Hela Rahas

Hela Rahas Official Web Portal

ලෝකයේ ඇති සුඛෝපභෝගී නෞකා 9 ක්

මුහුදේ සංචාරය කරමින් නිවාඩුවක් ගත කරන්න කවුද අකමැති. හැබැයි ,ඉතින් මේ වගේ විවේකයෙන් ගත කරන්න ලැබෙන්නේ පෞද්ගලික නෞකා තියෙන සුපිරි බිලියනපතියන්ට තමයි. .මෙම නෞකා වල ගමන් කරන අයට ලැබෙන අධි සුඛෝපභෝගි පහසුකම් සහ අත්දැකීම් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මේ තියෙන්නේ ලෝකයේ හමුවන එවැනි විනෝද නෞකා 9 ක්

1.’ඒ ‘ නෞකාව (Yacht A)

  • ලොව විශාලතම යාත්‍රා බෝට්‍ටුව වන මෙය අයත් වන්නේ බිලියනපති andrey Melnichenko හටය. යානාවේ නම හිමිකරු සහ ඔහුගේ බිරිය Alexandra ගේ නම් වල මුල් අකුරින් යොදා ඇත. මෙම යානාව වෙනුවෙන් මෙහි වත්මන් හිමිකරු වැය කර ඇති මුදල ඩොලර් මිලියන 300 කි. මෙම බෝට්‍ටුව සුප්‍රසිද්ධ නිර්මාණශිල්පී philippe Stack ගේ නිර්මාණයකි. මෙය දිගින් මීටර් 120 ක් පමණ වේ. පිහිනුම් තටාක 3 කින් සමන්විතය.

2.‘මෝල්ටීස් ෆැල්කන්’ නෞකාව (Maltese falcon)

  • අධි වේගී නෞකාවක් වන මෝල්ටීස් ෆැල්කන් නෞකාව 18 වන සත වර්ෂයේ මුහුදු කොල්ලකරුවන් පිරිසක් ‍රැගත් නෞකාවකට පෙනුමින් සමානකම් කියයි. නමුත් මෙහි අන්තර්ගතයේ ඇති සියල්ල ස්මාර්ට් තාක්ෂණයට අනුගත ඒවාය. මෙය මෙහෙයවිය හැක්කේ එක් අයෙකුට පමණි. මුහුද මැදදි චිත්තාකර්ෂණීය දසුනක් මැවීමට මෙම නෞකාවේ ස්වරූපය සමත්ය. ස්කයිං ක්‍රිඩාව, බෝට්‍ටු ධාවනය සහ ස්කූටර් ධාවන වැනි විනෝදාස්වාශ ක්‍රීඩා වල අත්දැකීම් ලැබීමට මගීන්ට මෙහිදි හැකියාව ලැබේ. මෙම නෞකාවේ සතියක් ගත කිරීමට එක් පුද්ගලයෙකුට වැය වන මුදල ඩොලර් 400,000 කි.

3.‘ස්ට්‍රීට්ස් ඔෆ් මොනාකෝ’ නෞකාව (Streets of Monaco)

  • මෙය තවමත් ව්‍යාපෘති අදහසක් පමණි. කවුරු හෝ පොහොසතෙකු මෙය නිර්මාණය කරගැනීමට ඉදිරිපත් වෙන්නේ නම් අද දක්වාම ඇති නෞකා අතරින් සියලන්වම මන්මත් කරවන තරමේ අපූරුතම නෞකාව මෙය වනු ඇති බව පැවසේ.මේ සඳහා ඩොලර් බිලියන 1.1 ක් තරම් මුදලක් අවශ්‍යව පවතියි. මොනාකෝ හි අතිශය ආකර්ෂණීය දේවල් ‍රැසක් මෙම මෙගා නෞකාවට එක්කිරීමට නියමිතය. මොන්ටෙ කාර්ලෝ කැසිනෝව සහ ෆෝර්මියුලා 1 රේස් ධාවන පථයක් යනු ඉන් කිහිපයකි.

‘4.ජෑස්’ නෞකාව (Jazz)

  • අතිශය අලංකාර ජෑස් යානාව පෙනුමින් මුහුදු ජීවියෙකුට සමානකම් කියයි. මෙය නිර්මාණය කර ඇත්තේ Zaha Hadid විසිනි.

