Hela Rahas

Hela Rahas Official Web Portal

පනස් පන් වසක් අසූචි කා ජීවත් වූ ආජීවකයාගේ කතාව

  • මොහු නමින් ජම්බුක ආජීවකයාය.මොහු දැන තේරෙන වයසේ සිට ආහාර ලෙස අනුබව කරනුයේ අසුචිය. වෙන කිසිවක් නොකයි. මේ නිසා දෙමව්පියෝ ආජිවකයනට බාර දුනි. එහිදී ආජීවකයෝ තල් ඇටයක් ගෙන මොහුගේ කෙස් එක එක උගුලා දමා මොහු මහණ කළේය. මොහු දැන තේරෙන වයසේ පටන් නිර්වස්ත්‍රව සිටිති. වස්ත්‍ර නොඅඳිති. ඇඳක නොසැතපෙති. බිමම නිදති. දිනක් සුගතයන් වහන්සේ මොහු සිටින තැනට වැඩ එහි එක් තැනක් නවාතැන් ගෙන මොහු දමනය කළ සේක. එහිදී ඔහු මෙසේ වීමට කළ පූර්ව කර්මය ද වදාළ සේක.
  • පෙර මොහු කාශ්‍යප බුදු සසුණේ පැවිදිව සිටියදී දායකයන් කෙරෙහි බොහෝම කුළුපගුව විසීය. ආගන්තුකව වැඩි රහත් නමකට දායකයන් පැහැදී දන් දී සිවුරකට සළුවක් ද පුදා පසුව කෙස් රැවුල් බෑමට කරණවෑමියෙක් හා නින්දට ඇඳක් ද ලබා දුනි. නේවාසික භික්ෂුව මෙයට හිත රිදවා ගෙන ආගන්තුකව වැඩි රහත් හිමිට බැණ වැදුණේය.
  • ඇවැත්නි ආගන්තුකය (1) නුඹට සුදුසු කෙළෙඹියගේ බත නොව අසූචි කෑමටය. ( 2 ) කරණවෑමියා ලවා කෙස් රැවුල් බෑවීම නොව තල් ඇටයක් ගෙන කෙස් රැවුල් ගලවා දැමීමය. (3) දායකයන් දුන් රෙදි හැඳීමට වඩා නග්නව ඇවදීම වටින්නේය. ( 4 ) ඇඳෙහි නිදීමට වඩා බිම නිදීම කළ යුතු වේ. යනාදි ලෙස ගර්ජනා කළේය. රහතන් වහන්සේ මොහු තමන් නිසා පව් කරගන්නා බැවින් නොකියාම වැඩි සේක.
  • එදා මේ කරගත් අකුසලය නිසා මැරීගොස් අවිචී මහා නිරයෙහි ඉපිද අප බුද්ධ ශාසන කාලය වෙනකල් බුද්ධාන්තරයක්ම එහි මහත් දුක් වින්දේය. එයින් චුතව දැන් මේ මිනිස්ව ඉපිද පනස් පස් වසරක් අසූචී කා ජීවත්වීමට සිදු වූවා යැයි තථාගතයන් වහන්සේ වදාළ සේක.
  • ඔහු පෙර ජීවිතයේ රහතන් වහන්සේට කල ආක්‍රෝෂ හතරම තමන්ට විපාක දෙන ලදී. පසුව මේ ජම්බුක ආජීවකයා බණ අසා සිව් පිළිසිඹියාලාභි මහරහතන් වහන්සේ නමක් වී පැවිදි විය. බලන්න පින්වතුනි අවුරුදු විසිදාහක් පිරූ ශ්‍රමණ ධර්මයේ කුසලයටවත් ඔහු කළ අකුසලය යට කරගන්න බැරිවුණා. අපයේ ඉපිද දුක් වින්දා, අසූචි කා නග්නව ජීවත් වන්නෙක් වුණා, පසුව අවුරුදු විසිදාහක් තුළ පැවිදිව පිරූ පාරමී මතු වී රහත් බවද ලබා දුන්නා. මේ නිසා කර්ම බලය මනාව තේරුම් ගෙන කල්පනාකාරීව ජීවත්වීමට පෙළඹෙත්වා.