Hela Rahas

Hela Rahas Official Web Portal

බොරු කියන කෙනෙක් අඳුරගන්න පුලුවන් ඉඟි 12 ක්.

“කෙනෙක් ඔබට බොරුකියනවා ද කියා හරියටම හොයාගන්න එක තරමක අභියෝගයක්”. වෙනත් අයෙකුගේ අවංකභායවය ගැන සැක කරන්න පටන් ගන්නා හැම මොහොතකම ඒ ගැන දහසකුත් සිතුවිලි ඔබේ හිතේ මතු වීමට පටන් ගනී. පුද්ගලයෙකු අවංකද නැති ද යන්න හඳුනාගැනීම කෙරෙහි ඔහුගේ ශරීර භාෂාව මඟින් පෙන්නුම් කරන ලක්ෂණ 90% ක් පමණ අදාළ වන බව අධ්‍යයන වලින් වාර්තා වේ.බොහෝ විට එය පුද්ගලයාගේ ඉරියව්, හැසිරිම් ,හඬ ස්වරය ආදි ලක්ෂණ විය හැක.ඇලන් පීස්, ලිලියන් ග්ලාස් ඇතුලු ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකල අධ්‍යයනයක දැක්වෙන ආකාරයට අත්දැකීම් තියෙන කපටි බොරුකාරයෙක් වුණත් හඳුනා ගැනීමට හැකි ආකාරයේ ඉඟි 12 ක් ගැනයි මේ.

1.තොල් ලෙවකයි-තොල් සපයි

  • බොරු පවසන විට දැනෙන අපහසුත නිසා උගුර කට වියළී යයි. ආතතියට පත්වී සිටින විට ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය මඟින් ඛේට නිෂ්පාදන ක්‍රියාවලිය අඩු කරවයි.
  • 2.උරහිස් පි‍ටුපසට කර නිකට උස්ව තබාගෙන සිටියි-ඔබට යම පවසමින් සිටින විට එම පුද්ගලයා තම උරහිස් පි‍ටුපසට තබාගෙන සිටියි නම් ඉන් බොහෝ දුරට අදහස් වන්නේ එම පුද්ගලයාට තමා පවසන දේ කෙරෙහි අනාරක්ෂිත වූ හැඟීමක් ඇති බවයි. යමෙක් නිකට උඩට කර තබා කතාකරයි නම් ද එය එසේම අදාළ වේ. එමඟින් ඔවුන් තමන් පවසන දෙයෙහි සත්‍ය ස්වභාවයට වඩා වඩාත් ප්‍රබල බවක් දැනවීටම උත්සහ කරති.

3.ඇස් පුළුල්ව විවෘත කරගෙන සිටියි

  • මනෝවිද්‍යාඥයින් පවසන්නේ බොරු පවසන්නන් හට කෙනෙකු සමඟ බොහෝ වෙලාවක ඇසට ඇස බලා කතා කල නොහැකි බවයි. නමුත්, යමෙකු බොරු පවසමින් ඔබට එය ඒත්තු ගැන්වීමට අවශ්‍යව සිටියි නම් ඔවුන් ඔබේ ඇස් දෙස සෘජුව බලමුන් තමන් විශ්වාසනීය අයෙකු බව පෙන්නුම් කිරීමට උත්සාහ කල හැක. එහිදි හඳුනාගත හැකි ලක්ෂණය නම් පුද්ගලයාගේ ඇස් විශාල වී ඇති අයුරුය. පිටත බැලීමේ අවශ්‍යතාව මැඩලමින් ආයාසයෙන් ඇස් ඔබ කෙරෙහිම රඳවාගැනීමට උත්සාහ කරන නිසා ඇසේ පේශි ආතතියට පත්වේ.එහිදි ඇස් වඩාත් විශාලවී තිබිය හැක.
  • 4,ඔවුන්ගේ චලන සීමා කරගනියි-යම් අයෙකු කෙරෙන් පාලනයක් නොමැතිව අභිනයන් සිදුකරන අයුරු නිරීක්ෂණය කල හැකිනම් බොහෝ දුරට එම පුද්ගලයා බොරුවක් පවසමින් සිටිනවා විය හැකියි පැවසේ. නමුත් එහි ප්‍රතිවිරුද්ධ තත්වය ද එය මෙන් එකසේ නිවැරදි විය හැක. ඊට හේතුව නම් බොරුකාරයින් එසේ හැසිරීම් පාලනයකින් තොර වන බව හොඳින් දන්නා නිසා සවිඥානිකව තම අභිනයන්, හැසිරීම් හා චලනයන් සීමා කරමින් ස්ථායිව සිටීමට ආයාස දරයි.

