Hela Rahas

Hela Rahas Official Web Portal

ජපානයේ පුද්ගලයින් බිම වාඩි වී ආහාර ගන්න හේතු 7ක්

සැපපහසු පු‍ටුවක වාඩි වී සැහැල්ලු විදියට ආහාර ගන්නයි අප කවුරුත් පුරුදු වෙලා තියෙන්නේ. ආහාර ගන්න විට විතරක් නොවෙයි දවසේ වැඩි කාලයක් වාඩි වෙලා තමයි අප ගත කරන්නේ වාඩි වෙලයි. වැඩ කරන තැනදී, තමන්ගේ වාහනයෙන් හෝ පොදු ප්‍රවාහන මාධ්‍යයක ගමන් කරද්දී පවා වැඩි කාලයක් ආසනයක වාඩිවෙලයි ඉන්නේ. නැවත ගෙදර ඇවිත් ආහාර ගන්නේත් වාඩි වෙලයි. නමුත් ජපානයේ වැසියන් නම් ඔවුන්ගේ ආහාර වේලවල් ලබාගන්නේ බිම වාඩිවෙලයි. ජපානයේ නම් ආහාර මේසයේ පු‍ටු භාවිතා වෙන්නේ නැහැ.ඇතැම් තරු 5 හෝටල් වල වුණත් මේ සම්ප්‍රදාය භාවිතා වෙනවා කියලයි සඳහන් වෙන්නේ.ඇත්තෙන්ම මෙම ඉරියව්වෙන් ආහාර ගැනීම පුද්ගලයින් හට බොහෝ සෞඛ්‍යය ප්‍රතිලාභ අත්කරදෙන බව පැවසෙනවා.මෙම ජපන් සම්ප්‍රදායෙන් අත්වන එවැනි වාසි කිහිපයක් තමයි මේ.

1.ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලියට සහය ලබාදේ

  • කකුල් හරස් කරගෙන බිම වාඩි වී ආහාර ගැනීම නිරායාසයෙන් සිදුවන යෝගා අභ්‍යසයක් වැනිය. එකම වේලාවකදි ඔබේ සිරුරට ආහාරත් ව්‍යායාමයකුත් ලැබේ. මෙසේ කකුල් හරස් කැරගෙන සිටින ආසනය වඩාත් පහසු යන අරුත් ඇතු ‘සුඛාසනය’ නම් වේ. එම ඉරියව්ව මඟින් උදරයට ඇති රුධිර සැපයුම වැඩිකරන බවත්, ආහාර පහසුවෙන් ජීර්ණය කරවීමට සහය ලබාදෙන බවත් සහ සිරුරට උපරිමයෙන් විටමින් හා වෙනත් අත්‍යාවශ්‍ය පෝෂක අවශෝෂණය කරගැනීමට උපකාර කරන බවත් ප්‍රධාන විශ්වාසයකි. සිරුර පිඟාන දෙසට ඉදිරියට නවමින් ආහාර ගෙන නැවත ආරම්භක ඉරියව්වට ගමන් කරමින් ආහාර සපමින් ගිලීම සිදුකරන විට උදර මාංශ පේශීන් ශක්තිමත් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස බඩ පිපුම වැනි ත්ත්වයන් ඇතිවිම වැළැක්වේ.

2.සිරුරේ බර අඩු කරගැනීමට උපකාර කරයි

  • බිම වාඩි වී ආහාර ගන්නා විට ඔබේ සිරුරේ වාගුස් ස්නායුව වඩාත් හොඳින් ක්‍රියාකාරී වීමට හොඳ සහයක් ලැබේ. ආහාර ජිර්ණ පද්ධතියෙන් ‘ලෙප්ටින්’ නමැති හෝර්මෝන ශ්‍රාවය කරන විට, ඔබේ බඩ පිරී ඇති බව වාගුස් ස්නායුව වෙත සංඥා ලැබේ.මෙම ස්නායුව එසේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයකින් පවතින විට ඔබ විසින් පමණ ඉක්මවා අධිකව ආහාර ගැනීම වළක්වාගත හැකිය.

