Hela Rahas

Hela Rahas Official Web Portal

ජනප්‍රිය මුලුතැන්ගෙයි උපක්‍රම 10 ක සාර්ථක අසාර්ථක බව දැනගන්න

අන්තර්ජාලයේ සඳහන් වි තිබුණු ඉතා ජනප්‍රිය මුලුතැන්ගෙයි රහස් කිහිපයක් අත්හදාබැලීමේ ප්‍රතිඵල කිහිපයක් ගැනයි මේ කියන්න සූදානම් වෙන්නේ. මේ අතරින් ඇතැම් ක්‍රම ගැන මින් පෙර ඔබ අසා තිබෙන්නට පුලුවන්. කොහොම වුණත්, අන්තර්ජාලයේ සඳහන් සෑම ඉවුම් පිහුම් උපක්‍රමයක්ම සාර්ථක නොවන බව ඔප්පු කරන මේ රහස් ක්‍රම උත්සාහ කරබැලීමේදි තහවුරු වී තිබුණේ ඉන් ඇතැම් ක්‍රම ප්‍රතිඵල රහිත ඒවා බවත් ඇතැම් ඒවා මුලුතැන්ගෙයි කටයුතු වලට ඇත්තෙන්ම පහසුවක් වන බවයි. එවැනි ක්‍රම 10 ක ප්‍රායෝගික ප්‍රතිඵල ගැනයි මේ.

‘1.පිටි මිශ්‍රණයේ ඝනකම වැඩිකරගැනීම සඳහා ඊට සෝසා සහ විනාකිරි එකතු කල යුතු බව’

  • 60 දශකයේදී පමණ ගෘහණියන් විසින් සෝඩා සහ විනාකිරි මිශ්‍ර කර භාවිතා කර ඇත. එම සයෝග ප්‍රතික්‍රියාවලියේදී කාබන් ඩයොක්සයිඩ් නිපදවේ. එමඟින් පිටි මෝලිය තරමක් පිපිය හැකි වුවත් ඊට මුසු වීමට පෙර කාබන් ඩයොක්සයිඩ් ඉවත්වි යාම සිදුවේ. සෝඩා මුලින්ම වියළි අමුද්‍රව්‍ය හා අම්ලයක් සමඟ එක්කර පසුව දියර සමඟ එක්කරගත යුතුය. පසුව ඒවා එකට දමා මිශ්‍රකර ඉක්මනින් බේක් කරගත යුතුය. මෙම ක්‍රමයේදි විනාකිරි වෙනුවට, සවර් ක්‍රීම් (sour cream), බටර් කිරි (buttermilk) හෝ අම්ලයක් ලෙස ලෙමන් යුෂ භාවිතා කිරීම සිදුකිරීම උචිතය. වඩාත් පහසු ක්‍රමය වන්නේ බේකිං පවුඩර් මුසු කිරීමයි. මෙය යල් පැනගිය අතීතයේ භාවිතා වු උපක්‍රමයක් නිසා මෙය එතරම් සාර්ථක නැත.

2.තම්බාගත් බිත්තර වල ක‍ටු පහසුවෙන් ඉවත්කරගැනීමට ඒවා සීතල ජලය සහිත බඳුනකට දමා තිබිය යුතු බව’

  • එය පමණක් ප්‍රමාණවත් නැත. ප්‍රවීන සූපවේදීන් පවසන්නේ ඒවා සිසිල් ජලයේ නොව නටන උණුවතුරේ දමා තිබිය යුතු බවයි.එනම් මේ ක්‍රමයේ ප්‍රතිවිරුද්ධ ආකාරයයි. බිත්තරයේ නැවුම් බව වැඩිනම් ඒවායේ පහසුවෙන් ක‍ටු ඉවත් කරගත හැකිය.තම්බාගත් බිත්තර අයිස් වතුරේ මිනිත්තු 15 ක් පමණ අවම තිබෙන්නට හැරිය යුතුයි.ඉන්පසුව, ටැප් වතුරෙන් නැවත සෝදා පිරිසිදුකර ක‍ටු ඉවත්කරගන්න. වරකට බිත්තර 2 බැගින් තම්බාගැනිමෙන් ඒවා පලුදු නොවන සේ හොඳින් ක‍ටු ඉවත් කරගත හැකිය. ඉහත පියවර අනුගමනය කරන්නේ නම් මෙම ක්‍රමය සාර්ථකය.