5.දබ‍රැඟිල්ල ඔබ දෙසට දිගු කරමින් කතාකරයි

  • අප කවුරුත් හඳුන්වන්නේ මෙය වඩාත් ආවේගශීලි හැසිරීමක් ලෙසයි. ඔබ අසන ගැටලුවකට යම් අයෙකු ප්‍රතිචාර දක්වන්නේ මෙසේ නම්, ඉන් එම පුද්ගලයා උත්සහ දරන්නේ තමන් කෝපයට පත්ව ඇති බව ඒත්තු ගැන්වීමට විය හැක. එමඟින් ඔබව බියවද්දමින් අනතුරුහැඟවීමට උත්සහ කරනවා විය හැක. මෙය බොරුකාරයින් විසින් යම් අයෙකු වැරදි බව ඔහුට/ඇයට ඒත්තු ගැන්විමට උත්සහ කරන එක් ආකාරයකි.
  • 6.හිස ඇල කරයි-තමන් දෙයක් කෙරෙහි උනන්දුවෙන් පසුවන විට සත්වයින් හා සමානව පුද්ගලයින් ද හිස ඇල කරගෙන සිටින බව චාර්ල්ස් ඩාවින් ගේ නිරීක්ෂණයන් අතර වේ. බොරුපවසන පුද්ගලයින් වඩාත් ප්‍රබල තර්කයක් හෝ පිළිතුරක් ඉදිරිපත් කල හැකි වන තුරු ඊට උත්සහ කරමින් එසේ හිස ඇල කරගෙන සිටීමට ඉඩ ඇත.එසේ සිටිමින් තමන්ගෙන් අපහසු ගැටලුවක් විමසු පුද්ගලයා තුල තමන් කෙරෙහි අනුකම්පාසහිත බවක් ඇති කරගනු ඇතැයි අපේක්ෂාවෙන් එසේ කිරීමට ඉඩ ඇත.

7.කොලරයෙන් අදිමින් බෙල්ල ස්පර්ෂ කරය

  • අවදානම් බවක් දැනෙන විට ඇඳුමක කර හෝ කොලරයෙන් අදිමින් වාතාශ්‍රය ටිකක් ලැබීමට උත්සාහ කිරීම ස්වභාවයයි. ඉන් පුද්ගලයා අපහසුවෙන් පෙළෙන බව ඉඟි කරයි. තවත් හැසිරීමක් නම් බෙල්ල ඇතිල්ලීමය. ඉන් යම් කෙනෙකු පවසන දේ කෙරෙහි ඇත්තටම සිතන බවක් මවාපායි.ශරීර භාෂාවේදි මෙම අභිනය හඳුන්වන්නේ තමන්ට එකඟත්වය පළකල නොහැකි දේට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය.

