Hela Rahas

Hela Rahas Official Web Portal

සම්මුඛ පරික්ෂණය ඉහලින්ම සමත්වෙන්න උපක්‍රම 13 ක්

සම්මුඛ පරික්ෂණයක් සමත්වීම ඇත්තෙන්ම අභියෝගයකි. එම පරීක්ෂණයට මුහුණ දෙන ඔබ එහිදි පෙන්නුම් කරන හැසිරීම්, අභින සහ ඔබේ දක්ෂ ප්‍රතිචාර දැක්වීම් මත බොහෝ විට ඔවුන් ඔබව තක්සේරු කරති. එබැවින් ඔබේ අධ්‍යාපනික සුදුසුකම් පමණක් ‍රැකියාවකට තේරි පත් වීමේදි ප්‍රමාණවත් වන්නේ නැහැ. ඔබේ සිහින ‍රැකියාව සාක්ෂාත් කරගැනීමට නම් සම්මුඛ පරීක්ෂණ අභියෝගය සමත්වෙන්නම ඔබට සිදුවෙනවා. එහිදි ඔබට වඩාත් හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව සාර්ථකව ඊට මුහුණ දීමට උපකාරී විය හැකි උපදෙස් කිහිපයක් ගැනයි මේ.

1.ආත්ම විශ්වාසයක් සිතට ගෙන සන්සුන් වන්න

  • ආතතියෙන් පසුවන අවස්ථාවලදි වුවද අන් අය ඉදිරියේ දැඩි ආත්මවිශ්වාසයකින් පසුවන බව පෙන්වීමේ හැකියාවක් පුද්ගලයින්ට ඇති බව මනෝවිද්‍යාත්මක පර්යේෂණ මඟින් පෙන්වාදේ. මිනිත්තු කිහිපයක් ශක්තිමත් ඉරියව්වකින් සිට හොඳ හුස්මක් ගනිමින් සාවධාන වන්න. ඔබට මෙය සිදුකල හැකියි යනුවෙන් සිතන්න. සම්මුඛ පරික්ෂණයට පෙර උරහිස් සෘජු කර, කොන්ද සැහැල්ලු කර පු‍ටුවට බර දී හේත්තු වී අසුන්ගන්න. නිකට ඔසවා ඉදිරිය බලමින් ජයග්‍රාහි ඉරියව්වකින් සිටින්න. මෙය ඔබට පහසුවක් ඇතිකරවනු ඇත.

2.මේක්-අප් භාවිතය තැනට සුදුසු පරිදි විය යුතුය

  • අධිකව මේක්-අප් භාවිතා කිරිම සුදුසු නැත. ව්‍යාජ ඇස් පිහා‍ටු, ජලයට ඔරොත්තු නොදෙන මස්කාරා, තද රතු ලිප්ස්ටික්, අධික රෝස් පවුඩර් ගැල්වීමෙන් වළකින්න. අයි පෙන්සිල් එකක් සහ දීප්තිමත් නොවන තොල් ආලේපනයක් භාවිතා කිරීම මඟින් ආකර්ෂණීය ස්වභාවික මේක්-අප් එකක් සිදුකරගත හැකිය.ලිප්බාම් හෝ අවර්ණ ලිප් ග්ලොස් භාවිතය වඩාත් උචිත වනු ඇත.

3.ඇඳුම් පිළිබඳ සැලකිලිමත්වන්න

  • කාර්යාල ඇඳුම් තද පැහැයෙන් ‍තෝරාගැනීමට අවශ්‍ය නැත. උදා: කාකි හෝ මැන්ඩරින් වර්ණ වල කමිස ආකර්ෂණීයය. කමිස, කලිසම් සහ පාවහන් වඩාත් ගැලපෙන සුසංයෝගයක් ලෙස ‍තෝරාගන්න. බඳ පටියේ පැහැය සපත්තු වල පැහැයට සමාන වීම ආකර්ෂණීය විලාසිතාවකි.

4.ආභරණ සහ ආයිත්තම් භාවිතයේදී සැලකිලිමත්වන්න

  • බෑග්, සෙරෙප්පු සහ ආභරණ භාවිතයේදි වෘත්තීයභාවය ආරක්ෂා වන සරල ආකාරයේ විලාසිතාවන් ‍තෝරගත යුතුය. අනවශ්‍ය ලෙස කැපී පෙනෙනම්, දීප්තිමත් වර්ණ සහ සැරසිලි ඇති ඒවා එම අවස්ථාවට නොගැලපිය හැක.සැරසිලි අවම වන තරමට වඩාත් උචිතය. ප්‍රමාණයෙන් විශාල කරාබු, මාල, අත් ඔරලෝසු, මුදු ආදිය පැලඳීමෙන් වළකින්න. ඔබේ පිළිවෙල සහ වෘත්තිය පෙනුම ආරක්ෂා වන සේ සරල ඔරලෝසුවක් පැලඳීම, ඇඟිලි වැසෙන පාවහන් යුගලක් පැලඳීම, ක්ලැසික් වර්ගයේ ඇඳුම් විලාසිතාවක් භාවිතා කිරීම අපූරු විලාසිතා සුසංයෝගයකි. පිරිමි අය සඳහා ස්ලිප්-ඔන් වර්ගයේ හෝ ලේස් පාවහන් ගැලපේ.දිප්තිමත් නිය ආලේපන නොගැලපේ.අනවශ්‍ය ලෙස කොණ්ඩා සැරසිලි කිරීමටද අවශ්‍ය නැත.

