Hela Rahas

Hela Rahas Official Web Portal

කවුරුත් මිලදී ගන්න හිතන්නේ නැති දූපත් 7 ක්

ලෝකයේ සුපිරි ධනවත් ව්‍යාපාරිකයින්ට, ජනප්‍රිය තරු වලට පෞද්ගලික පරිහරණය සඳහා දූපතක් මිලදි ගන්නවා. දුපතක භුමිය තනි අයිතියකට පවරාගැනීම කියන්නේ අපිට නම් හීනයක් වගේ දෙයක්. හැම දූපතක්ම ඒ වගේ ලිහිල් ප්‍රතිපත්ති යටතේ මිලදී ගන්න බැහැ. ඇතැම් ඒවා මිලදී ගන්න නම් අදල පාර්ශවයන් ඉදිරිපත් කරන විශේෂ නිර්ණායකයන්ට යටත් වීමට ගැනුම්කරුට සිදුවෙනවා. මේ හේතුව නිසාම බොහෝ ගැනුම්කරුවන් විසින් එවැනි දූපත් මිලදී ගන්න එතරම් කලබලයේ ඉදිරිපත් වෙන්නේ නැහැ. අද අපි ඔබට තොරතුරු කියන්න සූදානම් වන්නේ ඒ වගේ දූපත් 7 ක් ගැනයි.

1.පියස්සාබුස්සූ’ දූපත්-බ්‍රසීලය

  • එක් දූපතක නොව දුපත් 6 කම අයිතිකරු වීමේ හැකියාව ඇති මෙම ,අසමසම වනජීවි සුන්දරත්වයෙන් පිරුණු මනරම් වටපිටාවක් සහිත දූපත් සමූහය පිහිටා ඇත්තේ ඊසාන දිග බ්‍රසීලයේ පිහිටි සැන් ෆ්‍රැන්සිස්කෝ ගංගාව මධ්‍යයේයි. එහි වටිනාකම ඩොලර් 79,500 කි. තවමත් මෙම දූපත මිලදි ගැනීමට් අකෙනෙකු ඉදිරිපත් නොවිමට හේතුව වන්නට ඇත්තේ මෙම මුදල ගෙවූවද යම් ගැනුම්කරුවෙකුට දූපත මිලදී ගැනීමක් සිදුනොවීමත් ඒවෙනුවට ගැනුම්කරු හට ලැබෙන්නේ වසර 99 ක් වැනි කාලයක් පුරාවට මෙම දූපත උපයෝජනය කිරීමේ අයිතිය පමණක් වීම නිසා විය යුතුය. එමෙන්ම මෙම දූපත මිලදී ගන්නා පුද්ගලයා හට නොපැහැදිලි පදනමකින් යුත් කුඩා ,වාර්ෂික බදු මුදල් ප්‍රමාණයන් ගෙවීමට ද සිදුවේ.

2.ලිට්ල් රොකී’ දූපත- කැනඩාව

  • සුදු පැහැති වෙරළ තීරයන්ගෙන් සමන්විත අක්කර 8 ක් පමණ විශාල මෙම දූපත් පරිශ්‍රය පයින් ගස් වලින් පිරුණු කැලෑ ප්‍රදේශ සහ අලංකාර පරිසරයකින් සමන්විතය. මෙහි කිසිඳු දේපළක් පිහිටා නැත. මෙහි වටිනාකම ඩොලර් 74,500 කි. මෙය තවමත් අලෙවි වී නොමැතිවිමට හේතුව නම් කැනඩාවේ වෙළඳපොලේ පෞද්ගලික දූපත් අලෙවියන්ගෙන් ගහණ වී ඇති නිසා විය යුතුය.

3.ටිල්ලාමූක්’ දූපත- ඇ.එ.ජ.

  • මෙය සාම්ප්‍රදායික දූපතක් නෝ ඔරිගන් තීරයේ ප්‍රදීපාගාරයක් සහිත ගල් පර්වතයකි. කිහිපවරක් අලෙවි වූ ටිල්ලාමූක් දූපත අලෙවි වූ මුල් මුදල ඩොලර් 500,000 කි. වර්තමානයේ එහි අගය ඩොලර් 50,000 දක්වා පහත බැස ඇත. මේ දූපත පුරාවෘත්ත, මිත්‍යාමත සහ ඛේදජනක සිදුවීම් ‍රැගත් ඉතිහාසයක් ‍රැගත් එකක් වීම නිසා ගැනුම්කරුවන් මෙය මිලදී ගැනීමට පැකිළීමක් දක්වති ( 19 වන සියවසේ අග බාගයේදි සිදුවූ මේසන් ජෝන් ට්‍රෙවාවස් මුහුදු ගවේෂක ප්‍රධානියා ‍රැල්ලට හසු වී මුහුදට ගසා ගෙන යාමේ සිදුවීම මෙම දුපත සම්බන්ධ පළමු අනතුර ලෙස සැලකේ.)

