Hela Rahas

Hela Rahas Official Web Portal

දිනපතා අඩි උස සෙරෙප්පු පැලඳීමෙන් සිදුවිය හැකි හානි 11ක්

අඩි උස සෙරෙප්පු පැලඳීම අද කාලයේ කාන්තාවන් අතර අතිශයින්ම ජනප්‍රිය විලාසිතාවකි. සිරුරේ උස වැඩිකර පෙන්වමින් සමස්ත විලාසිතාවට ආකර්ෂණිය නිමාවක් ලබාදෙන්නට මේ පාවහන් විලාසිතාව සමත් වෙනවා. නමුත්, ඔබේ සෞඛ්‍යය සම්පන්න නීරෝගිබව යනු අන් සැම දේටම වඩා වටිනාම දෙයයි. කොතරම් අලංකාර විලාසිතාවක් වුවත් අඩි උස සෙරෙප්පු පැලඳීම දීර්ඝ කාලීනව ඔබේ සිරුරට අයහපත් සෞඛ්‍යය බලපෑම් ඇතිකරවීමට සමත් ය. ඉන් කිහිපයක් පිළිබඳව අද අපි ඔබව දැනුවත් කිරිමට සිතුවෙමු.

1.කොන්දේ වේදනාවන් ඇති විය හැකිය

  • උස අඩි පාවහන් පැලඳ සිටින විට සිරුර ඉදිරියට බර වීම ඔබටත් නොදැනුව සිදුවිය හැකිය. එසේ සිදුවන්නේ කොන්ද ප්‍රදේශට එල්ල වි ඇති පීඩනය නිදහස් කිරීමේ අවශ්‍යතාව සිරුරට දැනීම නිසාය. එහිදි කොන්දේ ස්වභාවික වක්‍රය කාලයත් සමඟ වෙනස් වී, කශේරු බිම්බ වල, සන්ධි වල හා අස්ථි බන්ධන වල ඇති කාටිලේජ ගෙවියාමකට ලක්විය හැකිය. මේ හේතුවෙන් කොන්දේ පීඩාකාරි කැක්කුම්-වේදනා හටගැනීමට සිදුවේ.

2.දෙපතුල් වලට අනවශ්‍ය දැඩි පීඩනයක් එල්ල වේ

  • අඩි උස පැලඳ සිටින විට සිරුරේ ස්වභාවික සමබරතාවයට හානිවේ. ඒ හේතුවෙන් දෙපතුල් වල ගෝල ප්‍රදේශයට අධික පීඩනයක් ඇතිවිය හැකි අතර ඔබේ ඇවිදීමේ වේගයට, පියවර තැබීමේ දුර හා ගමන් විලාසයට බලපෑම් ඇතිකරවයි.

3.දණහිස් වලට හානි ඇතිවිය හැකිය

  • දණහිස් අධිකව ව්‍යවර්තනය වීම නැතිනම් ඇඹරීමට ලක්වීම හා සම්පීඩනයට ලක්වීම හේතුවෙන්, අඩි උස පැලඳීමේදි ඔබේ දණහිස් බිඳීයාමේ අවදානම වැඩිය. පීඩාකාරී ඔස්ටියෝආතරයිටීස් තත්වයෙන් බහුතරයක් පෙළෙන්නේ පිරිමින් නොව කාන්තාවන් ය. අඩි උස පැලඳිම ඊට බලපාන හේතුසාධක වලින් එකක් ලෙස සැලකේ.

4.වළලුකර ප්‍රදේශය පීඩාවට ලක්වේ

  • උස වැඩි බව නිසා පාදයේ කෙණ්ඩා මාංශ පේශී වලට පීඩාවක් ඇතිවිය හැකි අතර ඇවිදින විට පාදයේ වළලුකර ප්‍රදේශයට පියවර ඉදිරියට තැබීම වඩාත් අපහසු බවක් දැනිය හැකිය. අඩි උස පලඳින විට වළලුකර එහි ස්වභාවික ඉරියව්වෙන් නොපවතින හේතුව නිසා ඇකිලීස් කණ්ඩරාව සංකෝචනයට ලක්වීම සිදුවිය හැක.දිගුකලක් ගත වීමේදී එම ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රදාහය තත්වයක් පවා වර්ධනය වීමට ඉඩ ඇත. එය හඳුන්වන්නේ ඇකිලීස් කණ්ඩරාදාහය හෙවත් insertional Achilles tendonitis යනුවෙනි.

5.උකුල් ප්‍රදේශය පීඩාවට පත් වේ

  • අඩි උස පැලඳීම නිසා පසුකාලීනව උකුල් ප්‍රදේශය ආශ්‍රිත වේදනා කැක්කුම් මතුවිය හැකි බව අධ්‍යන මඟින් පෙන්වාදේ. උකුල් ප්‍රදේශයේ ඇති මිංජක පේශී (flex muscles) අඛණ්ඩව නැවී තිබෙන ඉරියව්වක් ගැනීමට බල කෙරෙන අතර එසේ එම පේශී සංකෝචනය වීම හේතුවෙන් කාලයත් සමඟ ඔබේ සිරුරේ සෞඛ්‍යය ගැටලු මතුවීමට පටන්ගත හැකිය.

