Hela Rahas

Hela Rahas Official Web Portal

හදිසි අවස්ථාවක ඔබට ප්‍රයෝජනවත් විය හැකි උපදෙස් 9ක්

මග තොටේ ගමන් කරන සෑම අවස්ථාවකම ඔබට ඔබට විශ්වාසවන්ත අයෙක් සමඟම ගමන් කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. නිවසින් පිටත ඕනෑම අවස්ථාවක් අනාරක්ෂිත වීමේ අවදානම වැඩියි. ඉතින් එවැනි අවස්ථාවකදි ඔබේ සහයට ඉන්නේ ඔබම පමණක් විය හැකියි. ඇතැම් විට ඔබට අවස්ථාව අනුව කෙනෙකුගෙන් උදවු ඉල්ලා සිටීමට හැකි වේවි. එසේ නොවන අවස්ථා වලදී ඔබේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ වගකීම පැටවෙන්නේ ඔබ මතටයි.

අසීරු අවස්ථාවන් වලදී ඊට මුහුණ දිය හැකි ආකාර දෙකකි. එය ‘ෆයිට් ඕ ෆ්ලයිට්’ යාන්ත්‍රණය හෙවත් සටන් කිරීම හෝ එසේ කල නොහැකි විට උපක්‍රමශීලීව පලායාම නම් වේ.අනපේක්ශිතව ඔබ කරදරයකට හෝ විපතකට පත්වූ විට ඔබ නොසන්සුන්වීම, බියට පත්වීම නිසා කරකියාගැනීමට දෙයක් නොමැතිව අසරණ විය හැකිය. නමුත්, එවැනි අවස්ථාවක ඔබ ක්‍රියාකල යුතු ආකාරය පිලිබඳ උපදෙස් සහ උපාය ක්‍රම ගැන ඔබට පූර්ව දැනුමක් තිබේ නම් එය ඔබට වාසිදායක වනු ඇත.

එවැනි අවස්ථා කිහිපයකදි ඔබට ක්‍රියාකල හැකි ආකාර කිහිපයක් පිලිබඳව යම් අදහසක් දීමට අප සිතුවා. මේ දැනුම ඔබට හදිසි අවස්ථාවකදි කලබල නොවී ඊට උචිත පරිදි ක්‍රියාත්මක වීමට ඔබට සහයක් ලබාදේවි.

1.ජෙලි‍ෆිෂ් මාලුවෙකු දෂ්ට කල විට

  • එවැනි අනතුරක් සිදුවූ වහාම ජලයෙන් ඉවත්විය යුතුය.දෂ්ට කල තුවාලය මත ඉතිරිව ඇති මාලුවාගේ කොටස් ට්වීසරයක් භාවිතයෙන් ඉවත් කරගන්න.මිනිත්තු 20-40 ක් පමණ ආසාදිත ස්ථානය උණු වතුරේ පොඟවාගෙන සිටින්න.බරපතල නොවන දෂ්ට කිරීම් තුවාල දිනපතා හොඳින් සෝදා අයිස් පොට්ටනි වලින් තවන්න. බරපතල තුවාල සඳහා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම නුවණට හුරුය.

2.මෝරෙකුගේ ප්‍රහාරයකින් බේරීමට

  • කලබල වි ජලය කැලතීමෙන් වළකින්න, ඉන් ඔබ දෙසට අනවශ්‍ය ලෙස සතාගේ අවධානය යොමුවිය හැක. මාලුවා දෙස හොඳින් බලාසිට ප්‍රහාරයට සැරසෙන අවස්ථාව හඳුනාගන්න. අත්පා විහිදුවා ඔබව ජලය තුල විශාල කර පෙන්වා සතාව බියවද්දන්න.එසේ නොමැතිව ඔබ අසලින් ගමන් කරන විට හැකිතාක් නොසෙල්වී කුඩාවට හැකිලී සිටීමට උත්සහ කරන්න. ප්‍රහාර එල්ල කරයි නම් කරමලය වැනි සංවේදි ප්‍රදේශයන්ට පා පහර දෙමින් අතින් පහර දෙමින් සටන් කරන්න. මාලුවාට ඔබ පි‍ටුපසට ගමන් කිරීමට ඉඩ නොදෙන්න. ඒ ආකරයෙන් මෝරා බියවැද්දා පලවා හැරීමට ඔබ සාර්ථක වුවහොත් නැවතත් සතාගේ අවධානයට ලක්නොවන සේ සෙමින් ජලය නොකලඹමින් වෙරලට ගමන් කරන්න.