5.ඔබ පිළිබඳ හඳුන්වාදෙන අතරේ කලබල නොවන්න

  • ඔබ සම්මුඛ පරික්ෂණයට සහභාගි වන ආයතනයේ ඉතිහාසය, එහි ක්‍රියාකාරි නිලතල වල සාමාජිකයින් කවුරුන්ද සහ සමාගමේ තොරතුරු පිළිබඳ අවබෝධයක් ලබා තිබීම සුදුසුය. ඔබ ගැන පැහැදිලි කරන විට පෙළගැස්මකින් යුතුව පැහැදිලිව කරුණු දක්වන්න.කලබල වී අවධානය වෙනස් කර නොගන්න.

6.ඔබේ ජයග්‍රහණ පැහැදිලිව,නොපැකිළිව පවසන්න

  • ඔබ පිළිතුරු ලබාදෙන ආකාරය සහ එහි පැහැදිලි බව මෙන්ම අදාලත්වය ඔබට ‍රැකියාව හිමිවේද නැතිද යන්න කෙරෙහි බලපායි. ඔබේ ඉදිරිපත් කිරීම කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඒ සඳහා STAR ක්‍රමය උපයෝගි කරගත හැකියි. (situation -අවස්ථාව, task- කාර්යය, Action- ක්‍රියාව සහ Result ලද ප්‍රතිඵල යන ආකෘතියට අනුව ඔබේ අත්දැකීම් ඉදිරිපත් කරන්න) ඔබ පිළිතුරු ලබාදෙන ආකාරය සහ එහි පැහැදිලි බව මෙන්ම අදාලත්වය ඔබට ‍රැකියාව හිමිවේද නැතිද යන්න කෙරෙහි බලපායි. ඔබේ ඉදිරිපත් කිරීම කෙටියෙන් ඉදිරිපත් කරන්න. ඒ සඳහා STAR ක්‍රමය උපයෝගි කරගත හැකියි. (situation -අවස්ථාව, task- කාර්යය, Action- ක්‍රියාව සහ Result ලද ප්‍රතිඵල යන ආකෘතියට අනුව ඔබේ අත්දැකීම් ඉදිරිපත් කරන්න)

7.ඔබේ දුර්වලතා ධනාත්මක ස්වරූපයෙන් පැහැදිලි කරන්න

  • සම්මුඛ පරික්ෂණ වලදි ඔබේ ශක්තීන් මෙන්ම දුර්වලතා ද විමසනු ඇත. ඔබේ දුර්වලතා විමසීමෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ ‍රැකියාවේදි ඇතිවන අපහසුතා සමඟ ඔබ කෙසේ ක්‍රියාකරනු ඇතිදැයි තේරුම්ගැනීමය. ඔබ සතුව දුර්වලතා ඇති බව පිළිගැනීම සහ ඒ පිලිබඳ ඔබට අවබෝධයක් ඇති බව පැහැදිලි කරන්න. අනවශ්‍ය ලෙස ඔබව විවේඡනය කරගනිමින් කටයුතු නොකල යුතුය. ඔබ ඒවා නිවැරදි කරගැනීමට උත්සාහ කරන බව ඒත්තුගැන්වීම වැදගත්ය. ඔබේ දුර්වලතා ඔබේ ‍රැකියා අවස්ථාව ඔබට අහිමිකරවන ආකාරය දෙයක් ලෙස ඉස්මතු විම අවාසිදායකය.

8.ඔබේ හාස්‍ය හැකියාව තැනට සුදුසු පරිදි භාවිතා කිරීමට බිය නොවන්න

  • මෙය සාර්ථක උපක්‍රමයක් වුවත් අනවශ්‍ය ලෙස සිදුකිරීමෙන් වළකිය යුතුය. ඔබ සමඟ සන්නිවේදනය කිරීම පහසු බවත් ආයතනය තුල ඔබ හොඳ නියෝජනයක් කරනු ඇති බව සේවා යෝජකයාට සරල අදහසක් බොහෝ දුරට ලැබෙනු ඇත. ඔවුන් දක්වන අදහස් වලට උචිත අවස්ථාවල මිත්‍රශීලීව සිනාසීම සිදු කල හැකිය.

