Hela Rahas

Hela Rahas Official Web Portal

සුසංයෝග ලෙස ආහාරයට ගත යුතු දේවල් 20 ක්

මෙම ලැයිස්තුවේ තිබෙන සෑම ආහාර පාන වර්ගයක්ම පෝෂණීය ගුණයෙන් අනූන ඒවාය. නමුත් විශේෂඥයින් විසින් සිදුකල අධ්‍යයනයන් ඇසුරෙන් ඔවුන් ලබාදෙන උපදෙස් අනුව මෙම ආහාර වර්ග යුගල වශයෙන් පරිභෝජනයට ගැනීමෙන් අපේ ශරීරයට ඒවායේ අඩංගු පෝෂක වඩාත් කාර්යක්ෂම අවශෝෂණය කරගැනීම පහසු වී යන බවයි. එනම් මේවා තනිව ආහාරයට ගැනීමට වඩා තවත් ආහාර වර්ගයක් සමඟ සුසංයෝග කර පරිභෝජනය කිරීමෙන් සිරුරට වැඩි සෞඛ්‍යය ප්‍රතිලාභ ප්‍රමාණයක් අත්වන බවයි. අද අප ඔබව දැනුවත් කරන්නේ එවන් ආකාරයේ පෝෂණීය බවින් වැඩි ආහාර යුගල කිහිපයක් ගැනයි. මේවා ඔබේ එදිනෙදා ආහාර වේලට එක්කරගන්න!

1.ඇපල් + ඩාක් චොකලට්

  • ඇපල් වල අඩංගු ‘කැටෂින්’ එන්සයිම සහ ‘ක්වේසර්ටීන්’ ප්‍රති-ඔක්සිකාරක මඟින් ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම, මොලයේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කිරීම, හෘදයේ හා රුධිර නාල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරවීම සහ සිරුරේ පිළිකා අවදානම අඩු කිරීම සඳහා දායකත්වය ලබාදේ.

2.ඕට්ස් + නැවුම් දොඩම් යුෂ පානය

  • ඕට්ස් සහ දොඩම් යුෂ යනු ‘ෆෙනෝල්’ පෝෂක මූලාශ්‍රයන් වේ. ඒවා ආහාර ජීර්ණ පද්ධතිය වැඩිදියුණු කිරීම සහ සිරුරේ ආහාර හා අනෙකුත් විෂ අපද්‍රව්‍ය බැහැර කරවීම සඳහා සහය ලබාදේ.

3.ඌරු මස් + ගෝවා

  • ඌරු මස් වල මේදමය ස්වභාවය අධික බැවින් දිනපතා ආහාරයට ගැනීමට සුදුසු නැත. කෙසේ හෝ වේවා, ඒවායේ ‘සෙලේනියම්’ අඩංගුය. ඒවා සිරුර තුල පිළිකා සෛල වර්ධනය වීමෙන් වළකයි. මෙම සුසංයෝගයෙන් සැදුම් ලත් ආහාර බඳුනක ‘සල්ෆෝරෆේන්’ නම් කාබනික ද්‍රව්‍ය අඩංගු වන අතර ඒවා මඟින් සෙලේනියම් වල ඵලදායීභාවය 13 ගුණයකින් වැඩිකරවයි.

4.තක්කාලි + පීකුදු

  • සිරුරේ යකඩ ඌන වීම නිසා දිගුකල් පවත්නා විඩාබර බව, අසනීප ගතිය, පරිවෘත්තීය වේගය අඩුවීම, හෘදයේ හා රුධිර නාල ආශ්‍රිත ගැටලු මතුවීම වැනි පීඩා ඇති විය හැක. කෙසේවෙතත්, විටමින් C නොමැතිව අක්මාවට යකඩ අවශෝෂණය කල නොහැකිය. තක්කාලි වල අඩංගු ඇස්කෝර්බික් අම්ල නිසා මෙම සුසංයෝගයෙන් ඔබේ සිරුරට හොඳ ප්‍රතිලාභ ලබාදීම සිදුවේ.

5.පාස්ලි + ලෙමන්

  • පාස්ලි සහ සිට්‍රස් මුසුව සිරුරට ඉතා හොඳ ගුණ දේ. පලා වල අඩංගු යකඩ මඟින් රුධිර ප්‍රවාහයට විටමින් C අවශෝෂණය වීම වැඩිදියුණු කරවයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම හා පරිවෘත්තිය ක්‍රියාවලින් වැඩිදියුණු වීම සඳහා විටමින් C යනු ඉතා වැදගත් පදාර්ථ පෝෂකයකි.

