Hela Rahas

Hela Rahas Official Web Portal

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකයේ ආරම්භය

  • බුදුන් වහන්සේ ලෝක විනාශය ගැන කරුණු දේශනා කරන්න එතරම් උනන්දුවක් දැක්වුවේ නෑ. මොකද බුදුවරයෙක් පහළ වෙන්නෙ අපරිමිත සංසාරේ දුක් විඳින සත්වයන් ඉන් මුදවා ගැනීම අරමුණු කරගෙන නිසා. ඒත් විවිධ පුත්ගලයන් ඇසුව ප්‍රශ්නවලට කරුනු දැක්වීමේදී ,ඒ තුල ලෝකයේ ආරම්භය , විනාශය හා විශ්වය පිළිබද කරුණු දේශනා කර ඇත.
  • එක අවස්තාවක ආනන්ද හාමුදුරුවො වෙනත් ලෝක හා ග්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසුව ප්‍රශ්නයකට බුදුහාමුදුරුවො කරුණු දැක්වීමේදී, සහස්සී චුලනිකා ලෝක ධාතු , ධිසහස්සී මජ්ජ්මිකා ලෝක ධාතු, තිස හස්සි මහා හස්සී ලෝක ධාතු වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වයේ ඇතැයි උන් වහන්සේ වදාළ බව සදහන්.
  • ඒ වගේම ආනන්ද හාමුදුරුවන්ට කරුණු දැක්වීමේදී ලෝකය විශ්මයජනක සක්වලවල් අනන්ත බව වදාළහ. එක තැනක හිරු නැගෙන කල තවත් තැනක මධ්ධ්‍යනයයි. තවත් තැනක හිරු අවරට ගොස්ය. එක තැනක පුර්ව යාමයයි, තවත් තැනක මධ්‍යන්‍යය, වෙනත් තැනක පෂ්ශම යාමයද වෙන බව කරුණු දක්වා තිබේ.
  • අග්ගන්ජ සූත්‍රයේ හා සීහනාද සූත්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් සප්ත සූර්‍යයෝත්ගමන සූත්‍රයේ ලෝක විනාශය ගැනත් කරුණු ඇත. දීඝ නිකායේ අග්ගන්ජ සූත්‍රයේ හා අන්ගුත්තර නිකායේ සප්ත සූර්‍යයෝත්ගමන සූත්‍රයේ බුදුන් වහන්සේ දක්වා ඇති ආකාරයට ලෝකයේ අරම්භක ක්‍රියාවලිය කවදා සිදුවුවාදැයි කිව නොහැකි බවත් ලෝකයේ ආරම්භය සහ විනාශ වීම සන්ස්කාර ධර්මතාවන්ට අනුව සිදු බවන බවත් වදාළහ.
  • ලෝක සත්වයා කර්ම ශක්තිය අනුව මනුශ්‍ය, දේව , බ්‍රහ්ම , ප්‍රේත වගේ භවයන්ගෙ උපදින බවත් ලෝකයට කර්ම ශක්තියක් නැතත් සන්ස්කාර ධර්මතාව අනුව ලෝකය හට ගැනීම සහ විනාශය සිදුවන බවත් බුදු දහමේ සදහන්.
  • ලෝකයේ විනාශ වුන ක්‍රියාවලිය ස්න්වට්ටකප්ප්ප යනුවෙන්ද නැවත ඇති වීම විවට්ටකප්ප යනුවෙන්ද හඳුනා ඇත. බුදු දහමේ සදහන් මහා කල්පයකට සන්වර්ත කල්පය, සන්වර්ත ස්තායි කල්පය, විවර්ත කල්පය , විවර්ත ස්තයි කල්පය යනුවෙන් අසන්ක කල්ප හතරක් ඇත.
  • මහා කල්පයක අවසාන අසන්ක කල්පයේදී පෘථිවිය ඇතුලු ග්‍රහලෝකයන්ගේ හා ජීවීන්ගේ විනාශය සිදුවන බව බුදුදහමේ සදහන්. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන්නෙ මීට අසන්ක කල්ප ලක්ශයකට පෙර කල්ප යනු කාලය දක්වන අති දීර්ඝ කාල මානයකි. තන්නන්කර බුදුන් වහන්සේගේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසි අට නමක් මේ ලොව පහල වෙලා ඇත.
  • සාර මන්ඩ කල්පයේ සිට මාහා මන්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත්වන කාලය මහා භද්‍ර කල්පයයි. මේ මහා භද්‍ර කල්පයේ කකුසද, කෝනාගම, කාශ්‍යප හා ගෞතම යන බුදුවරුන් සිව් නමක් මේ ලොව පහල වී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදු වීමට ඇත්තේ මෛත්‍රී බුදුන් වහන්සේ වන අතර බුදු දහමේ දැක්වෙන පරිදි මෛත්‍රී බුදුන් වහන්සේගෙන් පසුව මේ මහා භද්‍ර කල්පය අවසන් වෙනවා.
