවත්වාගැනීමට ප්‍රශස්ත මට්ටමේ යම් උසකින් හිස ස්ථාන ගත කරගැනීම වැදගත් නිසා මෙම ඉරියව්වේදි හිසට වැඩි ආධාරකයක් සැපයෙන කොට්ටයක් භාවිතා කිරීම සිදුකල යුතුය. බෙල්ලට යම් අමතර ආධාරකයක් සැපයෙන වර්ගයේ කොට්ටයක් ‍තෝරාගන්න.
  • සවිමත් කොට්ටයක් ‍තෝරාගන්න. ‘මෙමරි ෆෝම්’ (memory foam) වර්ගයේ කොට්ට ඉතා සුදුසුයි.
  • කොට්ට වල ඇතුලත පිරවුම් අනුව කොට්ට වර්ග කොටස් දෙකකි කෘතිම,ස්වභාවික ස්වභාවික පිරවුම් සහිත ඒවා ආසාත්මිකතා ඇති පුද්ගලයින්ගේ භාවිතයට ඉතා උචිතය.මේවා වසර 10 ක් පමණ දීර්ඝ කාලයක් කල්පවතියි. නමුත් කෘතිම පිරවුම් සහිත ඒවා මාස 6 ක් හෝ උපරිම වසර 2 ක් පමණ කල් පවතියි. එමෙන්ම ඇතැම් ඒවායේ ඇති පිරවුම් වල ඇති අමුද්‍රව්‍ය ආසාත්මිකතා තවත් බරපතල කරවීමට පවා සමත් ඒවාය.

කෘතිම පිරවුම් කොට්ට වර්ග

  • ‘පොලි‍ෆිල්’ (polyfill)-මෘදු හා සවිමත් කොට්ට ප්‍රභේද දෙකම සඳහා භාවිතා කල හැකියි. එය සිහින් කෙඳි (ෆයිබර්) විශේෂයක් වන අතර එහි නූල් පහසුවෙන් කැඩි නොයයි.
  • ෆෝම්ස්’ කොට්ට (foams)-මේවා polyfoam, latexfoam, memory foam විශේෂ වලින් ඇත.හුරුබුහුටි මෙන්ම පහසුවෙන් තැලෙන සුලු නම්‍යයය. මේවා සේදීම සිදුනොකල යුතුය. අවශ්‍ය පරිදි වෙනස් කල හැකි සැකසුම් සහිත කොට්ට වර්ගයකි.
  • හොලොව්ෆයිබර්’ (hollowfibre)-මේවා පොලියෙස්ටර් (polyester) සහ හොලොව්ෆයිබර් (hollowfibre) 50:50 අනුපාතයෙන් සකසා ඇත. ඒවා මඟින් කොට්ටය ඉහළට පිම්බුණු පිරී ඇති ස්වභාවය ඇතිකරවයි. වැඩි පහසුවක් සහ හොඳ ආධාරකයක් සපයයි.

ස්වභාවික පිරවුම් කොට්ට වර්ග

  • වූල්-මේවා ඝනකම් සහ ස්වභාවික කෙඳි විශේෂයකි.මේවා ආසාතිමිකතා ඇති පුද්ගලයින්ගේ භාවිතයට ඉතා උචිතය. වාතාශ්‍රය හොඳින් එහාමෙහා ගමන් කරන අමුද්‍රව්‍ය වර්ගයකි.
  • පිහා‍ටු-කොට්ටයට වඩාත් මෘදු නිමාවක් ලබාදෙනවා මෙන්ම හොඳ ආධාරකයක් සපයයි.පහසුවෙන් තැලෙනසුලු නිසා හිසට පහසුය. වාතාශ්‍රය හොඳින් එහාමෙහා ගමන් කරන අතර සෝදා පිරිසිදු කරගැනීමට ද ඉතා පහසුය.
  • බක්වීට් (buckwheat)-කොට්ටයට වැඩි සවිමත් බවක්, තද බවක් එක්කරයි. නමුත් කොට්ට මතුපිට පහසුවෙන් තැලෙන සුලු නිසා හිසට පහසු බවක් ඇතිවේ. බෙල්ලේ වේදනා කැක්කුම් වලින් පෙලෙන පුද්ගලයින්ට මේවා භාවිතය වැඩි පහසුවක් සහ සහනයක් සලසනු ඇත.
  • හොඳ තත්වයේ කොට්ටයක් භාවිතා කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි කියා ඔබ සිතනවා ඇති. අපේ කොඳු ඇට පෙළෙහි පිහිටා තිබෙන මෘදු පටක ක්‍රමවත්ව ලිහිල් විම අවශ්‍යය.ඊට හේතුව නම් ඒවා අඛණ්ඩව ක්‍රියාකල යුතු විමය. සිරුරේ ක්‍රමවත් ක්‍රියාකාරී පැවැත්මට එසේ වීම අත්‍යාවශ්‍ය වේ. කොඳු ඇට පෙළ යනු ඔබේ මොලයත් සහ මධ්‍යම ස්නායු පද්ධතිය අතර මැද පිහිටි දොර‍ටුව වැනිය. එබැවින් එහි නීරෝගිකම ගැන සැලකිලිමත් වීම සහ ප්‍රවේශම් වීම ඉතා වැදගත් වේ. මෙම පටක නිසියාකාරව ලිහිල් වීම සිදුවන විට ඔබට වඩාත් ගැඹුරු සහ සුවබර ගුණාත්මක නින්දක් ලැබේ.