3.අඩිය ඇල්ලු පහසුවෙන් පිරිසිදු කරගැනීමට එයට සේලයින් ජලය දමා උණුකල යුතු බව’

  • අතීතයේ ගෘහණියන් එසේ කිලිටි වූ බඳුන් ජලය හා ලුණු එක්කර ලිප මත තබා උණුකරගැනීමෙන් පසු ඒවා පිරිසිදු කරගනියි. සාස්පානක් වැනි බඳුනක් ඒ ක්‍රමයට පිරිසිදු කරගැනීම පහසු නැත. එමෙන්ම මල නොමැ‍ඳෙන වානේ මතුපිටක් ඇති නිසා ලුණු මඟින් ඊට හානි ඇතිවිය හැකිය.එවැනි බඳුනක් පිරිසිදු කරගැනීමට උණු වතුර ඊට එක්කර රාත්‍රියක් පුරාවට හොඳින් පෙ‍ඟෙන්නට හරින්න, පසුදා උදෑසන වන විට ඔබට එය වඩාත් ලෙහෙසියෙන්ම පිරිසිදු කරගැනීමට හැකි වේවි.එබැවින් මේ ක්‍රමය සෑම විටම සාර්ථක නැත.

4.අත් වල හා බඳුන්වල පිළී ගඳ ඉවත් කරගැනීමට සීතල ජලයෙන් සෝදා පිරිසිදු කරගෙන, ඉන් අනතුරුව ලෙමන් ස්වල්පයක් ආලේප කලයුතු බව’

  • ලූණු ,සුදුලූණු, මාලු වැනි ආහාර පිසීමෙන් පසු අත් වල මෙන්ම බඳුන් වල ඇති දුගඳ ඉවත්කරගැනීම තරමක් අපහසුයි. මේ සඳහා හොඳම විසඳුම ලෙස අත් සහා බඳුන් ගලන ජලයෙන් සෝදා ඒ මතුපිට ලෙමන් යුෂ තවරාගැනීමයි.මෙය සාර්ථක ක්‍රමයකි.

5.චීස් වල පිලුණු රසය ඇතිනොවිමට නම් ඒවා පොලිතින් කවරයක නොව පාච්මන්ට් කඩදාසියක දවටා අසුරාතැබිය යුතු බව

  • ඒවා ඇසුරුම් කර ඇත්තේ පොලිතින් දවටන වලයි.නමුත්, පාච්මන්ට් කඩදාසි වල චීස් ඇසුරුම් කිරීම වඩාත් හොඳ බව මතයක් තිබෙනවා.නමුත් චීස් කැබලි ඒ දෙයාකාරයෙන්ම අසුරා දින 3 ක් ශිතකරණයේ තැබිමෙන් පසු ලැබුණු ප්‍රතිඵල වලින් අනාවරණය වූයේ පාච්මන්ට් කඩදාසියේ අසුරා තැබු චීස් කූටිය වඩාත් වියළී ගොස් ඇති බවත්, පොලිතින් කවරයේ අසුරා තිබූ චීස් හානියකට ලක් නොවී භාවිතයට සුදුසු ආකාරයෙන් තිබෙන බවයි. නිෂ්පාදන දිනය අලුත් චීස් වර්ග පරිභෝජනයට ගැනීම වඩාත්ම සුදුසු බව උපදෙසයි. ඒ අනුව මෙම ක්‍රමය සාර්ථක නැත.

