Hela Rahas

Hela Rahas Official Web Portal

මුලුතැන්ගෙයි වැඩ පහසු කරවන උපක්‍රම 11 ක්

ලේසියෙන්ම කරගන්න පුලුවන් දේවල් අමාරුම ක්‍රම වලින් සිදුකිරීමට හුරුවෙලා සිටීම නිසා ඒ වගේ කාලය නාස්ති වෙන එක අහන්නත් දෙයක් නෙවෙයි. මුලුතැන්ගෙයි වැඩ පහසුවෙන් ,සරලව වගේම කාර්යක්ෂම සිදුකරගන්න ගෘහණියන් වන ඔබට උපකාරී වන මුලුතැන්ගෙයි රහස් කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නට සූදානම,

1.ලූණු කපද්දි කඳුලු ඒම වළක්වාගැනීමට එලවළු ලෑල්ල අසල ඉටිපන්දමක් දල්වන්න.තවත් ක්‍රමයක් ලෙස, ලූණු ගෙඩියක් දෙකට කපා සීතල ජලයට දමා ස්වල්පය වේලාවක් තැබීමෙන් පසු කැබලි වලට කපාගන්න.

2.පාන් කපන පිහියෙන් තක්කාලි කැපීමෙන් යුෂ ඉහිරෙන්නේ නැතිව සිහින් පෙති ලෙස කපාගැනීමට හැකි වේ.

3.අල පෙති මත වයර් ‍රැක් එකක් තබා ඊට උඩුන් මස් කැබලි පිසගැනීමෙන් අල වල රසය වැඩිවේ.

4.චිකන් විංග්ස් පහසුවෙන් බේක් කිරීමට ඒවා මේ ආකාරයෙන් ඉර‍ටුවලින් අමුණා අවන් එකේ පුළුස්සා ගන්න.

5.එලවළු සහ පලතුරු කපන විට ලෑල්ල එහා මෙහා යාම වළක්වාගැනීමට ලෑල්ලට යටින් තෙත රෙදි කැබැල්ලක් තබන්න. එමඟින් එය භාවිතයේදි ලිස්සා නොයයි.

6.සීත කල ආහාර පැකට්‍ටුවක් ෆ්‍රයිංග් පෑන් එකක මත තැබීමෙන් එහි අයිස් වේගයෙන් දියවී යයි.

7.තැම්බූ බිත්තරයක් තත්පර කිහිපයකින් ක‍ටු ඉවත්කරගැනීමට මේස හැන්දක් භාවිතා කරන්න.

8.තෙල් ඉඳුල් ඇති බඳුනක් පිරිසිදු කරගැනීමට පහසු ක්‍රමයක්:පේපර් ටවල් එකක් එම බඳුනට දමන්න. එයට පිඟන් සෝදන සබන් හෝ දියර ස්වල්පයක් දමා ජලය ද එක්කරන්න. පියන වසා බඳුන හොඳින් සොලවන්න. පසුව, පේපර් ටවල් එක ඉවතට ගෙන බඳුන ජලයෙන් සෝදා ගන්න.

9.උණ කෝ‍ටු + ටේප් පටි දෙකක්= ලාබ ටේබල් මැට් එකක්

10.පියනක් පෑන් එකකට වඩා කුඩා නම් මේ ආකාරයෙන් හැඳි දෙකක් තබා වසාගන්න.

11.පැස්ටා තැම්බූ වතුර ඉවත නොදමා ඉතිරිකරගන්න. එහි අඩංගු පිෂ්ඨය සෝස් සෑදීමේදි හොඳ පදමක් ලබාදේ.