Hela Rahas

Hela Rahas Official Web Portal

ප්‍රමාණය ඉක්මවා භාවිතා නොකර යුතු දේවල් 13ක්

කුඩා කාලයේ පටන්ම අප නීරෝගිකම පවත්වාගැනීම සඳහා අනුගමනය කල යුතු සෞඛ්‍යය පුරුදු හා පිළිවෙත් පිළිබඳව ඉගෙනගන්නවා. එවන් සෞඛ්‍යය අධ්‍යාපනයක් පුද්ගලයෙකුට විධිමත්ව වගේම අවිධිමත් ආකාර වලින් ද ලැබිය හැකියි. අවිධිමත් ක්‍රම යටතේ විවිධ අයගේ මත හා උපදෙස් අනුව සෞඛ්‍යය ගැන අවබෝධය ලැබීම එක් උදාහරණයකි. ඇතැම් විට අන්තර්ජාලයෙන් හමුවූ තොරතුරු විය හැකියි. ඇතැම් අය සමාජයේ අන් අය පවසන දේවල් ඒ ලෙසින්ම විශ්වාස කරමින් ඒවා අනුගමනය කිරිමට පවා උත්සුක වෙති.හොඳ සෞඛ්‍යය පුරුද්දක් වුවත් කවුරුන් හෝ කියූ නිසා නිතරම කිරීමට උත්සාහ කිරීම ඔබ නොසිතන ලෙසින් ඔබට අහිතකර ප්‍රතිඵල ඇතිකරවනු ඇත.

හොඳ පුරුදු වලට වුවත් එය එලෙසින්ම අදාලය. හොඳම දේ ඔබට අසන්නට ලැබෙන සෑම දෙයම විශ්වාස නොකිරීමයි. ඔබට හැකියි ඒවා පිළිබඳ වැඩිදුර කරුණු සොයාබැලීමට. එහිදි ඔබට ඔබ අසා ඇති බොහෝ දේවල් සත්‍යතාවක් නොමැති මත පමණක් බව ඔබට අවබෝධ වේවි.අද අපි ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ හිතකර සෞඛය පුරුදු වුවත් ප්‍රමාණය ඉක්මවා සිදුකිරීමෙන් ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම් පිළිබඳවයි. එනිසාම හොඳ පුරුදු වුවත් අවබෝධයකින් අනුගමනය කිරීම වැදගත් බව ඔබ මතක තබාගත යුතුයි!

1.දිනකර වතුර වීදුරු 8 ක් පානය කල යුතු බව

  • අධික උණුසුම් ප්‍රදේශයක දි හෝ ව්‍යායාම කිරීමෙන් පසු ඔබට දැඩි පිපාසයක් ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවල ඔබ අසල වතුර බෝතලයක් තබාගැනීම ඉතාමත් වැදගත් ය. නමුත්, ඔබ මතක තබාගත යුතු කරුණක් වන්නේ ඔබ ජලයට අමතරව පානය කරන විවිධ බීම වර්ග, යුෂ වර්ග, තේ , කෝපි ආදී පාන වල අඩංගු වන්නේ ද ජලය බවයි. ඒ අනුව දිනකට ඔබ පානය කරන ජලය අධි ප්‍රමාණයක් විය හැක. අධික ලෙස ජලය පානය කිරීම ඔබේ වකුගඩු වලට හානිකරය. වකුගඩු වලට සිරුරේ අතිරික්ත ජලය බැහැර කිරීමට නොහැකිවි අපහසුතා මතුවිය හැක. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති ශාරිරීක වෙනස්කම් අනුව දිනකට පානය කල යුතු ජලය ප්‍රමාණය වීදුරු 8 ක් ද නැතිනම් ඊට වඩා අඩු හෝ වැඩි ද යන්න තීරණය වේ. සිරුරේ අධික ජලය ප්‍රමාණයක් තිබීම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන බවට මෙතෙක් විද්‍යාත්මකව ඔප්පු වී නැත.එබැවින් සැලකිලිමත්වන්න.

2.අඳුරේදී පවා ඔබේ පෙනීමේ හැකියාව වර්ධනය කරගැනීමට නම් වැඩිපුර කැරට් ආහාරයට ගත යුතු බව

  • කැරට් යනු ඉතා හිතකර එළවළුවකි. නමුත් රාත්‍රී කාලයේ පවා පෙනීම ලබාගැනීමට එහි ඇති පෝෂක උපකාරි වන බව සත්‍ය නොවේ. ඒවායේ විටමින් A බහුල බැවින් ඇස් පෙනීම සඳහා ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිලාභ ලබාදෙන බව සත්‍යක් වුවත් අඳුරේදි කාටවත් ඇස් නොපෙනෙන බව කවුරුත් දනියි.එබැවින් එය මිත්‍යාවකි.තවද කොතරම් හිතකර වුවත් කැරට් අධික ලෙස ආහාරයට ගැනීම නිසා කැරොටීනීමියා (carotenemia) වැනි තත්වයක් හටගත හැකිය. එය කැරට් වල අඩංගු බිටා-කැරොටීන් වර්ණක වල බලපැමින් සම දුර්වර්ණ (අඳුරු තැඹිලි පැහැයට) වී යාමට පටන්ගන්නා තත්වයකි.

