Hela Rahas

Hela Rahas Official Web Portal

ආහාර පිසගැනීමට උපකාරී වන උපක්‍රම 15 ක්

තමන් පිසින ආහාර රසවත් යැයි කියනවාට කවුරුන්ද අකමැති වෙන්නේ. නමුත්, ආහාර වල රසය ආරක්ෂා කරගනිමින් ආහාර සකස් කරගැනීම ඇත්තෙන්ම අභියෝගයක්.මුළුතැන්ගෙයි කටයුතු වලදී ගෘහනියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආහාර නැවුම්ව දිගු කාලයක් පවත්වා ගැනීමට නොහැකිවීම. මේ ගැටලු වලට පිලිතුරු සපයන, ගෘහනියන් වන ඔබට බොහෝ උපකාරි විය හැකි ආකාරයේ මුළුතැන්ගෙයි රස රහස් කිහිපයක් ගැනයි මේ

1.බිත්තර නැවුම්ව තබාගැනීමට,

  • බිත්තර දිගු කාලයක් නරක් නොවී තබා ගැනීම සඳහා ශීතකරණයට දැමීමට පෙර ඒවා මත එලවළු තෙල් ස්වල්පයක් ආලේපකරගන්න.

2.බිත්තර ක‍ටු ඉක්මනින් ඉවත්කරගැනීමට,

  • තැම්බූ බිත්තරයක ක‍ටු ඉවත් කිරීමට ක්‍රම ‍රැසක් තිබෙනවා. මේ ඉන් එක් ක්‍රමයක්: තම්බා ගත් බිත්තරයේ ක‍ටුවේ යම් පැලුමක් ඇතිකරමින් සීතල ජලයට දමා නිවෙන්නට හරින්න. ඉන්පසුව, ක‍ටුව පහසුවෙන් ඉවත් කරගත හැකිවේ.

3.ලෙමන් බිංදු කිහිපයක් ලබාගැනීමට,

  • ලෙමන් බිංදු කිහිපයක් වෙනුවෙන් ලෙමන් භාගයක්ම මිරිකාඉවත් කිරීමට දැන් ඔබට අවශ්‍යය වන්නේ නැහැ. ඔබට මේ සඳහා අවශ්‍යය වන්නේ ටූත් පික් එකක් පමණයි. ටූත් පික් එකෙන් ලෙමන් ගෙඩිය සිදුරු වන සේ පසාරු කරගන්න. එවිට ලෙමන් බිංදු වැගිරීමට පටන් ගනියි. දැන්, ටේප් කැබැල්ලකින් සිදුරු කල ස්ථානය වසා නැවත භාවිතය සඳහා ශීතකරණයේ තබාගන්න

4.පෙඟී ඇති අලපෙති ආහාරයට සුදුසු තත්වයට සකස් කරගැනීමට,

  • හුලං වැදීම හෝ වතුර වැටීම නිසා පෙඟී ඇති අල පෙති විසි නොකර නැවත ආහාරයට සුදුසු ලෙස සකස් කරගත හැකියි.
  • ඒ සඳහා මුලින්ම පිඟානක් ගන්න. ‘Kitchen towel’ එකක් හෝ ටිෂු කඩදාසියක් ඒ මත එලාගෙන අල පෙති අතුරාගන්න.
  • ඊට උඩින් නැවත ටිෂු කඩදාසියක් තබා වසාගන්න. දැන් මෙය මයික්‍රෝවේව් උඳුනකට දමා තත්පර 30 ක් පමණ තබන්න. ක්‍රිස්පි ගතිය නැවතත් ඇතිවී තිබෙන ආකාරය ඔබට දැකිය හැකි වේවි.

5.ලස්සන ක්‍රමයකට බිත්තර පිස ගැනීමට,

  • මේ සඳහා ලොකු බෝතල් මූඩියක ඇතුලත ඇති වළල්ලක් අවශ්‍යය වෙනවා. පෑන් එකක් මත වළල්ල තබා එය මැදට බිත්තරය කඩා එක්කරගන්න. වළල්ල නිසා බිත්තරය පෑන් එක මත විසිරී නොයන ආකාරය ඔබට දැකගත හැකිවේවි. ටික වේලාවකින් වළල්ල ඉවත් කරගන්න. ඒ වගේම ලූණු වල රවුම් වළලු ද මේ ආකාරයෙන් භාවිතා කරන්න පුලුවන්.

6.බෝතල් හොඳින් අසුරාගැනීමට,

  • මේ සඳහා ‘Binder clip’ එකක් බෝතල් ‍රැඳවිය හැකිසේ ඔබේ ශීතකරණයේ සවිකරගන්න. දැන් බෝතල් තිරස් අතට නොපෙරලෙන සේ අසුරාගැනීමට ඔබට හැකියි.

7.සැන්ඩ්විච් සැකසීමේදී තක්කාලි උඩින් අතුරාගන්න.

  • හැම් භාවිතයෙන් සකසන සැන්ඩ්විච් සඳහා ඒවා සිහින්ව කපාගන්න. තක්කාලි ඇතුලු මිශ්‍රණය වැසීමට එය පහසුවක් වේවි. සැන්ඩ්විච් එක උඩින් තක්කාලි එක්කරගැනීමෙන් එය එහාමෙහා යමින් ලිස්සන සුලු ගතිය වළක්වාගත හැකියි.

