Hela Rahas

Hela Rahas Official Web Portal

නිවසේ කෘමී කරදරය අධික වීමට හේතු 8 ක්

බොහෝ නිවෙස් වල කෘමීන්ගේ කරදරය පොදු ගැටලුවක් වෙලා. ආහාර සහ හිතකර පරිසරය නිසා කෘමීන් අපේ ගෙවල් ඔවුන්ගේ වාසස්ථාන බවට පත්කරගන්නවා. කෘමින් ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා වුණත් මේ අයගෙන් ඔබට, ඔබෙව නිවැසියන්ට හා නිවසට සිදුවන හානිය සුලුප‍ටු නොවිය හැකියි. ඇතැම් කෘමීන් ඔබේ නිවසේ ඇති රෙදි, ලී, පැළ ආදිය කා දමමින් විනාශ කරයි. ඇතැම් කෘමීන් නිසා ආහාර විෂවීම හා ලෙඩ රෝග ආසාදන තත්වයන් පවා හටගැනීමට ඉඩ තිබේ. ඒ නිසාම ඔබේ නිවසේ ඇති කෘමී කරදරයට ඉක්මන් විසඳුමක් සොයාගැනීම ඉතාමත් වැදගත් වෙනවා.මර්දනයට කලියෙන් ඔබේ නිවසේ කෘමීන් ඇද බැඳ ගැනීමට සමත් හේතු මොනවාදැයි පිරික්සා ඒවා වෙනස් කිරීමට කටයුතු කරන්න. ඉන් ඔබට හැකි වේවි බොහෝ දුරට කෘමී කරදර වලින් බේරි සිටීමට. ඒ ආකාරයේ ඔබට සිදුකල හැකි වෙනස්කම් කිහිපයක් ගැන අප සොයාබලමු.

1.පරණ පොත්

  • පරණ පොත් පත්තර ලිපි කඩදාසි වලට කෘමීන් ආකර්ෂණය වේ. කාවා සහ කැරපොත්තන් ආදි කෘමී විශේෂ සෙලියුලෝස් තීන්ත ආහාරයට ගනියි. පරණ ලිපි ද්‍රව්‍ය විවෘත රාක්ක වල, මේස වල , ලාච්චු වල නොතැබීම වඩාත් සුදුසු වන්නේ ඒ නිසයි. ඔබට වැදගත් දේ අතර වේ නම් ප්ලාස්ටික් අසුරනයකට දමා සීල් කර ආරක්ෂිත තැනක තබාගැනීම හොඳ විසඳුමකි.

2.සුදු විදුලි බුබුළු

  • දීප්තිමත් සුදු හා නිල පැහැයට හුරු ආලෝකයට කෘමින් අධිකව ආකර්ෂණය වේ, ඊට සාපේක්ෂව කහ, තැඹිලි, හා රෝස විදුලි ආලෝකයට ඔවුන් ආකර්ෂණය වනවා අඩුය. LED විදුලි බල්බ නිවසේ භාවිතා කිරීමට පටන්ගැනීම මීට හොඳ විසඳුමකි. ඊට හේතුව නම් ඒවායෙන් නිකුත් කරන සුදු ආලෝකය සැබැවින්ම සුදු නොවේ, එය ලා වර්ණ කිහිපයක සුසංයෝගයකි. නමුත් සෑම LED බල්බ නිෂ්පාදනයක්ම එසේ වන්නේ නැහැ. ඇතැම් ඒවාට කෘමීන් වඩාත් ආකර්ෂණය වේ. ඉතින්, ඒ අනුව වඩාත් සුදුසු පියවරක් තමයි උණුසුම් වර්ණ ආලෝක නිකුත් කරවන විදුලි බල්බ නිවසට යෙදීම.

3.සුදු ජනෙල් හා දොර රාමු

  • ඔබේ නිවසේ පිටත වර්ණ ගන්වා ඇත්තේ සුදු පැහැයෙන් නම් ඒ හේතුව නිසාත් කෘමීන් ආකර්ෂණය විය හැකියි. ඒ නිසා කොළ හා නිල් වැනි කෘමීන් ආකර්ෂණය වීම අඩු වර්ණ ‍තෝරාගත හැකි නම් ඔබට එවැනි ගැටලු මතුවීම අඩු වේවි.නමුත්, මදුරු කරදරය ගැන සිතන විට නම් සුදු තීන්ත ගැල්වීම පිළිබඳ ඔබේ තීරණය වෙනස් නොකරන තරමට හොඳ වේවි. ඊට හේතුව වන්නේ ඔවුන් තද වර්ණ වලට ආකර්ෂණය වීමය.

