Hela Rahas

Hela Rahas Official Web Portal

හෝටලයක නිවාඩු ගත කිරීමට සිතන ඔබ දැනගත යුතු රහස් 10ක්

සුපිරි හෝටලයක නවතැන් ගනිමින් ඔබේ නිවාඩුව ගත කිරීමට ඔබ සැලසුම් කරගෙන ඉන්න ඔබට ප්‍රයෝජනවත් විය හැකි රහස් කිහිපයක් ගැනයි අද අපි කියන්න යන්නේ. ඔබේ මුදල් අනවශ්‍ය විදියට නාස්ති කරනොගෙන ඔබේ නිවාඩුව උපරිම විනෝදයෙන් ගත කරන්න මේ දේවල් ගැන දැනුවත්වි සිටීම ඔබට බොහෝ විට ප්‍රයෝජනවත් වේවි.

1.හෝටලයට යාමට දින 1-2 කට පෙර කාමරයක් වෙන්කරවාගන්න

  • හෝටල් වල අය කිරීම් දිනපතා විවිධ මිල ගණන් ලෙස වෙනස් විය හැක. එය බොහෝ විට විශේෂ උත්සව සමයන් හා අවස්ථාවන් අනුව සිදුවේ.

2.ඔබට ලැබුණු කාමරයට ඔබ අකමැති නම් එය නොමිලේ මාරු කරගැනීමට හැකියාව ඇත

  • ඔබ වෙන්කරවාගත්තේ අවට දර්ශණීය බව පෙනෙන ආකාරයේ කාමරයක් වුවත් ඔබට ලැබී ඇත්තේ ගොඩනැගිලි පමණක් පෙනෙන කවුලුවක් සහිත කාමරයක් නම් ඔබට ඔබේ අවශ්‍යතාව පරිදි කාමරයක් ඉල්ලා සිටීමට අයිතියක් ඇත.කුමක් හෝ හේතුවක් නිසා ඔබ ඉහළම හෝ පහළම තට්‍ටුවේ කාමරයක සිටීමට අකමැතිනම් වෙනත් කාමරයක් ලබාගත හැකි දැයි කාරුණිකව විමසන්න. එහි හිස් කාමර ඇත්නම් බොහෝ විට ඔබට ඉන් එකක් ලැබෙනු ඇත. හෝටල් කාමර වෙනස්කරගැනීම සඳහා අමතර කිසිඳු ගාස්තුවක් අය නොවිය යුතුය.

3.තරු ගණන අනුව නොව එයට හිමි ratings මත පදනම්ව හෝටලය ‍තෝරාගන්න

  • තරු 5 හෝටලයකට වඩා තරු 3 හෝටලයක සුපිරි ආහාර පාන සහිතව සැපහසු නිවාඩුවක් ගත කිරීමට හැකි අවස්ථා තිබිය හැක. එබැවින් හෝටල් කාමර වෙන්කරවාගැනීමට පෙර අදාළ හෝටල් සඳහා ලැබී ඇති ප්‍රතිචාර (reviews) ගැන දැනුවත්වන්න. බහුතර දෙනාගේ අදහස් කියවා අදහසක් ලබාගන්න.

4.ෂැම්පු, ෂවර් ජෙල් ඔබට ගෙන යා හැකිය

  • එය ගැන වරදකාරී හැඟීමක් ඇති කර නොගන්න. එසේ පහසුවෙන් කසල ලෙස බැහැර කල හැකි ආකාරයේ ඇසුරුම් වල ඒවා තබා ඇත්තේ ඒ නිසයි. නමුත් ඔබ භාවිතා කල කාමරයේ තිබූ තුවා සහ වෙනත් රෙදි කාමරයේම තබායන්න.

5.රන් යතුරු පැලඳ සිටින හෝටල් සේවකයින් ඔබේ ඕනම ගැටලුවකට පිළිතුරු දෙනු ඇත

6වට්ටම් ලබාදෙන හෝටල් කාමර සෘජුව හෝටලය අමතා ඔබේ නමින් වෙන් කරවාගන්න

  • හෝටලය විසින් වියදම් කරමින් ඇතැම් වෙබඩවි හරහා ඔවුන්ගේ හෝටල් කාමර සඳහා ලබාදෙන විශේෂ වට්ටම් අවස්ථා ගැන වෙළඳදැන්වීම් පලකරයි. නමුත්, අන්තර්ජාලයේ පල වන එවැනි දැන්වීම් හරහා හෝටල් කාමරය මුදල් ගෙවා වෙන්කරගැනීම සිදුනොකර සෘජුව හෝටලය අමතා එවැනි වට්ටම් ගැන දැනුවත් වී කාමරයක් වෙන්කරගැනීම වඩාත් ආරක්ෂිතය.වෙබ් අඩවි හරහා සිදුවූ වෙන්කරගැනීමකදි හෝටලයට එම වෙබ් අඩවිය සඳහා මුදලක් ගෙවීමට සිදුවන නිසා මෙසේ සෘජුවම කාමර වෙන්කරගැනීම් ඔවුන්ට වාසිදායකය.

7.අන්තර්ජාලයේ ඔබ දු‍ටු පින්තූර වලට වඩා හෝටලයේ ස්වරූපය වෙනස්විය හැක

  • ඔබ බලාපොරොත්තු වූ සුඛෝපභෝගි කාමරයට වඩා බොහෝ සෙයින් වෙනස් කාමරයක් ඔබට ලැබෙන්නට ඉඩ තිබිය හැකි අවස්ථා ඇත. ඒ නිසා ඔබ ගමන් කිරීමට බලාපොරොත්තු වන හෝටලයේ ඡායාරූප ගැන වැඩිපුර සොයාබැලීමක් කරන්න. බොහෝ විට එහි ගමන් කල සංචාරකයින් එහි ඇත්ත ඡායාරූප අන්තර්ජාලයේ පල කරති.

8.මිනිබාර් එක පිරික්සන්න

  • වෙනත් කෙනෙකු විවෘත කල පාන වර්ග සහිත බෝතල් වලට ඔබ මුදල් ගෙවීමට අවශ්‍ය නැති නිසා ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. ඇතැම් විට කලින් ලැගුම්ගත් පුද්ගලයා ඉන් එකක් පානය කර සරදමක් ලෙස ඉතිරිය ජලය පුරවා නැවත ශීතකරණයට දමා තිබෙනවා විය හැකියි.

9.රථ වාහන ගාල් කිරීම සම්බන්ධ කොන්දේසි හොඳින් කියවන්න

  • බොහෝ දුරට කොන්දේසි මඟින් දැක්වෙන්නේ හෝටල් පරිශ්‍රයේ නවත්වා ඇති වාහන සඳහා හෝටලය වගකීමක් දරන්නේ නොමැති බවයි.

10.කාමර වෙන්කරගැනීම අවලංගු කිරීමට

  • ඔබේ අතින් යම් ගාස්තුවක් වැය වීම වළක්වාගැනීමට එක්වරම වෙන්කරගැනීම අවලංගු නොකර, එය සතියක් කල් දමාගෙන පසුවදා එම වෙන් කරගැනීම අවලංගු කරන ලෙස හෝටලයට ඇමතුමක් දෙන්න.