Hela Rahas

Hela Rahas Official Web Portal

ලිප් බාම් වලින් ලබාගත හැකි වෙනත් ප්‍රයෝජන 10 ක්

තරුණියන් අතරේ ලිප් බාම් භාවිතය හරිම ජනප්‍රියයි. බොහෝ තරුණියන්ගේ අත් බෑගයේ මේ වගේ නිෂ්පාදනයක් අනිවාර්යෙන්ම හොයාගන්න පුලුවන්. ලිප් බාම් අධික සිතල නිසා හෝ අධික උණුසුම නිසා තොල් පැලියාම අවම කරගැනීමට වගේම පැළුණු තොල් සඳහා ප්‍රතිකාරයක් ලෙසත්, තොල් වලට හොඳ තෙතමනයක් වගේම ලස්සන පෙනුමක් එක්කරන ආලේපයක් ලෙස භාවිතා වේ. නමුත් ලිප් බාම් වල ප්‍රයෝජනය තොල් ලස්සන කරගැනීම සඳහාම පමණක් නොවේ.ඒවා අපට එදිනෙදා ජීවිතයේ අවස්ථා කිහිපයකදීම වැඩ පහසු කරගැනීම සඳහා භාවිතා කල හැකියි. මේ ඒ වගේ උපක්‍රම 10 ක් ගැනයි.

1.දියපට්ටා ඇති වීම වළක්වාගැනීමට

  • අලුත් සපත්තු පඳින විට විලුඹට ඉහළ සම සපත්තු දාරයේ ඇතිල්ලී තුවාල වීමට ලක්වේ. එසේ සම තුවාල වීම හෝ දියපට්ටා ඇතිවීම වළක්වාගැනීමට එම ස්ථානයේ ලිප් බාම් ස්වල්පයක් ආලේප කරගන්න. ඉන් ඔබට අපහසුතාවක් ඇතිනොවී ඇවිදයාමට හැකිවේ.

2.ඇඟිල්ලේ හිරවුණු මුද්දක් පහසුවෙන් ගලවා ඉවත් කරගැනීමට

  • බොහෝ දෙනා එවැනි අවස්ථාවකදි භාවිතා කරන්නේ සබන් ය. ඒ සඳහා ඇති තවත් ආදේශකයක් ලෙස ලිප් බාම් භාවිතා කල හැකියි. මුද්ද වටා හා ඒ මත ලිප් බාම් ආලේප කරන්න. එය පහසුවෙන් ගැලවී ඉවත් වේවි.

3.සීරුණු ලෙදර් මතුපිටක් අලුත්වැඩියා කරගැනීමට හා ඊට හොඳ දිස්නයක් ලබාගැනීමට

  • ලෙදර් සපත්තු, බෙල්ට්, බෑග් හෝ යම් ගෘහභාණ්ඩ මතුපිටක කුඩා සීරුම් තුවාල ඇතිවී තිබේ නම් ඒවා මත ලිප් බාම් ස්වල්පයක් ආලේප කරගන්න.

4.කුඩා කැපු තුවාල හා කෘමි දෂ්ඨ කිරීම් සඳහා ප්‍රතිකාරයක් ලෙස

  • ලිප් බාම් වල ඇති තෙතමනය ඇතිකරවන ගුණය හා සම සමනය කරවන ගුණය නිසා සමේ කසනසුලු බව දුරුකර තුවාලය සුවපත් වීම වේගවත් කරවයි. එමෙන්ම සමේ රතු පැහැයට හැරී ඇති ස්වභාවය ඉවත් කර කුඩා කැපුම් තුවාල ආදිය සමනය කරයි.

5.අකීකරු ඇහිබැම හා හිසකෙස් සකස්කරගැනීමට

  • හිස පීරීමට පෙර පනාවේ හෝ බුරුසුවේ ලිප් බාම් ස්වල්පයක් ආලේප කර භාවිතයට ගන්න. හිසකෙස් මුල් වල නොගෑවෙන සේ හිස පීරාගැනීම සිදුකරන්න. ඇහි බැම හැඩ කිරීමට ද ලිප් බාම් භාවිතා කල හැකියි.

6.නාසයේ තුවාල සමනය කරගැනීමට

  • නිතර නාසය පිසදැමීම නිසා සමේ ඇති වන දැවිල්ල හා රතු පැහැති තුවාල ස්වභාවය දුරුකරගැනීමට ලිප් බාම් ස්වල්පයක් ඇඟිල්ලෙන් ඒ මත ආලේප කරගන්න. එමඟින් සමට තෙතමනය ලබාදී සම සුවපත් කරවයි. නමුත්, මෙන්තෝල් අඩංගු ලිප් බාම් භාවිතා නොකරන්න. ඉන් ඔබේ සමේ කැසිල්ල ඇතිවිය හැක.

7.ක්ෂණික ඉටි පන්දමක් ලෙස

  • හදිසි අවස්ථාවක ඉටිපන්දමක් වෙනුවට ගිනිකූරක් හෝ ඉර‍ටු කූරක් ලිප් බාම් එක මත ගසා එය දල්වන්න.

8.ගිනි ගොඩක් අවුළුවාගැනීමට

  • පුළුන් කැබලි කිහිපයක ලිප් බාම් තවරා ඊට ගින්නක් ඇතිකරාගන්න. පුළුන් දහනය වී ඉක්මනින් ගිනි දැල් නැගේ. තරමක් විශාල ගිනි ගොඩක් ඇතිකරගන්නා තුරු මෙය දිගු කලක් දැල්වෙනු ඇත.

9.කැඩුණු සිපර් එකක් පහසුවෙන් විවෘත කරගැනීමට

  • විවෘත කරගැනීමට අපහසු, සිරවී ගිය සිපර් පටියක් අලුත්වැඩියා කරගැනීමට ඒ මත ලිප් බාම් ස්වල්පයක් ආලේප කරන්න. එහි අඩංගු තෙල් ලෝහය මත ලිහිසි ද්‍රව්‍යක් ලෙස ක්‍රියාකර එය පහසුවෙන් විවෘත කරවයි.

10.ඔබ භාවිතා කරන සුවඳ විලවුන් වර්ගයේ සුවඳ ඩ්ගිගු කලක් පවත්වාගැනීමට

  • සුවඳ විලවුන් ගල්වාගත් ස්ථාන වල ලිප් බාම් ස්වල්පයක් ආලේප කරගන්න. එමඟින් විලවුන් වල සුවඳ වඩාත් ප්‍රබල වී දිගු කලක් පවතිනු ඇත.