3.ඔබේ සිරුරට වැඩි නම්‍යශීලි බවක් ඇතිකරයි

  • බොහෝ වෙලාවක් එකදිගට වාඩි වි සිටීම නිසා කොන්දේ වේදනා හටගත හැකි අතර ක්‍රමක්‍රමයෙන් කොඳු ඇට පෙළේ බිම්බ ගෙවීයාමට පටන්ගනියි. බිම වාඩි වී සිටින විට දණහිස් සහ උකුල ප්‍රදේශ හොඳින් ඇදී (ස්ට්‍රෙච්) පවතියි. ආහාර ගන්නා විට කඳ සෘජුව තබාගැනීමට මෙම ඉරියව්ව උපකාර වන නිසා හිස හා උරහිස් එල්ලා වැ‍ටුණු ස්වභාවයක් ගැනීමෙන් වළක්වන අතර කොන්ද සහ උරහිස් ප්‍රදේශයන් වඩාත් ශක්තිමත් කිරීමට දායක වේ.

4.දීර්ඝායුෂ ලැබීමට සහය වේ

  • කකුල් හරස් කරගෙන වාඩි වී සිටි ඉරියව්වකින් ඔබට කිසිඳු ආධාරකයක් නොමැතිව නැගී සිටීමට හැකි නම් ඔබ දිගු කාලයක් ජීවත්වීමේ අවස්ථාව වැඩිය. දිනකට කිහිපවරක් එසේ බිම අසුන්ගෙන නැගිටීම හරහා පුද්ගලයෙකුට ලැබෙන ව්‍යායාම එම පුද්ගලයා හට දීර්ඝායුෂ වැඩිවීමට හේතුවක් වන බවයි පැවසෙන්නේ.

5.සන්ධි වල නිරෝගිබව ආරක්ෂා කරයි

  • බොහෝ වෙලාවක් පු‍ටුවක වාඩි වී සිටින විට ඔබේ උකුල් ප්‍රදේශය පහසුවෙන් චලනය කල නොහැකි ,දරදඬු ස්වභාවයකට පත්වේ. නමුත්, බිම වාඩි වී සිටින විට පුද්ගලයෙකුගේ උකුල් සහ වළලුකර ප්‍රදේශ වඩාත් හොඳින් ඇදී පවතින නිසා සිරුරේ සන්ධි වඩාත් නම්‍යශීලී ස්වභාවයකට පත්වේ. ඔබ විවේකගනිමින් සිටින අවස්ථාවලදි වුව පු‍ටුවක වාඩි වී සිටින විට සක්‍රීයව නොපවතින මාංශ පේශීන් පවා දණහිස් මත වාඩිවීම හෝ උක්කුටිකයෙන් වාඩි වීම වැනි වාඩිවීමේ ඉරියව් වලදී දායක කරගනිමින් ක්‍රියාකාරී වීමට උනන්දු කරවයි.

6.සිරුරේ ඉරියව්ව ක්‍රමවත්ව වැඩිදියුණු කරයි

  • කොන්දට නිසි ආධාරකයක් නොලැබෙන පු‍ටුවක වාඩි වි සිටින විට ඉන් ඔබේ සිරුරේ හර මාංශ පේශී සියල්ල දායක කරගනිමින් වාඩිවී සිටීමට උනන්දු කරවයි. එය ඔබේ සිරුරේ නිසි ඉරියව්වට හොඳ ප්‍රතිලාභ ලැබේ. කෙසේවෙතත්, හිස සහ උරහිස් පහළට එල්ලා වැ‍ටුණු ඉරියව්වකට පත්නොවීමට සැලකිලිමත් වන්න. ඉන් ඔබේ කොන්දේ වේදනා මතුවීමට බොහෝ ඉඩකඩ ඇත.

7.මනස සන්සුන් කරවයි

  • ආහාර ගන්නා අතරේ යෝගා කිරීම ඔබේ මනසේ සන්සුන් බව ඇති කරවයි. මනස සාමකාමීව පවතින විට, ඔබට ඔබේ ආහාරය උපරිමයෙන් රසවිඳිය හැකියි වගේම ප්‍රමාණයකට ආහාර ගැනීමට හැකිවේ. එනම් බඩ පිරෙන තුරු පමණක් ආහාර ගැනීමට පෙලඹේ.