Hela Rahas

Hela Rahas Official Web Portal

ඇස් නොපෙනන සීයාට පෙනීම ලබාදුන් කොන්ඩදෙණියේ හාමුදුරුවෝ

  • අපි හැමෝම දන්නවා අපේ රටේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් රට හොලවපු හිමි නමක් තමයි කොන්ඩදෙණියේ හාමුදුරුවෝ කියන්නේ. උන් වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් මිනිසුන්ගේ දුකට පිහිට වුන හිමි නමක් කියලා බොහෝදෙනා දන්නවා.ඉතින් නවීන විද්‍යාව විශ්වාස කරන බොහෝ දෙනෙක් හිතන්නේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ බොරුවක් කියලා..
  • නමුත් අපිට වැරදුන දේ තමයි අද බොහෝ දෙනා මෙම බලගතු ශාස්ත්‍රය භාවිතා කරන්නේ මුදල් සෙවීම පිණිස මිස මිනිසුන්ගේ දුකේදී පිහිට වීම උදෙසා නොවෙන බව වර්තමාන සාමාජය තුළ බෙහෙවින දකින්නට තිබෙනවා.මෙවෙනි ශාස්ත්‍ර තුළින් නිවැරදි පිහිට ලබාගන්න නම් තමන්ගේ සීලය නිසි ලෙස අරක්ෂා කරගෙන මිල මුදලට කෑදර කමින් තොරව අවන්කවම මිනිසුන්ට පිහිට වීම උදෙසා මෙම ශාස්ත්‍රය යොදාගන්නවානම් මෙහි ප්‍රතිපල අදටත් තිබේනවා .
  • නමුත් අද බොහෝ දෙනා මෙය වෙළද ව්‍යාපාරයක් කරගෙන මිනිසුන් තුළ මෙම ශාස්ත්‍රය කෙරයි තිබුණු විශ්වාසය නැති කර තිබෙනවා.නමුත් තවමත් තමන්ගේ ශාස්ත්‍රය අනුන්ගේ පිහිට පිණිස යොදාගන්න සත්පුරුෂයන් අපේ රටේ නැතුවාම නොවෙයි. අද අපි ඔබට කියන්න යන්නේ එදා තමන් දන්නා මන්ත්‍ර ශාස්ත්‍රයෙන් මිනිසුන්ට පිහිට වුන කොන්ඩදෙණියේ හාමුදුරුවන්ගේ තවත් විශ්මිත කතාවක් ගැනයි .
  • ” දවසක්දා හරි අපූරු දෙයක් මෙතැන සිද්ධ වුණා. ඒ කාලේ
  • අද වගේ නෙවෙයි මෙතැන මහා සෙනඟ කන්දරාවක් උතුරලා යනවා. අපේ හාමුදුරුවන්ගේ රාජකාරි වැඩ නියමයක් නැහැ. වත්ත පිටියට ඇතුළු කර ගන්න බැරි තරමට කාර් බාර් පිරිලා. එන මිනිහා මොන වගේද කියලා හාමුදුරුවො බලන්නේ නැහැ. දුර ඉඳන් දැක්කාම එන්න මොනවගේ දේකටද කියලා දැන කියා ගන්න තරම් අරුම පුදුම දැනීමක් හාමුදුරුවන්ට තිබුණා.”
  • “ වයසක මනුස්සයෙක් අතින් අල්ලගෙන ආපු කොලු ගැටයෙක් දිහාව හාමුදුරුවෝ හුඟ වේලාවක් බලාගෙන හිටියා. ඇබිත්ත කොලුවට කතා කළා. ‘ ගෙනෙන් වරෙන් අර අන්ධ මනුස්සයා. අව් කාෂ්ටකේ පෝලිමේ හිටියොත් උන්නැහේ කලන්තෙ දාලා වැටේවි.”
  • අර කොලු ගැටයා තමන් එක්කරගෙන ආපු වයසක මනුස්සයා අපේ දේව මණ්ඩලයට අරගෙන ආවෙ ඇදගෙන වගෙයි.
  • කොල්ල වට පිට බල බලාගෙන තමයි ආවෙ. එක්කරගෙන
  • ආපු මනුස්සයා දිහා බැලුවෙවත් නැහැ. බිම ඇදිලා හාමුදුරුවන්ට
