Hela Rahas

Hela Rahas Official Web Portal

ඔබේ සිරුරේ මැග්නීසියම් හිඟ බව හඟවන ඉඟි 9 ක්

  • මැග්නීසියම් යනු අපේ සිරුරේ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය පෝෂකයකි. නමුත්, ඒවා නිසි පරිදි ඔබේ සිරුරට නොලැබෙන විට සිරුර මඟින් ඒ බව විවිධ සංඥා මඟින් පෙන්නුම් කරනු ලබනවා. ඔබට නිතර වෙහෙසකර බවක් දැනෙනවානම්, ඇස් ප්‍රදේශය හෝ සිරුරේ මාංශ පේශින් නලියන හෝ ගැස්ම ස්වභාවයක් දැනෙනවානම්, එයට හේතුව ඔබේ සිරුරේ මැග්නීසියම් හිඟකම වෙන්න පුලුවන්.මැග්නීසියම් ඌනතාව බරපතල රෝග පීඩාවන් ‍රැසක් ඇතිවීමට හේතුසාධක බලපෑම් ඇතිකරවයි.
  • ඊට හේතුව නම් ශරීරයේ බොහෝ ක්‍රියාවලින් නිසි මැග්නිසියම් පෝෂණය මත රඳා පැවතීමයි. එබැවින්, ඔබේ සිරුරේත් පහත සඳහන් ලක්ෂණ මතු වී ඇත්නම් වහාම ඒ පිළිබඳ සැලකිලිමත් වීමට කටයුතු කරන්න. බොහෝ විට ඉන් ඔබේ සිරුරේ මැග්නීසියම් ඌනතාව හටගෙන ඇති බව ඔබට ඉඟි කරනවා විය හැකියි. මේ දැනුම ඔබට එවැනි තත්වයක් හඳුනාගැනීමට හොඳ දැනුමක් ලබාදෙනු ඇත.

1.සීනි ආහාර වලට ආශාවීම

  • පැණි රස ආහාර වලටා අධික ගිජුබවක් දැනීමට පටන්ගැනීම ඔබේ සිරුරේ මැග්නීසියම් ඇතුලු යම් යම් ඛණිජ පෝෂක වල හිඟකම පිළිබඳ පෙන්නුම් කරයි.එමෙන්ම කාන්තාවකගේ සිරුරේ මැග්නීසියම් හිඟ බව ඔවුන්ගේ ඔසප් චක්‍රය කෙරෙහි ද අහිතකර බලපෑමක් එල්ල කරවයි.

2.මස් පිඬු පෙරලීම් සහ මාංශ පේශීන් තැලුම් තුවාල

  • මස් පිඬු පෙරළීම් හා තුවාලවීම් දැඩි වේදනාකාරිය. ඔබත් එවැනි තත්වයකින් පීඩාවිඳිමින් සිටියි නම් බොහෝ විට ඉන් ඉඟි කරන්නේ ඔබේ සිරුරේ මැග්නීසියම් ඌන බව විය හැකිය. මැග්නීසියම් මෙන්ම විටමින් D,E සහ B පෝෂක මඟින් සිරුරේ මස් පිඬු පෙරළීම් තත්වයන් ඇතිවීම වළක්වාගත හැකිය. වෛද්‍ය පරික්ෂාවක් මඟින් ඔබේ සිරුරේ මෙවැනි පෝෂණ මට්ටම් ගැන පරිඛ්ශා කරගනිමින් නිසි උපදෙස් යටතේ දිනපතා මාත්‍රාවන් ලබාගැනීමට කටයුතු කරන්න. ඔබට පීඩා දෙන එවැනි වේදනා-කැක්කුම් තත්වයන් සමනය කරගැනීමට එම ප්‍රදේශ ආශ්‍රිත සම කවාකාර චලනයකින් හොඳින් සම්බාහනය කරන්න. ඉන් ඔබට යම් සහනයක් ලැබෙනු ඇත.

3.අනිද්‍රාව (ඉන්සොම්නියාව)

  • මැග්නීසියම් ඌනතාව නිසා මෙම නින්ද නොයාම ආශ්‍රිත පීඩාකාරි තත්වය හටගත හැකිය.මොලයේ ලිහිල්වීමේ ක්‍රියාවලිය සඳහා මැග්නීසියම් අත්‍යාවශ්‍ය පෝෂකයක් ලෙස දායක වේ. මොලයේ මෙම ක්‍රියාකාරීත්වය මඟින් සිරුර සැහැල්ලු වීම හා සන්සුන් නින්දක් ඇතිවීම සඳහා සහය ලබාදේ. ඉහත සඳහන් කල ආකාරයට මැග්නීසියම් හිඟ වීම නිසා සිරුරේ මස් පිඬු පෙරළීම් තත්වයන් හටගත හැකිය. රාත්‍රි කාලයේදි උත්සන්න වන, දෙපා ඇදුම් දීමට පටන්ගන්නා restless feet syndrome වැනි පීඩාකාරි සහලක්ෂණ තත්වයන් හේතුවෙන් ඇතිවන කැක්කුම්-වේදනා නිස්සා රාත්‍රිය පුරා ඔබට නින්දක් නොමැතිවී යා හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ නින්දේ ගුණාත්මක බව අඩු වී යා හැකි අතර එය ඔබේ සෞඛ්‍ය සම්බන්ධයෙන් තවත් අහිතකර තත්වයන් ඇතිවීමට හේතුසාධක විය හැකිය.

