Hela Rahas

Hela Rahas Official Web Portal

සමේ කසන සුලු ස්වභාවය දුරු කරගැනීමට ක්‍රම 10 ක්

  • ‘කැසිල්ල’ යනු සමේ හෝ ස්නායු සෛල අපහසුතාවයකට (පීඩාවට) ලක්විම නිසා මතුවන තත්වයකි. මෙය කණ්ඩුතිය හෙවත් Pruritus යන නමින් වෛද්‍ය විද්‍යාවේ අහඳුන්වනු ලබයි. සමේ කසන සුලු ගතිය ඇතිවීමට සාධක ‍රැසක් බලපෑ හැකියි: ඒ අතර වියළි සම , සමේ ආසාත්මිතකා, රෑෂ් තත්වයන්, අක්මා රෝෆ හෝ වකුගඩු අකර්මන්‍යතා වැනි අභ්‍යන්තර රෝග ගැටලු, බහු, ස්ක්ලිරෝසිස් (multi-sclerosis) හෙවත් සිරුරේ පටක ඝනවීමේ රෝගය, දියවැඩියාව හෝ ස්නායු පීඩාවට ලක්විම්, ඇලර්ජි තත්වයන්, ප්‍රතිජීවක, ප්‍රත් වෛරස වලට සිරුර ප්‍රතික්‍රියා කිරීම්, ගර්භනීභාවය, මහලු බව, එයාර් කන්ඩිෂනර් භාවිතය, නිතර මුහුණ සේදීම හෝ ස්නානය කිරීම ආදි හේතු ඉන් කිහිපයකි.
  • අත්, කකුල් ඇතුලුව සිරුර පුරා විවිධ කොටස් ආශ්‍රිතව මෙසේ සම කසන සුලු ගතිය ඇති විය හැකිය. බොහෝ විට සම රතුවිම, තිත්-ලප ස්වභාවය,බිබිලි හෝ දියපට්ට මතුවිම, සම වියළීයාම සහ හමේ පොතු ගැලවීයාම, සමේ කොරපොතු ස්වභාවයක ඇති වීම වැනි ලක්ෂණ මතුවිය හැක.සමේ කසන විට නියපොතු වලින් පිරිමැදීම සනීපයක් ගෙන දුන්නත් සමේ කසන සුලු ස්වභාවය දිගින් දිගටම පැවතියහොත් ඔබේ මේ පුරුද්ද නිසා සමේ සදාකාලික කැලැල් පවා ඇතිකරවිය හැකි බව ඔබ දන්නවාද? ඉඳ හිට සමේ කසන සුලු ගතියක් ඇති වි නැත් වි යාම සාමාන්‍යයි. නමුත්, එසේ සම කසන ගතිය අඩු නොවි දිගින් දිගටම පවතින ස්වභාවයක් ඔබ අත්දකිමින් සිටිනවා , සමේ පීඩාකාරි ස්වභාවය දුරුකරගැනීමට ගෙදරදීම සිදුකරගත හැකි මේ සරල ස්වභාවික ප්‍රතිකාර ක්‍රම උත්සාහ කරමින් ඔබට පීඩාව සමනය කරගත හැකි වේවි.

1.බේකිං සෝඩා සත්කාරය

  • බේකිං සෝඩා කෝප්ප 1
  • ජලය
  • ක්‍රමය:ජලයට බේකිං සෝඩා එක්කර එම ජලයෙන් ඇඟ සෝදාගන්න( නාන තටාකයක් ඇත්නම් ඊට ජලය පුරවා බේකිං සෝඩා එක්කර එහි බැස සිටින්න) මිනිත්තු 15-20 ක් පමණ ගත වූ පසු ඇඟ සෝදා පිරිසිදු කරගන්න.සමේ කසන සුලු ස්වභාවයන් සමනය කරගැනීමට බේකිං සෝඩා හොඳ ප්‍රතිකාරයකි. එහි ඇති ප්‍රති-ප්‍රදාහක ගුණාංග මඟින් සමේ කැසිල්ල සහ ප්‍රදාහයට ලක්වි ඇති ස්වභාවය අඩු කිරීමට උපකාර කරයි. ක්ෂාරිය ගුණ ඇති බේකිං සෝඩා සම මත ස්වභාවික අම්ල උදාසීනකාරකයක් ලෙස ක්‍රියාකරමින් සම සමනය කරයි.

2.පොල් තෙල් සත්කාරය

  • පොල් තෙල් ස්වල්පයක්
  • ක්‍රමය:මද උණුසුම් ජලයෙන් ඇඟ සෝදා, සම තෙතමාත්තු කර සමේ කසන සුලු ප්‍රදේශ වල පොල් තෙල් ස්වල්පයක් හොඳින් ආලේප කරගන්න.පොල් තෙල් සමට උරාගන්නා සේ සම හොඳින් සම්බාහනය කරන්න.මෙය දිනපතා කිරීම සුදුසුයි. පොල් තෙල් වල අඩංගු මධ්‍යස්ඨ මේද අම්ල වල පවතින ප්‍රති-හිස්ටමින් (හිස්ටමින් යනු සිරුරේ පටක වල තිබෙන රසායනයකි) සහ ප්‍රති-ප්‍රදාහක ගුණාංග මඟින් සම සමනය කරවමින් කැසිල්ල ස්වභාවය අඩුකරවයි. සමට හොඳ තෙතමනයක් ලබදෙමින් සම වියළීම වළකයි.

