Hela Rahas

Hela Rahas Official Web Portal

ලකේගල කන්දේ යටගිය ඉතිහාසය

  • මීමුරේ කියන්නෙ බොහෝ දෙනා විනෝද වෙන්න යන ප්‍රදේශයක්. මීමුරේ ඉතා සුන්දර ගම්පියසක්. ඉතිං සංචාරයේ යෙදෙන්න කැමති, කඳු නගින්න කැමති අයට යන්න පුළුවන් හැබැයි ටිකක් භයානක කඳු වළල්ලක් මීමුරේ තියෙනවා.
  • අතීතයේ පටන් මීමුරේ ගම්මානය තිබුණේ බොහෝ කටුක දුෂ්කර ලෙස. මොකද ඇත්තටම මීමුරේ ගම්මානය පිහිටියේ දරුණු හෙළකය. දසතින්ම කඳු වලින් වට වුණු ගම්මානයේ තිබුනෙ පොඩි ගෙවල් ප්‍රමාණයක්. හෙල්මළු ක්‍රමයට වගාකරන ලද ගොයම, හරක බාන් සහ මීගස් සෙවණ, නොඉඳුල් දිය දහරාවන්ගෙන් පෝෂණය වන සරු මීමුරේ ගම්මානය සශ්‍රීකත්වයෙන් පැවතුනා.
  • මීමුරේ සිට ලකේගලට යාමට කුඩා අඩි පාරක් ඇත. සීතල සුළඟත් ගත දවටාගෙන තුරු වියන් යටින් මහා ගිරිශිඛරට ඉහළින් දිවයන අතර පසෙකින් යහන්ගල, කෙෂනල්පොත් දෝරුවේගල, තෙලඹුගල, උහුනුගල, අලුගල්කන්ද, තුන්හිස්ගල, ආයුබෝගල, දුම්බානාගල, නකල්ස් සහ උඩවන්නිමාන ආදී අංශක 360 ක්ව වටකරගෙන සිටින මහා මුරකාවල් බඳු කඳු රාශියකින් සුන්දර මීමුරේ ගම වටවී ඇත.
  • ලකේගල ලංකාවේ පරසිදු ඉසව්වක් බවට පත්වීමට බලපෑ මූලික හේතුව වනුයේ ත්‍රිකෝණාකාර හැඩයෙන් ඉහළට උලක් මෙන් එසවී ඇති කඳු මුදුනතිය මුහුදු මට්ටමේ සිට උස මීටර 1200 කට ඉහළින් පිහිටි ලකේගල මුදුනට යාමට ඇත්තේ ඉතා අනතුරුදායක සහ දුෂ්කර ගමනක්. එහි අංශක 70 ක පමණ ආනතියකව යුතු නැග්මක් ඇත.
  • ලකේගල ඉදිරිපස අංශක 90 තනි ගල් පර්වතයක් වන අතර එහි පිටුපස ගල් කුට්ටි ගණනාවක් පිරුණු කොටසක ලකේගල යනු තනි ගලක් හෝ කන්දක් නොව එය කඳු ත්‍රිත්වයක් නැතහොත් ගල්තුනක් බව දැකගත හැක්කේ වනපියසේ දෙපසින් නිරීක්ෂණය කරන විට සහ අනෙකුත් කඳු මුදුන්වලදී පමණි.
  • ලකේගල කඳුමුදුනට නැගි විට දකින්න ලැබෙන දර්ශන ඉතා මනරම්. නකල්ස් වන පෙතේ කඳු දෙක තුනක් හැර අනෙක් සියලුම කඳු පර්වත මෙහිදී දකින්න පුළුවන්. .
  • මෙම මුදුනේ ඉඩ කඩ සීමිත වන අතර මාන පඳුරු වලින් පිරී ඇත. වැසි කාලයේ ලකේගල තරණය කළ නොහැක. මොකද දිය සෙවල පිරුණු ලිස්සන පල්ලම දිගේ ගලෙන් බැස ගන්න බෑ. මෙම ගල තරණය කරන්නට ගිය අතලොස්සක් පමණක් මරණයට පත් වෙලා ඇති බව කියනවා. ඒ නිසා බොහෝ දෙනා මේ කන්ද තරණය කරන්නෙ නෑ.
  • ඊළඟට ඇත්තේ මීරියගොල්ල කඳු පාමුල පිහිටි කොමල පතන. වන්නිමාන කන්දට ලකේගල ගල් ත්‍රිත්වය ඉතා ලස්සනට පෙනෙනවා. ලකේගල පිටුපස පිහිටි කොමල පතන පිහිටි ස්ථානයේ තවත් ලකේගලක් පවතියි. එයද මීමුරේ ලකේගල මෙන් තරමක ත්‍රිකෝණාකාර පෙනුමකින් යුතු කන්දක් ඇත. එම ගල හඳුන්වන්නේ නාරංගමුවේ ලකේගල නැත්නම් කොමලෑවේ ගල කියලා.
  • මෙම ගල් (කඳු) දෙකට මැදින් පිහිටියේ ලඹුලස්ස පතනේ ඉහත්තාව වන මීරියගොල්ල කන්දයි. එය 1227 m ක් පමණ උස්ය.
  • මෙම ගල් තුන සම්බන්ධව ප්‍රධාන ඉසව් කිහිපයක (ලකේගල, උයන්ගොමුව හා රැහැස්සිය) රාම-රාවණ කතා පුවතේ එන රාම – රාවණා යුද්ධය හා බැඳී පවතියි. පුරාතන කතාවලට අනුව ලකේගල මුදුනේ සිටි රාවණා පහළ සිටි රාම සමග යුධ වැදී ඇත. රාම එවන ලද හී සරින් ලකේගල පිටුපස සිට මීරියගොල්ල කන්දට යාවන කොටස කැඩී පතිත වූයේ උයන් ගොමුවේ එක් කෙලවරකටයි. එය රුහැස්ස නමින් හඳුන්වන අතර වචනයේ අර්ථයෙන්ම රුහැස්සේ පිහිටියේ විශාල ගල්කුට්ටි පමණි. එහි කුඩා ගුහා තිබූ අතර මුළු ප්‍රදේශයේම තිබුණේ තැනින් තැන විසිරුණු විශාල ගල් පර්වතයි.
  • උයන්ගොමුව වන උද්‍යානයේ එක් කෙලවරක පිහිටියේ කපුඅටුවේ ගලයි. එහි කුඩා ගුහාවක් පවතින අතර එය කපුඅටුව ලෙන ලෙස හඳුන්වයි. එහි සිට බලන කල නාරංගමුව ලකේගල ඉතා සුන්දර ලෙස පෙනෙනවා. අතීත කතා පුවතට සරිලන සාධක මෙම ඉසව්ව තුළින් සොයා ගත හැකි අතර මේ ප්‍රදේශය ඉතාමත් ගුප්ත හා නිහඬ බවක් ඇත.
  • මෙම පතන් සහ කඳු නාරටි මුලුමනින්ම පාහේ වැසී තිබුණේ මාන පඳුරු වලින්. එසේම එම කඳු ත්‍රිත්වයේම කෙළවර පිහිටියේ මාරාන්තික ප්‍රපාත.