4.කාඩ්බෝඩ් පෙට්ටි

  • කැරපොත්තන්, කාවන්, වේයන් හා වෙනත් කෘමී විශේෂ ‍රැසක් කාඩ්බෝඩ් හා ඒවා අලවා ඇති ගම් ආහාරයට ගැනීමට ප්‍රිය කරයි. මේවා ඔවුන්ට හොඳ වාසස්ථාන ද සපයයි. ඒව ඇතුලත තම ශරීර ශ්‍රාවයන්ගෙන් සංතෘප්ත කරමින් අනෙක් කෘමීන් එහි ගෙන්වාගැනීමට මොවුන් කටයුතු කරයි. ඊට හේතුව මොවුන් සමූහ වශයෙන් ජිවත් වන ජීවීන් වීමය. ඔබේ නිවසේ ඇති පරණ කාඩ්බෝඩ්පෙට්ටි ඉවත් කරන්න. ඒවා වෙනුවට ප්ලාස්ටික් අසුරන භාවිතා කරන්න.

5.ඔපදමා නැති ලී

  • වේයන් වැනි කෘමීන් ලී වලට ආකර්ෂණය වේ; විශේෂයෙන්ම ඒවායේ සිදුරු පවතියි නම්. ලෑලි සිදුරු කරමින් ගුල් සාදා ඒවායේ බිත්තර දමයි. දරගොඩවල් වල මෙවැනි කෘමි සතුන් දැකිය හැක. නිවසේ වැටවල්, මේස, පු‍ටු, බංකු ආදි ලී මතුපිට තීන්ත ගැල්වීම හා කෘමි විකර්ෂක භාවිතා කරමින් ආරක්ෂා කරගත හැක.

6.අධික තෙතමනය (ආර්ද්‍රතාව)

  • පලිබෝධකයින් තෙතමනයට සහ උණුසුම් පරිසරයන්ට ඉතා කැමතිය. ඒවා ඔවුන්ට හිතකර වාසභූමි වේ. නානකාමර, මුලුතැන්ගෙයි, සින්ක් එක ආශ්‍රිතව ආදි ස්ථාන වල ඔවුන් බහුලව ජීවත් වේ. තෙතමනය පාලනය කිරිමට කාණු පද්දතිය නිසි පරිදි කාන්දු රහිතව ක්‍රියාත්මක වීම වැදගත්ය. නිතර පිරිසිදු කිරීමට ද වගබලාගන්න.

7.පැළ වර්ග

  • ගෘහ අලංකරණය සඳහා භාවිතා කරන හෘහස්ථ විසිතුරු මල් බඳුන් නිසාත් නිවස තුලට කෘමීන් ආකර්ෂණය වේ. පැළ වලට හොඳින් සත්කාර නොකිරීම නිසාත් මෙසේ පළිබෝදකයින් වර්ධනය වීමට ඉඩ තිබෙනවා. ජලය එක් ‍රැස් වන බඳුන් වේ නම් ඒවා මදුරුවන් වැනි කෘමින්ට බිත්තර දැමීමට හොඳ පරිසරයක් නිර්මාණය කරයි. පසේ තෙතමනය වැඩි නම් කෘමි සතුන් වර්ධනය විය හැකියි. කාමරය තුලට හොඳින් වාතාශ්‍රය ලැබීමට ඉඩ සලස්වන්න. එමඟින් නිවස තුල අධික තෙතමනයක් ඇතිවිම පාලනය කල හැකියි වගේම පස වියළීමට ඉඩ සලස්වමින් දිලීර වර්ධනයන් ඇතිවීම අවම කරවයි.එසේ වන විට ඒවාට කෘමීන් ආකර්ෂණය වීම අඩු වේ.

8.ආහාර සහ පාන වර්ග

  • අධිකව ඉදී ඇති පලතුරු හා එළවලු වලට කෘමින් ඇදී ඒ. ඒවා ආහාරයට ගැනීමට ඔවුන් ප්‍රියය. ඒවා ශීතකරණයේ හෝ තදින් වසා තැබිය හැකි බඳුනකට දමා තබන්න. පැණි රස හෝ මුහුන් කල ආහාර වර්ග (සෝඩා, සිරප්, විනාකිරි) වැනි ආහාර වලට ද ඔවුන් ආකර්ෂණය වේ. ආහාර බඳුන් හා බෝතල් විවෘත කර නොතබන්න, මේස මත හෝ බිම වැටි ඇති ආහාර ද්‍රව්‍ය පිසදමා පිරිසිදු කරන්න.