Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට සමාගම් වල නිල ලාංඡන පිටුපස තිබෙන රහස් 10ක්

ඇතැම් නිල ලාංඡන නිරීක්ෂණය කිරීමේදී නිර්මාණකරුවාගේ සැබෑ අරමුණ වන්නට ඇත්තේ කුමක් දැයි අපට කුතුහලයක් ඇති වන තරමට ස්වරූපයෙන් ඉතා වෙනස්ය. ඇත්තෙන්ම ඒවා අහඹු නිර්මාණ ද? නැතිනම්, ඒවා තුලින් යම් අර්ථයක් නිරූපණය කෙරෙනවා ද?
මේ පුවත ලොව අතිශයින්ම ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට සමාගම් වල නිල ලාංඡන ඇතුලේ සැඟවී ඇති අපූරු කතා කිහිපයක එකතුවක් ගැනයි.

1.Dreamworks Pictures’

  • මෙම නිල ලාංඡනය සැකසීමේදී මුල්ම අදහස වී ඇත්තේ ‘සඳ මත මිනිසෙකු මාලු බාමින් සිටින ආකාරයක් නිරුපණය කිරීමයි’. රොබර්ට් හන්ට් නම් මෙම ලාංඡනයේ නිර්මාණ ශිල්පියා එහි වෙනස්ම ස්වරූපක් ලෙස මිනිසා වෙනුවට ළමයෙකු ඇතුලත් කර එය සැකසීමට යෝජනා කර තිබෙනවා.ඒ ආකාරයෙන් සිය නිල ලාංඡනයේ ස්වරූපය එසේ විය යුතු බව සමාගම අවසන් තීරණයකට පැමිණ තිබිණි. නමුත්, අහම්බෙන් වගේ එම නිර්මාණ ශිල්පියා විසින් ලාංඡනයේ ළමයාගේ රුව නිර්මාණය කිරීම සිදුකර තිබුණේ ඔහුගේ පුත් විලියම් ගේ හැඩහුරුකම් අනුවයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ තරුණ අවධියේ පසුවන ඔහුගේ රුවයි.

2.Columbia Pictures’

  • දැල්වෙන ගිනිසිළුවක් අතින් ගත් කාන්තාවකගේ රුව මෙම සමාගමේ නිල ලාංඡනය බවට පත්වූයේ 1924 දීය. නමුත්, මෙම රුව සඳහා කිසිඳු මිනිස් රුවක් පාදක වී නොමැති බව තොරතුරු වාර්තා වේ. එය සැබැවින්ම වෙනස් නිර්මාණ 2 කා සංකලනයකින් ගොඩනගන ලද්දකි. එහි මෑතකාලීන සංස්කරණයක් වන 1992 දි එලි දැක්වූ ලාංඡනයට පාදක වී ඇත්තේ ජෙනී ජෝසප් නම් සාමාන්‍ය ඇමෙරිකානු ගෘහණියකගේ රුවකි.

3.Metro-Goldwyn-Mayer’

  • මෙම ලාංඡනය සඳහා මුල් වූ අදහස ඉදිරිපත් කර ඇත්තේ 1924 දී එහි ප්‍රචාරක අධ්‍යක්ෂවරයා ව සිටි හෝවර්ඩ් ඩයට්ස් විසිනි.ඔහු අධ්‍යාපානය ලැබූ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ තිබූ The Lions නම් ක්‍රීඩා කණ්ඩායම පිළිබඳ මතකය ඊට හේතුව වී තිබූ බව පැවසේ. එතැන් පටන්, මෙම සමාගමේ ප්‍රධාන නිල ලාංඡනය සිංහ රූප 5 ක් මඟින් නිරූපණය කර ඇත- ඔවුන්, ස්ලැට්ස්, ජැකී, ටැනර්, ජෝර්ජ්, සහ ලියෝ නම් වේ.

4.Paramount Pictures’

  • මෙහි නිර්මාණ ශිල්පියා වන විලියම් හොඩ්කින්සන් විසින් තමන් හැදි වැඩිණු උටාහ් හි බෙන් ලොමොන්ඩ් කන්දට සමාන ආකාරයේ පෙනුමක් ගන්නා කන්දක සිතුවමක් මේ සඳහා සිත්තම් කරන්නට විය. 1914 සැකසූ මුල් පිටපතේ තරු 24 ක් තිබී ඇත. මෙමඟින් මෙම ස්ටූඩියෝව සමඟ ගිවිසුම් අත්සන් තැබූ රංගන ශිලිපීන් සංඛ්‍යයාව සංකේතවත් කර ඇත. නමුත්, නවතම සංස්කරණයේ ඇත්තේ තරු 22 ක් පමණි. කිසිවෙකුත් ඊට හේතුව තවමත් නොදනයි.