3.මග හැරුණු නින්ද වෙනුවට සති අන්තයේ වැඩි වෙලාවක් නින්දට යාම සුදුසු බව

  • සිරුරේ අලුත්වැඩියා කටයුතු හා ශක්තිය නැවත වර්ධනය ඇතුලු කායිකව මෙන්ම මානසික යහපැවැත්ම ඇතිවීමට නින්ද යනු අත්‍යාවශ්‍ය දෙයකි. සති දින වල කාර්යබහුලකම නිසා මග හැරුණු නින්ද වෙනුවට සති අන්තයේ වැඩි වෙලාවක් නිදාගැනීම ප්‍රයෝජනයක් නොමැති දෙයකි. ඉන් මගහැරුණු පැය ආවරණය කල නොහැකියි. ඔබ අධිකව නිදන්නේ නම් ඔබට අප්‍රසන්න මානසික ගැටලු හා අපහසුතා අත්දැකීමට සිදුවිය හැක.

4.සෑම ආහාර වේලකටම පසු දත් මැදීම

  • දිනකට දෙවරක් දත් මැදිය යුතු බව නිර්දේෂයයි. නමුත් ඔබ ආහාර ගත් සෑම විටකම දත් මැදීමට ජුරුවී සිටියි නම් ඒ එතරම් හිතකර නැත. ඉන් සිදුවන්නේ දත් වලට ආරක්ෂාවක් ලැබීම නොව හානිවිමකි. ඔබ යම් ආම්ලික දෙයක් ආහාරයට හෝ පානය කලේ නම් ඒ විගස දත් මැදීමට නොයන්න. එහිදී ඔබේ එනමලය දුර්වල බැවින් එය ඉවත්වී යනු ඇත. ආහාර ගැනීමෙන් අවම මිනිත්තු 30 ක් හෝ පැයකට පමණ පසු දත් මදින්න.

5.සීනි වෙනුවට ආදේශක භාවිතා කිරීම

  • සීනි පරිභෝජනය සීමා කිරීම සඳහා ඒ වෙනුවට සිනි ආදේශක භාවිතය කොතරම් දුරට බුද්ධිමත් තීරණයක් ද යන්න සිතා බැලිය යුතුය. මෙවැනි නිෂ්පාදන බහුතරයක් කෘතිම ඒවා වන අතර රසකාරක , වර්ණකාරක වල බලපෑමින් පුද්ගලයාට දිර්ඝකාලීන අතුරු ආබාධ පවා ඇතිකරවිය හැකිය.

6.පෝෂක අතිරේක භාවිතය

  • ආහාර අතිරේක පෝෂක අන් අය ලබාගන්නා නිසා භාවිතයට එක්කරගැනීම කිසිසේත් නොකල යුතුය. විටමින් අතිරේක පෝෂක බහුලව ගැනීමෙන් රෝගා බාධ වලට එරෙහිව ඔබේ සිරුර ආරක්ෂා වන්නේ නැති අතර ඒවා නිසා සිරුරට අහිතකර ප්‍රතිඵල පවා ඇතිවිය හැකි බව අධ්‍යන මඟින් පෙන්වාදේ.

8.ඝන ආහාර වෙනුවට ස්මූති ආදේශකයක් ලෙස ආහාර වේලට එකතු කරගැනීම

  • ස්මූති යනු හිතකර පානයක් වුවත් ඒවායේ බහුලව අඩංගු වන්නේ පලතුරු., ජලය හා එළකිරිය. ඒවායින් සිරුරට අත්‍යාවශ්‍ය පෝෂක සියල්ල නොලැබේ.එමෙන්ම බොහෝ ස්මූති පාන වර්ග වල පලතුරු විශාල ප්‍රමාණයකින් අන්තර්ගත බැවින් ඒවා පරිභෝජනය කිරීමෙන් පුද්ගලයෙකුගේ රුධිර සීනි මට්ටම එක්වරම ඉහළ යාමට වුවද ඉඩ ඇත. එමෙන්ම සිරුරේ බර රාත්තල් කිහිපයකින් වැඩි වීමටත් මෙය හේතුවක් විය හැකියි.

