Hela Rahas

Hela Rahas Official Web Portal

වකුගඩු වල ගල් හටගෙන ඇති බව හඟවන ලක්ෂණ 5 ක්

  • ජලය අඩුවෙන් පානය කිරිමේ ප්‍රතිඵලය ලෙස මූත්‍රා සාන්ද්‍ර බවකින් යුක්ත වි වකුගඩුවේ සිට මූත්‍රා මාර්ගයේ කුඩා ගැටිති ස්වභාවයක් ලෙස මතුවීමට පටන්ගනියි.මෙම කැටිති සාමාන්‍ය මූත්‍රා බැහැර වීමේ ක්‍රියාවලියේදී මූත්‍රා සමඟ ගසාගෙන යන අතර ප්‍රමාණයෙන් විශාල කැටිති වකුගඩුවේ ඉතිරි විය හැකියි. මේවා කාලයත් සමඟ ක්‍රමයෙන් එකට එකතු වී විශාල ගල් බවට පත් වේ. මේවා මූත්‍රා මාර්ගය අවහිර කරමින් දැඩි අපහසුතා මතුකරයි.
  • වකුගඩු ආශ්‍රිතව ගල් ඇති වීමේ අවදානම කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් තුල වැඩිය. මෙම පීඩාකාරී ස්වභාවයේ රෝග ලක්ෂණ මුල් අවදියේම පහළ නොවන නිසා රෝග තත්වය හඳුනාගැනීම අපහසුය.වකුගඩුවේ ගල් සෑදී ඇත්නම් බොහෝ දුරට පහත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගනියි. මෙවැනි රෝග ලක්ෂණ දැනටමත් ඔබට පහළ වී ඇත්නම් වහාම වෛදයවරයෙකු මුණගැසී අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න.

1.අධික වේදනාව-කැක්කුම

  • උදරය, කොන්ද සහ ශ්‍රෝණි ප්‍රදේශය ආශ්‍රිතව තියුණු වේදනාවක් දැනීමට පටන්ගැනීම මෙම තත්වයේ එක් ප්‍රධාන රෝග ලක්ෂණයකි. මෙය සිදුවන්නේ ගල් එහාමෙහා චලනය වීමට පටන්ගැනීම සහ ඒවා ප‍ටු මූත්‍රා නාළය තුල සිරවි ගොස් වකුගඩු වලට එල්ලකරන දැඩි පීඩනය නිසාය. ගල් චලනය වන විට දැඩි වේදනා ස්වභාවය කොන්දේ සිට ශ්‍රෝණි ප්‍රදේශය දක්වා ක්‍රමයෙන් ගමන් කිරීමට පටන්ගනියි.
  • වකුගඩු ආශ්‍රිත ගල් හටගැනීම නිසා මූත්‍රා වල විවිධ වෙනස්කම් කිහිපයක් හඳුනාගත හැකියි. උදරය, කොන්ද සහ ශ්‍රෝණි ප්‍රදේශය ආශ්‍රිතව තියුණු වේදනාවක් දැනීමට පටන්ගැනීම මෙම තත්වයේ එක් ප්‍රධාන රෝග ලක්ෂණයකි. මෙය සිදුවන්නේ ගල් එහාමෙහා චලනය වීමට පටන්ගැනීම සහ ඒවා ප‍ටු මූත්‍රා නාළය තුල සිරවි ගොස් වකුගඩු වලට එල්ලකරන දැඩි පීඩනය නිසාය. ගල් චලනය වන විට දැඩි වේදනා ස්වභාවය කොන්දේ සිට ශ්‍රෝණි ප්‍රදේශය දක්වා ක්‍රමයෙන් ගමන් කිරීමට පටන්ගනියි.

