Hela Rahas

Hela Rahas Official Web Portal

මිනිසාගේ මැදිහත් වීම නිසා සිදුවෙන ස්වභාවිකව සිද්ධි 10 ක්

ස්වභාවික සහ කෘතිම යන කාණ්ඩ දෙක යටතේ හරියට දේවල් වෙන කර ‍තෝරාගැනීම අපහසුය. මේ ලැයිස්තුව දකින ඔබට ඒ බව හොඳින් තේරේවි. 100% ස්වභාවිකයි කියලා සිතා සිටි බොහෝ දේවල් මිනිසාගේ මැදිහත් වීම් නිසා වෙනස් වූ හෝ මිනිසා අතින් නිමවූ හෙවත් කෘතිම නිර්මාණ වේ. මේ එවැනි දේවල් 10 ක් . මේවා ස්වභාවික ද කෘතිම ද කියලා වෙනස හඳුනගන්න පුලුවන්ද ?

1.දියමන්ති

  • ආභරණ සඳහා යොදාගැනෙන දියමන්ති වලින් 90% ක්ම ස්වභාවික ඒවාය. ඇතැම් ඒවා විද්‍යාගාර වල සකසන ඒවාය. නමුත් ඒවා ස්වභාවික ද ව්‍යාජ ද යන්න පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි ද?

2.ඇමේසන් නිම්නය

  • ඇමේසන් නිම්නය විශාල ජෛව විවිධත්වයකින් යුතු ප්‍රදේශයක් වුවත් එය ස්වභාවිකම භූමි ප්‍රදේශයක් නොවේ. පර්යේෂණ මඟින් අනාවරණය වී ඇත්තේ මෙම ප්‍රදේශයේ මිනිසුන්ගේ මැදිහත්වීම් නිසා එහි ස්වභාවික හැඩය වෙනස්වී ඇති බවයි. එහි වේල්ලවල් , ඇල මාර්ග ඉදිකර ඇති අතර ගස් විශාල ප්‍රමාණයක් රෝපණය කර ඇත.

3.දුමෙන් දූෂිත මීදුම (smog)

  • වායු දූෂනය ඉහළම මට්ටමක පත්ව ඇති විට දුම් පිරුණු මීදුම් තත්වයන් ඇතිවේ. මෙවැනි විෂ දුම් මීදුම් ඇතිවීම සෞඛ්‍යය අවදානම් ඇතිකරවයි. විශේෂයෙන්ම හෘද සහ පෙනහළු රෝග ඇති වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට බලපෑම් ඇතිවිය හැක.

4.’මෝනිං ග්ලෝරි පූල්’

  • යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ (yellowstone National park) හි ඇති මෙම විල නැරඹීමට බොහෝ සංචාරක පිරිසක් පැමිණෙති. මෙම විල අපූරු පැහැයක් ගෙන තිබීම ස්වභාවික සංසිද්ධියක ප්‍රතිඵලයක් ලෙස සිතුවද එය ගැටලු සහිතය. 1960 දශකයේ එහි වර්ණය නිල් පැහැයක් ගෙන තිබූ අතර ඊට හේතුව ජලයේ වර්ධනය වී තිබූ බැක්ටීරියා විශේෂයකි. එහි ගමන් කර තිබු ඇතැම් සංචාරකයි විසින් මෙම විලට කාසි, ගල් කැට සහ වෙනත් කුණු අපද්‍රව්‍ය දමා තිබීම නිසා එහි උෂ්ණත්වය පහළ ගොස් තිබූ අතර විලේ ජෛව පද්ධතිය හා සූර්ය කිරණ ප්‍රතික්‍රියා කිරීමට පටන්ගෙන ඇත,. මේ හේතුවෙන් එහි වර්ණය වෙනස්වී ගොස් ඇති අතර එය දීප්තිමත් කහ, කොළ සහ නිල් වර්ණ ස්වභාවයන් මෙන් දිස්වන්නේ ඒ නිසයි.

5.මුතු

  • ස්වභාවික මුතු ඇට ඉතා විරලය. වෙළඳපොලේ ඇති බොහෝ මුතු නිෂ්පාදන කෘතිමව රෝපණය කල (cultured pearls) ඒවාය. එනම් පාලිත පරිසරයකදි මුතුබෙල්ලන් තුල මුතු හටගන්නා ස්වභාවික ක්‍රියාවලිය අනුකරණය කිරීමෙනි.

6.දේශගුණික විපර්යාස

  • දේශගුණය වෙනස්වන බව පැවසුවද සත්‍ය නම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දේශගුණය වෙනස් කරවන බවය. එය ස්වභාවිකව අභිමතයෙන් සිදුවන්නක් නොවේ. ගෝලීය උණුසුම වැඩිවීමට මිනිසුන්ගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් හේතු වි තිබීම එක් උදාහරණයකි.

7.උණුදිය උල්පත් (ගීසර්)

  • මිනිස් වැරදි සහ ස්වභාවික භූතාප පීඩනය යන එකවර සිදුවන සංසිද්ධීන් හේතුවෙන් මෙම දේදුනු වර්ණ භූරුප මතුවේ. නියම ප්‍රමිතියකින් තොරව සිදුවන පොලොව සිදුරු කිරීම් සහ එම ස්ථානයේ පවතින ස්වභාවික භූතාප පීඩනයේ සුසංයෝගයෙන් මෙම ගීසර ස්ඵෝටනය වීමට පටන්ගනියි.

8.මකුළුවෝ

  • වනාන්තර ප්‍රදේශ කොන්ක්‍රීට් ගොඩනැගිලි බවට පරිවර්තනය වන නාගරිකරණය හේතුවෙන් බොහෝ සත්ව විශේෂ වල වාසස්ථාන අහිමිව විනාශ වී යාමේ අවදානමට ලක්ව ඇත. එනමුත් ඒ අතරින් ඇතැම් සත්ව විශේෂ නව පරිසරයට අනුගත වීමේ හැකියාව ඇත. ගෝල්ඩන් ඕබ් වීවර් (Golden orb weaver ) නම් මකුළු විශේෂය ඊට උදාහරණයකි. විශාල නාගරික පරිසරයන් තුල මෙම මකුළුවන් ශරීර ප්‍රමාණයෙන් මෙන්ම සංඛ්‍යාත්මකව වේගයෙන් වර්ධනය වෙති.

9.දේදුනු රෝස

  • මෙවැනි දේදුණු රෝස විශේෂ ස්වභාවික වුවද ඒවායේ පෙති වල ඇති වර්ණ කෘතිමව නිපදවන ලද ඒවාය.

10.භූමිකම්පා

  • සෑම භූමිකම්පාවක්ම ස්වභාවිකව සිදුවන්නක් නොවේ. තෙල් නිධි සොයා පොලොව කැණීම,වේල්ලවල් ඉදිකිරීම, දැදුරුකිරීම් ව්‍යාපෘති ක්‍රියාකාරකම් වල බලපෑමින් එසේ භූමිකම්පා හටගත් අවස්ථා වාර්තා වේ. ඉන්දියාවේ කොයිනා වේල්ල ඉදිකිරීමේ දි ඇති වූ සිද්ධිය ඉන් එකකි. එම භූමිකම්පාවෙන් මිනිසුන් 177 කගේ දිවි අහිමි වු අතර 50000 පමණ දෙනා නිවාස නොමැතිව අවතැන් වූහ.