5.‘ඩුබායි’ නෞකාව (Dubai)

  • ලොව මිල අධිකම නෞකාව මෙන්ම ලොව ඇති අලංකාරම නෞකාවකි. මෙහි වටිනාකම ඩොලර් මිලියන 350 කි.මොසෙයික් සැරසිලි, අධි සුඛෝපභෝගි ගෘහ භාණ්ඩ, චිත්‍ර ක්ලාකෘති සහ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ වලින් එය බොහෝ අලංකාර කොට ඇත. මෙම නෞකාව අයත් වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති Sheik Mohammed bin Rashid Al Maktoum හටය. මෙම ඩුබායි නෞකාව පාම් පත්‍රයක් හැඩැති ලෝගෝ නම් ඔහුටම අයත් කෘතිම දූපතක නැංගුරම් ලා ඇත.

6.ස්කයිබැක්’ නෞකාව (Skyback)

  • වෙනත් නෞකාවන් සමඟ සසඳන විට ස්කයිබැක් නෞකාව ළදරුවෙකුට සමානය. එහි දිය මීටර් 80 ක් පමණි. නමුත් එහි ඇති කුටි සියල්ල අධි සුඛෝපභෝගි පහසුකම් වලින් සමන්විතය. ඒ අතර නෞකාවේ සිනමාහළක්, ව්‍යායාම මධ්‍යසථානයක්, සම්බාහනාගාරයක් (ස්පා) සහ විශාල පිහිනුම් තටායක් ද වේ. සීත සෘතුවේදී හෝ සීත කාලගුණයේදී විනිවිද පෙනෙන බුම්බුලාකාර ආවරණයකින් වැසිය හැකි සැකැස්මක් ද සහිතය. රාත්‍රී ප්‍රිය සම්බාෂණ සඳහා කදිම ඉඩකඩක් සහිත ස්ථානයකි.

7.ඉක්ලිප්ස්’ නෞකාව (Eclipse)

  • ලොව ඇති සුඛෝපභෝගී බවින් වැඩිම සහ මිලෙ අධිකම නෞකාවන් අතරින් එකක් වන ඉක්ලිප්ස් නෞකාව Roman Abramovich ට අයත් ඩොලර් බිලියන 1.2 ක වටිනාකම් ඇති නෞකාවකි. මෙහි සංදර්ශණ ශාලාවක්, සිනමා ශාලාවක්, වයින් කුටියක්, නර්ථන වේදිකාවක් ලෙස නිමවූවක් ඇතුලුව පිහිනුම් තටාක 2 ක්, හෙලිකොප්ටර් යානා 2 ක්, බෝට්‍ටු 4 ක්,ස්කූටර් 20 ක් සහ මිනිසුන් 20 කට ගමන් කල හැකි සබ්මැරීනයක් ද මෙම නෞකාවේ ඇත.

8.ට්‍රොපිකල් අයිලන්ඩ් පැරඩයිස්’ නෞකාව (Tropical Island Paradise)

  • පාම් ගස් පිරුණු කුඩා නිවාස සහිත කුඩා හරිත ගම්මානයක් බඳු සැකැස්මක් ඇති මෙම නෞකාව මුහුදේ ගමන් කරන දූපතක් වැනිය.හිමිකරුගේ කුටිය පිහිටා ඇත්තේ තටාකයට ජලය ගලා එන ගිනිකඳු හැඩයේ ඉදිකිරීම තුලය. නෞකාව මත ඉදිකර ඇති කුඩා නිවාස වල මගීන්ට විවේක ගත හැක. නමුත්, මෙය තවමත් පවතින්නේ ව්‍යාපෘති මට්ටමේ වීම ද විශේෂත්වයකි. මෙහි ඉදිකිරීම් කටයුතු ඇරඹීම සඳහා බිලියනපති ආයෝජකයෙකු බලාපොරොත්තුවෙන් පසුවන බව පැවසේ.

9.පැල්ලාඩියම්’ නෞකාව (Palladium)

  • මෙම අනාගතවාදී මෙගා නෞකාව අයත්වන්නේ බිලියනපති Mikhal Prokhorov හටය. එහි ඇති ඇම්බර් තටාකය සිත්ගන්නා සුළුය. එහි අංග සම්පූර්ණ සුඛෝපභෝගි සැපපහසුකම් ‍රැසක්ම ඇත. 2010 වසරේ හොඳම නෞකා නිර්මාණ අදහස වෙනුවෙන් සම්මානයට පාත්‍ර වීමට මෙම නිර්මාණයට හැකිවිය.