2.මූත්‍රා පිටවීම් ආශ්‍රිත වෙනස්කම්

  • වකුගඩු ආශ්‍රිත ගල් හටගැනීම නිසා මූත්‍රා වල විවිධ වෙනස්කම් කිහිපයක් හඳුනාගත හැකියි.වකුගඩු ගල් චලනය වෙමින් මූත්‍රාශය වෙත ගමන් කල විට නිතර මූත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව දැඩිව දැනීමට පටන්ගනියි. මූත්‍රා පහකරන විට දැඩි වේදනාවක් සහ දැවිල්ල ස්වභාවයක් දැනිය හැකියි.පිටවන මූත්‍රා ප්‍රමාණය අඩුවීම සිදුවිය හැකියි. මේ සඳහා සෘජුවම බලපාන්නේ මූත්‍රා නාළය තුල එක් ‍රැස් වී තිබෙන මූත්‍රා ගල් ය. ඒවා හේතුවෙන් මූත්‍රා ප්‍රවාහය බැහැර වීම සම්පූර්ණයෙන්ම අවහිර වී යාම පවා සිදුවිය හැකියි.
  • මූත්‍රා සමඟ රුධිරය පිටවීම-මූත්‍රා මාර්ගයේ ගල් මතු වී තිබීම නිසා මූත්‍රා සමඟ රුධිර කොටස් පිටවිය හැකියි. මූත්‍රා අධික දුර්ගන්ධයකින් යුක්ත වීම ඔබේ වකුගඩු තුල යම් ආසාදන තත්වයක් හටගෙන ඇති බවට සැක කල හැකි ලක්ෂණයකි (මූත්‍රා අධික පෙණ සහිත අපැහැදිලි ස්වභාවයක් ගෙන තිබීම ද එවැනි තවත් ලක්ෂණයකි).

3.වෙවුලීම සහ උණ ගතිය

  • සිරුරේ අධික උෂ්ණත්වයක් පැවතීම මූත්‍රා මාර්ගයේ හෝ වකුගඩු ආශ්‍රිත ආසාදන තත්වයක් මතුව ඇතැයි සැලකිය හැකි රෝග ලක්ෂණ අතරින් එකකි. මෙය වකුගඩු ගල් රෝගය ආශ්‍රිත විවිධ සංකූලතා මතුකිරීමට බලපාන රෝග ලක්ෂණයකි.

4.වමනය

  • වමනය සහ නිතර ඔක්කාරය ගතියක් දැනීම ද මෙම වකුගඩු ගල් රෝගයේ එක් ලක්ෂණයකි. මීට හේතුව නම් ආමාශයික-ආන්ත්‍රික මාර්ගය සහ වකුගඩු අතර ඇත්තේ සමගාමී ස්නායු සබඳතාවක් වීම නිසාය. සිරුරේ හටගන්නා දැඩි වේදනාකාරි ස්වභාවයේ ප්‍රතිඵලයක් ලෙස ද මෙම රෝග ලක්ෂණය පහළ විය හැකියි.

5.සිරුරේ අප්‍රාණිකබවක් දැනීම (අධික වෙහෙසකරබව)

  • වකුගඩු වල ගල් හටගැනීම නිසා වකුගඩු ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීම සිදුවේ. මේ හේතුවෙන් සිරුර තුල විෂ අපද්‍රව්‍ය බැහැර නොවී එක් ‍රැස් වීමට පටන්ගනියි. එම ක්‍රියාවලිය නිසා ඔබට දැනෙන හැ‍ඟෙන ආකාරයට පවා සෘණාත්මක බලපෑම් ඇති විය හැකියි. පෙර පරිදි නොව අසාමාන්‍ය ලෙස සිරුරට අධික වෙහෙසක් දැනීම, සිරුරේ දැඩි වේදනාවක්, කැක්කුම් ස්වභාවයක් අත්දැකීම වැනි ලක්ෂණ මතුවීමත් සමඟ ඔබේ සිරුරේ අප්‍රාණිකබවක් ඔබට නිතර දැනිය හැකියි.

වැදගත්:

  • දිනකට හොඳින් ජලය පානය නොකිරීම
  • සීනි, සෝඩියම් (ලුණු) සහ ප්‍රෝටීන් අධික ලෙස පරිභෝජනය කිරීම
  • විටමින් D සහ කැල්සියම් අතිරේක පෝෂක (සප්ලිමන්ට් වර්ග) භාවිතා කිරීම
  • ස්ථූලබවින් පෙළෙන පවුලේ ඥාතීන්ගෙන් ඇතැම් අයට වකුගඩු ගල් රෝගය වැළඳීතිබීම
  • වැනි හේතු වල බලපෑමෙන් ඔබට එම රෝග තත්වය ඇතිවීමට ඇති අවදානම වැඩිය.