9.ඔබ පවසන දේ සපථ කිරීමට සුදුසු අභින උපයෝගි කරගන්න

  • කතා කරන විට ඔබේ දෑත් උචිත පරිදි චලනය කරන. ඔබ පවසන දේට වැඩි වැදගත්කමක් එක්කිරීමට ශරිර භාෂාවට හැකිය.එමඟින් ඔබේ ධනාත්මක ආකල්ප පිළිඹිබු වෙනු ඇත. අත්ල ලිහිල්ව තබාගැනීම විවෘතභාවය පෙන්නුම් කරන බවත්, ඇඟිලි තුඬු එකිනෙකට සම්බන්ධව තිබීම ඔබේ ආත්මවිශ්වාසය පෙන්නුම් කරන බව විශ්වාස කෙරේ. ඇඟිලි තුඬු වලින් මේසයට තට්‍ටු කිරීම ඔබ කලබලයට පත්ව ඇති බවක් පෙන්නුම් කරයි.

10.කතා කිරීමේදි හඬ ස්වරය ගැන සැලකිලිමත්වන්න

  • ඒකාකාරි ස්වරයෙන් කතාකරන විට වැදගත්ම වචන ගිලියන්න ඉඩ තිබෙනවා. ඔබ පවසන දේ අසා සිටින පුද්ගලයාට උනන්දුව ඇතිවන සේ ඉදිරිපත් කිරීමට ඔබේ ස්වරය වෙනස් කරමින් කතාකරන්න.ඉන් ඔබ පවසන දේ ඔවුන් හට පැහැදිලිව තේරුම් ගැනීමට සහ ඔබේ අදහස් ඔවුන් හට ඒත්තුගැන්වීමට හැකි වනු ඇත.

11.අවස්ථානෝචිතව හිස වනමින් ප්‍රතිචාර දක්වන්න

  • හිසවැනීම යනු ප්‍රබල ප්‍රතිචාර දැක්වීමකි. ඉන් ඔබ යම් කෙනෙකු පවසන දේ අනුමත කරන බව සහ එකඟත්වය පෙන්නුම් කරයි. ඔබේ ශක්තීන් පැහැදිලි කරන විට එසේ හිසවනමින් කතා කිරීමෙන් පරික්ෂකවරයා ද ඊට හිස්වනමින් ප්‍රතිචාර දැක්වීමට පෙලඹවිය හැක. ඉන් ඔබ මතුකරන තර්කයට වැඩි වැදගත්කමක් එක්වේ.

12.වේතන පිළිබඳ එකඟතාවකට හදිසි නොවන්න

  • වේතන සම්බන්ධව විවෘතව කතා කොට එකඟත්වයක් ඇතිකරගැනීම සුදුසු වුවත් පළමු සම්මුඛ පරික්ෂණයේදීම වේතන පිළිබඳ ප්‍රශ්න ඇසීම එතරම් උචිත නැති බව විශේෂඥයින් පෙන්වාදේ. ඔබ බලාපොරොත්තු වන වේතනය කොපමණ දැයි ප්‍රශ්නයක් ඇසූ විට ‍රැකියාවේ වගකීම් සහ ස්වභාවයට අනුව ගැලපෙන වටිනාකමක් පවසන්න.දීමනා සහ වරප්‍රසාද පිළිබඳ අවබෝධයක් තිබීම ද වැදගත්ය.

13.සංක්ෂිප්තයකින් අවසන් කිරීම සිදුකරන්න

  • හමුවීමක ප්‍රථම සහ අවසන් අවස්ථාව මතකයේ ‍රැ‍ඳෙනවා වැඩිය. එබැවින් ඔබේ සම්මුඛ පරීක්ෂණයේදි හොඳ ආරම්භයක් සහ අවසානයකින් සමන්විත වීම ඉතා වැදගත්ය.අවසන් කිරිමට පෙර එම තනතුරට ඔබ වඩාත් සුදුසු බව ඒත්තුගැන්වෙන ආකාරයේ ආකර්ෂණීය ආකාරයකින් සාකච්ඡාව අවසන් කරන්න. එම ‍රැකියා අවස්ථාව කෙරෙහි ඔබේ ඇති උනන්දුව , කැමත්ත සහ අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔබ ක්‍රියාකිරීමට බලාපොරොත්තු වන ආකාරය ගැන සංක්ෂිප්ත පැහැදිලි කිරීමක් සිදුකරන්න. වඩාත් ජවසම්පන්න සහ මිත්‍රශීලි ස්වභාවයකින් සාකච්ඡාව පුරාවටම ‍රැඳී සිටින්න. ඔබව පරීක්ෂණයට ‍තෝරාගැනීම ගැන ස්තූති කරන්න.