3.කොහොඹ සත්කාරය

  • කොහොඹ කොළ
  • උණු ජලය
  • ක්‍රමය:උණු වතුරට කොහොඹ කොළ එක්කරමින් මිනිත්තු 10-15 ක් පමණ හොඳින් තැම්බෙන්නට හරින්න. මද උණුසුම් ස්වභාවයේදි එම ජලයෙන් ඇඟ සෝදා ගැනීම හෝ ස්නානය කිරීම සිදුකරන්න. කොහොඹ යනු ඖෂධීය ශාකයකි. එහි අඩංගු ප්‍රබල විෂබීජ නාශක ගුණ හා ප්‍රති-ප්‍රදාහක ගුණ මඟින් සමේ කැසිල්ල තත්වය ඉතා හොඳින් සමනය කර ඔබට සහනය ලබාදේ.

4.අබ තෙල් සත්කාරය

  • අබ තෙල් ස්වල්පයක්
  • ක්‍රමය:ස්නානය කිරීමෙන් පසු සිරුරේ කසන සුලු සමක් ඇති තැන් වල අබ තෙල් ගල්වා හොඳින් සම සම්බාහනය කරගන්න. මෙය දවසක් ඇර දවසක් කිරිම ඉතා උචිතයි. අබ තෙල් වල ප්‍රබල ප්‍රති-ඔක්සිකාරක ගුණ බහුල බැවින් සමට ඉතා හොඳ ප්‍රතිලාභ අත්කර දේ. ප්‍රදාහය සමනය කිරීමේ ගුණයද ඇති අබ තෙල් මඟින් සම සමනය කරවමින් සමේ රතුවී ඇති ස්වභාවය අඩු කරවයි.

5.ලෙමන් සත්කාරය

  • ලෙමන් ගෙඩි 1-2
  • කපු පුළුන් කැබලි කිහිපයක්
  • ක්‍රමය:ලෙමන් ගෙඩි වලින් යුෂ ලබාගෙන කපු පුළුන් කිහිපයක් එහි හොඳින් පොඟවාගන්න. ඉන් පසු සමේ කසන සුලු තැන් වල ඒවා ආලේප කරගන්න. වියළෙන්නට තබා අනතුරුව ජලයෙන් සම සෝදා පිරිසිදු කරගන්න. ඔබට ඇත්තේ සංවේදී සමක් නම් ලෙමන් භාවිතා කිරීමේදි සමේ ගැල්වීමට පෙර ලෙමන් යුෂ වලට ජලය ස්වල්පයක් එක්කරගැනීම සිදුකරන්න.
  • හොඳ ප්‍රතිඵල සඳහා දිනකට දෙවරක් පමණ සිදුකරන්න. ලෙමන් වල අඩංගු සිට්‍රික් සහ ඇසිටික් අම්ල වල ඇති ප්‍රති-ප්‍රදාහක ගුණ මෙන්ම සමේ පිඩාකාරි බව නසන ගුණ හා ඇස්ට්‍රින්ජන්ට් ස්වභාවය (කහට) මඟින් ප්‍රදාහය වි ඇති සම සඳහා වඩාත් හොඳි ප්‍රතිකාර කිරීම සිදුවේ.

6.උළුහාල් ඇට සත්කාරය

  • උළුහාල් ඇට කෝප්ප 1-2
  • ක්‍රමය:උළුහාල් ටික ජලයේ පැයක් පමණ පොඟවාගන්න. පොඟවාගත් උළුහාල් ජලය ස්වල්පයක් බැගින් එක්කරමින් තලපයක් ආකාරයෙන් වන තුරු බ්ලෙන්ඩරයේ අඹරාගන්න. මිශ්‍රණය සිරුරේ කසන සුලු සමක ඇති තැන් වල අලේප කරගන්න. සම මත ඒවා වියළෙන්නට තබා පසුව ජලයෙන් ඇඟ සෝදා පිරිසිදු කරගන්න. මෙය සතියකට තෙවරක් පමණ සිදුකරන්න. උළුහාල් වල ඉහළ මට්ටමේ ප්‍රති-ප්‍රදාහක ගුණ අඩංගු ය. එමෙන්ම එහි ඇති විෂබිජ නාශක ගුණ මඟින් සමේ හටගෙන ඇති රෑෂ් වැනි බිබිලි තත්වයන් ඇතුළු ආසාදන තත්වය සමනය කරමින් සමනය කරමින් ඒවා සුවපත් කිරීමට උපකාර කරයි.

