Hela Rahas

Hela Rahas Official Web Portal

රාවණා රජු කළුදිය පොකුණ පතුලෙ හදපු සිර කඳවුර

  • මිහින්තලේ කළුදිය පොකුණ ගැන අපි අහලා තියෙනවා. මේ කළුදිය පොකුණ ගැන විවිධ ජනප්‍රවාද තියෙනවා. කළුදිය පොකුණ ගැන කතා කරද්දි ඒත් එක්කම කියවෙන නමක් තමා රාවණා කියන්නෙ.
  • රාවණා රජු මහා බලසම්පන්න කිසිවකුට ඇදහිය නොහැකි බලපරාක්‍රමයක් තිබුණු මේ ලෝකය පමණක් නොව එයින් පිටත විශ්වයටත් තම බලය ප්‍රදර්ශනය කරමින් විශ්වයම ජයගත්තු මහා රජෙක් කියලා ජනප්‍රවාද වල කියනවා.
  • එතුමා විවිධාකාර ලොවම අදටත් මවිත කරන විදියෙ නිර්මාණ රැසක උරුමක්කාරයෙක්. ඒ වගේ පුදුම හිතෙන නිර්මාණයක් ගැන තමා මේත් කියන්නෙ.එදා රාවණා රජු තමන්ගෙ මහා බලපරාක්‍රමය ප්‍රයෝජනයට අරගෙන විශ්වයේ වෙනත් ග්‍රහලෝක සමගත් ගනුදෙනු කළ බව කියනවා. එහෙම ගනුදෙනුවලදී මත ගැටුම් වගේම යුද ගැටුනුත් ඇති වුණා.
  • හැබැයි ඒ එක යුද ගැටුමකින්වත් පරදින්න අකැමැති වෙච්ච මහා රාවණ තමන් සමඟ යුද්ධයට ආපු බොහෝ දෙනෙක්ව පරාජය කරලා සිරකරුවන් විදියට ලංකාවට ගෙනාවා කියනවා. එහෙම අරගෙන ආපු සිරකරුවන්ව රඳවා තැබුවේ අඩි එකසිය පනහකටත් වඩා ගැඹුර පොළොව යට සිරමැදිරි සංකීර්ණයක.
  • හැබැයි අද අපිට ඒ අඩි එකසිය පනහ පහළට බැහැලා සිරමැදිරි සංකීර්ණයට යන්න ලැබෙන්නෙ නෑ. දැන් එතැන තියෙන්නෙ පොකුණක්. ඒ තමයි කළුදිය පොකුණ. මිහින්තලේ කළුදිය පොකුණ අනුරාධපුර යුගයෙන් පස්සෙයි බොහෝ දෙනෙක් කතා කරන්නෙ.
  • ඒත් මේ පොකුණ ලේසියෙන් මොන කාලයට අයිතියි කියලා කියන්න බැරි ජනප්‍රවාද විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් කතාබහට ලක්වෙලා තියෙනවා. ඒ ඉතිහාසය වසර පන්දහසකටත් වඩා එහාට සම්බන්ධ වන බවට මේ වෙද්දි ජනප්‍රවාද ඔස්සේ කියවෙනවා.
  • ජනප්‍රවාදයන්හි සඳහන් වන ආකාරයට නම් අඩි එකසිය පනහකටත් වැඩි ප්‍රමාණයක ගැඹුරක් ඇති මේ කළුදිය පොකුණ පතුල කේතුවක් අනෙක් පැත්ත හැරවූ ආකාරයටයි ඉදිකරලා තිබෙන්නෙ. එය කිසිවකුට විශ්වාස කළ නොහැකි ආකාරයේ විශ්මිත ක්‍රියාකාරකම් සඳහා යොදාගත් ස්ථානයක් ලෙසද සලකනවා.
  • විශ්වය හා ගනුදෙනු කළ හැකි බල කේන්ද්‍රයක් ලෙස සැලකෙන මේ ස්ථානය අතීතයේ රාවණා රජු විශ්වය හා සම්බන්ධ වීමට යොදාගත් ස්ථානවලින් එකක් කියලත් විවිධ මතවාද ඉදිරිපත් කරනවා.මේ කළුදිය පොකුණ ප්‍රදේශය ඔහු විසින් විවිධ විශේෂිත කටයුතු සඳහා භාවිතා කරා කියලා පිළිගන්න සාක්‍ෂි, සාධක සපයන තවත් බොහෝ කරුණු මේ අවටින්ම හොයාගන්න පුළුවන්.
  • ඒ ජනප්‍රවාද ගැන බැලුවම ඉස්මතු වෙන එක කාරණාවක් තමයි රාවණා රජ සමයේ කළුදිය පොකුණ පතුලේ තිබුණා යැයි කියන සිරකඳවුර. මේ පොකුණු පතුලෙ හතර කොනම රන් ඇතුන් හතර දෙනකුගේ පිළිම රඳවා තිබෙන බව කියනවා.
  • තවත් වැදගත් දෙයක් තමයි පරිසරයට හානි නොකර භූගත ඉදිකිරීම්වලට මුල්තැන දෙමින් සියලු ඉදිකිරීම් කළා යැයි කියන රාවණා රජුගේ මාතලේ පිහිටි භූගත මාලිගා සංකීර්ණයට යෑමට හැකි විශේෂිත උමං මාර්ගයක් මේ කළුදිය පොකුණ පතුලේ සිට ඉදිකර තිබුණා කියන කතාව.
  • රාවණා රජු මේ ස්ථානයේ සිට සක්වළ සමඟ ගනුදෙනු කළාය කියනවා. අදටත් දැකගත හැකි දෙයක් තමයි පොකුණ වටේට පිහිටුවා ඇති ගල් ආසන. ඒවා භාවනායෝගී භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන් සකසා ඇති බව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්.
  • එයින් එක් ආසනයක් කාල බුද්ධරක්ඛිත තෙරුන් භාවනා යෝගීව සිටීමට යොදාගෙන තිබෙනවා. එහිදී උන්වහන්සේ පිටසක්වළයන් සමඟ සම්බන්ධ වූ බවත්, ජනප්‍රවාද වල කියනවා. ඒ කාලේ රාජගිරි ලෙනේ වැඩවසමින් මේ ස්ථානයට භාවනා කටයුතු සඳහා වැඩම කර ඇති අතර, අදටද එම ස්ථානයේ කිසිවකුට භාවනා කටයුතුවල යෙදීමට ඉඩ නොදෙන බලවේග ක්‍රියාත්මක වන බවට විශ්වාසයක් තිබෙනවා.
  • මෙම ස්ථානයේ ඇතැම් තැන්වල චුම්බක ක්‍ෂේත්‍රයේ විවිධ වෙනස්වීම් සිදුවන බවටත් මතවාදයක් පැතිරයමින් තිබෙනවා. රාවණා රජතුමාගෙ කාලෙ තිබුණු දියුණු තාක්ෂණය ගැන බැලුවම මේ කරුණු ජනප්‍රවාදම නොවෙන්නත් පුළුවන්.