6.ලූණු කැපීමේදි ඇස් වලින් කඳුලු ගැලීම වළක්වාගැනීමට පිහිය සීතල වතුරේ ඔබා තැබිය යුතු බව’

  • විටින් විට තෙමමින් තෙත පිහියකින් ලූණු කැපීම මඟින් එසේ විම බොහෝ දුරට අවම කරගත හැකිය. ලූණු වල සැර හා ඔබේ ඇස් වල සංවේදීතාව අනුව එය වෙනස් විමට ද ඉඩ තිබෙනවා. නමුත්, සෑම විටම පිහිය ජලයෙන් තෙමාගැනීම වැඩ පහසු කරවන උපක්‍රමයක් නම් නොවේ. කෙසේවෙතත් ,මෙම ක්‍රමය සාර්ථක බව කිව හැකියි.

7.තම්බාගත් අර්තාපල් පහසුවෙන් සුද්ද කරගැනීමට, ඒවා මිනිත්තු කිහිපයක පමණ සීතල ජලයේ තබා තිබිය යුතු බව’

  • අර්තාපල් තම්බාගැනීමෙන් පසු ජලය ඉවත් කර ඒවා සිසිල් වීමට ඉඩ හැරීමෙන් සිදුවන්නේ පොතු ගලවා ඉවත්කරගැනීම අපහසුවන සේ ඒවා අතේ ඇලවීමට බැලීමයි.එය වළක්වාගැනීමට තම්බාගත් අර්තාපල් සීතල ජලය පිරවු බඳුනකට දමා මිනිත්තු දෙකක් පමණ සිසිල් වීමට හරින්න. තෙතමනය නිසා අර්තාපල් පොතු පහසුවෙන් ගැලවෙන ස්වභාවයටකට පත්වේ. නමුත්, මෙම ක්‍රමය නිසා අර්තාපල් තරමක් දියාරු විය හැකියි.නමුත්, ඉන් රසයට හෝ පෙනුමට බාධාවක් ඇතිනොවේ. ඒ අනුව මේ ක්‍රමය සාර්ථකය.

8.අයිස් කැට පිරවූ බඳුනකට ලුණු එක්කර ඒ මත උණුසුම් පානයක් තැබීමෙන් ඉතා ඉක්මනින්ම එය සිසිල් කරගැනීමට හැකිබව’

  • ලුණු එක්කල විට අයිස් වේගයෙන් දියවී උෂ්ණත්වය පහළ යයි. එසේ වූ විට උණුසුම් පානය සිසිල් කරවීමට මෙම මිශ්‍රණයට හැකිවේ. ඒ සඳහා ගත වන්නේ මිනිත්තු 5 ක් පමණ කෙටි කාලයකි. මෙය සාර්ථක ක්‍රමයකි.

9.ලූණු වලින් තිත්ත රස ඇතිනොවීමට ඊට උණු වතුර වත්කල යුතු බව’

  • කපාගත් ලූණු වලට නටන ජලය වත්කරන්න. එසේ කල විට ලූණු කිසිවිටක තිත්ත රසයට නොහැරේ. මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයකි.

10.කපාගත් අලිගැට පේර දුර්වර්ණ වීම වළක්වාගැනීමට ඒවා ලූණු පෙත්තක් සමඟ අසුරා තැබිය යුතු බව’

  • දිනක් වුවත් ශීතකරණයේ තැබීමෙන් අලිගැට පේර ඉතා අඳුරු වර්ණයකට හැරීම සිදුවේ. ලූණු මඟින් අලිගැට පේර වල ස්වභාවය වෙනස් නොවී පැවතීමට කිසිත් සහයක් නොලැබි තිබූ අතර ඒ වෙනුවට නිරික්ෂණය කල හැකි වී ඇත්තේ අලිගැට පේර වලින් සියුම් ලූණු ගන්ධයක් හැමීමට පටන්ගෙන තිබුණු බවයි.අලිගැට පේර කල්තබා ගැනීමට ඒවා ටදින් සීල් කල හැකි බහාලුමක දමා ශීතකරණයේ තබන්න. ඒ අනුව මෙය අසාර්ථක ක්‍රමයක් බවයි පැහැදිලි වන්නේ.