5.Warner Bros’

  • සමාගමේ හිමිකරුවන් දෙපළගේ මුල් අකුරු දෙක සහිත මෙය ඉතා සරල සැකැස්මක් සහිත ලාංඡනයකි.නමුත්, මෙය ඔවුන්ගේ සැබෑ අවසන් නාමය නොවේ. ඔවුන් දෙපළගේ දෙමාපියන් රුසියානු අධිරාජ්‍යයෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වුවන් වූ අතර ඔවුන්ගේ සැබෑ අවසන් නාමව Wonskolaser නම් වේ.

6.Walt Disney’

  • මෙම ලාංඡනයෙන් පිළිඹිබු කරන්නේ සුරංගනා කතාවක එන මාලිගාවක් වැනි රූපයකි. මේ සඳහා මුල්ම අදහසට හේතු සාධක වී ඇත්තේ ජර්මනියේ පිහිටි Neuschwanstein නම් මාලිගාවයි. කෙසේවෙතත්, 2006 වසරේ සිට පැරිසියේ ඩිස්නිලන්තයේ පිහිටි සින්ඩරෙල්ලා මාලිගයේ ඡායාරුපය එම සමාගමේ නිල ලාංඡනය වෙත භාවිතා වෙමින් පවතියි.

7.Pixar’

  • මෙම සමාගමේ නිල ලාංඡනය බිහිවූයේ එහි පළමු චිත්‍රපටයේ සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි. Luxo Jr. නම් සජීවිකරණයට ලක්කර ලාම්පු රුව මිනිසුන් අතරේ ඉතා ජනප්‍රිය විය. මෙම චරිතය 1986 එම සමාගමේ කෙටි චිත්‍රපටයක් සඳහා යොදාගැනුනකි. අවසානයේ එම රුව ‘ I ’ අකුර වෙනුවට භාවිතා වන අලංකරණයක් ලෙස ලාංඡනයට ඇතුලත් විය.

8.‘Castle Rock Entertainment’

  • 1980 දශකයේ මෙම සමාගම තම චිත්‍රපට නිර්මාණය කළේ ස්ටෙෆන් කින්ංග් ගේ නවකතා පාදක කරගෙනය. මෙම සමාගමට එහි නම ලැබුණේ කිංග් ගේ නවකතා වල නිතර සඳහන් වන කාසල් රොක් නම් මන:කල්පිත නගරය පසුබිම් කරගෙනය. එහි ලාංඡනය සඳහා යොදාගෙන ඇත්තේ 1993 වසරේ තිරගත වූ කිංග් ගේ නවකතාවක් පාදක කරගෙන නිර්මාණය වූ ‘Needful Things’ නම් චිත්‍රපටයේ ජවනිකාවක එන ප්‍රදීපාගාරයයි.

9.‘Lions gate’

  • Lions Gate යනු වැන්කෝවර් හි පිහිටි එක් පාළමකි. එම ප්‍රදේශය මෙම සමාගමේ නිර්මාතෘ වූ රොබර්ට් ඕල්ට්මාන් උපත ලද ප්‍රදේශයයි. නමට අදාල වුවද මෙම ලාංඡනය සඳහා කිසිඳු විටෙක සිංහ රූපය භාවිතා වී නැත.

10.‘Scott Free’

  • මෙහි ලාංඡනයේ දැක්වෙන්නේ මිනිසෙකු කුරුල්ලෙකු බවට පරිවර්තනය වන ආකාරය දැක්වෙන සජීවිකරණ නිර්මාණයකි. ඉන් පුද්ගලයා නිදහස අත්පත් කරගැනීම යන්න සංකේතවත් කෙරේ. මෙහි නිර්මාණ ශිල්පියා විසින් එහි එන සෑම චලනයක්ම අතින් සිතුවම් කර, එම සෑම සිතුවමක්ම ඡායාරූපගත කිරීමෙන් මෙම ලාංඡනය සකසා ඇත.