8.අනාරක්ෂිත අවයව ආවරණය කරගැනීමට උත්සහ කරයි

  • කලබලයෙන් කරදරයෙන් පසුවන විට ඇතැම් පුද්ගල්යින් පපුව, බඩ සහ ශ්‍රෝණිය ආදි සිරුරේ ප්‍රදේශ ආවරණය කරගැනීමට උත්සහ කරති. මේ සඳහා වන මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරිම මෙසේය: කලබලයට පත්වන විට ස්වතන්ත්‍ර ස්නායු පද්ධතිය මඟින් උදර මාංශ පේශී වෙත සංඥා නිකුත් කිරීමට පටන්ගන්නා අතර එහි බලපෑමින් ඇතැම් විට වේදනාකාරී පේශි කම්පන හටගනියි. දැනෙන අපහසුතා නිසා එසේ දැතින් එම ප්‍රදේශ ආවරණය කරගැනීමට උත්සහ කරති.
  • 9.යම් ආධාරකයකට බර දී සිටියි-බොරු පවසන විට දැනෙන අනාරක්ෂිත බව නිසා තමන් ස්ථාවර විය යුතුයැයි හැඟීමක් පුද්ගලයාට ඇති වේ. බොරුපවසන පුද්ගලයින් බොහෝ විට බිත්තියකට, මේසයකට, පු‍ටුවකට හෝ තමන්ට ස්ථාවර බවක් දැනෙන වෙනත් ඕනම ආධාරකයට බරදී ආරක්ෂිහ හැඟීමක් ඇතිකරගැනීමට උත්සහ කරයි. අවදානමකදි යමක සහය ලැබීමට උත්සහ කිරීම ස්වභාවිකය.

10.බාහිර පෙනුමේ අඩුපාඩු සකස්කරගැනීමට පටන්ගනියි

  • ගැටලුවකට පිළිතුරු දීමට අපහසුවෙන් සිටින කාන්තාවන් කෙරෙන් මෙවැනි හැසිරීමක් නිරීක්ෂණය කල හැකිය. හිසකෙස් සැකසීම හෝ ඇස වටා මේක්-අප් නිසි ලෙස සකස් කරගැනීමට උත්සහ කරනු ඇත. එමඟින් තමන් බොරුව පැවසීමට කලින් යම් ආරක්ෂිත හැඟීමක් සහ විශ්වාසයක් ගොඩනගා ගැනීමට ප්‍රයාස කරයි.
  • 11.ඔබ සිටින ස්ථානයට ඉවතට හැරි සිටියි-පුද්ගලයෙකු සමඟ කතා කරන විට මුහුණ දෙස බලා නොසිටියත් අපේ සිරුර ඔහු/ඇය දෙසට හැරී තිබේ. ඉන් අදහස් වන්නේ අප සංවාදයට සූදානම් බවයි. නමුත්, ඔබ සමඟ කතාකරමින් සිටින පුද්ගලයා ඔබ කෙරෙන් ඉවතට හැරී සිටියි අන්ම් (සුළු වශයෙන් හෝ) ඉන් බොහෝ දුරට අදහස් වන්නේ ඔවුන් ඔබෙන් යමක් සඟවන්නට උත්සහ කරන බවත් එම හැඟීම ඔවුන්ව අපහසුතාවයකට පත්කර ඇති බවත්ය.

12.අතට අත දෙන විට ඇඟිලි හරස් කරයි

  • ඔබට අතට අත දෙමින් සිටින අයෙකු ඇඟිලි දෙකක් කතිරයක් සේ හරස් කරගෙන සිටිනු ඔබට දැකිය හැකි නම් ඉන් බොහෝ දුරට අදහස් වන්නේ ඔහු/ඇය ඔබ සමඟ අවංකව කටයුතු නොකරන බව විය හැක. මෙය තමනට යමක් බලෙන් කිරීමට සිදුවූ බව වෙනත් අයෙකුට ඉඟි කිරීම සඳහා යොදාගැනෙන එක්තරා යුධ සංඥාවක් ද වේ. ඇඟ පි‍ටුපසට තබා ඇඟිලි හරස් කරගෙන කතා කිරීම ද වංකභව ඉඟි කරන්නකි.