3.වලස් ප්‍රහාරයකින් බේරීමට

  • දුඹුරු වලසෙකු ඉදිරියට මුණ ගැසුණු විට දිව නොයන්න. ඔබ ඔවුන්ට තර්ජනයක් සේ නොපෙන්වන්න. වලසාගේ ඇස් දෙස සෘජුව බලාගෙන නොසිටින්න. සිරුර හැකිළීමට උත්සහ කරන්න. බිමට ඇදවැටී මිනිත්තු 20 ක් පමණ මිය ගිය ආකාරයෙන් සිටින්න. වලසා ඉවත්ව යන තුරු එසේ සිටීමට උත්සහ කරන්න. හිස සහ බඩ ආරක්ෂිතවේ පවතින ඉරියව්වකින් බිම වැතිරී සිටින්න. කලු වලසෙකු මුණ ගැසෙන විට ඔබේ සිරුර වඩාත් විශාල කර පෙන්වමින් අත් ඉහළට කර වනමින් බිය වද්දන්න.වලසා ඔබට පහර දීමට සූදානම් වේ නම් නාසය් හෝ සතාගේ වෙනත් සංවේදි ස්ථානයටකට ගලකින් හෝ කෝ‍ටුවකින් පහර දෙන්න. වලසා එතැනින් පලායන තුරු ඔබට සටන් කිරීමට සිදුවේ.

4.ඔබේ මෝටර් රථය කිසිවෙකු බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත් කරන විට

  • ඔවුන් ඔබේ වාහනය පසුපස දිගින් දිගටම හඹා එනු ඇති නිසා දරුවන් සහ ඔබේ ජීවිතය අනතුරට පත්නොකරගෙන වාහනයෙන් ඉවත්වීමට උත්සාහ කරන්න.

5.මෝටර් රථයේ පි‍ටුපස කොටසේ ඔබව සිරකර ඇති විටක

  • ඔබ අවාසනාවන්ත ලෙස යම් අයෙකු විසින් මෝටර් රථයක පි‍ටුපස කොටසේ සිරකර තබා ඇත්නම් ට්‍රන්ක් එකේ ඇති හදිසි ලිහිල් කිරීමේ ලීවරය අදින්න(emergency release lever).එය සාර්ථක නොවූයේ නම් ට්‍රන්ක් කොටස ලිහිල් කිරීමේ කේබල් (trunk release cable)කොටස ඇදීමට උත්සහ කරන්න.එසේත් නැතිනම් තිරිංග ආලෝක (brake light) බිඳදමා පිටත සිටින පුද්ගලයින්ට ඔබ පත්ව ඇති අවදානම දන්වන්න. පි‍ටුපස ආසනය (backseat) බිඳදමා පලායාමට උත්සහ කරන්න.

