Hela Rahas

Hela Rahas Official Web Portal

එදිනෙදා භාවිතා වන භාණ්ඩ වල සැගවුණු දේවල් 7ක්

එදිනෙදා ජීවිතයේ අපි විවිධ බඩු බාහිරාදිය භාවිතා කරනවා. ඇතැම් භාණ්ඩ වල පිහිටා ඇති කොටස් වලින් තිබෙන ඇත්තම ප්‍රයෝජනය කුමක් වෙන්න ඇති ද කියා ඔබ ජීවිතයේ එක් වතාවක් හෝ සිතාබලන්නට ඇති. එදිනෙදා භාවිතා කරත් ඇතැම් භාණ්ඩ සම්බන්ධ මේ කරුණු ඔබ මින් පෙර දැන නොසිටින්නට ඇති.

1.iPhone වල ඇති reachability සුවිශේෂාංගය මඟින් දුරකථනය භාවිතය පහසු කරවයි

  • නවතම ඇපල් දුරකථන වල එන Reachability නම් නවතම සුවිශේෂි සැකසුම මඟින් තිරයේ ඉහළ කෙළවර ඇඟිලි භාවිතා නොකර ප්‍රවේශ වීමේ හැකියාව ඇත. තිරය පහළට ඇදීමට අවශ්‍ය නම් Accessibility නම් සැකසුම් කොටසේ ඇති මෙනමි ඇති සැකසුම භාවිතා කරන්න.

2.දත් බුරුසුවේ කෙඳි වල පැහැයෙන් ඒවා මාරු කිරීමට කාලය ඔබට දන්වයි

  • දත් බුරුසු වල කෙඳි විවිධ වර්ණ වලින් නිපදවනු ලැබුවද බොහෝ විට ඒවා නිල් පැහැයෙන් නිපදවයි. භාවිතයත් සමඟ ඒවා අවපැහැගැන්වී යයි. එමඟින් ඔබට දත් බුරුසුව කල් ඉකුත් වී ඇති බව සහ බුරුසුව අලුත් එකකට මාරු කල යුතු බව සංඥා කරයි.

3.පි‍ටුපස බලන කණ්ණාඩි පුවරුව සකසා ඇත්තේ දහවලට සහ රාත්‍රි කාලයට අවශ්‍ය පරිදි වෙනස්කල හැකි ආකාරයටය

  • මෙම පුවරුව සකස් කර ඇත්තේ මෝටර් රථ අනතුරු වලින් රියදුරු ආරක්ෂා කිරීමටය. දහවල් කාලයට උචිත පරිදි ඉරියව්ව වෙනස් කරමින් ඔබට පි‍ටුපසින් එල්ල වන හෙඩ්ලයිඩ් ආලෝකයේ බලවත් දීප්තිය අඩු කරගත හැකිය. ඩිම් කිරීම නැතිනම් ආලෝකයේ දීප්තිමත් බව අඩු කිරීම මඟින් ඉන් ඇසට ඇතිකරවන අපහසුතා මගහරවයි.

4.පීනට් බටර් බඳුනක් අසුරාතැබීමට හොඳම ක්‍රමය උඩු යටි කුරු කර හරවා තැබීමෙනි

  • මූඩිය උඩු අතට නොව යටි අතට හරවා තැබීමෙන් බටර් වලින් වෙන්වන තෙල් උඩට මතුවීම වළක්වාගත හැකිය.

5.ළදරු ඔනෙසි ගලවන ක්‍රම 2 කි

  • මේවායේ ඇත්තේ පැළුම් යෙදු කරවල් ය. එමඟින් කිළිටි ඇඳුම ඔලුව උඩින් ගැලවීම සිදුනොකර උරහිස් වලට උඩින් ගලවා ඉවත් කල හැකිය.

6.කිචන් ෂියර් කතුරු වල මැද ලෝහ දත් පිහිටා ඇති අතර එය වෙනත් ප්‍රයෝජන සඳහා භාවිතා කල හැකිය

  • මෙම තියුණු දත් කොටස මඟින් ඇට වර්ග පැලීම, තද ක‍ටු බිඳීම සහ ඝනකම් යමක් පැලීම වැනි ප්‍රයෝජන ලබාගත හැක. එමෙන්ම බෝතල් වල සහ වීදුරු බඳුන් විවෘත කරගත හැක.එමෙන්ම පළා අතු වලින් කොළ ඉවත් කිරීමට ද භාවිතා කල හැක.

7.අමතර ලූපයක් සහිත ජීන්ස් කලිසම් පා පැදි ධාවකයින්ට ඉතා ප්‍රයෝජනවත්ය

  • මෙසේ අමතර ලූපයක් පාපැදි ධාවකයින් අඳින ජීන්ස් කලිසම් වල මසා ඇත. මෙම ලූපය බයිසිකලය මත ගමන් කරන විට ලොක් එකක් ලෙස ක්‍රියාකරයි.