Hela Rahas

Hela Rahas Official Web Portal

ප්‍රේතකුට උදව් කර ලංකාවේ මහාදේව උපාසකයා

  • ඉස්සර ලංකාවේ නිස්සදන කියන දනව්වේ වත්තේ ගම කියලා ගමක් තිබුණා. ඒ ගමේ මහාදේව කියල ගොවියෙක් සිටියා. ඔහු ඉතාම සිල්වත් දානවන්ත කෙනෙක්. කුඹුරු පැසෙන කාලෙට ඔහු පැල් රකින්න යනවා.
  • එහෙම දවසක් රෑ පැල් රකිද්දි කවුරුහරි කෙනෙක් කෑම ඉල්ලලා කෑ ගහනවා මහදේවට ඇසුණා. කවුරුත් නැති මේ රෑ කවුද කෑ ගහන්නෙ කියලා බැලුවා. ඒ කෑම ඉල්ලා කෑ ගසා ඇත්තේ පෙරේතයෙක්.
  • පිංවත ආහාර පාන දී මා මේ ප්‍රේත ආත්මයෙන් මුදවනු මැනවි කියලා අර ප්‍රේතයා මහාදේවට කීවා. මහාදේව මෙසේ වෙන්න හේතුව ප්‍රේතයගෙන් ඇසුවා. ප්‍රේතයා කීවේ තමන්ගෙ මසුරුකම නිසා මෙහෙම වුනා කියලා.
  • සිල්වත් පිරිසකට දන් පැන් දී ඒවා තමන්ට අනුමෝදන් කරවීමෙන් තමන් මේ ප්‍රේත ආත්මෙන් නිදහස් වෙන බව කීවා. ඉතිං මහාදේව මහා විහාරයට ගිහින් සිල්වත් භික්ෂූන් වහන්සේලාට තමන්ගෙ ගෙදරට දානයට වඩින ලෙස ආරාධනා කළා.ප්‍රණීත දන් පැන් පිළි ගන්වලා ඒ පිං අර ප්‍රේතයාට අනුමෝදන් කළා. ඒ බලෙන් අර ප්‍රේතයා දිව්‍ය ආත්මයක් ලැබුවා.
  • පසුව මේ දෙවියා මහාදේව බලන්න පැලට ආවා. ඈත සිට මහාදේවට කතා කළා. මිත්‍රය මට දිව්‍ය ආත්මය ලැබුව ඔබව බලන්න අවශ්‍යයි කරුණාකර මා සමීපයට එන්න කියල මහාදේව කීවා. ඒත් ප්‍රේතයට සෑම දෙයක්ම ලැබුණත් නිර්වස්ත්‍ර නිසා ඉදිරියට එන්න බෑ කීවා. මහාදේව මගේ ළඟ වස්ත්‍රයක් තියෙනවා එය ගන්න කීවා.
  • එසේ ගන්න බැරි බව දෙවියන් පැවසුවා. සිල්වත් පිරිසකට වස්ත්‍ර පූජා කර ඒ පිං තමන්ට අනුමෝදන් කරන්න කියලා දෙවියන් මහාදේවට කීවා. එසේ කළ මහාදේව අනුමෝදන් කළ පිනෙන් දෙවියන්ට වස්ත්‍ර ලැබුණා.
  • ඉතිං පසුවදා රෑ නැවතත් දෙවියන් මහාදේව හමුවෙන්න පැලට ආවා. ඇවිත් තමන්ට කරපු උපතකාරයට කෘතගුණ දැනක්වුවා.
  • අසළ තිබුන ගසක් ළඟට මහාදේවව කැදවගෙන ගිහින් නිධන් තුනක් මැව්වා. එකක් රත්තරං, අනික රිදී. ඉතුරු එක කහවණු. මේවා මහාදේවට දී පිං කරන ලෙස කීවා. ඒ පිං තමන්ටත් අනුමෝදන් කරන්න කීවා. මේ නිධන් මහාදේවගෙ ගෙදරට ගෙනිහිං මහාදේවට විතරක් පේන විදියට අතුරුදහන් කළා. බුද්ධිමත් ලෙස ධනය වියදම් කරන ලෙසත් මළගිය ඥාතිමිත්‍රාදීන්ට පිං අනුමෝදන් වන ලෙසත් දන් දෙන්න යැයි පැවසුවා.