6.සීතලට අත් ගල් ගැසීමෙන් ආරක්ෂා කරගන්නා ආකාරය

  • අත් අධික සීතලෙන් ගල් ගැසී සුදුමැලි, ඉටි මෙන් සම ඝනවීම ෆ්‍රොස්ට් බයිට් තත්වයයි. මෙහිදී ඔබට අතේ හිරිවැටීමක් , දැවිල්ලක් දැනෙන්නට පටනගනියි. මෙය වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන් හට බහුලව ඇතිවිය හැක.මෙවැනි සංවේදනා ඇතිවන විට වහාම බලා නොසිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.අත් උණුසුම් කරගැනීමට හෙයාර් ඩ්‍රයර්, හීටින් පෑඩ් හෝ ගිනි උඳුනක් භාවිතා නොකල යුතුයි.උණුසුම් යමක් පානය කරන්න.
  • බ්ලැන්කට්‍ටුවකින් සිරුර ආවරණය කරගන්න. සිතලට සුදුමැලි වු අත් ෆැරන්හයිට් අංශක 101-104 තරම් උෂ්ණත්වයක ජලයේ සම රෝස පැහැ වන තුරු පොඟවාගෙන සිටින්න.පසුව, මෘදුව සම තෙත මාත්තු කරගනිමින් ගෝස් පටියකින් ආවරණය කරගන්න.අතේ ඇඟිලි හෝ පාදයේ ඇඟිලි සීතලට තුවාල වී ඇත්නම් කපු පුළුන් හෝ ගෝස් යොදා තුවාල ආවරණය කරගන්න. වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවන්න.

7.පොලිතින් බෑග් වලින් කඹයක් සදන ආකාරය

  • පොලොතින් බෑග් බොහෝ ප්‍රමාණයක් මේ සඳහා අවශ්‍ය වේ. බෑග් සියල්ල මැදින් දෙකට ඉරා එක් එක් කොටසේ අඩියේ සිදුරු සාදාගන්න.එම සෑම සිදුරක් ඔස්සේම පොලිතින් බෑග් කොටසක් යවමින් ඒ වටා ඔතමින් ගැටයක් ගසාගන්න. ඉන්පසු යමක රඳවා එම පටි ගොතමින් කඹයක් සේ අඹරාගන්න.

8.තිරිංග ක්‍රියා විරහිතව ගිය විටක

  • තිරිංග ක්‍රියානොකරන බව ඔබට හඳුනාගැනීමට හැකියි නම් හැකි විගස ගෑස් පැඩලයෙන් පාදය ඉවතටගන්න. ඉන් පසු රථයේ දෝෂය හදිසි අලෝක ක්‍රියාකරමින් සහ වාහනයේ නලාව ක්‍රියාකරමින් අනෙක් වාහන වලට ඔබේ වාහනයට සමීප නොවන සේ අනතුරු හඟවන්න. සෙමින් ගියර් මාරු කරමින් වේගය බාල කරන්න. එසේ කරන විටම බ්‍රේක් පැඩලය වාහනය නතර කරගැනීමට ප්‍රමාණවත් සේ හැකි තරම් තදින් හා වේගයෙන් නැවත නැවත තද කරන්න.හදිසි තිරිංග (emergency brake) භාවිතා කිරීමට ද හැකිය. ඉන් වාහනය නතර නොවුණත් වාහනයේ වේගය බාල කරගනිමින් අරක්ෂිතව සුක්කානම හැසිරවිය හැකිවේ. මේ කිසිවක් ක්‍රියා නොකරයි නම් රේල් ගාඩ්ස් (rail guards) භාවිතා කිරීමට උත්සහ කරන්න(විශේෂයෙන්ම අධිවේගි මාර්ගයේ ගමන් කරමින් සිටියි නම්). ඉන් වාහනයේ දෙපස සීරීයාමට ඉඩ ඇතත් වාහනයේ වේගය බාල කරගැනීමට උපකාර වනු ඇත.

9.හදිසියකදි දොරක් බිඳින අයුරු

දොර පහසුවෙන් කඩා බිඳදැමීමට නම් පහර දිය යුතු විශේෂිත ලක්ෂ්‍යයක් වේ. එය අගුල මත නොව ආසන්නයේ වේ.ඉදිරියට බර වී විලුඹෙන් හැකි තරම් වේගයෙන් එතැනට පහර එල්ල කරන්න.බිම තබාගෙන ඇති පාදයට බර දී පා පහර එල්ල කර පාදයට ශක්තිය යොදවන්න. ඉදිරියට පැන දොර කඩාබිඳ දැමීම හෝ උරහිස් වලින් දොරට පහර දීම වෙනුවට මේ ක්‍රමය උත්සහ කරන්න. ඉන් ඔබේ සිරුරට සිදුවිය හැකි වේදනාත්මක හානි අවම කරගත හැකිය.