4.අස්ථි රෝග

  • මැග්නීසියම් ඌනතාව හේතුවෙන් විවිධ අස්ථි රෝග වර්ධනය වීමේ අවදානම වැඩි වීමට ඉඩ ඇත. විශේෂයෙන්ම අස්ථි බිඳී යාමේ අවදානම ඉහළ යා හැකිය. මැග්නීසියම් ඌනතාව හේතුවෙන් රුධිරයේ කැල්සියම් මට්ටම අඩු වී යා හැකිය. කැල්සියම් යනු අස්ථි සඳහා අත්‍යාවශ්‍ය වන පෝෂකයකි. එබැවින් සිරුරට මැග්නීසියම් ඉතා වැදගත් බව මින් පැහැදිලිය.

5.අම්ල ප්‍රතිවාහ (acid reflux)

  • සිරුරේ මැග්නීසියම් ඌනතාවය හටගෙන ඇත්නම්, බොහෝ විට ආහාර සහ ආමාශයික අම්ල නැවත අන්නස්‍රෝතය දෙසට පැමිණීම අත්දැකිය හැකි වනු ඇත. මේ හේතුවෙන් උගුරේ දැවිල්ල ගතිය ඇතිවිය හැකි අතර එය අම්ල ප්‍රතිවාහ තත්වය හෝ බඩපපුවේ දැවිල්ල යනුවෙන් හැඳින්වේ.

6.ආතතිය සහ උදාසීනබව

  • ශක්තිමත් ස්නායු පද්ධතියක් ගොඩනැගීම සඳහා මැග්නීසියම් ඉතා වැදගත් වේ. මැග්නිසියම් මඟින් මොලය ලිහිල් කිරීමට උපකාර කරමින් ඊට වගකියනු ලබයි. ඒ අනුව සිරුරේ මැග්නිසියම් මට්ටම අඩු වීම නිසා හේතුසාධක හඳුනාගත නොහැකි ආකාරයේ කාංසා තත්වයන්, ආතතිය, මානසික පීඩනය මෙන්ම උදාසීනබාවය ද ඇතිවිය හැකිය.

7.මලබද්ධය

  • මලබද්ධය ඇතිවීම සඳහා හේතු ගණනාවක් බලපෑ හැකිය. ඒ අතරින් මැග්නීසියම් ඌනතාවය ප්‍රධාන තැනක් ගනියි. ආහාර ජීර්ණ මාර්ගය ඇතුලුව ශරීරයේ බොහෝ කොටස් වලට මැග්නීසියම් මඟින් සැහැල්ලු බලපෑමක් ඇතිකරවයි.මෙම ඛනිජය සිරුරේ හිඟවන විට, ජීර්ණ පද්ධතියේ අන්ත්‍ර (බඩවැල් වල) ක්‍රියාකාරීත්වය නිසි පරිදි ක්‍රමවත්ව සිදුනොවීමට පටන්ගන්නා අතර එහි බලපැමින් මලබද්ධය ඇතිවේ.

8.තෙහෙට්‍ටුව

  • සෛල වල ශක්තිය නිර්මාණය කිරීම සඳහා දායක වන ප්‍රතික්‍රියාවලින් සඳහා මැග්න්සීයම් ඉතා වැදගත් වේ. මැග්නිසියම් නොමැතිව සෛල මට්ටමේදී ඔබේ සිරුරට ප්‍රමාණවත් ශක්තියක් නොලැබේ. මේ හේතුවෙන් තෙහෙට්‍ටුව, ජවය අඩුකම, සචලතාව අහිමිවීම වැනි තත්වයන් සිරුරේ මතුවිය හැකිය.

9.තදබල හිසරදය

  • විටමින් A,B,C සහ D වැනි විටමින් පෝෂක ඌන වීම හේතුවෙන් බරපතල හිසරදය තත්වයන් ඇතිවීමට පටන්ගත හැකිය. මිග්‍රේන් වැනි තත්වයන් බලපෑම් කරන්නේ හිසේ එක් පැත්තකට පමණි. එවැනි දරුණු හිසරදය තත්වයන් ඇතුලු නිතර හිසරදය ස්වභාවයන් හටගැනීමට මැග්නීසියම් ඌනතාවය ද හේතුවේ. මෙම ඛනිජය ඌන වීමේදී , මොලයේ රුධිර වාහිනි ඉක්මනින් හැකිළීයාම හා ප්‍රසාරණය වීමට පටන්ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙස මිග්‍රේන් හෙවත් ඉරුවාරදය ඇතිවේ.සිරුරේ ප්‍රමාණවත් පරිදි මැග්නීසියම් පෝෂක පවතින්නේ නම් රුධිර වාහිනි ආශ්‍රිත වෙනස්කම් ඇත්වීමේ අවදානම අඩු කරවනු ඇති අතර පීඩාකාරි හිසරදයන් දුරුකරවනු ඇත.

10.මැග්නීසියම් බහුල ආහාර වර්ග

  1. සමබල ආහාර වේලක් ලබාගැනීම හරහා දිනකට අවශ්‍ය මැග්නීසියම් පෝෂක අවශ්‍යතාව සපුරාගැනීමට හැකිය. මැග්නිසියම් බහුල ආහාර වලට උදාහරණ කිහිපයක් පහත සඳහන් වේ.
  2. නට් වර්ග සහ බීජ
  3. ධාන්‍ය වර්ග
  4. බෝංචි
  5. නැවුම් හා වියළි පලතුරු වර්ග
  6. පළා වර්ග
  7. මාලු වර්ග