7.මී පැණි සත්කාරය

  • මී පැණි ස්වල්පයක්
  • ක්‍රමය:මි පැණි ස්වල්පයක් බඳුනකට දමා මදක් රත්කරගන්න.උණුසුම් මී පැණි ස්වලපය බැගින් ගෙන සමේ කසන සුලු ප්‍රදේශ වල ආලේප කරගන්න.මිනිත්තු 10-15 ක් පමණ සම මත වියළෙන්නට තබා මී පැණි ඉවත්වන සේ සම ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න. මෙය දිනකට වරක් හෝ දෙවරක් පමණ සිදුකරන්න. මි පැණි ස්වභාවික තෙතමනකාරකයක් බැවින් සම වියළි යාමට ඉඩ නොදි සම ආරක්ෂා කරයි. එහි අඩංගු ප්‍රති-ප්‍රදාහක සහ ප්‍රති-ක්ෂුද්‍රීය ගුණ මඟින් සමේ කසනසුලු ස්වභාවයන් සමනය කරමින් සමේ ආසාදන ඇතිවීම වළකයි.

8.අයිස් කැට සත්කාරය

  • අයිස් කැට හෝ අයිස් පැක් එකක්
  • ක්‍රමය:සමේ කසන සුලු ස්ථාන මත අයිස් කැට කිහිපයක අලේප කිරීම හෝ අයිස් කැට වලින් සකසා ගත් පැක් එකක් ආලේප කරන්න. කැසීමට පටන්ගන්නා තැන් වල මෙම ප්‍රතිකාරය යළි යලිත් සිදුකරන්න.මෙය දිනපතා සිදුකිරීමෙන් ඔබට ඉක්මනින් සහනය ලබාගත හැකිය, මෙම සත්කාරයේ සිසිල් උෂ්ණත්වය හා ප්‍රති-ප්‍රදාහක ගුණාංග මඟින් සම සන්සුන් කරමින් කසන සුලු සමට හොඳින් ප්‍රතිකාර කෙරේ.

9.කෝමාරිකා සත්කාරය

  • කෝමාරිකා මද මේස හැඳි 2
  • ක්‍රමය:සම මත කෝමාරිකා ආලේප කර මිනිත්තු 15-20 ක් පමණ තිබෙන්නට හැර ජලයෙන් සෝදා ඉවත්කරගන්න. මෙය දිනපතා එක්වරක් සිදුකරන්න. කෝමරිකා යනු ස්වභාවික ඖෂධයක් වන අතර බොහෝමයක් රෝග පීඩා දුරුකිරීමට ආයුර්වේදයේ භාවිතා වන ප්‍රතිකාර ක්‍රමයකි. එහි අඩංගු විටමින් E ගුණ මඟින් සමේ කසන සුලු බව ඇතිවිමට හේතුවන සමේ වියළිබව ඇතිවීම වළක්වමින් සමට ඉතා ඉහළ් මට්ටමේ ප්‍රතිලාභ ‍රැසක් ලබාදේ.

10.ඔලිව් තෙල් සත්කාරය

  • ඔලිව් තෙල් ස්වල්පයක්
  • ක්‍රමය:ස්නානය කිරීමෙන් පසු අත්ලට ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන සිරුර පුරා ආලේප කරමින් සම්බාහනය කරගන්න. සමේ තෙතමනය ආරක්ෂා කරගැනීම සඳහා මෙම සත්කාරය දිනකට එක්වරක් පමණ සිදුකරන්න.ඔලිව් තෙල් වල ප්‍රබල ප්‍රති-ඔක්සිකාරක ගුණ අඩංගුය. එහි අඩාගු පොලිෆෙනෝල් නම් සංඝටක වල ඇති ප්‍රති-ප්‍රදාහක ගුණ මඟින් සමේ ප්‍රදාහය දුරු කර කසන සුලු බව අඩු කරවයි. සම වියළිම වළක්වමින් සම නීරෝගි කරයි.

11.සුදුලූණු සත්කාරය

  • සුදු ලූණු බිකි 2-3
  • ඔලිව් තෙල් කෝප්ප 1/2
  • ක්‍රමය:බඳුනක් ලිප තබා අඹරාගත් සුදුලූණු හා ඔලිව් තෙල් බාගය එක්කරමින් මද ගින්නේ රත්කරගන්න.රත්කරගත් තෙල් නිවෙන්නට හැර බඳුනකට දමා හොඳින් සාරය මුසුවන සේ රාත්‍රියක් පුරා තිබෙන්නට හරින්න.පසුදා උදෑසන සමේ කසන සුලු තැන් වල මෙම තෙල් ආලේප කරගන්න. මිනිත්තු 20-30 ක් පමණ තිබෙන්නට හැර ජලයෙන් සෝදා ඉවත්කරගන්න.මෙය දිනකට එක්වරක් සිදුකරන්න. සුදුලූණු වල ඇති ප්‍රති-ප්‍රදාහක ගුණ හා ප්‍රති-ඔක්සිකාරක ගුණ මඟින් කැසිල්ල ඇතුලු පීඩාකාරි චර්ම ගැටලු හා ආසාදන ‍රැසකට ප්‍රතිකාර ලබාදේ. ඔලිව් තෙල් මඟින් සමේ තෙතමනය ආරක්ෂා කරමින් සම වියළීම වළක්වා සමට හොඳ ආරක්ෂාවක් ලබාදේ