9.අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ආහාරයට ගැනීම

  • කාබෝහයිඩ්‍රේට් ආහාරයට නොගන්නා විට සිරුර මඟින් ඉතිරිව ඇති මේද පරිවර්තනය කරමින් සිරුරට ශක්තිය ලබාදේ. නමුත්,දිගුකාලීනව කාබෝහයිඩ්‍රේට් අනුභව නොකිරීම හිතකර නොවිය හැක. සුදු පිටි හෝ සුදු සීනි වැනි කෘතිම කාබෝහයිඩ්‍රේට් අනුභව කිරීමෙන් වැළකීමට උත්සාහ කරන්න. සම්පූර්ණ ධාන්‍ය වල බොහෝ තන්තු පෝෂක අඩංගුය.

10.සන්ස්ක්‍රීන් භාවිතය

  • සන්ස්ක්‍රීන් භාවිතය සමේ ඇති විය හැකි රෝග කිහිපයකටම එරෙහිව සමට ආරක්ෂාව ලබාදේ. නමුත් සමට විටමින් D අවශ්‍ය වේ. අධිකව සන්ස්ක්‍රීන් නිෂ්පාදන භාවිතයෙන් සමේ විටමින් D ඌනතාව හටගත හැකිය. අඳුරු සමක් ඇති පුද්ගලයින්ට සන්ස්ක්‍රීන් භාවිතා කිරීම අවශ්‍ය නැත. විශේෂඥයින් පවසන ආකාරයට දිනකට මිනිත්තු 10-15 ක් පමණ හිරු කිරණට සම නිරාවරණය විමට ඉඩ හළ යුතු බවයි. විටමින් D යනු විශාදය හා ඔස්ටියෝමැලේසියා වැනි තත්වයන් ඇතිවීමෙන් වළක්වාගැනීමට සිරුරට දායකත්වය ලබාදෙන පෝෂක විශේෂයකි.

11.දිනපතා ව්‍යායාම කිරීම

  • දිනපතාම ව්‍යායාම වල හෝ ක්‍රීඩා වල නිරතවීමෙන් සිරුරට විවේකයක් ලැබීමට කාලයක් නොලැබී යයි. මාංශ පේශී යථාතත්වයට පත්වීමට සහ සමස්ත සිරුරම ලිහිල් වීමට හොඳ විවේකයක් සිරුරට ලබාගැනීම ඉතා වැදගත්ය. අධිකව කය වෙහෙසමින් ව්‍යායාම කිරීමෙන් සිරුර අධිකව ආතතියට ලක්විම හා කැපීපෙනෙන ලෙස කෝර්ටිසෝල් මට්ටම ඉහළ යාම කෙරෙහි බලපෑ හැකිය.

12.කන් පිරිසිදු කිරීමට කොටන් බඩ් භාවිතය

  • කන් කලාඳුරු යනු අහිතකර දෙයක් නොවන අතර ඒවා ස්වභාවිකව කනේ ආරක්ෂාවට පිහිටා ඇත. ඒවා මඟින් කන තුලට කුණු දුහුවිලි ඇතුල් වීම වළකයි. එබැවින් කනේ පිටත කොටස් පිරිසිදු කරගැනීමට හැර කොටන් බඩ් කන තුලට දමා පිරිසිදු කරගැනීමට උත්සාහ නොකරන්න. කර්ණ නාලය තුලට ගැඹුරින් මේවා ඇතුල් කිරීම ඉතා භයානකය. එහිඩ්ජි ඇතිවිය කනට සිදුවිය හැකි අනතුරු වලින් බිහිරිබව, ඔක්කාරය හෝ ආහාර වල රසය නොදැනීයාම වැනි ගැටලු ඇතිවිය හැකිය.

13.සෞඛ්‍යාරක්ෂිත යැයි ලේබල් අලවා ඇති ආහාර පමණක් මිලදී ගැනීම

  • සෞඛ්‍යාරක්ෂිත යැයි ලේබල් අලවා ඇති සෑම ආහාර නිෂ්පාදනයක්ම එසේ වන බව විශ්වාස කිරීම බුද්ධිමත් පාරිභෝගිකයෙකුගේ ලක්ෂණයක් ද කියා නැවත වරක් සිතාබලන්න. එවැනි ක්‍රියා වෙලඳකරණ උපක්‍රම වේ. එබැවින් වඩාත් වැදගත් වන්නේ ඒඅවායේ අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුව කියවා බැලීමයි. එමඟින් ඔබ එම නිෂ්පාදනය මිලදී ගන්නේ ද නැති ද යන්න හොඳින් සිතා බලා තීරණය කරන්න.