4.චැන්ඩ්ලර්’ දූපත- ඇ.එ.ජ.

  • අක්කර 1 ක භූමි ප්‍රදේශයජ් සහිත මෙම දූපතේ වටිනාකම ඩොලර් 39,999 කි. දූපත මැද කුඩා කුටියක් පිහිටා ඇත. මෙහි ගැනුම්කරුට තමන්ගේම නිවසක් මෙහි ඉදිකරගත හැක. නමුත් , එකම ගැටලුව නම් උදම් රළ හේතුවෙන් දුපතේ භූමි ප්‍රදේශයෙන් අර්ධයක් පමණ ජලයෙන් යට වී යාමයි.

5.‘මැක්ගිබ්බොන්’ දූපත-කැනඩාව

  • මෙම අසංවර්ධිත කුඩා දූපත කැනඩාවේ නිව් බ්‍රන්ස්වික් හි සැන්.ජෝන්ස් ගංගාව මධ්‍යයේ පිහිටා ඇත. මෙහි අලෙවි වටිනාකම ඩොලර් 29,900 කටත් වඩා අඩු මුදලකි. මෙහි ඇති අවාසිය නම් සෑම වසන්ත සෘතුවකදීම ගංවතුර හේතුවෙන් මුලු දූපතම යට වී යාමයි. මේ හේතුව නිසා එහි කිසිවක් ඉදිකිරීමට නොහැකි වි ඇත. වෙනත් සෘතු වලදී මෙම භූමිය කඳවුරු බැඳීම ආදි විනෝදාස්වාද කටයුතු වලට කදිමට ගැලපේ.

6‘ෂීප් ලේක්’ දූපත්-කැනඩාව

  • ගස් වලින් ආවරණය වී ඇති මෙම කුඩා දූපත් සමූහය සාමකාමි වටපිටාවක් මවයි. නමුත්, මෙම දූපත පෞද්ගලික අයිතියට හිමිවීම ගැටලු සහගත වි ඇත. එනම් මෙම දූපතේ සිට යාබද ධීවර ගම්මානය වෙත ඇත්තේ සැතපුම් 25 ක දුරක් වීමයි. ඒ නිසා මෙම දූපතට බොහෝ ආගන්තුක සංචාරකයින් පැමිණෙති. මෙය ගැටලුවක් නොවන ඕනම අයෙකුට මෙම දූපත ඩොලර් 50,989 ක් වැනි මුදල ගෙවා මිලදී ගැනීමේ හැකියාව ඇත.

7.ෆෝර්ට් කැරොල්’-ඇ.එ.ජ.

  • ඩොලර් 31,500 ක් වැනි මුදලක් ගෙවා 1848 දී බැල්ටිමෝර් නගරය ආරක්ෂා කිරීමේ අරමුණින් ඉදිකල මෙම ඓතිහාසිකමය, කෘතීම පෞද්ගලික දූපතේ හිමිකරු වීමට ඕනම අයෙකුට හැකිය. නමුත් එක් කොන්දේසියක් ඇත. එනම් මිලදි ගන්නා ගැනුම්කරු විසින් මෙහි පිහිටා ඇති අත්හැර දැමූ බලකො‍ටුව ප්‍රතිස්ථාපනය කල යුතු වීමය. දේශීය ව්‍යායාපර ඉදිරිපත් වී මෙම දූපත හෝටලයක්, සමුළු මධ්‍යස්ථානයක්, කැසිනෝ හළක් මෙන්ම සිරකඳවුරක් ලෙස පවා ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ දරා ඇතත් ඒවා ව්‍යර්ථ වී ඇත. මුහුදු ලිහිණි කූඩු සංරක්ෂණ පරිශ්‍රයක් බැවින් පක්ෂීන්ට තර්ජනය වන ආකාරයේ ප්‍රධාන ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සිදුකල නොහැක.