  • අපි මේ ජීවත් වෙන්නේ ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ බව අපි දන්නවා. මේ ශාසන කාලය අවුරුදු 5000ක් දක්වා පවතින බවත් ඉන්පසු ලෝකයේ මිනිස්සු පන්ච සීල ප්‍රතිපත්තියේ පිරිහී අධර්මිශ්ඨ වෙලා බුද්ධ ශාසනය පිරිහී යනවා වගේම මිනිස්සුන්ගේ ආයුශ පිරිහී ආයුෂ අවුරුදු 10 ක් දක්වා අඩු වෙන බවත් දෙවියන්ගේ පෙලබවීමෙන් මිනිසුන් නැවත පන්චසීල ප්‍රතිපත්තියේ පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු අසූ දහස දක්වා වර්ධනය වන බවත් ඒ කාලයෙහි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පහල වීම සිදුවන බවත් බෞද්ධ සාහිතයේ සදහන් වෙනවා.
  • මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වීමට ගත වන කාලය දීර්ඝ කාලයක් බව කියනවා. ඉන්පසු යහ ධර්මයේ ඇලලීමෙන් මිනිසුන් යලි දීර්ඝ ආයුශ ලැබීමද , එම කාලයෙහි මෛත්‍රී බුදුන් වහන්සේගේ පහල වීම සිදුවන බවද මෛත්‍රී බුදුන් වහන්සේ අවුරුදු අසූ දහසක් ආයු වලදා පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනය නැවත වරක් පිරිහීමෙන් පසු ලෝක වාසීන් පන්චසීලයෙන් පිරිහී අධර්මයේ යොමු වීමෙන් මිනිසුන් සාමාජීය වශයෙන් පිරිහී යන කාලයක් උදා වේ. එම කාලය මේ මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි.
  • මහා කල්පයක අවසානයේදී ලෝකය හා සියලු ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද මහා මේඝයෙන්ද මහා වාතයෙන්ද විනාශ වන බවද, ගිතෙල් පිඩක් ගිනි ගත් විට යම් දෙයක් ශේශ නොවන්නේද ඒ ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අලුවත් ඉතිරි වෙන්නෙ නෑ කියල සප්ත සූර්‍යයෝත්ගමන සූත්‍රයෙහි සදහන්.
  • බුදු දහමෙ සදහන් වන ආකාරයට බුදුන් වහන්සේ අසන්ක කල්ප ගානක කාලයක් පෙරුම් පුරා මහා දැනුම් සම්භාරයක් ලබා ගත් උත්තමයන් වහන්සේ නමක්. එම සන්ස්කාර ධර්මතාවයන්ට අනුව හටගන්නා සියලු දේහි විනාශවීම සිදුවන බව අප ගෞතම බුදුන් වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත් සිදු වෙනවා. බුද්ධ දේශනය අනුව මෙම ලෝකය විනාශ වීමට කල්ප ගණනාවක් ගත වෙනවා.
  • බුදු දහමට අනුව මේ මහා භද්‍ර කල්පය අවසානයේදි අපෙ ලෝකයෙ විනාශය සිදු වෙනවා. එය හට ගැනීමත් විනාශ වීමත් සිදුවන්නේ සන්ස්කාර ධර්මතාවයට අනුව. එය වර්ෂ දස ලක්ශ ගනණකින් සිදු වේ. එ්ත් අපිට වසර දස ලක්ෂයක් විතර ප්‍රමාණවත් වේවිද මේ සසරින් එතෙර වෙන්න. එය කියන්න අපි කාටවත් බෑ.
  • ඒ නිසා අපි කරන්න ඕන නොපමාව සෑම දවසකම, සෑම වෙලාවකම කුසල් රැස් වෙන වැඩ සිදු කරන එක වගේම කිසිම අකුසලයක් නොවෙන විදියට ජීවත් වෙන්න උත්සාහ කරමින් මේ සසර ගමන පුළුවන් තරම් කෙටි කරගන්න උත්සාහ කිරීමයි.