  • අපේ හාමුදුරුවනේ මේ මගේ තාත්තා. මම ඉපදෙන්නත් කලින් අපේ තාත්තාගේ ඇස් දෙක පෙන්නෙ නැතිව ගියා. අපි දන්නා කියන හැම තැනකටම තාත්තා එක්කරගෙන ගියා කොච්චරවත් බෙහෙත් කළත් හොඳ ගුණයක් ඇති වුණේ නැහැ. මම අහලා තියෙනවා හාමුදුරුවන්ට මේ වගේ වැඩක් කරන්න පුළුවන් කියලා. ඒකයි අපේ හාමුදුරුවනේ මෙයාව එක්කරගෙන ආවේ.”
  • ” මෙහෙම කරපු කන්ලව්ව අපි ජනේල අස්සෙන් බලාගෙන හිටියා. අහගෙන හිටියා. අර කොල්ල තොරතුංචියක් නැතිව කියවනවා. අපේ සීලරතන හාමුදුරුවෝ ළඟ තිබුණ මැජික් පෙට්ටියක් වගේ පුංචි මොකක්දෝ එකක්. ඒක ලැබිලා තියෙන්නේ ලොකු දොස්තර මහත්තයකුගෙලු. ඒකෙ වයර් කෑලි දෙක තුනක් තියෙනවා. ඇතුළෙ තව මොනවා තිබුණද කියලා අපේ දෙයියෝ තමයි දන්නේ. මන්තරයක් මතුරන්න පටන් ගත්තා. හාමුදුරුවන්ට ඕන කරන්නේ මොන වගේ අඩු වැඩිය ද කියලා අත් දෙක එහා මෙහා කරන කොටම ඇබිත්තයා දන්නවා. දිව්වා ආවාස ගේ පිටිපස්සට. හොඳට පැහිච්ච එක ඉත්තේ දෙහි ගෙඩි තුනක් ගෙනාවා. ඒ එක්කම ගිරයක් ළං කළා. හාමුදුරුවන්ගේ මන්තරේ සද්දේ ටික ටික ගරු ගාම්භීර වුණා. ඉස්මත්තේ ඉඳලා කකුල් දෙක ළඟට තුන් හතර ගමනක් දෙහි ගෙඩි අරගෙන ගියා.
  • “ මහත්තයෝ මම ඒ වෙලාවෙ ජනේලෙ අස්සෙන් බලාගෙන
  • හිටිය හින්දා සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා හොඳින්ම දැක බලා ගත්තා. ගෙනාපු වතුර භාජනේ කොළ පාටට හැරිලා තිබුණේ. ඒ වෙනකොට කට්ටටම රතු වෙච්ච බුබුළු මතු වෙන විප්‍රකාරයක්. රත් වෙච්ච වතුර භාජනේට හාමුදුරුවෝ මොකදෝ මන්තරයක් මැතිරුවා. අර ඇස් අන්ධ වෙච්ච මනුස්සයාගේ ඇස් දෙක අරවලා හොඳට මූණ කට සේදුවා. බැලින්නම් උන්නැහේ කිසි පටලැවිල්ලක් නැතිව ඇස් දෙක
  • පිහිදාන්න පටන් ගත්තා. මහත්තයෝ මම කියන්නේ ඇත්තයි. සත්තයි. අර ඇස් පේන්නෙ නැතිව ආ මනුස්සයා මහ සද්දෙන් කෑ කෝ ගහන්නපටන් ගත්තා. මේ අපේ බුදු හාමුරුවොනේ. මට ඔබ වහන්සේට කියන්න ලොකු කතාවක් තියෙනවා. ඒක මම පහු දොහින්දා ක ඇවිත් කියන්නකෝ. දැන් මට මගේ කොල්ලා මගේ දරුවා පේනවා හාමුදුරුවනේ.
  • ආතක් පාතක් නැතිව හැම තැනකටම මාව එක්කරගෙන ගියා. දැන් මට දරුවා මේ මගේ කොල්ලා දැක බලා ගන්න ලැබිච්ච එකත් මම පූරුවේ කරපු පිනක් වෙන්න පුළුවන්. අර වයසක මහත්තයා අමාරුවක් නැතිව කොණ්ඩදෙණියෙන් ගියේ හරිම සන්තෝෂයකින්. අර තාත්තා තමන්ගේ පුතාගේ ඇඟපත අත ගානවා. උස මහත බලනවා. යකෝ මටත් වැඩිය උසයි මහතයි නේ. බුදු පුතේ උඹ මෙතැන මහණ වෙලා ඇප උපස්ථාන කරපන් මේ බුදුහාමුදුරුවන්ට. දැන් මගේ ඇස් දෙක පේනවා කොලුවෝ. මට හයිය හත්තියත් තියෙනවා