8.ග්‍රිල් එකක් භාවිතයෙන් රසවත්ව මාලු පිසගැනීමට,

  • මේ සඳහා මුලින්ම ලෙමන් පිති කිහිපයක් කාපට් එකක ස්වභාවයෙන් ග්‍රිල් එක මත අතුරාගන්න. එවිට මාලු කැබලි ග්‍රිල් එක මත ඇලවී නොයන අතර මාලු කෑබලි වඩාත් ප්‍රනීත කරමින් හොඳ ලෙමන් රසයක් ඒවාට එක් වේ.

9.පොලිතින් කවර පහසුවෙන් භාවිතා කිරීමට,

  • පොලිතින් කවර ඉක්මනින් හැකිලෙස සුලුයි වගේම ඇලවෙන සුලුයි. හදිසි අවස්ථාවලදී ගෘහනියන්ට මෙය ඇත්තෙන්ම කරදරයක්. ඔබට ඒ සඳහා කල හැකි උපක්‍රමයක් තමයි මේවා ශීතකරණයේ තැබීම. එමඟින් වඩාත් කීකරුව , ‍රැලි නොවී පොලිතින් කවර භාවිතයට ගැනීමට ඔබට හැකිවේවි.

10.කුළු බඩු භාවිතයට ගැනීමට පහසු වීමට,

  • ඉවතලන ‘ටික්ටැක්’ වැනි ප්ලාස්ටික් අසුරන මේ සඳහා භාවිතා කල හැකියි. ඒවා ප්‍රමාණයෙන් කුඩා වීම නිසා හසුරුවා ගැනීමට පහසු වීමත් ලෙහෙසියෙන්ම විවෘත කරගැනීමට හා වසා තැබීමට හැකිවීමත් විශේෂ හේතුවක් වෙනවා. ඉවත ලන දෙයක් නැවත භාවිතයට ගැනීම නිසා ඉන් ඔබට පරිසර හානියත් අවම කරගන්න පුලුවන්.

11.වැඩිපුර ඇති බේකන් කැබලි නරක් නොවී කල් තබාගැනීමට,

  • වැඩිපුර කපා ගත් බේකන් කැබලි නරක් නොවීමට නම් ඒවා අධි සිසිල් (freeze)වන සේ තැබිය යුතුයි. ඒ සඳහා පාච්මන්ට් කඩදාසි කැබැල්ලක් ගෙන දෙපැත්තට නවමින් ‍රැලි සකස් කරගන්න. ඒවා තුලට එක් එක් බේකන් කැබැල්ල බැගින් දමා අධි ශීතකරණයේ තබාගන්න.

12.පලා වර්ග දීප්තිමත්ව සහා නැවුම්ව තබාගැනීමට,

  • පලමුව පලා වර්ග හොඳින් සෝදා වියළා ගන්න. ප්ලාස්ටික් බෑගයකට දමා හුලං පිරෙන සේ එහි කට ගැටගසන්න. මේ ක්‍රමය මඟින් පලා වර්ග වල පැහැය ආරක්ෂා කරගැනීමට ඔබට හැකිවේ.

13.පිහිය මුවහත් කරගැනීමට,

  • පිහි මුවහත්කරනයක් නිවසේ නොමැති නම් ඒ සඳහා කල හැකි උපක්‍රමයක් තමයි මේ. මැටි කෝප්පයක් ගෙන මුණින් අතට හරවා එහි අඩියේ පිහිය කිහිපවරක් අතුල්ලා ගන්න. නමුත්, ඔබේ පිහිය ගුණාත්මක බවින් සහා මිලෙන් වැඩි එකක් නම් පිහිය අනතුරේ නොදා පිහි මුවහත්කරනයක් මිලදී ගැනීම නුවණට හුරු දෙයක් වේවි.

14.Cutting board’ එක භාවිතා කරන අතරේ ලිස්සායෑම වළක්වාගැනීමට,

  • එලවළු කැපීමට පෙර ලෑල්ලට යටින් තෙත රෙදි කැබැල්ලක් තබාගන්න.

15.මයික්‍රෝවේව් උඳුන භාවිතයෙන් ආහාර හොඳින් සමානව රත්කරගැනීමට,

  • ඔබේ ආහාරය ඇතුලතත් පිටතත් හොඳින් පිසගැනීමට උඳුනට දමන භාජනයේ රවුම් ආකාරයට සමානව ආහාරය අතුරාගන්න. මැද කොටස හිස්ව තබන්න.

16.බෝනස්: Cutting board එකේ ඇති අපූරු විශේෂත්වය.

  • මේක බොහෝ දෙනෙක් නොදන්නා රහසක්! එලවළු කපන ලෑල්ලේ දිගු අතට ඇති සිදුර ඔබ දැක ඇති! බොහෝ දෙනෙක් එය ලෑල්ල හැසිරවීමට සහා එල්ලා තැබීමට හැඬලයක් ලෙස භාවිතා කරනු ලබනවා. නමුත්, මෙහි තවත් ප්‍රයෝජනයක් තිබෙනවා. ඒ තමයි මේ සිදුර හරහා ඔබ කැබලි කරගත් එලවළු විසිර නොයා භාජනයකට දමා ගත හැකිවීම. මේ ක්‍රමය භාවිතා කරමින් අපතේ නොයවා එලවළු කපාගන්න දැන් ඔබටත් පුලුවන්.