6.එළවළු + යෝගට්

  • වර්ණක, රසකාරක , කල් තබාගැනීමේ ද්‍රව්‍ය හෝ සීනි නොමැති යෝගට් ආහාරයට ගන්න. ඒවායේ කැල්සියම් බහුලය. එමඟින් ආමාශයේ ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු කරවන අතර අන්ත්‍ර තුල සිටින හිතකර බැක්ටීරියා වර්ධනය සාමාන්‍ය අතට පත්කරවයි. යෝගට් හා එළවළු (උදා: කැරට්, සැල්දිරි ආදි)මිශ්‍ර කර ආහාරයට ගැනීමෙන් සිරුරට ඉතා ඉහළ මට්ටමේ විටමින් පෝෂණයක් ලබාගත හැකිය. එළවළු වල අඩ්ංගු තන්තු පෝෂක මඟින් සිරුරට කැල්සියම් උරාගැනීමේ හැකියාව වැඩිදියුණු විමට හොඳ සහයක් ලබාදේ.

7.අලිගැට පේර + නිවිති

  • නිවිති වල ‘ලුටෙයින්’ සහ විටමින් A අන්තර්ගතය. නමුත් මෙම පෝෂක සිරුරට හිතකර ලෙස ප්‍රතිලාභ ලබාදෙන්නේ හිතකර එළවළු මේද සමඟ මුසු කල විටය. අලිගැට පේර වල ඒවා අඩංගුය. මෙම ආහාර සුසංයෝගය ආහාර ජීර්ණ පද්ධතිය ඉතා හොඳින් වැඩි දියුණු කරවයි.

8.ග්‍රීන් ටී + ලෙමන්

  • ග්‍රීන් ටී සමඟ ලෙමන් යුෂ ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම පිපාසය නිවාගැනීමට වගේම සිරුරේ ශක්තිය-ජවය යලි වර්ධනය කරගැනීමටත් ඉතා කදිමය. ග්‍රීන් ටි වල කැටෂින් අඩංගු වන අතර එම සංඝටක මඟින් දීර්ඝායුෂ ඇතිකරවීමට හා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත් බව ඇතිකිරීම සඳහා වගකියනු ලැබේ. ලෙමන් වල ඇති විටමින් C ගුණ මඟින් ග්‍රීන් ටී වලින් සිරුරට ලැබෙන ප්‍රතිලාභ වල සාධනීය බව තවදුරටත් වැඩිකරවයි.

9.තක්කාලි + ඔලිව් තෙල්

  • මෙය ඉතා ජනප්‍රිය ඉතාලි ආහාර සුසංයෝගයකි. තක්කාලි වල අඩංගු ‘ලයිකොපීන්’ මඟින් හෘදය හා රුධිරා නාලිකා වල නීරෝගිබව වැඩිදියුණු කරවයි. එමෙන්ම ඒවා මඟින් -ආතර්ස්ක්ලිරෝසිස් හෙවත් රුධිර නාලිකා සිහින් වී යාමේ රෝග තත්වය ඇතිවීම මෙන්ම මාරාන්තික ගැටිති වර්ධනය වීමට ඉඩ නොදී වළක්වනු ලබයි. ඒවා මේද සමඟ සුසංයෝග කර අනුභවයෙන් ලයිකොපීන් සිරුරට වඩාත් හොඳින් අවශෝෂණය වේ.

10.මස් + රෝස්මරි

  • මස් වල ප්‍රෝටීන් බහුලය. නමුත් මස් වර්ග පිලියෙල කරගන්නා ආකාරය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. ස්ටූ දැමීම, තැම්බීම හොඳ ක්‍රම වන අතර බේක් කිරීමේදි හා තෙල් වල බැදීමේදී ඒවායේ පිළිකාකාරක සංඝටක නිර්මාණය විය හැකිය. නමුත්, මෙවැනි අහිතකර බලපෑම් ඇතිවීම වළක්වාගැනීමට මස් පිසීමට පෙර රෝස්මරි සමඟ මුසු කර තබන්න. රෝස්මරි ඉතා ගුණදායක ඔසුවකි. ඒවායේ අඩංගු ප්‍රති-ඔක්සිකාරක ගුණ මඟින් උඳුන තුල පිසෙමින් පවතින මස් වල හානිකර ද්‍රව්‍ය නිර්මාණය වීමෙන් වළක්වයි.