Hela Rahas

Hela Rahas Official Web Portal

ලොව පැරණිම අකුණු තාක්ෂණය හෙළි කරන මහා සෑ රජාණන්

  • ලංකාවටම ආවේණික වුන තවමත් ලෝකයටම අභිරහසක් වෙලා තියෙන තාක්ෂණයන් රැසක් තියෙනවා. ඒ අතර බොහොම ප්‍රචලිත තාක්ෂණයක් තමා සීගිරියෙ ඇති තාක්ෂණය. ඒ වගේම රාවණා රජතුමාගෙ කාලෙ තිබුන කියන තාක්ෂණය. කළුදිය පොකුණ, දඬුමොනරය ආදියට ලොව මවිත වෙන තාක්ෂණයක් යොදාගෙන ඇති බව නොරහසක්.
  • ඒ වගේම විශ්මිත තාක්ෂණයක් යොදාගෙන ඇති ලංකාවේ මහ සෑය ගැන තමා අද කියන්නෙ. ඇත්තටම රුවන්වැලි සෑය ගැන තියෙන තාක්ෂණය මොකක්ද? දැන් ඒ ගැන බලමු. විද්‍යාව කොතරම් දියුණු වුනත් ස්වභාව ධර්මයේ තවත් එක් දරුණු ක්‍රියාවක් වන අකුණු සැරය මුළුමනින්ම නවතාලන්නට තවමත් අපට බෑ. කෙසේ වෙතත් අකුණු වලින් සිදු වන විපත් හා එයින් ආරක්ෂා වීම පිලිබදව කතා කරන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා අප ඉදිරියෙන් සිටිනවා. යුරෝපයේ ශිෂ්ටාචාර දියුණුවන්නටත් පෙර සිටම අපේ මුතුන් මිත්තන් අකුණු අනතුරින් ගැලවෙන්නට කල යුතු දෑ පිලිබදව දැන සිටි බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.
  • ශ්‍රී ලංකාවේ අකුණු සන්නායක භාවිතය පිළිබද මුලින්ම තොරතුරු ලබන්නේ අවුරුදු 1500කටත් වඩා ඈත අතීතයෙන්. ඒ පුරාණ දාගැබ් වල සවි කරන ලද චුඩා මානික්‍ය අකුණු සැරයෙන් දාගැබත් අවට ප්‍රදේශයත් ආරක්ෂා කල බව මේ වන විට ලෝකයම පිලි ගන්නවා.
  • මහාවංශයට අනුව අනුරාධපුර රාජධානියේ දාගැබ් වල අකුණු සැරයෙන් ආරක්ෂාව සැලසීම පිණිස චුඩා මානික්‍ය සවි කිරීම කළා. රුවන්වැලි සෑයේ ආරක්ෂාව පිණිස පලවෙනි සංඝතිස්ස රජු, වජ්‍ර චුම්හට නම් උපකරණයක් සවි කල බව මහා වංශයෙහි සදහන් වෙනවා. වජ්‍ර චුම්බම කියන්නෙ අකුණු චුම්බකය කියලා පිළිගන්න පුළුවන්.
  • පසුව ක්‍රි.ව. 437-455 සමයෙහි රජ කල ධාතුසේන රජතුමා නැවතත් වජ්‍ර චුම්බම උපකරණයක් රුවන්වැලි සෑයට සවි කල බව සදහන්. එසේම ජේතවනාරාමය හා අභයගිරියටත් ධාතුසේන රජතුමා විසින් වජ්‍ර චුම්බට සවිකරන ලදී. ඉන් පසු ක්‍රි.ව. 561-564 දී රජ පැමිණි මහානාග රජතුමාද ප්‍රධාන ස්තුප තුනටම වජ්‍ර චුම්බට උපකරණ සවි කළ බව සඳහන් වෙනවා.
  • මෙම කරුණ මහා වංශය තුලින් මුලින්ම අනාවරණය කර ගනු ලැබුවේ ජර්මන් ජාතික ප්‍රවීණ ශාස්ත්‍රඥයකු වූ විල්හෙම් ලුඩ්විග් යායිගර්. ඉන් පසුව වාස්තු විද්‍යාඥ එස්.අමේන්ද්‍රා විසින්ද ස්තුප වල අකුණු ආරක්ෂණ පද්ධතියේ සැකැස්ම පිලිබදව සැලකිය යුතු සොයා ගැනීම් රැසක් සිදු කර තිබෙනවා.
  • මේ ගැන පර්යෙෂණ කරන මහාචාර්යවරුන් පවසන්නේ අක්ෂය පදනම් කර ගනිමින් හුණු බදාමයෙන් ගොඩ නැගු සමමිතික ආකෘතියේ පවතින පුළුල් මතුපිට හරහා අකුණක පවතින විදුලිය තුනී ලෙස බෙදා හැරීමට කටයුතු යොදා ඇති බවයි.