6.පාදයේ කුඩා ඇඟිල්ල සිහින් වීම හා බි‍ඳෙන සුළු ස්වභාවයට ලක්විය හැකිය

  • විවෘත වී නොමැති පාවහන් විලාසිතා භාවිතයේදි ඇඟිලි එතුල තෙරපී දැඩි පීඩනයකට ලක්වේ. කාලයක් තිස්සේ එවැනි පාවහන් පැලඳීම නිසා කුඩා ඇඟිලි සිහින් වී යාම හා පහසුවෙන් බි‍ඳෙන සුලු ස්වභාවයට පත්වීම සිදුවිය හැකිය. ඇතැම් අය විලාසිතාවට තිබෙන කැමැත්ත නිසාම මෙම ඇඟිලි වෙනස් කරගැනීමට වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට පවා යොමුවෙති.

7.Ingrown nails’ හෙවත් නියපොතු සම ඇතුලට වර්ධනය විමේ පීඩාකාරි ගැටලු හටගත හැකිය

  • සම තුලට වර්ධනය වූ නියපොතු ඇතිවීම ඉතා පිඩාකාරීය. එවැනි තත්වයක් ඇතිවිටක උස් අඩි පාවහන් පැලඳීම පීඩාව තවත් දෙගුණ කරවනු ඇත. විශේෂයෙන්ම ඒ හේතුවෙන් අධික වේදනාව ඇතිවීම, රතු වීම මෙන්ම ඇතැම් විට ආසාදනයන් පවා ඇතිවිය හැකිය. ඇතැම් අවස්ථා වල උස් පාවහන් පැලඳීම නිසා ද එසේ නියපොතු සම තුලට වර්ධනය වීමේ අවදානමක් ඇතිවිය හැකිය.

8.මිටියාකාර පාදංගුලි තත්වය’ හෙවත් ‘hammertoe’ තත්වය වර්ධනය වීමට ඉඩ ඇත

  • මාංශ පේශී, කණ්ඩරා හා අස්ථිබන්ධන වල අසමබරතාව හේතුවෙන් මෙවැනි පීඩාකාරි තත්වයන් වර්ධනය වීමට ඉඩ ඇත. මෙය එක්තරා ආකාරයක පාද විකෘතිතාවකි. පාවහන් වල ඉදිරිපස කොටසේදි ඇඟිලි ඒවායේ ස්වභාවික ඉරියව්වෙන් නොතිබී, වඩාත් දැඩි පීඩනයකින් තෙරපී තිබීම නිසා කාලයක් ගත වන විට මෙවැනි තත්වයක් ඇතිවේ.

9.වෙරිකෝස් නහර තත්වය’ වර්ධනය විය හැකිය

  • අඩි උස පාවහන් පැලඳ සිටගෙන සිටින විට රුධිරය නහර හරහා සාමාන්‍ය පරිදි පොම්ප වීම සිදුනොවේ. ඊට හේතුව කෙණ්ඩා මාංසහ් පේශිය සංකෝචනය වී තිබීමයි. මේ හේතුවෙන් කාලයක් ගත වන විට වෙරිකෝස් තත්වයක් ඔබේ පාද වල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබේ පාදවල දැනටමත් එසේ නහර ගැටගැසීමේ තත්වයක් නිරික්ෂණය කල හැකි නම් ස්නීකර් වර්ගයේ සරල පාවහන් යුගලක් භාවිතයට ගැනීම වඩාත් හිතකර වනු ඇත.

10.සිරුරේ සාමානය නම්‍යතාව ගිලිහී යනු ඇත.

  • ඉහත සඳහන් කල පීඩාකාරි තත්වයන්ගේ බලපෑමින් ඔබේ සිරුරේ ස්වභාවික ඉරියව්වට දැඩි බලපෑමක් ඇතිවේ. ඒ හේතුවෙන් සිරුරේ සාමාන්‍ය නම්‍යතාවය හා සංචලන හැකියාවන් දුර්වල වී යනු ඇත. මාංශ පේශි වල තදබව වැඩිවීයාම හේතුවෙන් එදිනෙදා කටයුතු වල නිරතවිම ඔබට දැඩි අපහසුකාරී වනු ඇත. පඩි පෙළක් නැගිම, යම් දුරක් දිවීම හෝ ඇවිදීම පවා ඔබට පීඩාවක් ගෙන දෙනු ඇත. ඔබේ පාද හොඳින් සම්බාහනය කරගැනීම මෙවැනි තත්වයන් ඇතිවීම වළක්වාගැනීම සඳහා නිර්දේෂිත හොඳම ක්‍රම වලින් එකකි.
  • අඩි උස පාවහන් පැලඳීමට පෙර හෝ දිගු වෙලාවක් පැලඳ සිටීමෙන් පසුව ඔබේ පාද සඳහා සිදුකල හැකි ස්ට්‍රෙචිං ව්‍යායාමයක් ගැනයි මේ.අඟලක් පමණ උස ලී කොටයක් බිම තබා ඔබේ පාදයේ ඇඟිලි වලට පහළ ගෝලාකාර ප්‍රදේශය ඒ මත තබා විලුඹ පොලොව මත ස්පර්ෂ කර තබාගන්න.

11.දණහිස් වලින් ඉදිරියට නැවී එය අතට ගැනීමට උත්සාහ කරන්න.

  • තත්පර 30 ක් පමණ එම ඉරියව්වෙන් ‍රැඳී සිට කකුල වෙනස් කරමින් නැවත ව්‍යායාමයේ යෙදෙන්න. මෙය එක් පාදයකට වාර 2-3 ක් පමණ නැවත නැවත සිදුකරන්න.